Saturday, June 29, 2013

Safire | Next generation music player

මාස 3 කින් විතර මුකුත් ලිවුවෙ නෑ නෙ. ලියන්න තරම් දෙයක් හිතාගන්න බැරි උනා. ඒත් මේ ගිය මාස ටිකේ ගෙදෙට්ට වෙලා ඉදලා සින්දු අහපු එකම තමයි කරේ. ඒත් ඒ මං මේ කියන්න යන එකෙන් නෙමෙයි, වින්ඩෝස් 8 වල තියන ප්ලේයර් එකෙන්. පස්සෙ මාලඹේ ආවාට පස්සෙ අපේ යාලුවෙක් හදපු Music Player එකක් download කරගත්තා. මේ කියන්න යන්නෙ ඒ ප්ලේයර් එකේ තියන විශේෂාංග සහ මේක ගැන මම හිතන දේ කියන්න.

ඒකෙ නම Safire කියලයි නම් කරලා තියෙන්නෙ. ඉස්සෙස්ටසල්ලාම මේ ප්ලේයර් එක දාගත්තාම අපේ mp3 තියන ලොකේශන් එකක් අහනවා. එතනින් හරිම ඉක්මනට සින්දු ටික ලෝඩ් කරගන්නවා. පස්සෙ ප්ලේයර් එක රී ස්ටාට් කරලා ගත්තාම අපේ මුලු සින්දු ටිකම ලස්සනට Songs, Albums, Artists, Genre කියන අංග වලට බෙදිලා ඕන විදිහට හොයාගන්න පහසු කරනවා. ඒත් එක්කම Songs, Albums, Artists rate කරන්න පහසුකම් ලබා දීලා තියන නිසා බොහොම ඉක්මනට අපි කැමතිම සින්දු හොයාගන්න පුලුවන්. ඒ වගේම මේකෙ තියන search ඔප්ශන් එකත් බොහොම වේගවත්.

ප්ලේයර් එකේ උඩිම්ම තියනවා Now Playing | Library | Home | Fx | Visualization | Pasco | Ivy කියලා කෑලි ට්කක්.

Now Playing 


මේක නම් සාමාන්‍ය ප්ලේයර් එකක වගේ, ඒත් සරල-පහසු user interface එකක්. ඒත් බොහොම සිත්ඇදගන්නාසුලුයි. මේකෙ සින්දුවක් අහන ගමන් ඒක කියන ආර්ටිස්ට් ගෙ පින්තූරෙ බාගතකරගන්න පුලුවන් දකුණු පැත්තෙ පල්ලෙහා තියන Download Image කියන බොත්තමෙන්.


Library
 මේකෙ අපේ සින්දු සේරම තියනවා. මගේ කොම්පීටරේ නම් ඉතින් සින්දු 1000 ගානයි තියෙන්නෙ. ඒත් ඒ ටික හොදට ඕගනයිස් වෙලා තියනවා. අපිට ඒක සින්දුවේ නමින් නැත්නම් Album එකේ නැත්තං Artist ගෙ නමින් හොයාගන්න පුලුවන් වගේම රේට් කරන්නත් පුලුවන්. එහාපැත්තෙ තියන New Playlist කියන තැනට අපේ කැමති සින්දු ටිකක් ඇදලා දාලා Playlist එකක් හරිම ලේසියෙන් හදාගන්න පුලුවන්. එතනම තියන More කියන ඔප්ශන් එකෙන් අපිට ඕන විදිහට A - Z, Z - A, Top rated, Last Added වගේ අපිට පහසු පිලිවෙලකට හදාගන්න පුලුවන්. 

Home
මේ Home කියන ටැබ් එක කොටස් 3 කින් සමන්විතයි. ඔය ඉස්සරහාම තියෙන්නෙ අපිට ඉස්සෙල්ලාම පේන විදිහ. ඉතුරු කොටස් දෙකට යන්න පුලුවන් අර පල්ලෙහා තියන බොත්තං වගේ කෑලි වලින්, නැත්නම් මවුස් එකෙන් ඒ ස්ක්‍රීන් එක වම් පැත්තට ඩ්‍රෑග් කරලා ෆෝන් එකක වගේ. ඒකෙ අන්තිමට තියෙන්නෙ අපිට කැමති කොටස් ගානකට වෙන් කරගන්න පුලුවන්, සින්දුවේ තාලෙට පැද්දෙන බාර් වගයක්. 
ඒකෙත් අපිට කැමති ගානක් බාර් දාන්න පුලුවන්. හැබැයි මට හොදටම හිතට ඇල්ලුවෙ මැද ස්ක්‍රීන් එකේ තිබ්බ ගැජට් එක. ගොඩක් mp3 එද්දි ඒවාගේ Artists ලා ගෙ පින්තූර Album pictures මොනවත් එන්නෙ නෑ නෙ. හැබැයි මේ ප්ලේයර් එකේ තියනවා ඔප්ශන් එකක් Download Images කියලා. ඒක එබුවාම අපිට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. අපිට තියෙන්නෙ ඒක ඔබන්න විතරයි.

ඒත් එක්කම අපේ ඇල්බම්ස් ආර්ටිස්ට්ස් ලා ටික හැදිලා එනවා හරිම අපූරු විදිහකට..
මුලින් මෙහෙම
ඩවුන්ලෝඩ් කරාම
Fx
මේක නං මම සෑහෙන්න කැමති තැනක්. ඒකෙ අපේ සාමාන්‍ය ප්ලේයර් එකක වගේ Equalizer එකක් එක්ක අලුත්ම දේවල් ටිකක් තියනවා. මම ඒවායින් වැඩිපුරම කැමති Boosters කියන කොටසට. ඒකෙ තියන Bass Booster එක ටිකක් වැඩි කරාම හරියට beats audio වල bass enhance කරනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. මම නං ඒක වැඩිම කරලා අහන්නෙ. එතකොට සින්දු ඇගට දැනෙනවා හොදට. Rock සින්දු අහද්දි වගේ නම් මේක බොහොම වැදගත්. Cross Fade, Sharping, Pitch Shift වගේ දේවල් එක්ක Karaoke කියලා කොටසකුත් මේකෙ තියනවා. ඒකෙන් කරන්නෙ audio signals invert කරලා කැරොකෙ effect එකක් එන විදිහට සින්දුව හැඩගස්සන එක. තේරෙන සිංහලෙං කිවුවොත් සින්දුවේ කටහඩ තියන කොටස අඩු කරලා මියුසික් එක වැඩි කරනවා, ඕන නම් මේක දාගෙන සින්දු කියන්න උනත් පුලුවං.. මම දැනට බලපු සින්දු හැම එකකටම වගේ ඒක හොදට වැඩ කරා.

Visualization
Safire player එකටම ආවේනික වෙච්ච Visualization කිහිපයක් මේකෙ දීලා තියනවා. අපිට කැමති එකක් තෝරගන්න උනත් පහසුතම් මේකෙන් දීලා තියනවා. 

Pasco
මේක නිකන් ප්ලේයර් එක ඇතුලෙම තියන Web Browser එකක් වගේ. දැනට ලෝකෙ ප්‍රසිද්ධ සින්දු තියන තැන් වලට යන්න, ප්ලේයර් එකේ සයිට් එකට, ෆේස්බුක් පේජ් එකට, ට්විටර් එකට එහෙම යන්න මේකෙ බොහොම පහසු ඉක්මන් විදිහට හදලා තියනවා. 

Ivy
මේකෙ තියෙන්නෙ ප්ලේයර් එකේ තියන ප්ලගින්ස් වගයක්, අලුතින් ප්ලගින්ස් දාගන්නත් පහසුකම් මේකෙ දීලා තියනවා. ඒකෙ මම දැනට කැමතිම එත තමයි සින්දුවේ නම ගහපු ගමන් ලිරික්ස් හොයලා දෙන ප්ලගින් එක.

Settings and Customization
මෙතනින් අපිට එක එක ජාති වෙනස් කරන්න පුලුවන්. ඒ වගේම හොදම වැඩේ තමයි player background එක වෙනස් කරන්න පුලුවන් එක. මං දන්නෑ මං ඒ එන විදිහට සෑහෙන්න කැමතියි.


මේ කොච්චර වැඩ තිබ්බත් ප්ලේයර් එක අපේ රැම් එකෙන් බොහොම පොඩි ඉඩක් අරගෙනයි වැඩ ටික ඔක්කොම කරන්නෙ. ඒක ගොඩක් ලොකු වාසියක් වගේම අපිටත් පහසුවක්.
මගේ ප්‍රොසෙසරේ නම් i7-3632 QM 2.2GHz
පෞද්ගලිකව මම දැනට පාවිච්චි කරපු හොදම මියුසික් ප්ලේයර් එක මේක කියලා මට කියන්න පුලුවන්. මේක හැදුවෙ දේශාන් අලහකෝන් කියලා අපේ යාලුවෙක් දැන් ස්ලිට් එකේ ඉගෙනගන්න. පල්ලෙහා තියනවා මේ සයිට් එක. ගොඩවෙලා බාගන්නකො එහෙනං. හොද නරක  යෝජනා එහෙම ෆේස්බුක් පේජ් එකට දාන්න. කොහොමත් මේ තියෙන්නෙ Safire 1.0 කියන වර්ශන් එක. Safire 1.1 update එක ළගදිම එනවා කියලා තියනවා. ලංකාවෙ හදපු ජාත්‍යන්තර මට්ටමේ  පළවෙනි Music player එක මේක. දන්න අදුනන අයට කියමු නේ..




ප.ලි. : මේ ප්ලේයර් එක වින්ඩෝස් වල වැඩ.. 7 උනත් එකයි 8ත් එකයි..

5 comments:

  1. අපෙ වින් 7 නොවැ !

    ReplyDelete
    Replies
    1. වින්ඩෝස් ඕන වර්ශන් එකකට වැඩ.. මේක හැදුවෙයි වැඩිපුර ටෙස්ට් කරෙයි ජනෙල් 7 නිසා 8 ට වඩා 7 හොදට වැඩ කරනවා..

      Delete
  2. pනියමායි........නියමායි මගේ windows 8 තියෙන්න්නේ ගින්දර වගේ වැඩ ස්තූතියි මිත්‍රයා..........

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....