වසාගන්නට සිතෙයි නෙත් මට..
මොහොතකට හෝ සගවගන්නට..
සිතේ ඇති බිය නෙතේ බැල්මෙන්..
කළුවරින් ලොව ගැවසගද්දී..
අන්ධකාරේ දොරටු අතරින්..
අඩගසන සුමිහිරි හඩින් මා..
වශී වී නෙතු අයා බැලුවෙමි..
සුරගනක් ඇත කවුළුවෙන් පිට..
සිනහ පාමින් කොමළ කරමින්..
ඇගේ සිනහව මිලින වෙයිදෝ..
සිතෙන්නේ නැත ලංවන්න මට..
නොහැක මා හට වෙන්ව යන්නට..
හිරු නැගී ලොව අදුර දුරු වී..
මසිත බිය නැත එළිය ලොවකට..
නමුදු අවදිය අවැසි නැත මට..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන දැනම එය එක් සිහිනයක් බව..
සිත් ගත් නිර්මාණයක් සහෝ..
ReplyDeleteස්තුතියි නලීන් අයියෙ..
Deleteසිහිනය යථාර්තයක් වෙන්නේ කවදාද?
ReplyDeleteඅවදි වෙන දවසක තමා...
Deleteලස්සනයි අයියේ...
ReplyDeleteස්තුතියි වකා...
Deleteඅපූරු පද පේළියක්!!
ReplyDeleteස්තුතියි ශම්මි..
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි චමී4යූ....
Deleteදවල් හීනයක්ද? :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ටිකක් ඒ වගේ තමා.. :)
Deleteස්තුතියි රජෝ..
ඒ හීන ලෝකේ සිරා නේ බං...
ReplyDeleteමාත් මේ ඒකේ ඉන්නේ....
ඔවු අපි හැමෝම ආසයි හීන ලෝක වල ඉන්න.. ගොඩ දෙනෙක් ඉන්නෙත් එහෙම.. :)
Delete" හිරු මිලින වී අදුර දුරු වී.."
ReplyDeleteමලයා මෙතන හිරු විකසිත වී වෙන්න ඕන නේද? මිලින වෙනවා කියන්නේ නිමිලා යන එකනේ.. එතකොට අදුර එනවා.. අදුර දුරු වෙන්නේ හිරු විකසිත වෙද්දී..
ලස්සනයි කියලා යනවට වඩා මේක දැක්ක හන්දා කිවුවේ..
මදැයි.. රෑ ජාමෙ නිසදැස් ලියද්දි මොකක් ම හරි වරදිනවා නෙ.. ඉන්න මං හදන්නම්.. බොහොම ස්තුතියි අයියෙ පෙන්නලා දුන්නාට...
Deleteලස්සනයි කවි පෙල මල්ලියෝ :) සරලයි සිත්ගන්නා සුළුයි.
ReplyDeleteස්තුතියි මදාරා අක්කෙ..
Deleteඕකෙ අතරමං වෙන්න එපා.......
ReplyDeleteහැම කෙනෙක්ම ඒ කතාව කියනවා.. :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමරු හීනෙ.. අපූරු පද පේලිය.
ReplyDeleteආගන්තුකයට අපිව මතකද මන්දා..
බුදු අම්මේ මතකද කියලත් අහනවා.. මතක නේන්නං හද්දෙයියනේ.. ස්තුතියි..
Deleteහීන දැක්කට කමක් නෑ ඒත් අතරමන් වෙන්නෙපා තේරුණැයි..??
ReplyDeleteඋනා නෙව.. මං මක් කොරන්නෙයි :(
Delete