Saturday, February 16, 2013

සිහිනෙක අතරමංව



නිවුනු පසු හැම විදුලි බුබුලක්.. 
වසාගන්නට සිතෙයි නෙත් මට..
මොහොතකට හෝ සගවගන්නට..
සිතේ ඇති බිය නෙතේ බැල්මෙන්..

කළුවරින් ලොව ගැවසගද්දී.. 
අන්ධකාරේ දොරටු අතරින්..
අඩගසන සුමිහිරි හඩින් මා..
වශී වී නෙතු අයා බැලුවෙමි..

සුරගනක් ඇත කවුළුවෙන් පිට..
සිනහ පාමින් කොමළ කරමින්..
ඇගේ සිනහව මිලින වෙයිදෝ..
සිතෙන්නේ නැත ලංවන්න මට..

නොහැක මා හට වෙන්ව යන්නට..
හිරු නැගී ලොව අදුර දුරු වී..
මසිත බිය නැත එළිය ලොවකට..
නමුදු අවදිය අවැසි නැත මට..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන දැනම එය එක් සිහිනයක් බව..




25 comments:

  1. සිත් ගත් නිර්මාණයක් සහෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන් අයියෙ..

      Delete
  2. සිහිනය යථාර්තයක් වෙන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. අවදි වෙන දවසක තමා...

      Delete
  3. ලස්සනයි අයියේ...

    ReplyDelete
  4. අපූරු පද පේළියක්!!

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි චමී4යූ....

      Delete
  6. දවල් හීනයක්ද? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ තමා.. :)
      ස්තුතියි රජෝ..

      Delete
  7. ඒ හීන ලෝකේ සිරා නේ බං...
    මාත් මේ ඒකේ ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔවු අපි හැමෝම ආසයි හීන ලෝක වල ඉන්න.. ගොඩ දෙනෙක් ඉන්නෙත් එහෙම.. :)

      Delete
  8. " හිරු මිලින වී අදුර දුරු වී.."

    මලයා මෙතන හිරු විකසිත වී වෙන්න ඕන නේද? මිලින වෙනවා කියන්නේ නිමිලා යන එකනේ.. එතකොට අදුර එනවා.. අදුර දුරු වෙන්නේ හිරු විකසිත වෙද්දී..

    ලස්සනයි කියලා යනවට වඩා මේක දැක්ක හන්දා කිවුවේ..

    ReplyDelete
    Replies
    1. මදැයි.. රෑ ජාමෙ නිසදැස් ලියද්දි මොකක් ම හරි වරදිනවා නෙ.. ඉන්න මං හදන්නම්.. බොහොම ස්තුතියි අයියෙ පෙන්නලා දුන්නාට...

      Delete
  9. ලස්සනයි කවි පෙල මල්ලියෝ :) සරලයි සිත්ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාරා අක්කෙ..

      Delete
  10. ඕකෙ අතරමං වෙන්න එපා.......

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක්ම ඒ කතාව කියනවා.. :)

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මරු හීනෙ.. අපූරු පද පේලිය.

    ආගන්තුකයට අපිව මතකද මන්දා..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ මතකද කියලත් අහනවා.. මතක නේන්නං හද්දෙයියනේ.. ස්තුතියි..

      Delete
  13. හීන දැක්කට කමක් නෑ ඒත් අතරමන් වෙන්නෙපා තේරුණැයි..??

    ReplyDelete
    Replies
    1. උනා නෙව.. මං මක් කොරන්නෙයි :(

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....