Wednesday, December 26, 2012

ගෙදරදි පින්තූරයක් ගහගත්ත හැටි


සාමාන්‍යයෙන් අපි මොකක් හරි දේකට පින්තූරයක් ගහගන්න ඕන උනාම ඉස්සෙල්ලාම දුවන්නෙ ස්ටුඩියෝ එකකට. සීනි කිලෝ එක 100 යි කියලා බැන බැන යන අපි ඒ ගන්න චූටි පින්තූර කෑලි 4 කට රු. 350 ක් දෙන්න පොඩ්ඩක්වත් මැලි වෙන්නෙ නෑ. නොවැම්බර් වල මටත් ඒ වගේම සිද්ධියකට මුහුණ දෙන්න උනා. ‍තොරතුරු තාක්ෂණ ආයතනෙට යන්න මි.මි. 30 x 40 ප්‍රමාණයෙ පින්තූර 3ක් අරන් එන්න කියලා ලිවුමෙ ගහලා තිබ්බා. ඕක දැක්ක අම්මාත් කිවුවෙ ගාල්ල ටවුන් එකට ගිහින් පින්තූරයක් ගහන් එන්න කියලා තමා. ඒත් ඉතින් මම ඒ අදහසට නම් එක හෙලා මගේ විරෝධතාවය ප්‍රකාෂ කරා. මම අම්මාට කිවුවෙ මම ම පින්තූරයක් ගහගන්නං ඔච්චර සල්ලි වියදං කරන්න ඕන නෑ කියලා.

කලින් නොකරලා තිබ්බත්, ජීවිතේ පළවෙනි වතාවට මමත් මගේම මිලිමීටර් ගානක චූටි පින්තූර කෑලි දෙකක් ගහගන්න සූදානං උනා. (එක අතකිං ලැජ්ජාව වහගන්නත් ඕන නෙ ඉතිං දන්නැද්ද..) Portrait Photography ගැන වැඩි දැනුමක් අවබෝධයක් නොතිබ්බත්, ළගදි බලපු Canon Speed Light Tutorial එකේ තිබ්බ ආලෝක පාලනය ගැන චූට්ටිත්තක් ඔලුවට ගිහින් තිබ්බෙ. අනික ඉතින් ඔය චූටි පින්තූර කෑල්ල එච්චර උසස් මට්ටමේ තියෙන්න ඕනත් නෑ නෙව! අනික තමා ස්ටුඩියෝ එකට ගිහින් ගහන පින්තූර වල මොකක් හරි ඇදයක් තියනවා. මට ඉන්න හිටින්න තේරෙන්නෑ ඒ මිනිස්සු කියන හැටියට. වෙලාව කියන්නෙ අපේ උඩ ගෙදර හිටි අයියා කෙනෙක් ගාව Canon 450D කැමරාවකුයි 50mm Portrait Lens එකකුයි තිබ්බා. අපේ අම්මාගෙ අවුරුදු තිස් ගාණක් පරණ ත්‍රිපාදය (Tripod) එකත් අරගෙන ඒකට හයි කරලා එහෙම මමත් වැඩේ පටංගත්තා‍. පාවිච්චි කරපු ජාති,

* Canon 450D කැමරාව
* 50mm Portrait Lens එක
* අම්මාගෙ Tripod එක
* සීලිමේ තිබ්බ ලයිට් එක
* හිච්චි කණ්නාඩි කෑල්ලක්
* හෝල්ඩරයක් හයි කරපු ප්ලග් කරන්න පුලුවන් වයර් කෝඩ් එක (තාත්තාගෙ නිශ්පාදනයක්)
* බල්බ් එකක්

ඉස්සෙල්ලාම කරේ හොදට එලිය වැටිලා තියන තැනක් හදා ගත්ත එක. පුටුවක් එහෙම තියලා ඉස්සරහින් ‍ට්‍රයිපොඩ් එක හයි කරපු කැමරාව තියලා ඉතුරු ආම්පන්න මේ විදිහට හදාගත්තා. (කැතයි හොදේ මට අදින්න තේරෙන්නෑ :/ )


ඔන්න ඔය විදිහට තමයි තිබ්බෙ. අහ් තව එකක්. අර කැමරාවෙ තිබ්බෙ පොප් අප් ෆ්ලෑශර් එක. ඒකෙන් කිසිම පාලනයකින් තොරව ඩෝං ගාලා මූණට එලිය වදිනවා. එහෙම ගත්තාම මූණ විකෘති වෙනවා. අවශ්‍ය දත්ත මැකිලා යනවා. ඒක වෙනස් කරන්න තිබ්බ එකම විදිහ තමයි අර පුංචි කණ්නාඩි කෑල්ල. සාමාන්‍යයෙන් සුදු පාට මතුපිටකට ආලෝකය වැටුනාම ඒක පරාවර්තනය වෙන ප්‍රතිශතය වැඩියි වගේම ඒ පරාවර්තනය වෙන්නෙ මෘදු ආලෝකය (soft light) ලු. සිවිලිමත්, පැත්තෙ තිබ්බ බිත්තියත් සුදු පාට වෙච්ච නිසා ඒක හොද වාසියක් උනා වැඩේට. දැන් ඉතින් කරන්න තියන වැදගත්ම දේ. ඒ තමයි ඉතිං පින්තූරෙ ගන්න එක. කැමරාවෙ සෙටිංග්ස් මැනුවල් කරලා, එක්ස්පෝශර් එක හරියට හදලා (Shutter Speed, Aperture, ISO) ටයිමර් එක එහෙම හරියට දාලා ඉදලා පින්තූරයක් දෙකක් ගහගත්තා ඒත් අර මූණට වදින නිසා හරියන්නෑ. පස්සෙ තාත්තාට එන්න කියලා ෆ්ලෑශර් එකේ ආලෝකෙ උඩ සීලිමට එල්ල වෙන විදිහට කණ්නාඩි කෑල්ල අල්ලන්න කියලා පින්තූර දෙක තුනක් ගහගත්තා කියමුකො.


වැඩේ කියන්නෙ හොද හැටි හිටපු පින්තූරෙ බෙල්ල මොකද්ද විකාරයක් කරගෙන ඉන්නෙ. ඉතිං බෙල්ල ඇදයි, මූණයි ඇගයි කෙලින්. දැන් ඉතින් මොකෝ කරන්නෙ, ඔන්න ඔය වෙලේට තමා ඉතින් මගේ හොද මිත්‍රයා ෆොටෝශොප් සිහියට ආවෙ. ඉස්සෙල්ලාම කරේ බෙල්ල කදෙන් වෙන් කරපු එක. පස්සෙ බෙල්ල මූණෙන් වෙන් කරා. පස්සෙ බෙල්ල ඕන විදිහට හරවලා, වැඩි කෑලි කපලා, අඩු කෑලි ඔබලා එහෙම ගත්තා. ඒත් ඉතින් හරියන්නෑ වගේ. පස්සෙ ගූගල් එකේ සර්ච් කරලා ස්ටුඩියෝ එකක පසුබිමකුත් දාලා මූණෙ අදුරු වෙලා තිබ්බ තැන් ටික අර Dodge Tool එකෙන් හදලා, ඔය පේන්න තියනවා වගේ වෙන්න පින්තූර කෑලි 8ක් ම ප්‍රින්ට් කරගත්තා. කොයි වෙලේත් ඔන් වෙලා තියන කම්පියුටරේ කරන්ට් බිල ඇරුනාම වෙනදා කොහොමත් ටවුන් යන එකේ තාත්තාගෙ බයික්කෙ එල්ලිලා ගියපු පෙට්‍රල් ටික ඇරුනාම ප්‍රින්ට්අවුට් එකට ගියේ රුපියල් 20යි.



ප.ලි : මේක කියවන අය හිතන්නෙපා මේවගේ වැඩක් කරගන්න DSLR ම ඕන කියලා. Point and Shoot කැමරාවක ෆ්ලෑශර් එකට අර මෙවුවා එකක් අල්ලලා මූනෙ තැන් වලට එලිය එන විදිහට හදාගත්තා නං මේ වගේ චූටි පින්තූරයක් ලොකු ලාභයක් එක්ක ගෙදරදිම ගහගන්න පුළුවං. 

32 comments:

  1. oya thiyenne wada kida..
    Puluwan kiyala hithuwoth bari deyak na..
    Awashya kapawimai,uthsahayai..

    Jayama Wewa !!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මේක කරේ නැත්තං අම්මාගෙං හොදවයෙං එකක් අහගන්න වෙන එක වෙනම කතන්දරයක්..
      ස්තුතියි මේ පැත්තට ආවාට!

      Delete
    2. හෙහ් හොදා හොදා.. ඕන් නං පින්තූරයක් වගේ හදලා දෙන්නං තෑග්ගට..

      Delete
  2. ෂා....නියමනේ වැඩේ....ගෙදරම පොඩි ස්ටුඩියෝ කැල්ලක් දාගෙන පොටෝ ගන්න හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. හා හා ගැහුවා වගේ නෙමේ.. ස්ටුඩියෝ දාලා වෙන අයගෙ එහෙම මූණු කනවා නෙමේ (මං මගේ කොරගත්තා වගේ)

      Delete
  3. ගෙදරදිම ස්ටූඩියෝ එකක්,ඒකත් හොදයි..
    ජය!!

    ReplyDelete
    Replies
    1. නැතුව 330 ක් ඉතුරුයි. ස්තුතියි!

      Delete
  4. ගෙදරදීම ස්ටුඩියෝ එකේ පොටෝ ගැහිල්ල මරුනේ....

    ReplyDelete
    Replies
    1. ගෙදර ස්ටුඩියෝ නෑ අප්පා.. තාවකාලික එවුවා..!!!

      Delete
  5. Replies
    1. හෙහ්.. නැතුව නැතුව.. මම ඉන්නෙ උණවටුනෙ.. ඒකනෙ පිස්සු නටන්නෙ මෙහෙම!!

      Delete
  6. වැඩේනම් හොඳයි වගේ! සීන් එක තියෙන්නේ ඔය පින්තුර සාපුව වැඩිය මට අල්ලලා යන එකක් නොවෙච්චි එක තමයි!

    ReplyDelete
    Replies
    1. හරියට පින්තූරෙ වැදුනා නං වැඩි වැඩ ඕන්නෑ.. දන්නැද්ද ඉතිං මගේ භූමි දෝශ නෙ.. හරියට පින්තූරෙ ගහලා ඔය ඔන්ලයින් එකකින් ලෙවල්ස් හදලා ගත්තා නං ඔන්න සුපිරි ෆොටෝ එකක් ගන්න තිබ්බා..!!!

      Delete
  7. ඕක මාත් ඉස්සර හිතන දෙයක් තමයි.. ඇයි වදේ... කැමරා තියෙනවා, කම්පියුටර් තියෙනවා.... ඔය පොඩි පින්තූර කෑල්ලකට ඔච්චර ගානක් දෙන්න ඕනෙද කියලා... ඔය සමහර කෝස් කරද්දි එහෙම මං දෙන්නෙම ඔය වගේ ගෙදරදි ගත්ත ෆොටෝ එකක් සයිස් කරලා තමයි.. හි හි... හැබැයි ඔච්චර වැඩ කෑලි නම් දාලා නෑ....

    කරපු විදිය දාපු එක හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඒක නෙ අක්කා කියන්නෙ.. වැඩ දාන්න සිද්ධඋනේ ඉතිං මගේ ඇගේ තිබ්බ භූමි දෝශෙ හිංදා.. ඒ මොනා කරත් ඉතිං ඔය හිච්චි පොටෝ කෑල්ල නෙ.. හරි නං ඔයිට වඩා හොදට එලිය වැටෙන්නෝනෙ පින්තූරෙට.. බෙල්ල එහෙම අදුරුයි නෙ, ඒක හරියට දැක්කෙ දැං.. හෙහ්..
      ඔහොම එකක් කරොතින් මගේ ආදරණීය බ්ලොගේ ලියන්නැතුව වෙන කොහේ දාන්නද..

      Delete
  8. ගෙදරම ස්ටූඩියෝවක්.. වටින වැඩක්..!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. ලාභදායී වැඩක්..!!!

      Delete
  9. සිරාවට මේක නියම වැඩක්නේ බොලේ එලකිරි වගේ තියෙන්නේ කපපු කෑලි හොයාගන්නවත් නැතිව... එල ඈ

    ReplyDelete
    Replies
    1. ඔය කපන කොටන වැඩ කෑලි ටික නං ඉගෙනගත්තෙ අපේ පන්තියේ ළමයිංගෙ පින්තූර ම හදලා ද කොහෙද... මොනා උනත් ඉතිං ඔන්න ඔහේ දානවා කියලා දාලා දැම්මා..

      Delete
  10. නියම වැඩේ.හැබැයි අපිට ඕවා කරන්න තියෙන කම්මැලිකම හදන්න බැහැනේ..D

    ප.ලි
    අර කපලා හදාපු ‍ෆොටෝ එකේ මූණ ඔරිජිනල් එකට වඩා ඩිංගක් ඉදිමිලා වගේ පේන්නෙ මොකෝ ඈ.

    ReplyDelete
    Replies
    1. එවුවා නං හරියන්නෑ.. අම්මාගෙං නෝන්ඩි වෙනවාට වඩා ඒක දාහෙං සම්පතයි..

      හෑ.. ඒකත් ඒමද.. ඒ කාලෙ කනේ පාරක් වත් වැදුනෙනං නෑ හැබැයි.. :/

      Delete
  11. මං නම් ප්‍රින්ට් කරගන්න එකත් ගෙදරදීම කරගන්නවා. නුවර පැත්තේ ඒ වර්ගේ කොලයක් රුපියල් 30-40කට විතර ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අනේ මටත් මගේ පින්තූරයක් ගහලා දෙන්ඩකො.. :(

      Delete
  12. එල එල... වටින කියන තොරතුරු ටිකක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි දිනේශ් අයියේ...!!!
      අයියා ඉතිං ෆොටෝග්‍රැෆර් නෙ!!

      Delete
  13. බෙල්ලත් එක්ක ටිකක් ඇදවෙලා ගිහින් වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය ගානට හදාගත්ත එක ඇති අප්පා.. හෙහ්! චූටි පින්තූර කෑල්ලක් නිසා සමමිතිකත්වෙ බැලුවෙ නෑ.. අර උඩිම්ම තියන පින්තූර පේලියෙන් දකුණු පැත්තෙ කොනේම එක බලන්නකො ඒකෙ බෙල්ල කොහොමද කියලා.. ඒක තමා හැදුවෙ..!!

      Delete
  14. ගාල්ල පැත්තේ ස්ටුඩියෝ ඔක්කොම වහලා කියල ආරංච් උනා. මෙහෙම ගියොත් මුළු රටේම ස්ටුඩියෝ ටික වහන්න වේවිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හෙහ්! එච්චර එකක් නං වෙන එකක් නෑ.. පුංචි පොටෝ නැතත් තඩ් එවුවා නං ගන්න ගෙදර හරියන්නෑ.. ඕන්නං ඉතිං ලයිට් හදාගෙන ගහන්නත් පුලුවං.. ඒත් ඊට ලාභයි ගිහිං ගන්න එක.. (ලොකු වැදගත්ම පින්තූරයක් නං රාමු කරන්න වගේ!)

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....