බොහෝ දෙනෙක්ට ඔය ප්‍රිෆෙක්ට් කියන්නෙ මහ දිරවන්නෙ නැති වචනයක්. ඒකට පළවෙනි හේතුව ප්‍රිෆෙක්ට්ස් ලා අපේ වැරදි හොයන එක. දෙවනි එක වැරදි වලට දඩුවම් කරන එක. තුන්වෙනි එක අපි ඔවුන්ට වඩා පහල එක. තව එකී මෙකී නොකී කරුණු ගණනාවක් තියනවා ප්‍රිෆෙක්ට්ස් ලාව අපිට එපා වෙන්න. හැබැයි තව එකක් තියනවා කියන්න. අපි හැමදාම අපි ඉන්න තැන ඉදන් බලනවා මිසක් අනිත් මිනිස්සුන්ගෙ පැත්තෙන් බලන්න සූදානම් නෑ. ඒක සාධාරණයි, මොකද අපි ඔවුන් නොවන නිසා. ඒ කොහොම කිවුවත් අපේ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස් ලා (More Senior, Senior, Sub) වෙනුවෙනුයි මම මේ පෝස්ට් එක ලියන්නෙ.
සාමාන්‍ය ළමයෙක් ඉස්කෝලෙ එද්දි අපේ ඉස්කෝලෙ නම් යම්කිසි පිළිවෙලක් තියනවා.
* කොණ්ඩෙ වම් ඇහැට ඉහලින් දෙපැත්තට බෙදලා තෙල් ගාලා පීරන් එන්න ඕන. කොටට කපලා තියෙන්නෝනෙ
* ශර්ට් එකේ double measurement තියෙන්න බෑ.
* බැජ් එක සාක්කුවේ කොණින් මහලා තියෙන්න ඕන පිළිවෙලට.
* කලිසම ඉන ගාවට තියෙන්නෝනෙ.
* ෆෝල්ඩ් එක අගල් 16 ට වැඩි වෙන්න ඕන
* සපත්තු උල් වෙන්න බෑ / දිලිසෙන සපත්තු වෙන්න බෑ පොලිශ් කරලා එන්න ඕන. අනිවාර්යයෙන්ම ලේස් සපත්තු වෙන්න ඕන.
ළමයි 4500 කට වඩා ඉන්න ඉස්කෝලෙ මේවා බලන්න ඉන්නෙ ශිෂ්‍ය නායක මණ්ඩලේ තමයි.
සාමාන්‍ය ළමයෙක් ඉස්කෝලෙ එන්න ඕන 7.25 ට ඉස්සෙල්ලා. ඒත් කවුරුවත් දන්නැති උනාට ප්‍රිෆෙක්ට් කෙනෙක් ඉස්කෝලෙ එන්නෙ උදේ 6.30 ට. ගොඩක් දුර ඉන්න අය විතරක් 6.45 ට කලිං එනවා කොහොම හරි. ඒ එන්නෙ ඔවුන් වෙනුවෙන් නෙමෙයි, ඉස්කෝලෙ වෙනුවෙන්. උදේ පාන්දර ප්‍රධාන ගේට්ටුව, හොස්ටල් එක හරියෙ ළමයින්ගෙ අඩුපාඩුකම් බලන්න ඉන්නෙ උදේ පාන්දර ඉදන්. උදේ කොඩිය පිළිවෙලට ගැටගහලා, අදාල පන්ති වලින් ළමයි පෝලිම් ගස්සලා එක්කන් ඇවිත් කොඩි කණු ඉස්සරහා පෝලිම් හදන්නෙත් ඔවුන්. ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක ගහලා ළමයි පන්ති වල ඉගෙනගනිද්දි ඔවුන් කරන්නෙ වැරදි වලට අල්ලගත්ත ළමයින්ට ඒ ඒ අයගෙ වැරදි පෙන්නලා දීලා සුදුසු දඩුවම් පනවලා ඒ අයව පන්ති වලට යවලා ශිෂ්‍යනායක කාඹරේටත් ගිහින් තමයි ඔවුන් ආයෙ එන්නෙ පන්තියට. එතකොට පළවෙනි කාලච්ඡේදය ඔවුන්ට මගඇරිලා. උසස් පෙළ කරන පන්ති වල ඉගෙනගන්න මේ ප්‍රිෆෙක්ට්ලාට තමන්ගෙ ජීවිතේ කරගන්න ලොකුම පාඩුවක් මේ ඉගෙනගන්න කාලෙ ඉස්කෝලෙ වෙනුවෙන් කැප කරන්න වීම. ඒත් ඔවුන් ඒ දේ කරන්නෙ ඉස්කෝලෙ වෙනුවෙන්.
ඉතින් ඔය ටික විතරද ප්‍රිෆෙක්ට් කෙනෙක් කරන්නෙ?
නැහැ. ඔය ඔවුන් කරන එක වැඩක් විතරයි. Big Match එකේදි කොච්චර දුක් විදින්න වෙනවාද කියන එක කවුරුත් දන්නෙ නෑ. College Tent එක අනිත් ඉස්කෝල වලට වඩා හොදට ලස්සනට හදන්න ඕන නිසා මාසයක් විතර ඔවුන්ගෙ පන්තිත් කට් කරගෙන හවස් වරුවෙ ඉදන් රෑ 10 විතර වෙනකන් ඔවුන් වෙහෙසෙන්නෙ ටෙන්ට් එක හදන්න. ඉස්කෝලෙ හොස්ටල් එකේ පාලු අදුරු කාඹරේක ලයිට් එකක් අටවගෙන, අඩුමකුඩුම ගෙනල්ලා, ප්ලෑන් ඇදලා, මීටර් 100 ක් විතර දිගට ටෙන්ට් එක ඩිසයින් කරලා, ලී වලින් හයියට බොක්ස් බෝඩ් රදවලා කපලා පාට ගාලා විතරක් නෙමෙයි මැච් එකට කලින් දවසෙ රෑ ඒ ඔක්කොම ගෙනල්ලා හයි කරන්නත් ඕන ඔවුන්මයි. එක රැයකින් මේවා හයි කරන්නෙ ලේසි පහසු විදිහකින් නෙමෙයි. මීටර් ගණන් උස කණු වල නැගලා අවුව වැස්ස කිසිදෙයක් බලන්නැතුව පාං කෑල්ලකින් සප්පායම් වෙලා රෑ හීතලේ ලීත් එක්ක ඔට්ටු වෙනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. 2011 ටෙන්ට් එක ගහද්දි මොර සූරන වැස්සක් කඩන් පහත් වුනු වෙලේ අර ලිස්සන යකඩ බට උඩ, කට්අවුට් බදාගෙන තෙමි තෙමී දීපු ගේම මට තාම මතකයි. එදා ගෙදර යද්දි උදේ 6යි. ආයෙ උදේ 8.30 ට ඩියුටි කරන්න ආයෙ එන්න ත් ඕන ඒ ශිෂ්‍ය නායකයොම තමයි.
බිග් මැච් එකට කලින් ගුවනේ ලෙල දෙන කොඩි කණු හොයන්න කොච්චර දුර ඈත ඉදන් උණ ගස් කපන් කරේ තියන් ඇවිත් ඒවා බැදලා හදන් එනවාද කියන එක එතනට එකතු වෙන ගොඩ දෙනෙක් දන්නෙ නැහැ. ඒ වගේම තමයි, ඉස්කෝලෙ ඕනම උත්සවේකදි පුටු මේස හදලා, සරසලා, පිළිවෙල කරලා තියෙන්නෙ වෙන සේවකයො නෙමෙයි, ඒත් ශිෂ්‍යනායතයොම තමයි. කොටිම්ම කියනවා නම් ත්‍යාග ප්‍රධානෝත්සවයකදි වැඩිපුර Announce කරන්න වෙන්නෙත් ශිෂ්‍යනායක මණ්ඩලේ පිරිසටම තමයි. අනික් හැමෝම ගෙවල් දොරවල් වල ගියත් ශිෂ්‍ය නායකයොන්ට යන්න වෙන්නෙ හැම දෙයක්ම අස් පරස් කරලා අතුගාලා තිබ්බ ඒවා ඒ විදිහටම තියලා කොච්චර රෑ උනත්.
මේ හැමදේම කරන ශිෂ්‍ය නායකයෙක්ට බොහෝ දුරට තමන්ගෙ අධ්‍යාපනයට ලොකු පාඩුවක් වෙන එක නවත්තන්න බෑ. ඔය කොච්චර කරත්, ඉස්කෝලෙදි එක ළමයෙක් හරි වැරදි විදිහට ඇවිත් ඉන්නවා දැක්කොත් ඒකට වැඩියෙන් දොස් අහන්න වෙන්නෙ ශිෂ්‍ය නායක මණ්ඩලේට. ඒ වගේම කොහේ හරි පිහිදාලා නැත්නම් ඒකටත් බැනුම් අහන්න වෙන්නෙ ශිෂ්‍යනායකයන්ට. ඒ ඔක්කොමත් එක්ක ඉස්කෝලෙ බොහෝ දෙනෙක්ගෙ අප්‍රසාදයට පත් වෙන්නෙත් ඔය කියන ශිෂ්‍යනායක මණ්ඩලය. (ප්‍රිෆෙක්ට් ලා හොදයි කියන කවුරුත් ඉන්නවැයි ඉතිං). හොද අහනවාට වඩා වැඩියෙන් නරක අහගෙන ඉස්කෝලෙ වෙනුවෙන් කැප වෙන ශිෂ්‍ය නායක මණ්ඩලේට මගේ ප්‍රනාමය...!!!
2012 නොවැම්බර් 10 වෙනිදා තියන ශිෂ්‍ය නායක දිනයට මගේ උණුසුම් සුභපැතුම්...!!!
ඔන්න අපිත් සුබ පතනවෝ... :)
ReplyDeleteමං කියන්නංකො.. තෑන්කූ..
Deleteඔය කට්ට ඉතිං අපිත් කෑවනේ බං..
ReplyDeleteඉස්කෝලෙ කොල්ලො විතරක් බයිනවනං කමක් නෑ..
ටීචස්ලා උනත් ප්‍රිෆෙක්ට්ලට බයින එකේ සීමාවක් නෑනේ බං...
මමත් ඉස්සර පංතියට පරක්කු වෙලා එනකොට කෙමෙස්ට්‍රි මැඩම් උගන්නන එක නවත්තලා අපිට බනිනනවා..
බැරිම තැන අපි පංතියට යන්නැතුව කැන්ටිමට වෙලා ක්ලාස් එකේ වැඩ කලා..
ප්‍රිෆෙක්ට්ස්ලට ජයවේවා!!!!!!!!!!!!
අපේ පංති වල මිස් ලා නං අපිට නෙමේ බැන්නෙ අයියලාට ඩියුටි වලට තියාගන්නෝ කියලා.. අපිටත් බැන්නෙ නැත්තෙම නෑ ඉතිං.. කොහෙන් ගියත් බැනුම් කෝටියයි!
Deleteඅඩේ! ප්රිෆෙක්ට් කියද්දීත් ආඩම්බරයි බං...මං තුමත් ඉස්කෝලේ ප්රිෆෙක්ට් වෙලා හිටියා..නිකම් නෙවෙයි! හෙඩ් එකා!!!!
ReplyDeleteඅප්පේ ඒ කාලේ කාපු කට්ට නම් කවදාවත් අමතක කරන්න බෑ බං...ඒත් ඒ නිසා කවදාවත් අපිට වැරදුනේ නෑ! හැමතැනකදිම ඒ ගත්තු පන්නරය ඕනේ වෙනවා!
සුභ පැතුම්!
පොතපත බදං උන්නාට සමාජෙ ගැන දැනුමක් එන්නෙ නෑ.. ඒ අතින් ප්‍රිෆෙක්ට් කම මසුරන්..
Deleteප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් හැටියට අයියාට තව අත්දැකීම් ඇති..
ප්රිෆෙක්ට් නායකයෙකු විමේ පළමු සුදුසුකම.හොඳ සටහනක්.සුභ පැතුම්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඒ කතාව ඇත්ත..
Deleteකාපු කට්ට නම් අමතක වෙන්නේ නම් නැහැ .
ReplyDeleteප්රිෆෙක්ට් කෙනෙක් ලෙස ලැබූ පන්නරය ජීවිතේ හැම මොහොතක උපකාරී උනා..
මමත් deputy Head 2001.... හි.. හි
ශාහ්.. මෙච්චර දෙනෙක් බ්ලොග් ලියනවා කියවනවාද අප්පා.. ප්‍රිෆෙක්ට් ලා.. :ඕ
Deleteඉස්කෝලේ කරපු ශිෂ්‍ය නායක කම කෝම නම් මම අමතක කරන්නද අෆ්ෆේ.. :)
ReplyDeleteඅර එක දවසක් වගේ අයියැයි නම දාන්න හදලත් දැම්මෙ නෑ.. හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා..
Deleteමගෙනුත් සුබ පැතුම් ඔන්න. මටත් ඔය අත්දැකීම් ඔය විදිහටම අඩුවක් නැතුව තියෙනවා යාළුවා... ජය
ReplyDeleteකොච්චර නම් දෙයක් ද.. :)
Deleteඇත්ත කථාව බන්. ප්‍රිෆෙක්ට් කට්ට නම් ඕනේම නැහැ
ReplyDeleteහෙහ්.. කාගෙන හිටියත් ඒ මතකයන් කොහොමද??
Delete