
ඇයි මේ එකපාරටම වෛද්‍ය ශිෂ්‍යයො පාරට බැහැලා කෑ ගහන්නෙ? ඇයි මිනිස්සු එක එක පැති ගන්නෙ? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටට ඕන ද? ඇයි මිනිස්සු ඒවා ඕන කියන්නෙ? ඇයි මිනිස්සු ඒවා එපා කියන්නෙ? මේ කෑ ගහන්නෙ ඊරිසියාවට ද? නැත්තං කුහක කමට ද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබ්බා කියලා මොකද වෙන්නෙ? මේ ළගදි කොළඹ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවො ටික බෝඩ් ලෑලි ටිකකුත් අරං පාරට බැහැලා කෑ ගැහුවා නෙ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කියලා.
මං මේ කතන්දරේ සුලමුල හොයන්න කියලා දැනුංතේරුං තියන වෛද්‍ය ශිෂ්යෙයක්ගෙන්ම කාරණේ ගැන ඇහුවා..
මං : මචං ඇයි බං NO PMC?
යාලුවා :
“නෑ කොල්ලෝ මම විරුද්ධ සමස්තයට නෙවෙයි. සයිටම් එකේ මගෙත් යාලුවෝ ඉන්නවනේ බන්. සයිටම් එකේ රිපිටීෂන් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ නෑ. උන්ට මහන්සි වෙන්න තරම් දරුණු සිලබස් එකක් නෑ. ජෙනරල් ග්‍රේඩ් එකෙන් නෙවෙයි ස්පෙසිෆික් මට්ටමෙන් ක්ලාස් පටන් ගන්නේ.“
මං : මොකද්ද බං අර වාට්ටු ඉල්ලන සීන් එක?
යාලුවා :
ඒක තමයි මචෝඕනෑම යුනිවර්සිටි එකක් හදන්න කලින් එකේ උන්ට පුහුණුව ගන්න ටීචින් හොස්පිටල් එකක් හදන්න ඕන. හෙද විද්‍යාලයකට වුනත් එහෙමයි. මුන් එහෙම හදාගන්නේ නැතුව එක ගන්න හදන්නෙත් කලම්බු උනි එකේ හොස්පිටල් එකෙන්.
මං : ඉතිං ඉඩකඩ කොහොමද බේරගන්නෙ?