
1 වසරේ තිබුනු ටයර් පේලිය.. එකක් උඩ නැගී අනෙකට පනිද්දී දැනුනු ඒ සතුට.. ටීචර්ලා එක්ක උදේට එලියට ඇවිදින් ගාථා මුමුනද්දී ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක්ට හොරෙන් ඇගිල්ලෙන් ඇන දැනුනු ප්‍රීතිය.. ආයෙ කොයින් ද?
2 වසරේ සීරුවට වැලි අතුරා තැනූ ඒ මේස මත ඇන්ද අකුරු ඉලක්කම්.. ඉන්ටවල් බෙල් එක ඇසුනු ගමන් පෙලක් දුවගෙන යන සීසෝව.. චිරි චිරි ඔන්චිල්ලාව.. ආයෙත් කොයින් ද?
3 වසරේ උදේ රැස්වීම.. පොරකාගෙන දුවගෙන යන පුංචි ටැප් එක.. අල්ලන සෙල්ලම් කරන්න කදිම තැනක් උන බාගෙට හදපු කණ්නංගර ශාලාව.. ආයෙත් කොහෙන්ද?
4 වසරේ බිල්ඩිම, උදේම ගහගත්ත ප්‍රිෆෙක්ට් බැජ් එක, වැස්ස වෙලාවට තාලෙට වතුර ගලාගෙන යන කාණුව.. ඔළුව ලේ විලක් කරපු මලකඩකාපු කොණ්ඩිපට්ටම.. ආයෙත් කොහෙන්ද?
5 වසර උඩ තට්ටුව, උදේම ඇවිත් බලපු සිරීපාදෙ.. හවස නැවතිලා ශිෂ්‍යත්වෙට කරපු පාඩම්, පළවෙනිම සාහිත්‍ය සමිතිය.. ආයෙ කොයින් ද?
6 වසර මෙලෝ දෙයක් නොතේරුන ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය, කන්දත් එක්ක තිබ්බ ටොයිලට් එක, ලෙදර් බෝල හංගපු පුංචි සිදුරු.. එන්න තිබ්බ හොර පාර.. ආයෙත් කොයින් ද?
7 වසරෙ තනිවුන පන්තිය.. එහාපන්තියෙ අයියලා.. උදේම කොරිඩෝවෙ ගහපු ෆුට්බෝල් මැච් එක.. දෙන්න කලිං සිංහල පොතේ වැඩ කරන් ඇවිත් මිස් ගෙන් චෙස් අදින්න කරපු ඇවටිලි..ආයෙ කොයින් ද?
8 වසරෙ පී.ටී. පීරියඩ් එක.. සාහිත්‍ය සමිතිය.. කවි.. සින්දු.. කතන්දර රගපාපුවා.. පන්ති කට් කරන් ගිහින් මියුසික් රූම් එකේ කියපු සින්දු, අල්ලපු අඩවු.. ආයෙ කොයින් ද?
9 වසරෙ තිබ්බ පොකුණ.. උදේම ඇවිත් මාළු දිහා බලන් උන් හැටි.. තාලෙට තිබ්බ පඩිපේලි උඩින් දුවපු අපූරුව.. උදේ අතුගෑම ලෝකෙ ලොකුම කාරිය උනු කාලෙ.. ආයෙ කොයින් ද?
10 වසරෙ උඩුමහල.. තාරපාර දිගේ යන ගෑණු ළමයි බලන්නම හදාපු කොරිඩෝව.. විටින් විට ඇවිත් කෑගහලා යන ප්‍රිෆෙක්ට් අයියලා.. ඉවරවෙනකන් බලන් හිටපු හිස්ට්‍රි පීරියඩ් එක.. ආයෙ කොයින් ද?
11 වසරෙ අයිනෙ පන්තිය.. අතුගාන්න තිබ්බ ලොකු ප්‍රමාණෙ.. යටින් තිබ්බ අයිටී රූම් එක.. අයිටී පීරියඩ් එකේ ඉබේම වගේ ගැලවුන සපත්තු.. ගහගත්ත වතුර, කොළගුලි.. උස්සන් දුවපු පොලු.. කියපු කියුම්.. නටපු නාඩගං..
12 13 වසරෙ හිටි ප්‍රධාන ශාලාව, ලෙක්චර් රූම් එක.. ආදරණීය L ශාලාව.. ප්‍රැක්ටිකල් ලැබ් එක.. හෙල්ලුවාම තාලෙට පැද්දෙන ස්ලිංකිය, නාස් මට්ටමේ ඉදලා අත්තැරියාම නාහෙ ගෑවි නොගෑවී ගිය සරළ අවලම්භය, ග්‍රීස් ගාලා වතුර නවත්තපු සර්ල් එක.. කම්මැලියි කියලා පැත්තකට දාපු ජෙගර් එක.. පීරියඩ් එකේ පැය ගාණක් ෆෝකස් නොවුන, ප්‍රදර්ශනේ තප්පර 10 න් ෆෝකස් උන චල අනිවීක්ෂෙ.. නිකං ඉදිද්දි පිඹ පිඹ හිටි එක් කෙළවරක් සංවෘත නලය.. සරසුල් සෙට් එක.. කුණු ගද ගහපු එස්ටරේ.. වාතයේ තිබ්බ ඔක්සිජන් පරිමාව.. උරන්න ගිහින් කටට ගිය සෝඩියම් හයිඩ්රොක්සයිඩ් ද්‍රාවනේ.. ආයෙ කොයින් ද? උදේ පාන්දරින් කට්ටිය රැස් උන ප්‍රිෆෙක්ට්ස් රූම් එක ආයෙ කොයින්ද?
අපිට උගන්නපු රත්තරං මිස් ලා සර් ලා ආයෙ කොයින් ද?
අපේ යාළුවොත් එක්ක ගෙවපු ඒ සුන්දර අතීතේ ආයෙ කොයින් ද?
කෑගහගත්තුවා.. බැනගත්තුවා.. රණ්ඩු කරගත්තුවා.. ගහගත්තුවා.. ආයෙ කොයින් ද?
අපි දැන් පිට මිනිස්සු..
අපිට ඉතුරු ඒ සුන්දර අතීතෙ විතරයි..
මිස් ගෙ අතින් ලැබුන ඇඩ්මිශන් එක |
හැමෝම මලු සූදානම් කරනවා.. යන්න.. ආයෙ මේ විදිහට නොඑන්නම.. |
කියම් කෙසේ අප හැරයම්දෝ කියලා.. මා ආදර පාසල් දිවිය මගේ..
ප.ලි. : පාසල්කාලයේ සිද්ධ උන සුන්දර - අසුන්දර අත්දැකීම් ටික ගැන ඉදිරියට ලියනවා.