Monday, February 2, 2015

Big Match තිබුන විදිහ


Big Match එක කියන්නෙ ඔය cricket ගහන පැය දහය - පහළව නෙවෙයි, මේක තනිකර උප සංස්කෘතියක්.. බිග් මැච් එකේ ටිකට් එක දෙන දවසටත් කලිං, මැච් එක ලං වෙද්දි කොච්චර නං දේවල් ඉස්කෝල වල වෙනවා ද.. ඉස්කෝලෙ යන ළමයි, ශිෂ්‍ය නායකයො, ගුරුවරු, ඉස්කෝලෙං අවුට් වෙච්ච ළමයි, දෙමවුපියො, ඉස්කෝල වල පරිපාලනය, ඒ නගරෙ මිනිස්සු කියන හැමෝටම මේක අඩු වැඩි වශයෙං බලපානවා..

පොඩි පංති වල ළමයි බලං ඉන්නෙ prefect අයියලා ඇවිත් cheer practice එක්කං යනකං. අතේ බැදගත්තු bangle එකේ ලස්සන පෙන්න පෙන්න ගිරිය පුප්පගෙන පුලුවං තරං හයියෙං කෑ ගහන්නෙ වටපිටාව හැඩගැහුන විදිහත් එක්ක ඇති වෙච්ච අමුතුම හැගීමක්, ඉස්කෝලෙ ගැන වෙනදා තිබ්බෙ නැති ආදරයක් නිසා. මට දැනෙන විදිහට නම් ළමයෙක් ඉස්කෝලෙටක ආදරේ කරන්න පටංගන්න පළවෙනි තැන ඔතන. 


මට මතකයි අපි හතේ අටේ ඉන්දිද්දි ඉස්කෝලෙ පාට නූල් තියාගෙන ගොතනවා ෆයිල් කවරයක් අස්සෙ දාගෙන. පුලුවං තරං මහතට, එක එක රටා වලට ගොතපු bangle තොගේ ගැන මතක් වෙද්දි මට හිතෙන්නෙ කොල්ලොන්ට ඒ වැඩ කෙල්ලොන්ටත් වඩා හොදට පුලුවං කියලයි. මැච් එකේ ටිකට් එක හම්බ උනාම ඒක පරිස්සමට අරං ගිහිං තියාගන්නෙ අමුතුම හැගීමකිං. ටවුන් එකට යද්දි පාර නැතුව උඩ බලාගෙන යන්නෙ මුලු ටවුන් එකම කොඩි වලින් වැහිලා නිසා. කොඩි කීයද, මොන ඉස්කෝලෙ කොඩියද වැඩිම උසකිං තියෙන්නෙ කියලා බලන්නෙ නිරායාසයෙං. Prefects ලා ටික කොඩි හිටවන්නෙ, තොරං ගහන්නෙ, සුවිනිය(ර්)ස් හදන්නෙ පුදුම මහන්සියකිං. 

ඉස්කෝල වල කලිං ඉගනගත්ත ළමයි එදාට ඇවිත් ඒ කාලෙ වෙච්ච දේවල් ගැන එහෙම කතා බහ කරලා මතකයන් අලුත් කරගෙන, එකතු වෙලා අර තඩි කොඩිය කට්ටියත් එක්ක එකතු වෙලා උස්සන්නෙ ඕකෙ එක අංගයක් හැටියටම තමයි. ඔය බිග් මැච් එකට කලිං තියන බිල් ඩිබෙට් එක එනකං බලං ඉන්න කොටසක් ඉන්නවා. ඒකත් ඔය බිග් මැච් එකටම අදාල අංගයක්. ඕවර් 50 ක්‍රිකට් තරගෙත් ඕකෙම අංගයක්. එකී මෙකී නොකී හැම දෙයක්ම මේ උප සංස්කෘතියෙ අංග.

මේ කිවුවෙ රිච්මන්ඩ් - මහින්ද බිග් මැච් එක තිබුන විදිහ ගැන. ඒක නැති වෙන එකක් නෑ කියලා අපි හිතමු..

6 comments:

  1. ආ.....බ්ග් මැච් නම් ගුටි තමා මට මතක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකත් එක අංගයක් අප්පා.. නැති වෙනවාට වඩා ඒක හොදයි.. අනිත ඔය ගුටි කෙලිය වැඩිම උනොත් සතියක් තියෙයි! ආයෙ හැමෝම එක විදිහට නෙ..

      Delete
  2. බිග් මැච් කලාවත් දැන් ඉස්සරට වැඩිය වෙනස් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙමයි.. ඒත් මේ පාර මැච් එක තියන්නෙ නැති කතාවක් කියනවා. හෙන අවුල් :(

      Delete
  3. පලමුවරට අරක්කු ටිකක් බිව්වෙ බ්ග් මැච් වලදි.

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....