Thursday, January 31, 2013

මාත් ඒ ලෙවල් කරා.. රිසල්ට් ආවා.. දුකයි..

ඇත්තටම මට මේ රිසල්ට් එක ගැන දුකක් නෑ. මොකද මට තවදුරටත් මේ රිසල්ට් එක ඕන වෙන්නෙ ඉස්සරහාට ඉගෙනගනිද්දි 'උසස් පෙළ සමත්' කියලා ලේබල් එකක් විදිහට පෙන්නන්න විතරයි. ඒත් උසස් පෙළ කියන අවුරුදු දෙකක කාලෙට සූදානම් වෙන්න කාලය, ශ්‍රමය, ධනය කැපකරපු මිනිස්සු පිරිසක් ඉන්නවා. මම ඒ අයට අද කරේ ලොකු අසාධාරණයක්. මගේ හිත ඒක දන්නවා. ඒත් ඒ ගිය කාලෙ ආපහු ගේන්න බැහැ. ඒ කාලෙදි කරපු පිස්සු මෝඩ තකතීරු වැඩ නවත්තගෙන ඉස්සරහට යන්න කාලයක් ඉදිරියේ තියෙන්නෙ. අම්මා, තාත්තා, මගේ ගුරුවරු, මගේ ඉස්කෝලෙ, මේ දේවල් මගේ ගැන තියන් හිටි බලාපොරොත්තු අද මං විනාස කරලා ඉවරයි. 

අම්මායි තාත්තයි දන්නවා මට දැන් උසස් පෙළ රිසල්ට් එකෙන් වැඩක් නෑ කියලා. ඒ නිසා කමක් නෑ. ඒත් අපේ පන්තියෙ මිස්... කවදාවත් මට බැනලා නෑ. අද බැන්නෙත් නෑ. කෝල් එක ආන්සර් කරලා කිවුවෙ, බැජ් එක ගහගත්තෙ නැත්නම් ඒ 3ක් ශුවර් කියලා. ඒ කිවුවාට මිස් දන්නවා ඒ නිසා නෙමෙයි මෙහෙම උනේ කියලා. ඒ කොහොම වෙතත් මිස් අද කියපු දේවල් වලින් ලොකු දුකක් දැනුනා. 

මම මිස් ට කිවුවා, 
"ආයෙ ඒ ලෙවල් කරන්න නම් බලාපොරොත්තුවක් නෑ, මම දැන් ඩිග්රි එකක් කරන ගමන් ඉන්නෙ" කියලා.

මිස් කිවුවෙ, 
"දැන් කරන දේ හොදට කරන්න" කියලා. 

ඔය වම්පැත්තෙ ඉන්නෙ ගණිතය අංශෙන් ගාල්ලෙ 6 වෙනියා

ඒත් එක්කම තවත් දුකක් තියනවා. හැමදාම උසස් පෙළ විභාගෙන් ලොකු තැන් වල ඉන්න මිනිස්සු හදපු අපේ ඉස්කෝලෙට මම අද කිසිම දෙයක් දුන්නෙ නෑ. ඒ මොනවා උනත් මගේ එහාපැත්තෙ හිටි යාලුවා ගාල්ලෙ 6  වෙනියා. පේලියක් පස්සෙන් උන්නු යාලුවෙක් ගාල්ලෙ 10 ලංකාවෙ 47 වෙනියා. මාත් එක්ක ෆිසික්ස් පන්තියේ මගේ එහා පැත්තෙ ඉදන් සමහර ගණන් මගෙනුත් අහන් හදපු ගජයා බයෝ වලින් ගාල්ලෙ 7 වෙනියා. ඔය වගේ අහල පහල උන්නු අය බහුතරයකගෙන් අහන්න ලැබුනෙ ගොඩක් හොද ප්‍රතිඵල. අවංකවම මාර සන්තෝසයි. එකී මෙකී නොකී හැමෝටම මගේ හදපිරි උත්තමාචාරය. ඒ වගේම දැන් කොච්චර කළකිරුනත් ගිය නුවණ වගේම ගිය කාලෙ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ. ජීවිතේ කියන්නෙ උසස් පෙළත් නෙමෙයි. ඒ නිසා අර 'මෝඩයො 3 දෙනා' ගෙ කතාවෙ වගේ මම දැන් කරන්නෙ මම ගොඩක් ආස ක්ෂේත්‍රයක්.. ඒ දෙයින් ඉස්සරහට යන්න උපරිම උත්සාහය දෙනවා.. 

54 comments:

  1. මැත්ස් තමා මටත් චොර වුනේ

    සුබවේවා

    ReplyDelete
    Replies
    1. ගණං තමා මං ආසම විශය.. පියෝ.. බොහොම ස්තුතියි..

      Delete
  2. අධිෂ්ඨානය නියමයි මල්ලි. දැන් කරන්න හිතාගෙන ඉන්න දේ හොඳට කරමු. ඒ සඳහා සුබ පතනවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියෙ..

      Delete
  3. සුබපැතුම් මල්ලි! ප්‍රතිඵලය ඔයා හිතනවා වගේ නරක එකක් නෙවෙයි. අනිත් එක වඩාත්ම වැදගත් දේ තමයි ඔයා මේ වෙනකොටත් උසස් අධ්‍යාපනයට යොමුවෙලා ඉඳීම. සමහරවිට ඔයත් එක්කම ඉගෙන ගෙන කැම්පස් යන ළමයි එයින් පිටවෙන්න කලින්ම ඔයාගෙ අනාගතේ සකස් වෙලා තියේවි. එහෙම අය ගැන මට හොඳ අත්දැකීම් තියෙනවා.
    ප්‍රධානම දේ තමයි, කරන දේ හරියටම කරන්න. සහතික වලට ඉගෙනීම පාවා දෙන්න එපා!

    ReplyDelete
    Replies
    1. අපේ සෙට් එක ගනිද්දි කොච්චර කල් යයි ද නම් දන්නෙ නෑ. සමහර විට ඒ වෙද්දි මම ඩිග්රිය අරන් තියෙයි. මට තියන දුක තමයි මෙච්චර අමාරු උසස් පෙළ ඉහලින් සමත් වෙන අයට විශේෂ සැලකිල්ලක් නොදැක්වීම. මේක ඇත්තටම දරුණු තත්වයක්. ඔය කාරණේ නිසා ම තමයි මම දෙවනි පාර ඒ ලෙවල් කරන්න පටන් අරගෙනත් මග නතර කරේ.

      Delete
  4. බැජ් එක ගහගන්න බහුතරේකට ඕක තමා බං වෙන්නේ..
    ගනං ගන්න එපා..
    ඕවා පස්සට වටිනවා (මං කිවුවේ බැජ්)
    ඩිග්‍රිය ගොඩ දා ගනිං..
    නමට හරි පාස්නේ...
    මං නං ෆේල්.. ඒත් දැං හොද තත්වෙක ඉන්නෝ..

    ReplyDelete
    Replies
    1. මගේ පසුබෑමට හේතුව 'බැජ්එක' කියලා කියන්න තරම් මම කුහක නෑ. යම් බලපෑමක් වෙන්න ඇති. මේ තරම් බලපෑමක් වෙන්න විදිහක් නෑ ඒක නිසා. ඒ මොනා උනත් දැන් කරන එක කරන් යනවා. ස්තුතියි අයියෙ..

      Delete
  5. ගනං ගන්න එපා...
    හොද අධිෂ්ඨානයක් තියෙනවා නම් කැමැත්ත තියෙන ඕනම ෆිල්ඩ් එකක ඉස්සරහටම යන්න පුළුවන්
    සුභපතනවා.....

    ReplyDelete
    Replies
    1. අපි බලමුකො ඉස්සරහට මොනා වෙයි ද කියලා.. ස්තුතියි

      Delete
  6. ගනන් ගන්නෙපා.. ඒලෙවල් කියන්නේ ජීව්තේ නෙමෙයි කියල බණ දේශනා කරන එක ලේසි උනාට ඇත්තට ඒ හැඟීම විඳ දරා ගන්න කොයි තරම් අමාරුද කියලා උසස් පෙළ විභාගය තුන් පාරක් කල මම දන්නවා. (තුන් පාරක් කලේ ෆේල් නිසා නෙමෙයි, මට ඕන වෙලා තිබුනු මගේ හීනය උනු වෛද්‍ය විද්‍යාලයට යන්න ඕන වෙලා තිබුනු නිසා) අදටත් මට දුකයි සුදු කෝට් එක දාගෙන කොළඹ වෛද්‍ය විද්‍යාලෙට යන ළමයි දැක්කම .. ඒත් එකක් කියන්නම් ... ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට ... මම මගේ ජීවිතේ හොඳක් නොදැක්කට පිටින් බලන ඕන කෙනෙක්ට ඒ හොඳ පේනවා .. මම කැමති පෝස්ට් එකේ අවසානෙට.. ඔව්.. හිත හදාගෙන කරන්න යන දේ හොදට කරන්න..
    මොකද අනාගතේ තීරනය වෙන්නෙ කරන්න යන දේ මත මිස උන දේ මත නෙමෙයි ... !!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත අක්කෙ.. ඉස්සරහාට වෙන දෙයක් වෙයි.. ඒ ලෙවල් කියන්නෙ ජීවිතේ නෙමේ නෙ.. බොහොම ස්තුතියි..

      Delete
  7. Kamak naa malli uba A/L valata maths valin salakiya yuthu mattame hoda result ekak daala thiyenava ne.anith eka minihekta godayanna thiyena ekama vidiha campus yana ekama neme ne
    Karana weda tika hodata karan palayan gud luck...........!!!!!

    ReplyDelete
  8. ගණන් ගන්නෙපා අය්යේ.. ආ මග කෙටියි-යා යුතු මග දුරයි!

    ReplyDelete
    Replies
    1. බලමුකො ඉස්සරහාට ගිහින්..

      Delete
  9. පිස්සුද පුතා වැටුන මිනිස්සු තමයි නැගිටින්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත මාතලන් මාමේ..

      Delete
  10. මල්ලී තේරුම් ගනින්, ඒ ලෙවල් පාස් උනා කැම්පස් ගියා කියල අනිවාර්යයෙන්ම ජිවිතේ සාර්ථක වෙන්නෙ නෑ.
    ඒ වගේම ආතල් එකේ පිස්සු නට නටා ඉන්න පොරවල් බහුතරයකටත් වැඩේ තේරෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. අමාරුවෙන් උනත් වැඩ ටික බැලන්ස් කරගෙන කරන්න වෙනව.
    කොහොම නමුත් අද කාලේ අවස්ථා බොහොමයි. ඒ හන්දා එච්චර දුක් වෙන්න දෙයක් නෑ. සුබ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් යන්න ඕන පාර තීරණය කරලා ඉවරයි.. දැන් යන්නයි තියෙන්නෙ..

      Delete
  11. ඔයා හිතන තරම්මත් නරක නැහැ මල්ලියෝ..., කරන degree එක හොදට කරගන්නකෝ,දැන් කාලේ ආපස්සට යන්න බැහැනේ,හොදම දේ ඉස්සරහට කියලා හිතන්න..
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ... මේ ඩිග්රි එක කරනවා.. ස්තුතියි..

      Delete
  12. ගණන් ගන්න එපා බං! මටත් ඔය රිසල්ට් එකමයි තිබුනේ..මම එක සැරයයි exam කලේ...මම ආස පැත්තට යන්න ඒ හොඳටම ඇති උනා...මම අද රජයේ විශ්වවිද්‍යාලයක උපාධි හදාරන ශිෂයෙක්...ඒත් එක්ක IT field එකේ ලොකුයි කියලා කියන හැම තැනක් ම හරි පොඩ්ඩක් හරි touch කරපු එකෙක්!
    කලකිරෙන්න එපා! මේක උඹේ ජිවිතේට පන්නරයක් කර ගනින්!

    ReplyDelete
    Replies
    1. බලමු මොකක් හරි කරන්න නේද.. මාත් ආයෙ ඒ ලෙවල් කරන්න අදහසක් නම් නෑ..

      Delete
  13. අදමයි මේ පැත්තට ආවෙ..හරිම කනගාටුදායක වෙලාවක නොවැ ඇවිත් තියෙන්නේ... ගණන් ගන්න එපා මචං... විභාගේ කියන්නේ ජීවිතේ නෙවෙයිනේ...අද වැරදුනත් ආයි කවදා හරි දවසක හරියනවා සිකුරුයි... ඒකට තමයි ජීවිතේ කියන්නේ.... සුභ පතනවා ඔබේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා!!


    CSK LANKA

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තෙ ගොඩවැදුනාට.. ඒ වගේම උපදෙසට.. :)

      Delete
  14. මේකයි මල්ලි මටත් ඕක වෙලා තියෙනවා පොලොව පලන් යන්න
    හිතෙනවා ඔහොම වෙද්දී ..ඒත් මල්ලි අද උබට හයියෝ කියන මිනිස්සු
    වැඩි හරියක් උබ හොදට පාස් උනානම් හිත යටින් උබට ඉරිසියා කරනවා..

    ඒ නිසා ඔය එක එකාගේ ප්‍රංස ටෝක් ගණන් ගන්නැතුව , ආයෙම විබාගේ
    හරි වෙන දෙයක් හරි කරන්න ..මොකාගෙවත් පද වලට සැලෙන්න එපා..
    ඕව එකක් වත් උබට හිතින් සුබ පතල කියනවා නෙවේ..

    හිතින් සුබ පතනවා නම් උබ F 3 ගත්තත් උබව මානසිකව වට්ටනවද ?
    කට මැද දොඩවන උන්ගේ දේවල් වලින් නොසැලී අපි හොද දෙයක් ඉගෙන
    ගෙන , හොඳ ජොබක් කරලා හොඳ කෙල්ලෙක් සෙට් කරගෙන දෙවියනේ
    කියල ඉමු...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියෙ.. මම කිවුවෙ ගුරුවරු ගැන.. ඒ අය මොකටද ඊරිසියා කරන්නෙ.. මොනා උනත් එහෙම පිරිසක් ඉන්නවා.. කමක් නෑ.. ආයෙ ඒ ලෙවල් කරන්නෙ නම් බෑ.. දැන් කරන එක කරන් ඉන්න තමා ඉන්නෙ..

      Delete
  15. ජනිත් මල්ලී ප්‍රථීපල පිට වුනා කියලා දැනගත්ත ගමන් මට මතක් වුනේ ඔයාව.මොකද මම පෞද්ගලිව ඔබට ඇති කැමැත්ත නිසාම.විශ්ව විද්‍යාලේ ගියානම් ගොඩාක් සතුටුයි.ඒත්...ලෝකෙට ,රටට,සමාජයට,සේවයක් කරන්න මහා ලොකු විභාග සමත් වෙන්න ඕණේ නැහැ.විභාග අවශ්‍ය වෙන්නේ තමුන්ට සේවයක් කරන්න.අපි කවමදාවත් අපේ වටිනාකම ,හැකියාව නොදන්න මෝඩ රැලක්.අදටත් කථා කරන්නේ ජපානයේ 5S ගැන...චීනගේ ප්ලාස්ටික් කෑලි ගැන..එහෙමත් නැත්නම් ඇමරිකාව ගැන...අපි කථා කරන්න ඕණේ අපි ගැන.අපේ අපිට නොපෙනෙන  ශක්තිය ගැන.මෙය කිසිසේත්ම පුසුබෑමක් නෙමේ.අලුත් දැක්මක ආරම්භයක්...නුඔට ජය!!!!

    ReplyDelete
    Replies
    1. මම දන්නවා නාලක අයියා පින්තූරගැහිල්ලෙදි වගේම හැම දේකදිම මාත් එක්ක ඉන්නවා කියලා. රිසල්ට් එක කියන බෝඩ් ලෑල්ලෙන් මට කරන්න කියන්න පුළුවන් දේ මනින්න කාටවත් බෑ. ඒ නිසා කමක් නෑ.. මම දන්නවා නෙ මං ගැන.. බලමු ඉස්සරහාට..

      Delete
  16. Ganan ganta epa ban..hemontama uni yanta behe..eth karana de hariyata karapan..jaya wewa..subha..!!

    ReplyDelete
    Replies
    1. Yanna thibba nisaa thama anith ayagen banum ahaganna wela thiyenne.. :) Sthuthiy!

      Delete
  17. ah, passata giya dewal gena hithala wedak ne bn. Issarahata ena dewal gena hithamu. Anagatha balaporoththu itu wenna kiyala sbuba pathanawa.

    ReplyDelete
    Replies
    1. Balamuko monava wey da kiyala :) Bohoma sthuthiy!

      Delete
  18. ශාහ්හ්හ්... මටනම් මල්ලිගෙ මේ රිසාල්ට් එක දැක්කාමත් හරි සතුටුයි!!! මැත්ස් කරලා බර ගානක් ෆේල් වෙන අතරෙ මෙහෙම රිසාල්ට් එකක් ලැබුනු එක සතුටක්.., ඒත් අර හීන හැබෑ කරගන්න බැරිවුනාම පොඩ්ඩක් දුකයි තමා.

    හැමෝම කියලා තියෙනවා වගේ, දැන් මල්ලි ඉස්සරහට කරන් ආපු වැඩ හොදින් කරගන්න. හැමදේම වෙන්නෙ හොදටම තමා..:)

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. පාස් වෙන එක නම් ප්‍රශ්නයක් නෙමෙයි.. දැන් ඉතින් වැඩක් නෑ කතා කරලා ඒ ගැන..

      බොහොම ස්තුතියි අක්කෙ..

      Delete
  19. කමක් නෑ මලේ. ජීවිතේ කියන්නේ ඒ ලෙවල් නෙවෙයි. කොල්ලෝ උඹ රිච්මන්ඩ් එකේද? මාත් රිච්මන්ඩ්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං ඇත්ත.. මම රිච්මන්ඩ් එක වසරෙ ඉදන්..

      Delete
  20. මටනම් පේන්නේ මේ රිසල්ට් එකෙන් ඉන්ජිනියර් යන්න බැරි වුනාට ෆිසිකල්,එන්.ඩී.ටී. වගේ යන්න පුළුවන් ‍වේවි.(අපේ කාලේ නම් මේ වගේ ප්‍රතිඵලයකට ගාල්ලෙන් 150 ට අඩු රෑන්ක් එකක් ලැබුනා)තව එක පාරක් හොදට මහන්සිවෙලා විභාගෙ ලියපන් මලේ..තව පොඩ්ඩයිකේ වැඩි කර ගන්න ඔනේ...නැත්නම් පස්සේ පසුතැවේවි.උසස් පෙළට පහල සුදුසු කම් වලින් ලබන පෞද්ගල්ක/බාහිර උපාධි වලට වඩා උසස් පෙළ ප්‍රතිඵල සුදුසුකම් අනුව යොමු වෙලා ලබන උපාධිය වැදගත් කමක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ආයෙ නම් ලියන්න බලාපොරොත්තුවක් නෑ අයියෙ.. දැන් අපේ රිසල්ට් ආපු අයව ගනිද්දිත් කොහොමත් 2015 ෙවයි. අපි ගැන කවර කතා ද.. අවුරුදු ගානක් මොනා කරන්නද..

      Delete
  21. දෙයියනේ ඔයා පාස්වෙලා......ඒකත් ඒලෙවල්... ඒත් මං......????
    ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ....:) :/

    ReplyDelete
    Replies
    1. පාස් වෙන එක නම් ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.. බලමුකො ඉතින්.. ඔයාටත් කොහොමත් හොද තැනකට යන්න බැරි වෙන එකක් නෑ...

      Delete
  22. ඕවා ගනන් ගන්න එපා මලයා.. තාම උඹලා ඉන්නේ පටන් ගැන්මේ.. ශක්තිමත් වෙයන්.. අන්න ඒකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. ඔවු අයියා.. දැන් ඒක ඉවරයි.. බලමු මොකද වෙන්නෙ කියලා..

      Delete
  23. තමන් කැමති පැත්තෙන් ඉස්සරහට යන්න ට්‍රය් කරපන්. උසස් පෙළ නැහැ කියල ජීවිතය වරදින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව අයියෙ.. ඒකට තමා දැන් හිත යොමු කරලා තියෙන්නෙ..

      Delete
  24. පිස්සුද බන් මල්ලියේ......... කවුද මෙ රිසාල්ට් එක නරකයි කියන්නේ..... සිරාවටම මැත්ස් කරලා ඔහොම රිසාල්ට් එකක් ගන්න එක ගොඩාක් ලොකු හපන්කමක්....

    මොනවා උනත් අනාගතේ හැම දෙයක්ම හොදට කරගන්න ලැබෙවා කියලා හදවතින්ම සුභ පතනවා....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියෙ.. දැන් ඉතින් වුනු දේ උනා නෙ.. මොනා කරන්නද..
      ස්තුතියි

      Delete
  25. ඇත්ත මල්ලි, මැත්ස් කරලා මේ රිසල්ට් එක ගත්තු එක වටිනවා...

    ඒ ලෙවල් කරන හැමෝම පාස් වෙන්නෙත් නෑ... පාස් වෙන හැමෝම කැම්පස් සිලෙක්ට් වෙන්නෙත් නෑ... ඒත් මහ මිනිස්සුන්ට ඒක නොතේරෙන එක තමයි මට නම් තියෙන එකම කණගාටුව....

    කරන දේ ආසාවෙන් කරන්න මල්ලි. වරදින්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. කට්ටියට දුක තියෙන්නෙ ඉතිං හිටි හැටියට ආපු රිසල්ට් එක ගැන නෙ. ස්තුතියි අක්කෙ..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....