Thursday, December 6, 2012

සුදනන් සහ පත්තිනි අම්මලා

මේ පෝස්ට් එක ලියන්න ප්‍රධාන හේතුව තමයි මම ම එක වරෙක ඒකපාර්ශවිකව ලියපු සටහනක්. ඇත්තටම ඒ සටහන ලියවුනේ අද කාලෙ ගෑණු කෙනා ට මේ අලුත් තාක්ෂණය, මතවාද, විලාසිතා, සමාජ නැඹුරුව සහ ඔවුන් එයට අනුගත වෙලා තියන හැටි සහ අන්ධානුකරණයේ යෙදීමෙන් මොකද වෙලා තියෙන්නෙ කියන එක. ඒත් ඒක හුදෙක් විනෝදය සදහා ලියූවක් විනා කාගෙන්වත් පලිගන්න ලියපු එකක් නම් නෙමෙයි. කොහොම හරි ඒක එක තැනක තියෙද්දි මේ පෝස්ට් එක මේ විදිහට ලියන්නම් හැමෝටම පේන්නත් එක්ක.

අපේ රටේ සංස්කෘතියෙ, නැත්නම් මේ සමාජ වටපිටාව ගත්තාම ඕනම දේකට ඉස්සෙල්ලාම ඇගිල්ල දික්වෙන්නෙ කාන්තා ප්‍රජාවට. ඒ දේ එහෙම නෙමෙයි, මෙහෙමයි කියලා කියන්න පුළුවං ආත්ම ශක්තියක් තියෙන්නෙත් ඉතාම සුළුතරයකට. ඒත් ඒ කතාවට විරුද්ධව කතා කරන දහසක් දෙනා අස්සෙ ඒ එක්කෙනා තනි වෙලා විහිලුවක් බවට පත් වෙන නිසා ඒ අයත් මොනවත් කියන්න යන්නෙ නෑ. ඇත්තටම ඇයි මෙහෙම දෙයක් වෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාවෙ සංස්කෘතික පසුබිම සකස් වෙලා තියෙන්නෙ පවුලක් මූලික කරගෙන නෙ. ඒකෙ මූලිකයා තාත්තා. අම්මා තමයි සමාජ පසුබිම බලාකියාගෙන දරුවො හදාගෙන ගෙදරට වෙලා උන්නෙ, තාත්තා සල්ලි හම්බු කරද්දි. මේ යුරෝපීය පසුබිම ලංකාවට එද්දි, ඒ දේවල් වැලදගන්න ගිය කාන්තාවට සමාජයෙන් ලැබෙන්නෙ හොද ප්‍රතිචාරයක් නම් නෙමෙයි කියන එක ඕන කෙනෙක් දන්නවා.

ඇත්තටම ඒ දේ වැරදි ද? ඕනවට ඕනම දෙයක් ඕන නෑ කියන මතයෙයි මම නම් ඉන්නෙ. අන්ධානුකරණයේ යෙදීමත්, සුදුසු ලෙස අනුගත වීමත් දෙකක්. ඕකෙ ඔය පළවෙනි එක උඩ තියාගෙන වැලදගන්න උත්සාහා කරන්නෙ හරියාකාරව මේ දේවල් නොදන්න, දැකලා විතරක් තියන කොටසක්. ‘මැජික්‘ එකක් දැක්කාම හැමෝටම ඇති වෙන මැජික් පෙන්නන ආසාව ඇති වෙලා අන්තිමේදි එහෙම අයට වෙන්නෙ මොකද්ද කියලා මේ සමාජෙ ජීවත් වෙන අපි හැමෝම දන්නවා, අමුතුවෙන් හාර හාර කියන්න දෙයක් නෑ. ඒ කෙසේ වෙතත් මේ සමාජය විසින් නිර්මාණය කරලා තියන තරගය ජයගන්න ‘කාන්තාව‘ කියන ජනගහනයෙන් භාගෙකටත් වැඩි කොටසට පූර්ණ අයිතිය සහ නිදහස තිබිය යුතුයි. කෙනෙක්ගෙ බලාපොරොත්තුවක්, ආශාවක් මුදුන්පත් කරගන්න එක ඒ කෙනාගෙ අභිප්‍රායක්. කොල්ලෙක් බයිසිකල් එකක් පැදීම සහ කෙල්ලෙක් බයිසිකලයක් පැදීම අතරෙ අහසට පොළව වගේ වෙනසක් සමාජයේ ඇතැම් පද්ධති තවමත් දකින්නෙ ඒ නිසාම වෙන්න පුළුවං. අද කාලෙ ඔය රජයෙන් තියන බොහොම වැදගත් උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගත්තත් පළවෙනි දෙවනි තුන්වෙනි තැන් වල කාන්තා නියෝජනයක් අපි අනිවාර්යයෙන්ම දකිනවා. ඒකෙන් කියවෙන්නෙ ඒ අය මැජික් පෙන්නන පිරිසක් කියන එක නෙමෙයි, පිරිමිත් එක්ක හරි හරියට යම් යම් අංශ වල වැඩ කරන්න ඒ අයටක් හැකියාවක් තියනවා කියන එක.

ඕකෙ තව පැත්තක් තියනවා. කෙල්ලො ඔක්කොම පත්තිනි අම්මලත් නෙමෙයි. ලෝකෙ කරන්න පුළුවං දහදුරා වැඩ ඔක්කොම කරලා කිසි ගානක් නැතුව ජීවත් වෙන අයත් මේ රටේ ලෝකෙ නැතුවා නෙමෙයි. එහෙම අය ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අර කොහෙද මන්දා කිවුවා වගේ ‘ලොකු කාරිය ඇරෙන්න අනිත් ඔක්කොම කරගත්ත ගෑණු පත්තිනි අම්මලත්, මොකෙක් හරි එක්කං ගිහින් ලොකු කාරිය විතරක් කරපු ගෑණු හොද නැති‘ විදිහටත් දකින එක අපේ සමාජෙ පුරුද්දක් කියන එක අමතක කරන්න හොද නෑ.

එලව එලව පහර ගහන පිරිමි කියන ජාතියේ සමහර අයටත් ගෑණුංව ගලේ ගහලා මරන්න මතක් වෙන්නෙ එක්කො බූට් එකක් කෑවාම නැත්තං තමන්ට මොකක් හරි වැරැද්දක් ඒ අය අතින් සිද්ධ උනාම නැත්තං එක කෙනෙක් හෝ කණ්ඩායමක් විසින් කරපු වැඩක් සිහියට ආවාම. එහෙම නැත්තං ලෝකෙ තියන දහදුරා වැඩ ඔක්කොම කරලා කිරි කළ හතකුයි තවත් පොඩ්ඩකිනුයි වැරදි හෝදන් මේ ලෝකෙ බොහොම උපාසකයන් විදිහට ජීවත් වෙන අසමජ්ජාතියොත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නෑ. 

ඔය කවුරු කොහොම කිවුවත්, තමන් ගැන දන්නෙ තමුන් විතරයි. වෙන කෙනෙක් ගෙන් තමුන් ගැන යමක් බලාපොරොත්තු වෙන්නවත්, ඒක කඩ උනාම ඒ කෙනා ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා කියලා කියන්නවත් කිසි කෙනෙක්ට අයිතියක් නෑ. ඒ අපි ඒ කෙනා නොවන නිසා. අපි හැමෝ අතින්ම වැරදි වෙනවා. හොදම දේ සමාජයට අනුගත වෙලා පුළුවන් තරම් වැරදි අඩුවෙන් වෙන්න, වෙලා තියන වැරදි හදාගෙන අනුන්ට වදයක් නැතුව ඉන්න එක. මොකක් ගැන ලිවුවාද මන්දා. පෙළගැස්ම හරි නැති උනත් කියන්න ඕන උන දේවලි ගොඩක් කියඋනා.


10 comments:

  1. මේ මොකද මලයෝ මේ.... ඕකේ ඉන්න කෙල්ලෙක් වත් දැකලා ලියවුනාද.....

    ඔය පිරිමි ගෑණු කතාව බමුණු මත විතරයි කොල්ලො. .ඔක්කොම එකයි... කොල්ලෙක්ට උඩට ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන් වෙන්නෙත්, කෙල්ලෙක්ට එහෙම බැරි වෙන්නෙත්, ශාරීරිකව බැරි කමකට නෙවෙයි.... සමාජය නිසා.. ඒ උනට කොල්ලෙක්ට කරන්න පුළුවන්, කෙල්ලෙක්ට කරන්න බැරි වැඩේ කිව්වම හමෝටම මතක් වෙන්නේ ඔය වැඩේ...

    ඕවා නැති කරන්න බෑ... තමන් ගැන තමන් බලා ගන්න ඕනේ කො‌ෙහාමත්... ඒ තත්වේ ඇති උන දවසට ඔය කතන්දරේ ඉවරයි.. හැබැයි ඒක ලේසියෙන් වෙන එකක් නෙවෙයි...

    මාත් ලිව්‌ෙව් මොකද්ද කියලා හිතාගන්න බැරි ජාතියේ කමෙන්ට් එකක් දැම්මා ඕං.. හි හි..

    ReplyDelete
    Replies
    1. අක්කත් මං වගේම කෝකටත් තෛලෙ දීලා තියෙන්නෙ.. :P

      Delete
  2. හ්ම්ම්ම්....
    //ඔය කවුරු කොහොම කිවුවත්, තමන් ගැන දන්නෙ තමුන් විතරයි. වෙන කෙනෙක් ගෙන් තමුන් ගැන යමක් බලාපොරොත්තු වෙන්නවත්, ඒක කඩ උනාම ඒ කෙනා ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා කියලා කියන්නවත් කිසි කෙනෙක්ට අයිතියක් නෑ.//
    මේක නම් ඇත්ත කතාව!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. නැද්ද..!!!
      ඉදලා හිටලා ඔහොම එවුවත් ලියවෙනවා ලු..

      Delete
  3. සෑහෙන බරසාර කතාවක්.. මොනාද ලියන්නේ කියලා මේ කල්පනා කලේ..

    ReplyDelete
    Replies
    1. බර වැඩි උනාම මුකුත් ලියාගන්න බෑ තමා.. මේකට තව එකතු කරන්න හිතෙනවා දැං..

      Delete
  4. සමහරකට එකග වෙමි සම්හරකට නොවෙමි එ කුමක්ක්ද කියා නොකියමි.. ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. කිවුවත් අවුලක් නෑ..

      Delete
  5. හප්පා... කියවල මට නිකං ඔලුව කැරකිල්ල වගේ ඈ... :)))

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....