Saturday, November 17, 2012

මට හොද මගේ පොටෝ - 2 (ඉස්කෝලේ)

අද නම් දාන්නෙ ඉස්කෝලෙ ගිහින් ගත්ත පින්තූර ටිකකින් ම‍ගේ හිත ගත්ත කීපයක්. පාසල ඉතින් රිච්මන්ඩ් විද්‍යාලය. ඉස්කෝලෙ දාලා ගිහින් වැඩි කාලයක් නෑ. තාමත් ඉස්කෝලෙ එහෙම්මයි. කොච්චර නිවාඩු දවසක් උනත් ඉස්කෝලෙ තියන ඒ පිරිසිදුකමට මම ගොඩක් ගරු කරනවා. ඒ වගේම අවුරුදු එකසිය තිස් ගාණක අභිමානය පෙන්නන මේ පින්තූර ටික 2012 උසස් පෙළ පිටුව වෙනුවෙන් ගන්න පුළුවං වෙච්ච එක මගේ භ්‍යාග්‍යක් කියලයි මං සලකන්නෙ..

රිච්මන්ඩ් එක ඉස්සරහා ගල් තාප්පෙ නම ගහලා තියන හැටි

ඉස්සරහා තියෙන්නෙ කණ්නංගර බහුකාර්යය ශාලාව. ඔය පාරවල් 3ක් බෙදන තැන

රිච්මන්ඩ් එකේ බොහොම පොදු වගේම අලංකාර ගලින් නිම කරපු පිළිමයක්

මේ දොරවල් දැන් අපිට වැහිලා..

බාසිකට් බෝල් කෝට් එකේ ඉදන් හොස්ටල් එක පේන විදිහ

පැවිලියන් එක

ළමයි හදපු ගැමි ගෙදර. 2004 වසරෙ හොදම ගොවිපල වෙන්න මේකත් ලොකු උදවුවක් දුන්නා

ගැමි‍ ගෙදර ඇතුලු අංග

10 වසර, බයෝ ලැබ් එක, ඉලෙක්‍ට්‍රොනික ලැබ් එක, සංගීත කාඹරේ, එලිමහන් විද්‍යාගාරය, ග්‍රවුන්ඩ් එක වගේ තැන් ගොඩකට අපිව ගෙනියන පාර

පරණ ප්‍රධාන ශාලාව, L ශාලාව සහ පිළිමය. පැත්තෙන් පේන්නෙ එක කොඩි කණුවක්

රිච්මන්ඩ් ප්‍රිමියර් ලීග් එක දවසෙ පින්තූර ගන්න ගිය නිසා ළමයි මැච් එක ගහපු එකේ  පින්තූර 5ක් ගහගත්තා. ගෙදර ඇවිත් ෆොටෝශොප් දාලා මේක හදාගත්තා
පේනවා හොරයි නම් උඩින් කොටන්නකො. මේ 19 වෙනිදා ඉදන් මම මාලඹේ යන්න කියලා ඉන්නෙ. ආයෙ කොයි කාලෙක බ්ලොග් එක ලියන්න වෙයි ද දන්නෙ නෑ. ඒ කොහොම වෙතත් ඉතින් ඉන්ටනෙට් ලැබුනාම දුවන් ඇවිත් විස්තරේ ගහන්නෙ නම් මේකෙ තමයි..

16 comments:

  1. ලස්සන ෆොටෝ ටිකක්.. ඉස්කෝලෙ හරි ලස්සනයි නේද..... මම නම් රිච්මන්ඩ් එක ඇතුල ඔන්න දැක්කෙත් අදමයි... හි හි

    ReplyDelete
    Replies
    1. රිච්මන්ඩ් අක අවුරුදු එකසිය ගානක් පරණ ඉස්කෝලයක්.. ඇත්තටම ඉස්කෝලෙ ගොඩක් ලස්සනයි!

      Delete
  2. පාසල් කාළය තරම් සුන්දර තවත් සමයක් ඇත්ද ?

    ගාල්ලේ දරුවෙක් හමුවීම සතුටික් ..

    මම සොදුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මහේශ් මහත්තයො..

      බො‍හොම සතුටුයි.. එන්නම් ඒ පැත්තෙ අනිවාර්යයෙන්ම!

      Delete
  3. රිච්මන්ඩ් එකේ කොල්ලෝ ඉස්කෝලෙට පණ දෙන්න වුණත් ලෑස්තියි.මාත් අදුරන අය්යා කෙනෙක් ඉන්නවා.කට ඇරියොත් ඉස්කෝලෙ ගැන ම තමා.හැබැයි ෆොටෝස් ටික බලපුවාම තේරෙනව එහෙම වෙන එකේ වැරැද්දකුත් නැති බව!

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත කතාව අයියෙ.. ඒකනෙ ඉතිං කියන්නෙ නැද්ද :)

      Delete
  4. ආගන්තුකයගෙ ඉස්කෝලෙ හරිම හෝම්ලි ගතියක් තියෙනවා. ලස්සනයි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔවු.. අපේ ගෙදර තමා ඉතිං..

      Delete
  5. ලස්සනයි මලයා ෆොටො ටික...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා!

      Delete
  6. ලස්සන ෆොටෝ ටික මල්ලි... හරි පිළිවෙලයි වගේ පේනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කෙ!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....