Monday, September 10, 2012

මං O/L කොර හැටි (කරන අයට වැදගත් වෙයි)

O/L ළග ළගම එන නිසා අපි ඕ ලෙවල් කරපු හැටි ගැන කිවුවොත් කරන්න ඉන්න අයටත් හොදයි කියලා හිතුනා. මං ඕ ලෙවල් කරන්න ගත්තෙ මාස 2ක් තියෙද්දි. (එතකං විකාර නැටුවා) ඒ නිසා මේක කියවන ඕ ලෙවල් කරන්න ඉන්න අයට පොඩ්ඩක් වැදගත් වෙයි කියලා මං උපකල්පනය කරනවා. ඒ උපකල්පනේ මත ඉදගෙන ඔන්න කතාව පටන්ගන්නම්.. ප්‍රශ්නාවලියක් හොදයි වගේ. මං ම උත්තරත් කියන්නං..

O/L කියන්නෙ මොකද්ද? තවත් එක විභාගයක්. 
දැන් ඉතින් ඉස්සරහාට යන්න  A 9 ක් ඕන ද?  නෑ..
ඕ ලෙවල් ඉහලිං සමත් උනා කියලා කැම්පස් තෝරගන්නවාද? නෑ..
එහෙනං මොකටද අපි ඉහලිං පාස් වෙන්න ඕන...? අනේ මන්දා..

එහෙම කියලා බෑ නෙ. අපි ඉහලිං පාස් වෙන්න ඕන වෙන්නෙ එක කරුණක් මත. ඒ තමයි අපේ දෙමවුපියො වෙනුවෙන්. ළමයෙක් කොච්චර දේවල් කරත් සමහර විට අකුරු 9 ක් මත දෙවමුපියන්ගෙ ගරුත්වය රැදෙන්න පුළුවන්. ඒකයි මේ සමාජෙ හැටි. හැමෝම කට ඇරන් බලන් ඉන්නෙ ප්‍රතිඵල එනකං. එදාට කෝල් කෝටියයි. හැමෝම අහන්නෙ "රිසල්ට් කොහොමද?" කියලා. පිරිසක් බලාගෙන ඉන්නෙ අපිට "කෙළ" වෙනකං. ඒ අයගෙ ළමයින්ගෙ මට්ටමට අපිට එන්න බැරි වෙනකං. කතාකරන්නෙත් නෝන්ඩියට. සමහර පිරිසක් ඉන්නෙ අපෙන් හොද ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. ඒ අය බලාපොරොත්තු වෙන හොද ප්‍රතිඵලේ අපිට ලබන්න බැරි උනාම ඒ අය අපිට අනුකම්පා කරනවා. ඒත් ඒ අනුකම්පාව අපේ දෙමවුපියන්ට ලොකු මානසික අසහනයක්. අපි නරක ප්‍රතිඵලයක් ගත්තොත් වෙන කාටවත් නෙමෙයි, අපේ දෙමවුපියන්ටයි මේ සමාජෙට මුහුණ දෙන්න බැරි වෙන්නෙ. ඔෆීස් යන්නෙ බයෙන් බයෙන්. දැන් රිසල්ට් ගැන කතා කරන්න ඇදලාගනී කියලා. ඒත් එක්කම අපිටත් පාරෙ යන්න "ශෝට් කට්" ඕන වෙනවා. 


හරි. අපි බලමුකො දැන් මොකද්ද කරන්න තියෙන්නෙ කියලා. ඕ ලෙවල් කියන්නෙ ඒ ලෙවල් වගේ නෙමෙයි. ඒ ලෙවල් කරන ළමයෙක්ට නම් රිසල්ට් ආවාම ප්‍රශ්න පත්තරේකට උත්තර දෙන්න වෙනවා.
1.‍ කොහොමද රිසල්ට්? (අරකට මේකට මොකද්ද)
2. ඩිස්ට්‍රික්ට් රෑංක් එක කීයද? (+ ඉසෙඩ් එක කීයද?)
3. අයිලන්ඩ් රෑංක් එක මොකද්ද?
4. කැම්පස් තේරෙයි ද?
5. සකන්ඩ් ශයි කරනවා ද?

ඒත් ඕ ලෙවල් වල සාපේක්ෂව සරළයි. 
1. කොහොමද රිසල්ට්? (අරකට මේකට මොකද්ද)

අන්න එතනදී ඕ ලෙවල් ළමයින්ට වාසියක් වෙනවා. අකුරු ටික කියලා ශේප් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි, හැම විශයකටම ළකුණු 90 ගණන් අරන් විශයන් දෙකකට විතර 75 ට අඩුවෙන් ගත්තාම ඒ කෙනාට එන්නෙ A - 7, B - 2 වගේ රිසල්ට් එකක්. ඒත් හැම එකකටම 75ට වඩා තිබ්බාම ඒ කෙනාට A 9 යි. ඕ ලෙවල් වල ඉසෙඩ් ස්කෝ එකක්වත්, මුළු ළකුණු ගාණ වත් එන්නෙ නැති නිසා, විශයක් කීපයක ප්‍රවීනයෙක් වෙනවාට වඩා හැම විශයක්ම යම් ප්‍රමාණෙකට දන්න "ඕල්රවුන්ඩර්" කෙනෙක් වෙන එක වාසියි.

හරි දැන් ටොපික් එක මං ඕ ලෙවල් කරපු හැටි නෙ. ඔන්න මං කියන්නම්. (මං කියන්නෑ හැමෝටම මෙහෙම කරන්න කියලා) මාස දෙකකින් කරපු හැටි තමා මේ තියෙන්නෙ හොදේ..

මං ඉස්සෙල්ලාම කෙරුවෙ මට පුළුවන් විශයන් අයින් කරපු එක. ඒ කියන්නෙ මට 75 කට වඩා ගන්න පුළුවන් විශයන් ටික අයින් කරපු එක. ඒ කාලෙ මට හොදින්ම පුළුවන් විශයන් කීපයක් තිබ්බා. ලේසිම එක ICT. ඊට පස්සෙ බුද්ධාගම තව.. කොමර්ස් ආහ් ඇයි ඉංග්‍රීසි. ඔන්න විශයන් 4ක් හරි. දැන් තව විශයන් 5යි තියෙන්නෙ. පස්සෙ මම සාහිත්‍ය විශයන් වල පොත් පත් කියවන්න ගත්තා. ඒ කියන්නෙ ඉංග්‍රීසි සාහිත්‍ය. මම ඉංග්‍රීසි සාහිත්‍ය වලට අමතර පන්ති ගියේ මාස 3ක් වගේ. ඒත් ඉස්කෝලෙදි මම ඇන්තලොජියෙ ලියාගත්තුවා කියවද්දි පොයම්ස් හොදට ධාරණය උනා. ඒත් එකක්වත් මං පාඩම් කළේ නම් නෑ. වැදගත් පාඨ මතක තිබ්බා. පස්සෙ අර "Village by the sea" එක කියවන ගමන් එක එක්කෙනා කියපු වැදගත් කෑලි පිටුවයි පරිච්ඡේදයයි එක්ක වෙනම කොලේක ලියාගත්තා. (විස්වාස කරන්න මං Village by the sea එක කි‍යවලා තියෙන්නෙ එක වතාවයි). ටිකක් කට්ට වෙන්නත් එපැයි, කලිං අවුරුද්දෙ ආපු Poems එහෙම ලාවට බලං ගියා විතරයි. වැඩිය කියෙවුවෙ නෑ. 

සිංහල ව්‍යාකරණ මට වහකදුරු වගේ. මෙලෝ දෙයක් තේරෙන්නෑ. මං අමතර පන්ති ගියෙත් නෑ නෙ. කොහොම හරි ඒ ටික නං තනි කණා. මං ඒක ගැන හිතන්නැතුව සාහිත්‍ය පොත අරගත්තා. හැම පාඩමකම අර අන්තිමට තියට ටිකේ වැදගත් වෙන ටික, එක පාඩමකට එක රූලක් වෙන්න කොළේක තනි පැත්තක ලියාගත්තා. ඒ ටික හොදටම ඇති. ආහ් තව රෑට කාඹරේ දොරත් වහගෙන මහ හයියෙං කවි ටික කිවුවා. ඒවා පාඩම් උනේ නිකන්ම වගේ. 

හිස්ට්‍රි වල කලිං ගහපු ශෝට් නෝට් වගයක් තිබ්බා. ඒවා නං මුල් පාඩම් වල විතරයි. ඒත් අපේ සර් ගෙ බලකිරිල්ලටම පොඩ්ඩක් ඒක පාඩම් කෙරුනා ගෙදරදි. කොහොම හරි ඒකෙත් අන්තිම පාඩම් නම් තේරුනේ නෑ. අර සිතියං ළකුණු කිරිල්ල නං මට "බෑ". මං ඒකට නං කරේ අන්තිම පාඩම් ටික අරගෙන බලාගෙන ගිහින් පොඩි ශෝට් නෝට් එකක් ගහගත්ත එක. පස්සෙ වෙලා තිබ්බ හැටියට ඒ නෝට් එක ටිකක් බැලුවා. 

මට සයන්ස් නං බෑ. ඒ කාලෙ පිළිවෙලකට තිබ්බෙ බයෝ පොත විතරයි. ඒකනං හැබැයි ලාලාලාලාස්සනයි.. (^_^) කෙමිස්ට්‍රි නං එදත් බෑ අදටත් බෑ. ඒ කාලෙ ෆිසික්ස් තේරුනේ නෑ. අනේ මන්දා ඒකට නං අර රිසල්ට් එක කොහොම ආවාද කියලා..  :/ මං හිතන්නෙ කණා ගහපු MCQ ටික හරියන්න ඇති.  හැබැයි මං බයෝ පාඩං කරා. අන්තිමට තව කාරණේකුත් කියන්නං කො.

මැත්ස්. සිරාවට කියන්නෙ මැත්ස් ලේසියි. ඕ ලෙවල් කාලෙ කරන්න තියෙන්නෙ කලබල නැතුව ගාණ හරියට තේරුම් අරන් ගානට සුළු කරන එක. [ඒ ලෙවල් මැත්ස් කරොත් තේරෙයි ගනං මොනා ද කියලා :( ] හරිම පොඩි දේවල් වලිං ප්‍රශ්න අහන්නෙ. වරද්දගන්නෙ නැත්තං ගාණ හරියටම හරි. දෙතුන්පාරක් හරි කියවලා තේරුම්ගත්තාට පාඩු නෑ. වෙලාව තියනවා ඕන තරම්. (මං විනාඩි 20 ක් විතර නිදාගත්තත් එක්ක පේපරේ ලියලා චෙක් කරලා) අපේ අවුරුද්දෙ නං ගණං ඒ තරමටම ලේසියි.

හරි. තව කාරණයක් තියනවා. මේ කොච්චර පාඩං කරන හැටි ගැන බයිලා ගැහුවත් හැම දේම තීරණය වෙන්නෙ අපි විභාගෙ ලියන හැටි අනුව. අපිට විභාගෙදි ලැබෙන ප්‍රශ්න මොනවා උනත්, ඒවා තෝරගන්න පුළුවන් නෙ. (රචනා පේපරේ) අපිට අමාරු ප්‍රශ්නයක් තොරගෙන කරා කියලා වැඩි ළකුණු ලැබෙන්නෙ නෑ තව ළකුනු නැති වෙනවා ඇරෙන්න. ඒ නිසා තමන්ට පුළුවන් ලේසි ප්‍රශ්න ටික තෝරගෙන කරා නම් හරි. කවුරුත් රිසල්ට් එක ආවාම අහන්නෙ නෑ නෙ. "දැන් පුතාට මේකට ඒ එකක් ආවෙ ෆිසික්ස් කොටසෙ ප්‍රශ්නෙ කරලා ද කෙමිස්ට්‍රි කොටසෙ ප්‍රශ්නෙ කරලාද?" කියලා. හැබැයි තව එකක්. මම "මෙන්න මේ ප්‍රශ්නෙම" කරගෙන යනවා කියලා නං හිතාගන්න එපා. සමහර විට ඒ අවුරුද්දෙ ඒ ප්‍රශ්නෙ අමාරු වෙන්නත් පුළුවන්. ආහ් තව එකක්. ඔය රිසල්ට් එක, උදාහරණයක් විහිදට "ඒ" එක 75 න්ම දෙනවා කියලා නියමයක් නෑ. අදාල ප්‍රමාණයට "ඒ" අකුරු නැත්තං ඔය ළකුණ අඩු කරනවා. සමහර විට ඕක 70 විතර වෙනකං අඩු කරන්නත් පුළුවන්. කොහොමත්, කෝකටත් 80 වගේ ඉලක්කමක් හිතේ තියන් ලියන එක ඇගට හොදයි.

විභාගෙ ලියද්දි ගොඩක් සතුටින් විනෝදෙන් ඒක කරන්න. කිසිම ‍පේපරයක් අමාරු උනා කියලා "මූඩ් ගහං" ඉන්න හේතුවක් නෑ. මොකද ඒ "එක" පේපරයක් විතරයි. තව ලියන්න තියනවා. එකක් ගැන හිත හිත ඉදලා පස්සෙ අනිත් ඒවාටත් ඒ මානසිකත්වය බලපානවා. අන්තිමට එන එකක් එයි. එච්චර තමා.

අද කරන්න තියන දේ අදම කරන්න. පහු කරන්න කරන්න ඒ දේ අපේ අතින් වෙන්නෙ නෑ. හරි ඔහොම තමා මම ඕ ලෙවල් කරේ. එහෙම කරලා තමා අර ඕල්රවුන්ඩ් රිසල්ට් එක ගත්තෙ. ඒක ගත්තාම පුදුම සතුටක් දැනෙන්නෙ. අම්මලාට තාත්තලාට ඊට වඩා සතුටුයි. ඒත් මතක තියාගන්න ඕන තව එකක් තියනවා. ඒ 9 කි ගත්තා කියලා ඒ කෙනා පොරක් වෙන්නෙ නෑ. සමහර විට ළකුණු එකතු කරාම තමන්ට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.


ඕ ලෙවල් අම්මලා තාත්තලා වෙනුවෙන් කරලා දෙන්න. ඒ ලෙවල් කරලා තමන්ට දෙයක් කරගන්න. 

ප.ලි. : කෙනෙක්ට ෆිසික්ස් වගේ තේරෙන්නෙ නැත්තං පොඩි ශෝට් නෝට් එකක් වගේ බ්ලොග් එකේ දාන්නං. හැබැයි ඇහුවොත් විතරයි හොදේ. නැත්තං ඉතිං නිකං ටයිප් කොරන්න කම්මැලී නෙ. 

35 comments:

  1. කියෙව්වා කියලා නිකාන් ඉන්නම්.. මෙතන මම සාපෙ ලියපු පට්ටන්දරේ දිග අරින එක හරි නෑනෙ.. :)

    හැබැයි මේ ටිකත් කියන්න ඕනා..හැම ක්‍රමයම හැම කෙනාටම හරියන්නේ නෑ.. තමුන්ට ගැළපෙනම ක්‍රමේ තෝරාගන්න ඕනෙ..

    තව දෙයක් පොත් දිහා නිකාන් බල හිටියාට ඔලුවට යන්නේ නෑ.. එව්වා කොළේක ලියන එක තමයි වැදගත්..

    ReplyDelete
    Replies
    1. යා යා.. හැම කෙනාටම මේ ක්‍රමේ හරියන්නෑ.. හරය ගත්තාම ඇති..

      ලියන්න ලියන්න ඒ දේ මොළේට යනවා. ඒක පිළිගත්ත ක්‍රමයක්.

      හරි අයියාට හරි කියලා හිතෙනවා නං පොඩ්ඩක් දිගාරින්න.. අවුලක් නෑ.. අපි අපිමනෙ ඉන්නෙ..

      Delete
    2. පිසික්ස් Short Note එකක් තියෙනවනම් දාන්නකෝ....

      Delete
  2. හැම එකාට ම එක පාරට ඔලුවට යන්නේ නැහැ මල්ලි. අපේ බැච් එකේ අය එකතු වෙලා මේ පාර සා.පෙ කරන අයට ගණන් උගන්නනවා නේ.. ඒ පාඩම් උගන්නද්දී තේරෙනවා, ධාරණය කර ගැනීමේ හැකියාව එකිනෙකාට බොහොම වෙනස්. ඒ හින්දා තමන්ට වඩාත් ගැළපෙන ක්‍රමය තෝරා ගැනීමයි කළ යුත්තේ..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඒක ඇත්ත.. එක එක්කෙනාගේ මට්ටම් වෙනස්.. මාත් බොහොම ප්‍රාථමික මට්ටමේ පොරක්.. ඒ නිසා මේ ක්‍රමෙත් නරකම නෑ.. එක එක අය එක එක ඒවා කිවුවා.. මං කළේ මට දැනුන දේ..
      ඔය පාඩං හිටින්නැති කවි සින්දු සද්දෙට කියන එක වගේ නං පාඩං හිටින්න හොද ක්‍රම..

      Delete
  3. ඕ ලෙවල් ගැන කියද්දි නම් මම ආගන්තුක අයියාට වඩා අඩි කීපයක් ඉස්සරහින්. මම වැඩ පටන්ගත්තෙ විභාගෙට හරියටම දවස් 12ක් තියලා. :D:D:D

    ඒත් වැඩේ උපරිමයෙන්ම ගොඩ ගියා.

    රහස - උගන්නන වෙලාවට හිතෙන් ලෝකෙ වටේ රස්තියාදු ගැහිල්ල පුළුවන් තරම් අඩු කරලා පාඩමට ඇහුම්කන් දීම. එතකොට ආයෙ වෙන මොනවත් ඕනෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. මාස 2ක් කිවුවාට මාසයක් කල්පනා කරා. අනිත් මාසෙ තමා වැඩ කරේ. ඒ කාලෙ අපි ඉංගිරිස් මාධ්‍යයෙන් නෙ කොරේ. මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ. ඔය ක්‍රමේ නිසා ගොඩ ගියා සිංහලෙන් තිබ්බ විශයන්. අනිත් ඒවා ඉතිං තේරුංගත්තෙ සිංහල බාසාවෙන් තිබ්බ පොත් ටික කියෝලා..

      Delete
  4. හ්ම්ම්..මමත් මට ලේසිම විෂයන් ටික අයින් කරලා අනිත් ටික තමා වැඩියම පාඩම් කලේ..

    හැබැයි ඒ ලෙවල් වලදී නම් හොඳ වැඩක් උනා,,ඔහොම එක විෂයක් වැඩිපුර පාඩම් කරලා,ඒක පාඩම් කරන එක ටික කාලයක් නවත්තල ආයෙත් අනිත් ඒවා පාඩම් කළා..විභාගෙට සති දෙකක් වගේ තියල බලනකොට අර මොකුත් මතක නැහැ.කොහොම උනත් අත්හැරලම දාන්නේ නැතුව ඔක්කොම සමබරව පාඩම් කරන්න පුරුදු උනා ඉන් පස්සේ :)

    ඔබේ ප.ලි.එක නම් ගොඩක් හොඳ අදහසක්!

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ ලෙවල් ගැන නං කතා කරන්නෑ.. ඒක හැම තිස්සෙම අමතක වෙනවා. :( කරන්න තියෙන්නෙ පේපර්ස් කරන එකම තමා.. ඕගනික් නං පරිවර්තන.. එක්සෙට්රා..
      ප.ලි. එක ක්‍රියාත්මක කරන්න වෙනම බ්ලොගයක් අරින්න තමා අදහස..

      Delete
  5. විභාගයකදි වැදගත් වෙන්නෙ තමන් දන්න දේ නෙවෙයි ඒ සීමිත කාලය තුලදී තමන්ට කරන්න පුළුවන් දේ තමයි !

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා හරියටම හරි.. කැම්පස් එකේ එක සබ්ජෙක්ට් එකක එxපර්ට් වෙලා මට හොඳටම කෙළ වුනා..

      මම ඉතින් ප්‍රශ්නවලට උත්තර පණ දාගෙන ලිව්වා.. පාඩම් කරපු ටික නොලියන්ඩත් දුකයිනෙ.. බලද්දි වගන්තියක් ඕන තැනට මම රචනාවක් ලියලා.. ලියපු එව්වා ඔක්කොම හරි වුනත් ඔක්කොටම නොලිව්ව නිසා මට B එකක්.. මගෙන් කුප්පි දාගත්තු උන්ට මට වඩා රිසල්ට්..

      Delete
    2. වෙනි අයියාගෙ කතාව හරියට හරි... අන්න ඕකයි අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද.. අවුරුදු ගාණක් තිස්සෙ උගන්නපුවා පැය කීයයකිං අහලා ඉවර කරන්න හදන එක..

      Delete
    3. හරි අයියාගෙ කතාව මටත් අදාලයි. පාඩම් කරපු ඒවා ලියන්නෙ නැතුව ඉන්න ලෝබයි. ඒත් ඒවා ඔක්කොම දිගඅරින්න වෙලාව මදි.. :(

      Delete
  6. මස 1ක් තියල තමයි මම නම් පඩම් කලෙ උබ පස් ඩ කියල ස්කොලෙට රිස්ල්ට් අපුවම ගුරුවරු අහුව ඔන්න මන් ගන තිබුනු විස්වසෙ තරම :D හැබෙයි ඔක තමයි 5 ට පස්සෙ තියන ලෙසිම එක

    ReplyDelete
    Replies
    1. හෙහ්.. 5 වසර නං ලාවට පාස් උනේ..

      Delete
  7. ඕ ලෙවල්නං ගින්නක් නැතුව ගොඩ දා ගත්තා...
    ඒ ලෙවල් තමා...

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත.. ඒ ලෙවල් තමා..

      Delete
  8. මම පාඩම් කරන්න ගත්තේ විභාගෙට ඇඩ්මිෂන් අරන් ගෙදර හිටපු දවස් වල. තරමක හොද රිසාල්ට් එකකුත් හම්බුණා. ‍මට ඒ කාලේ අමාරු වෙලා තිබ්බේ කොමස්. ඒත් ඒකටත් කොහොමහරි ඒ එකක් තිබ්බා. ඒ ලෙවල් කොහොම වේවිද කියලා බලමුකෝ

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවල් වනාහි ඕ ලෙවල් නොවේ.. එච්චර තමා ඉතිං කියන්න තියෙන්නෙ..

      Delete
  9. demawpiyonta one nisa api A9 gannekada hari apita wedak nethi nisa therum aran demawpiyo apita ona dee karann denekada hari? food for thought

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර බයිලා ගැහුවත් සමාජෙට මුහුණ දෙන්නෙ අපේ අම්මලා තාත්තලා නෙ.. අපි මොනා ගත්තත් ඒ අය අපිට මුකුත් කියන්නෑ තදේට.. ඒත් ඉතිං ඒ මිනිස්සුංගෙ ගෞරවේ රකින්න පුළුවන් නං වටිනවා‍‍..

      Delete
  10. අප්පේ මම ඔය සාපෙ නම් අවුලක් නැතිව ගොඩ දැම්මා "ඒ" ම 10 ක්! සෙල්ලන් නෑ නේ!

    ReplyDelete
    Replies
    1. අපේ අවුරුද්දෙ තිබ්බෙ 9 යි. :(

      Delete
  11. නියමයි. අර Physics short notes ටිකත් දාමුකො කරදරයක් නැත්නම්, කාට හරි ප්‍රයෝජනයක් වෙන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. බලමුකො දාන්න..

      Delete
  12. ඕලෙවල් කිවුවම හිත දිව්වේ 2003 අවුරුද්දට.. මාත් වැඩිය පාඩම් කලේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. මං වෙනමෙයි.. හිකිස්‍‍... අයියා 2003 ද කරේ.. මං කොරේ 2009...

      Delete
  13. අම්මෝ විභාග නම් මතක් කරන්න එපා ...

    ReplyDelete
    Replies
    1. ආයෙ නං මතක් කරන්න වෙන එකක් නෑ මයෙ හිතේ.. :/

      Delete
  14. ආගන්තුකයාට අයිය කියන්න ඕනෙත් නෑ මල්ලි කියන්න ඕනෙත් නෑ එහෙනම් ;)
    අර කිවුවත් වගේ හම්මෝ... විභාග නම් එපාම එපා....

    ReplyDelete
    Replies
    1. හෑ.. ඒ කියන්නෙ මයෙ වයසෙ ද.. :/

      Delete
  15. අපිට මේක ගොඩක් වැදගත් දිගටම දාන්න...........!

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි.. දිගටම දානවා.. බොහොම ස්තුතියි!

      Delete
  16. Short note ටික දිගටම දාන්න ආගන්තුක අයියා... ඒක ලොකු උදව්වක් අපිට... අපිට විතරක් නෙවෙයි ඉස්සරහට ලියන අයටත්...

    ReplyDelete
    Replies
    1. කවුරුත් බලන්නෙ නැති නිසා අත් ඇරලා දාලා තිබ්බෙ මල්ලි. මේ ටිකේ නම් වැඩ ගොඩ ගැහිලා.. බලමුකො ඉස්සරහට පුලුවන් විදිහට ලියන්නම!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....