Tuesday, September 25, 2012

මොන මගුලක්ද මේ කැම්පස්

දැන් නම් ඇති වෙලා ඉන්නෙ. මේක රටක් ද නැත්තං වෙන මොකක් හරි එකක් ද? අපේ රට පාලනේ කරන උන්දැලාට මේ රටේ අධ්‍යාපන අර්බුදය පේන‍්නෙ නැත්තෙ උන්දැලා බහුතරයක් අට වත් පාස් නැති නිසා ද? අර "මූ ගුරුවරටයක් ය මූ ට පුළුවන්ය" කියලා බෙරිහන්දීගෙන පත් කරපු අධ්‍යාපන ඇමතියා මොන මගුලක් ද කරන්නෙ? අර උසස් අධ්‍යාපන ඇමති ගොයියා මොකද්ද කරන්නෙ? එදා ළකුණු පිටපොට යවපු දවසෙ පෝස්ට් එකක් ලිවුවා. කවුද දැනං උන්නෙ උං ඉසෙඩ් එකත් පිටපොට යවයි කියලා. කවුද දැනං උන්නෙ මහාචාර්යවරුන්ට මහපාරට එන්න වැඩ සලස්සයි කියලා.


දැන් අපි උසස් පෙළ කියලා එකක් ලියලා ගෙදර ඉන්නෙ. දැන් මොකද වෙන්නෙ? තාම එදා බාර අරන් සීල් තියපු ප්‍රශ්න පත්තර ටික බලන්න අරන් තියා ඒ ගැන වගේ වගක් නෑ. ඔන්න දැන් ප්‍රවෘත්ති වලට කියාපි ඔක්තෝබර් වල බලනවා කියලා. කවුද දන්නෑ නෙ බලන්නෙ? අර කිවුවත් වගේ හමුදාව දාලා ද දන්නෑ. හමුදාවෙ අයට පේපර් බලන්න බෑ කියලා එකක් නෑ. ඒත් ඉතිං පේපර් බලන්න ඉන්න අය වෙන ඒවා කරද්දි මොකද කරන්නෙ?


හරි දැං මොකද වෙලා තියේනනෙ? ආචාර්යවරු වැඩවර්ජනේ. ඒ අයගෙ ඉල්ලීම් දුන්නැති උනොත් ඒ මිනිස්සු වැඩ කරන එකක් නෑ, යයි රට. අපේ ‍වගේ සොච්චං පඩි නෙමෙයි, ඒ රටවල්වල මිනිස්සු මෙහේ අවුරුද්දක ගන්න පඩිය එක මාසෙට දෙයි. ඉතිං කාටද ප්‍රශ්නෙ? ආචාර්යවරුන්ට ද ? නෑ. දේසපාලුවොන්ට ද? ඒත් නෑ. ලගදි ජන්දයක් නෑ නෙ. අනික අපේ රටේ ඉන්න බහුතරයක් බුද්ධිමත් ජනතාවට අධ්‍යාපනේ කියන එකට මොනා උනත් මොකෝ? අතින් පයින් යන එකක් යැ. මොකෝ ආපහු ඒ ලෙවල් කරන්නයැ. දැන් කාටද ප්‍රශ්නෙ? ඔය එකෙක්ටවත් නෙමෙයි අපිට. ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා ප්‍රතිඵල එනකං බකන්නිලාගෙන ඉන්න අපිට යි තාමත් හරි ප්‍රතිඵලයක් නොලැබුන අපිට අවුරුද්දක් දෙකක් වැඩිමල් අයියලාට අක්කලාටයි.

දැන් මේ ආචාර්යවරු එක්කො පිටරට නැත්තං පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගියොත් මොකද වෙන්නෙ? වැඩි දෙයක් වෙන්නෙ නෑ. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට හෙන්චයියො ටිකක් දායි. ඉතිං අවුරුදු ගානක් නැහිලා විභාගෙ කරලා දිස්ත්‍රික්කෙ හොදම තැන් වලට එන ළමයින්ගෙ ජීවිතේ කාලකණ්නි වෙයි. ඇයි ඉතිං ආචාර්ය පට්ටං ගහන් උගන්නන්න උන් නැති උනාම ඩිග්රිය බාල වෙනවා නෙ.

අපේ උන්දැලා මොකක් හරි එකක් කිවුවාම කියන්නෙ "යුරෝපෙත් එහෙමයි, ඇමරිකාවෙත් එහෙමයි, යූ.කේ වලත් එහෙමයි" කියලා. ඉතිං මේකටත් කියහල්ලාකො එහෙම. වෙන රටවල් වල ඕන තරං විශ්ව විද්‍යාල තියනවා. සල්ලි නැති ළමයින්ටත් ඉගෙනගන්න ස්ටුඩන්ට් ලෝන් දෙනවා. අපේ වගේ දිස්ත්‍රික්කෙකින්ම 60 ක් විතර හොද ඒවාට බන්දගන්න ප්‍රතිපත්ති එහේ නෑ. ඒකයි මේකට කියාගන්න එකක් නැති වෙලා තියෙන්නෙ. ආචාර්යවරු රට ගියාම කියයි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා. ඕක තමයි එකම ටේප් එක. සදාකල් දුවන්නෙ ඕක.

දැන් අපි මොකද්ද කරන්නෙ? රිසල්ට් නුත් නෑ. ඔහේ සකන්ඩ් ශයි කරන්න කියලා පන්ති යනවා. සල්ලි තියන උන් එක්කො පිටරට ගිහින් නැත්තං ‍මෙහේ ස්ලිට් එකටයි එන්.අයි.බී.එම් වලටයි ඔය එක එක ඒවාටයි ගිහින්. අපිට කොයින්ද බූල් බල්ලො. අවුරුදු 3ක් විභාගෙට පාඩං කරලා, තව අවුරුද්දක් රිසල්ට් එනකං බලං ඉදලා, රිසල්ට් මදි නං තව අවුරුද්දක් කරලා, කැම්පස් එකට එන්න කියනකං තව අවුරුද්දක් බලං ඉදලා, අවුරුදු 7ක් විතර කැම්පස් එකේ ඉදලා (ඇයි ඉතිං මුං ස්ට්‍රයික් කරන්න එහෙමත් හොද කාලයක් ගන්නවානෙ) අන්තිමට නාකි වෙලා ඩිග්රි කෑල්ලක් අරන් එලියට බහිනකොට බූල් බල්ලො හිටි උන් කෝටිපතියො වෙලා.

ඕක තමයි ලංකාවෙ අධ්‍යාපනේ.

එංගලන්තෙ මගේ වයසෙ එකෙක් මගේ පියෝ පේපරේක තිබ්බ පොඩි ප්‍රශ්නයක් (ළකුණු 2.5 ක් හම්බුවෙන විනාඩි 4 ක විතර) අරන් පැය බාගයක් හදලා පිටු දෙකක් සුළු කරලා කපලා දාලා තිබ්බා. උගෙං ඇහුවාම මොකෙක් වෙන්නද ඉන්නෙ කියලා මට කියපි මූ වෙන්න හදන්නෙ ඉන්ජිනේරුවෙක් කියලා. ඌට කිවුවාම මේක විනාඩි 4න් හදන්න ඕන කියලා, මූ තුස්නිම්භූත උනා. ඕකයි අපේ දැනුමයි, උංගෙ දැනුමයි, අපේ අවස්ථායි, උංගෙ අවස්ථායි අතර පරතරය.


..අනේ මටත් බූල් බල්ලෙක් උන්නා නම්.. 


48 comments:

  1. "සල්ලි තියන උන් එක්කො පිටරට ගිහින් නැත්තං ‍මෙහේ ස්ලිට් එකටයි එන්.අයි.බී.එම් වලටයි ඔය එක එක ඒවාටයි ගිහින්. අපිට කොයින්ද බූල් බල්ලො"

    මේක නං උඹේ ආකල්පය, කිසිදාක කිසිම විදිහකට ගොඩ යෑමක් නැත.

    රජයේ කැම්පස් හොඳ නැත්තං, පෞද්ගලික කැම්පස් එකකට යමං. සල්ලි නැත්තං හොයා ගනිං, නැත්තං ණයට හරි ගනිං. ලංකාවෙත් student loan තියනව.

    බූල් බල්ලොන්ට ආස නං, එකෙක් අරං ඇති කරපං.

    හැමදේම රජයෙන් නිංක හම්බ වෙනකං කම්මැලිකමට කට ඇරං ඉන්න එපා. උඹට ආස දේවල් උඹම මහන්සිවෙලා උපයා ගනිං. ටිකක් වටපිට බලපං, අලුත් දේවල් හිතපං, ධනාත්මක වෙයං.

    දේසපාලුවත්, මහාචාර්‍යයත් දෙන්නම පට්ට ආත්මාර්තකාමි. ඒ නිසා ඔය කැම්පස් අවුල ලේසියෙන් ලිහෙන්නෙ නෑ. උඹ උං මත්තෙ නැහෙන්නෙ නැතුව උඹේ අනාගතේ ගැන බලා ගනිං.

    ReplyDelete
    Replies
    1. මලින්ද කියන ගොඩක් දෙවල් හරි... Quote කරන්න දෙයක් නෑ....

      හැබැයි ඔය කෝක කරන්නත් ඒ ලෙවල් රිසල්ට් එක තියෙන්න ඕනේ... පාස්ද ‌ෆේල්ද කියලවත් දැන ගන්නේ නැතුව ළමයෙක් කොහොමද මොන මඟුල කරනවද කියලා තීරණයක් ගන්නේ....

      Delete
    2. මලින්ද : ස්ටුඩන්ට් ලෝන් නියන් දෙන්නෙ නැති එක නෙ අයියෙ ප්‍රශ්නෙ. එංගලන්තෙ ළමයින්ට එක අවුරුද්දකට පවුම් 9000 ක් වෙන්න අවුරුදු 3 කට ලෝන් එකක් දෙනවා. රස්සා හම්බුනාම ගෙවපල්ලා කියලා. දන්න නිසා කියන්නෙ.

      "සල්ලි නැත්තං හොයාගනිං"
      කිවුව පලියට සල්ලි හොයන්න පුළුවන් නං හැමෝම යයි නෙ ඉතිං ප්‍රයිවට් යුනිවසිටි වලට.

      බූල් බල්ලො කතාව අයියාට තේරෙන්න ඇති නෙ. ඊයෙ පට්ට කලකිරීමෙන් මේ පෝස්ට් එක ලිවුවෙ ස්ලිට් එකේ ඉන්ජිනියරිං ඩිග්රියකට ඇප්ලයි කරලත් සල්ලි නැති නිසා නවත්තන්න උන නිසා.

      Delete
    3. හිරු අක්කා : අප්පේ මං පාස් අප්පා.. ඒක ශුවර්.. හිකිස්..

      Delete
    4. @මලින්ද: සුපිරි කමෙන්ටුව මිත්‍රයා... +++

      Delete
    5. සාතන් :
      මලින්ද අයියාගෙ "රජයේ කැම්පස් හොඳ නැත්තං, පෞද්ගලික කැම්පස් එකකට යමං. සල්ලි නැත්තං හොයා ගනිං" කියන කෑල්ල හරියන්නෙ සල්ලි බාගෙ තියන උන් ට. ස්ටුඩන්ට් ලෝන් ගන්නත් එක එක ඒවා තියන්නෙපැයි. ඉන්න ඉඩමට තාම ණය ගෙවද්දි ඒක තියලා සල්ලි ගන්න බෑ නෙ..

      අනික කම්මැලිකමකට නෙමේ පෝස්ට් එක ලිවුවෙ, තරහටයි හිත රිදිලා තියන එකටයි අසරණකමටයි කියන්න කෙනෙක් අහන්න කෙනෙක් නැතිකමටයි.

      Delete
    6. මාලින්දයෝ ඒ කතාව නම් සහතික ඇත්ත.

      Delete
  2. ඇත්ත කතාව මචං...අපිත් එක්ක AL කරලා ෆේල් වෙච්ච සමහර උන් අද Pvt uni වලට ගිහිං ඩිග්‍රිය ඉවර කරන්නත් ළඟයි..අපි තාම ඇතුලේ..මම කවදාවත් උන්ට ඉරිසියා කරන්නේ නෑ.....හැබැයි මලින්ද මහත්තයෝ ලංකාවේ තාම ඉන්නේ 2500 න් මාසයක් ජිවත් වෙන මිනිස්සු නම කොහොමද ඒ මනුස්සයා මාසෙකට මොණර කොළ මිටියක් තමන්ගේ ළමයාගේ අද්යාපනේට වියදම් කරන්නේ....??
    ඒකයි අපේ ප්‍රශ්නේ...
    අනිත් එක කැම්පස් ඇතුලේ ඉන්න ළමයි..ඔබ තුමා දන්නවා ඇති නේ අපිට internal විදිහට ඉඳගෙන ගොඩක් course කරන්න බැරි බව..එහෙනම්............?

    ReplyDelete
    Replies
    1. ඕක තමයි ගොඩක් ළමයින්ගේ කතාව ...
      නිකම් නාකි වෙනවා ළමයි ටික මුන්ගේ විකාර නිසා.... ඔය වර්ජකයන්ටවත් දේශපාලුවන්ටවත් ගාණක් නෑ මේ ගැන.. මොකද උන් ඔක්කොමගෙම ළමයි ඉගෙන ගන්නේ පිට රටවල නේ... ( දැං කියයි නෑ අරෑගේ ළමයි ලංකාවේ කියලා... එකෙක් දෙන්නෙක් ඇති.. නමුත් බහුතරයා එහෙමයි... ) උන්ගේ ළමයින්ට හොදට උගන්නන්න ලංකාවේ ළමයි ටික අමාරුවෙ දාන එක තමයි දෙගොල්ලොම කරන්නේ.. මොකද ඔය පිටරට ඉගෙනගන්න යන එක ළමයෙක්වත් ආයිත් ලංකාවට ඇවිත් මෙහෙ ඉන්නේ නෑ නේ...

      මේ ඔය ළමයා ඊයේ බුක් ෆෙයාර් එකේ හිටියද...? අර පොත් එකතු කරන තැන එහෙම......

      Delete
    2. නාඩියා අයියා : ඒක නෙ අයියෙ කියන්නෙ.. අනිත් අය ගොන්නු නෙමෙයි, ඒත් අපි පන්තියේ 4-5 වෙද්දි පන්තියේ 30-35 වෙච්ච අය එක්කො රට ගිහින්, නැත්නම් පෞද්ගලික ඒවාට ගිහින් ඩිග්රි අරන් ලොකු ජොබ් කරනවා දැක දැක තමා අපිට කැම්පස් ඉන්න වෙන්නෙ..

      Delete
    3. හිරු අක්කා : අක්කා මගෙන් නෙමෙයි නෙ ඇහුවෙ නේද?? මම නම් හිටියෙ නෑ ඕන්..

      Delete
    4. හිරු අක්කා - හ්ම්ම් හ්ම්ම්..මං තුමා හිටියා,,,,මොකෝ මාව දැක්කද??? ;)

      Delete
    5. දැකලා නෑ නේ.... හි හි..

      නිල් පාට ටී ෂර්ට් එකක් ගහන් හොඳ ළමයා වගේ මුල්ලක් අල්ලන් හිටපු පොඩි කොල්ලෙක්ට තමා මං පොතක් දීලා ආවේ... හි හි.. හැබැයි එතන හිටියේ එක්කෙනයි....

      Delete
    6. හෑ... මෙතන වෙනින් එකක්..

      Delete
    7. හ්ම්ම්ම්..එහෙනම් මම නෙවෙයි!මමත් හොද ළමයා වගේ තමා හිටියේ..සරසවි එක ඉස්සරග හිටියේ....

      Delete
    8. අනික වාර විභාග වලින් මිනිහෙක් ගේ තත්වේ මනින්න බෑ. ඒ ලෙවල් වුණත් එහෙමයි. දැනුම මනින එක විදියක් විතරයි. ඔක්කොම මිනිස්සු විසින් හදාගත්ත සංකල්ප.

      Delete
  3. ඇත්තම කතාව , ලංකාවේ ලබා දෙන දැනුම ගැන නම් තර්කයක් නැහැ ..ඒත් එහි අගැයුම සහ අවසානයේ ඊට නිසි තැන නොලැබීම තමයි අවාසනාව ..

    මේ අවාසනාවම තමයි , අපට ලංකාවෙන් පිටට යන්න පාර කීවේ ..මොකද හෙට දවසේ ඔබවන් දරුවන්ගේ අනාගතය කොතැනට ගෙනියන්න හදන ආශ්චර්යයක් දැයි හිතා ගන්නටත් බැහැ . මොළේ කළඳක් නැතිවුන් රට හදන සෙයින් රට විනාස කරත්දි , මොළෙන් වැඩගන්න පුළුවන් වුන් “හුල්ලන්නට වීමම“ මහා අවාසානාවක් ...

    මේ රටවල අවුරුදු විස්සක් වෙනකොට නියම විදියට උපාධියත් අරගෙන රස්සාවත් ලබා ගන්නට පුළුවන් කමක් තිබීම නිසාම ...ලංකාවේ සුන්දරත්වය හිතින් දරාගෙන , ලංකාවේ අනාගතයේ අඳුර ගැන හිතමින් , දරුවන් වෙනුවෙන්ම මේ රටට වෙලා ඉන්නයි හිත

    ස්තුතියි ඔබේ හිතේ රැඳි , සමාජයේ ඇත්ත කතාවක් සටහන් කළාට

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ අපි කොච්චර දේවල් ඉගෙනගන්නවා ද?
      ඇත්ත කියනවා නම් ලංකාවෙ සංයුක්ත ගණිතයට "සී" එකක් ගන්න ළමයෙක්ට ලන්ඩන් ඒ ලෙවල් වලට "ඒ" එකක් ගන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි ඒ දැනුම මට්ටමෙන්ම..

      අවස්ථාවන් අඩු කම නිසා තමයි මිනිස්සු මෙහෙම රට යන්න පෙළඹිලා ඉන්නෙ. මහ ලොකුවට තාර පාරවල් කාපට් කරලා ආශ්චර්ය කිවුවාට රටේ ඉන්න හොද මොළ ටික වෙන රටකට ගියොත් ආයෙ ඒ මිනිස්සුන්ගෙන්ම තමයි උපදේශ ගන්න වෙන්නෙ රට සංවර්ධනේ කරන්න, නිකං නෙමෙයි සල්ලි වලට..

      ඔබතුමාට බොහොම ස්තුතියි මෙහේ ආවාට..

      Delete
  4. පුවතක්
    "මාලක සිල්වා උසස් අධ්‍යාපන සඳහා පිටරට යාමට අධිකරණ අනුමැතිය විමසයි."

    අපිට කොයිද බූල් බල්ලෝ.. :/

    ReplyDelete
    Replies
    1. මමත් ඕක ඇහුවා..

      අධ්‍යාපනේ..

      සෝ අයරොනිකල්..

      Delete
  5. ane manda mewa ahala ahala mta thitha wela.kohma unath udama thiyena malindage coment 1ta mn sampurnyenma ekagai

    ReplyDelete
    Replies
    1. ධනාත්මකව හිතීමට මං එකගයි.
      ඒත් රජයෙන් ම ලැබෙනකල් බලන් ඉන්න වෙනවා නෙ, රටේ දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනේට වෙන විකල්පයක් නෑ නෙ..
      අම්මලා තාත්තලා ට ලැබෙන පඩිය කන්න අදින්න මදි කොට මොන ප්‍රයිවට් යුනි ද..

      Delete
  6. Replies
    1. මටත් එච්චර තමා කියන්න තියෙන්නෙ..

      Delete
  7. අපොයි මල්ලියේ මට නම් දැන් මේවා ගැන කතා කරලම ඇති වෙලා..
    ඒක නිසා ඒ ගැන නම් මුකුත්ම කියන්නේ නෑ
    ඕවා ගැන නොහිත හොඳටම පාඩම් කරලා 2 න්ඩ් ශයි එක කරන්න. රිසල්ට්ස් ආවම මේ අයියට කතා කලොත් පොඩ්ඩක් බුල් බල්ලෝ ගැන කියලා දෙන්නම්

    ReplyDelete
    Replies
    1. මට හිතලා හිතලා එපා වෙලා අයියෙ..
      සකන්ඩ් ශයි කරනවා.. පළවෙනි පාර මොනා උනා ද දන්නෑ නෙ..
      රිසල්ට් නුත් නෑ‍‍.. තාම බලන පාටක්වත් නෑ..

      ගෙදෙට්ට වෙලා නාකි වෙන්න තමා වෙන්නෙ..

      Delete
  8. පිටරටවල එවුංට දෙන්නේ පොතේ ගනං හදන දැනුම නෙමෙයි මචං..
    ප්‍රායෝගිකව වැඩ කරන දැනුම...
    අපේ එවුංගේ මොල කනවා මේ අධ්‍යාපනේ..
    අපේ කොච්චර ලොකු ඉංජිනේරුවෙක් උනත් බලහං ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනා සුද්දෙක් යටතේ..
    අපේ එවුංට ප්‍රැක්ටිකල් නොලේජ් එක නෑ..
    මට ඕක මීටර් උනේ හුචස් අධ්‍යාපනේට පිටරට මෙවුවා එකක් තෝරගත්තු වෙලාවේ..
    දෙන වැඩ සිම්පල්..
    හම්බෙන දැනුම කියලා නිම කරන්න බෑ..
    ඉගෙන ගන්නත් ආස හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හනේ මන්දා.. ඒත් ඉතිං අපේ උන්ට ඒවා බැරි වෙන්න විදිහක් නෑ නෙ ඉතිං..
      අපේ උංගෙ මොළ එහෙම වැඩ කරනවා නෙ හොදට..

      Delete
    2. අන්න බලහං ටෝක් එක. ඕක තමයි අද අයි.ටී ෆීල්ඩ් එකේ වුණත් තියන තත්වේ. ප්‍රොජෙක්ට් මැනේජර් එක්කෝ ප්‍රයිවට් කැම්පස් කාරයෙක් නැත්තං වෙන ජාතියක/රටක එකෙක්.

      Delete
  9. ඔන්න ඔහේ ඕනි එකක් කියල ගෙදරට වෙලා වැඩක් පොලක් බලාගෙන ඉන්නවා මේ ටිකේ.

    ReplyDelete
  10. එපා වෙනෝ අප්පා මට දැන් ඉගෙනගන්න එකත් එපා වෙලා තියෙන්නේ :(
    මටත් හිතුනා බූල් බල්ලෙක් උනා නම් මේ එක මලවදයක්වත් නෑ කියලා

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමා.. මොනා කොරන්නද ඉතින්‍.. :(

      Delete
  11. අපේ කැමිපස් වල තමයි ලමයින්ට මෙචිචර වයසක් ගන්නේ degree දෙන්න,
    වැඩක් නැ කතා කරලා..ලංකාවෙ කලා උපාධි දාරියො තමා වැඩි පරතිශතයක් බිහිවෙන්නේ
    අඩුගානේ අවුරුද්දකට out වෙන ලමයිගාන ගැන හිතලාවත් මෙ course unit අලුත්කරනවා නමි,ගමිවල ලමයින්ට වානිජ,විදයයා,ගණිත විෂයධරා නැතිනිසා නේ ගොඩක් දුරට කලා විෂයන් තොර ගන්න හේතුවෙන්නේ..
    මටනමි දැනෙන විදිහට මතුපිටින් පෙනවට වඩා ඔය පරශ්නේ ගොඩක් සංකිර්ණයි..විසදගන්න ගොඩක් දෙවල් තියෙනවා..වැටුප් ආරවුල නිසා තමා ඔහොමවත් ඔය ගැන කතා වෙන්නේ
    නැත්නමි කවුරුත් ඔය ගැන පරසිද්ධියේ කතා කරන්න කැමති නැ

    ReplyDelete
    Replies
    1. ඔවු.. සමහරු ඒ විශයන් තෝරගන්නෙ වෙන විශයන් ඒ ඉස්කෝලෙ නැති නිසා වෙන්න පුළුවන්.. අනේ මන්දා.. ඒ කාලෙ මේවා තේරුනේ නෑ.. දැන් ටිකක් තේරෙනවා.. තව කල් යද්දි හොදට තේරෙයි.. :(

      Delete
  12. අනේ මන්ද අප්පා මට නම් මේවා හිතලම ඇති වෙලා..

    ReplyDelete
    Replies
    1. මටත් එපාම වෙච්ච තැන තමා මගේ පරම මිතුරා, බ්ලොගේටවත් කියනවා කියලා හිතුවෙ..

      Delete
  13. කතා කර වැඩක් නැත. අපි නම් යන්තම් ගිය අවුරුද්දෙන් අවුට් වුණා හරියටම අවුරුදු 5යි දවස් 6න්. ඒත් තවමත් ඇතුලෙ ඉන්න උන් දිහා දැක්කම , මොනව වෙයිද කියල හිතෙනව උන්ගෙ අනාගතේට

    http://lokayekonaka.blogspot.com/2012/09/blog-post_26.html

    නිකම් හිතට ආව අදහසක්. කියන්න ඕන දේ කියවුණාද මන්ද.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අප්පා.. ඒ කවි පෙළ නම් මරු.. ඒත් ඉතින් කවුද ඕවා බලන්නෙ.. :(

      අපිම බලනවා.. අපිම කමෙන්ට් කරනවා..

      Delete
  14. මෙහෙ(ඉතාලි) රටවල් වල තියෙන අධ‍ය්‍යාපන ක්‍රමෙයි හැම කෙනෙකුටම තියෙන අවස්තායි දකිද්දි අපේ රටවල දිහා බලලා හූල්ලනවා ඇර මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉතින් කියන්නෙ.. කට තියනවාට කියනවා නෙමෙයි කියලා.. :(

      Delete
  15. හ්ම්ම්.. අනේ මන්දා මේවට මොනා කියනවද කියලා.. අපි මීට කලින් ඉගෙන ගෙන ඉවර කල එක හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියලායි වාසනාව...
      ධනාත්මක චින්තනය..

      Delete
  16. මේ ගතවෙන කාලය අපරාදේ. දැන් මාස කීයක්ද? ආචාර්යවරුන්ගෙත් ළමයින්ගෙත් වටිනා කාලය නේද මේ නාස්ති කරන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් රිසල්ට් එන්නෙ නොවැම්බර් වල විතර.. මේ පාර නම් ජනවාරිත් පහු වෙයි..

      Delete
  17. අපි එන කාලෙදි ලංකාවේ කැම්පස් කියලා ජාතියක් තියෙයිද කියලත් හිතෙනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ශුවර් නෑ මලේ..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....