Saturday, June 16, 2012

A/L වලට කලිං... (පින්තූර, කොමිපියුටර් ජිල්මාට් ඇතුළු)

මාස ගාණකට හරි විදිහට බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්න උනේ නෑ. ඒ නිසා ඔන්න අද වාඩිඋනේ නම් ඒ ලෙවල් ලියන්න කලිං මේකෙ පෝස්ට් එකක් ලියන්න ඕනමයි කියලා හිතලා. මගේ හාඩ් ඩිස්ක් එක පිච්චිලා තිබ්බ නිසා තමයි මට මේ බ්ලොග් එක ලියන්න උනේ නැත්තෙ. දැං ඉතිං ඒවා හරි. ඒ ඔක්කොම එක්ක මෙන්න පෝස්ට් එකේ අන්තර්ගතය. 

1. හාඩ් ඩිස්ක් එක පිච්චුනාම ඉන්ටනෙට් එන්නෙ කොහොමද? සිංහල ටයිප් කරන්නෙ කොහොමද?
2. මං ගත්ත තව පින්තූර ටිකක්. (ඒ බලන්න හොදේ.. ගේමක් දීලා ගත්තෙ..)
3. ඒ ලෙවල් පණිවුඩය.

1. හාඩ් ඩිස්ක් එක පිච්චුනාම කොහොමද ඉන්ටනෙට් එන්නෙ?

ඇත්තටම කියනවා නම් හාඩ් ඩිස්ක් එකක් නැතුව ඉන්ටනෙට් නෙමෙයි කම්පියුටරේ ඕන් කරන්නෙත් කොහොමද කියන එක සමහරුන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. මෙන්න පිලියම. Ubuntu Live Disk එකක් රන් කරගෙන එන්න පුළුවන්. එහෙම තමයි මාත් ඉන්ටනෙට් ආවෙ. මෙහෙම කිවුවාට තේරෙන්නෙ නැති අයට විස්තර ඇතුව පහලින් කියන්නම්.
(ඉස්සෙල්ලාම තමන්ගාව උබුන්ටු සීඩී එකක් තියෙන්න ඕන. නැත්නම් http://www.ubuntu.com/ එකට ගිහින් GET UBUNTU NOW කියන බොත්තම උඩ ක්ලික් කරන්න. ඒකෙන් උබුන්ටු ඩවුන්ලෝඩ් කරගෙන සීඩී එකකට රයිට් කරගන්න)

1. කම්පියුටර් එක ස්ටාට් කරලා Setup එකට යන්න. 
2. Boot Order එකේ CD ROM එක මුලට දාන්න. දැන් උබුන්ටු සීඩී එක ඇතුල්කරන්න. (මේක කරන්න ඕන පළවෙනි වතාවෙ විතරයි)
3. දැන් Save and restart විධානය දෙන්න. 
4. ටිකක් ඉවසන්න. කම්පියුටරේ ආයෙත් ස්ටාට් වෙලා සීඩී එකෙන් බූට් වේවි. ඒකෙන් Start Ubuntu Without Any Change To Your Computer කියන විධානය දෙන්න. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. 
විනාඩි 15 කින් විතර උබුන්ඩු ලෝඩ් වේවි. ඒකෙ උඩම කොණේ තියන ෆයර්ෆොක්ස් බොත්තමෙන් ඉන්ටනෙට් යන්න පුළුවන්. 
(උබුන්ටු වල විශේෂත්වෙ තමයි ඒකෙ ගොඩක් මොඩම් ඩ්‍රයිවර්ස් ඔටෝ ගන්නවා. අවශ්‍ය උනොත් පින්තූරයක් හදාගන්න වගේ වැඩකට Gimp පාවිච්චි කරන්න පුළුවන්.)

කොහොමද සිංහල ටයිප් කරන්නෙ? 

ගූගල් සයිට් එක යන්න. ඒකෙ සර්ච් කරන තීරුවට පල්ලෙහායින් "සිංහල" කියලා එකක් ඇති. අන්න ඒකෙ ක්ලික් කරන්න. පස්සෙ සර්ච් කරන තීරුවේ කොණේම "keyboard" එකක් පෙන්නනවා. අන්න ඒ "keyboard" එක ඕපන් එකේ තියෙද්දි ටයිප් කරන්න. සිංහලෙන්ටයිප් වේවි. 

ආගන්තුකයාට පොඩි පිස්සුවක් ගැහුවා නෙ පොටෝගන්න.. කලින් පෝස්ට් එකෙත් ටිකක් දැම්මා. දැන් තව ටිකක් දාන්න හිතුවා. ඔන්න එහෙනම් බලාගන්න. (පේනවා හොරයි නම් පින්තූරෙ උඩ කොටන්න)

මේක එඩිට් කරලා නෑ

මේ මුගේ හැබෑ ලස්සන. එඩිට් කර නෑ
මූ තමයි දවසක් මාව කෑවෙ. හොයලා දුන්නොත් 5/- ක් දෙනවා

ඒ වරෙන් බං උඩට
පොඩ්ඩක් කලර්ස් හැදුවා.

පුළුවන් නම් කියන්න මේ මොකද්ද කියලා

කලක් අප එකිනෙක බැලූ.. 
කැඩුනු පසු හදවත් යලි එක් නොවන ලෙස..
නොපෙනේ එකිනෙක පැහැදිලිව..
හිරු කිරණින් බොදවයනතුරු..
පිනි බිදු එහි තැවරුණු..

මේ අපේ කුස්සිය.. හි හි..

ආආ.. මේක තමයි හද.. කලර්ස් හදලා තියෙන්නෙ

මේක නං හරි නෑ. පැනොරාමා එකක්
මේ මොකද්ද මේ? වැරදිලා වැටිලා ගණං ගන්නෙපා..


ඔන්න එහෙනම් අන්තිමට මගේ ඒලෙවල් පණිවිඩය.

ඒ ලෙවල් ලියන සියළුම දෙනාට ඉතාමත් හොද ධාරණ ශක්තියක් ලාබේවා...!!! කැම්පස් ගන්නා පිරිස වැඩි කිරීමට බලධාරීන්ට සිතේවා...!!! සියල්ලන්ටම හොද රිසල්ට්ස් පැමිණේවා...!!! ඒ ඔක්කොටමත් වඩා,
ගිය අවුරුද්දේ කළ ඒ ලෙවල් ප්‍රතිඵල විකාරය මෙවසර සිදු නොවේවා...!!!

ප.ලි. : අහගෙන එන්නෙ නෑ ඒ ලෙවල් රිසල්ට් එහෙම. මට ඕ ලෙවල්  ඒ අකුරුම 9 යි. ඒ ලෙවල් එස් 3 තමා පළවෙනිසැරේ ටාගට් එක. හරිය..

ආයෙ මාස දෙකහාමාරකින් හමුවෙමු..!!! එතකන් හැමෝටම කවි සිතුවිලි, බව අදහස් පහළවන සුභ (අනේ මන්දා මොකද්ද කියලා) මොකක් හරි එකක් වේවා..!!! හි හි හි..
එහෙනමු හැමෝටම තෙරුවන් සරණයි! 

16 comments:

  1. ඇත්තටම ගොඩාරියක් ලස්සනයි...............^_^

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ඉත්තූතී..!!! :ඩී

      Delete
  2. ගින්දර ඈ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පාද බොල.. බොහොම ස්තුතියි!

      Delete
  3. ෆොටොස් ටික එල ආ.. මට ඒකට තමා හිත ගියේ.. ෆොටො ගත්තට ඔය එඩිට් කිරිල්ල මට බෑනේ.. ගත්ත විදිහටම දාන්නවා.. ඕන එකක් කියලා..

    A/L ගොඩ දාගනින් මලේ.. සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේශ් අයියා.. අයියාගෙ කොමෙන්ට් එක එනකං උන්නෙ.. හි හි..
      වැඩි දෙයක් මාත් දන්නෙ නෑ පොටෝසාප්පුවට දාලා ‍Ctrl+L, Ctrl+U, Ctrl+B ඔබනෝ එහෙ මෙහෙ කරනෝ.. ඒක තමයි මගේ එඩිට් කිරිල්ල.. හි හි..

      Delete
  4. ජයෙන් ජය වේවා මචං.

    හොද රිසල්ට් අරගෙනම මේ පැත්තේ පැමිනේවා.

    අර උබුන්ටුවෙන් ලොග් වෙලා ගිනි මකර ඔන් කරන්න කලින් ඩොන්ගලය ඉන්ස්ටෝල් කරන්නෙ කෝමද බං. ඔටෝ ගන්නවද ?

    ජය !

    ReplyDelete
    Replies
    1. ඩොංගල් ගැන නම් ඒ හැටි අවබෝධයක් නෑ.
      කොහොම හරි ඉන්ටනෙට් සෙටිංග්ස් හදන්න පුළුවන් උඩින්.
      මට පාත් එක නම් මතක නෑ උඩ ඉදන් දකුණු පැත්තට වෙන්න තියන දෙවෙනි එකේ ක්ලික් කරලා ඩ්‍රොප් ඩවුන් වෙන එකේ මැනේජ් ඉන්ටනෙට් සෙටිංග්ස් හරි ප්‍රොක්සි හරි එකක් ඇති.. ඒකෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් අර ෆෝක් එකේ මැනුවල් සෙටිංග්ස් හදනවා ව‍ගේ..

      Delete
  5. අර හාර්ඩ් එකක් නැතුව නෙට් එන හැටි ඉගැන්නුව එකනම් ෆට්ටයි මලයෝ!!! :D

    ආ... මේ.. ඔය එස් 3 කතා එපා.. මලයා අඩුම ගානෙ පලවෙනි සැරේ බී තුනක්වත් ටාගට් කරන්න, එතකොට සී තුනක්වත් එයි.. මොකද හදට ගහන්න හිතාගෙන ගහන ගල් කැටයක්, පොල් ගහක් උඩින්වත් යනවාලුනෙ...:)

    අත්දැකීමෙන් කියන්නෙ මමත් එස් 3ක් ටාගට් කරන් ගියා.. අන්තිමේදි__________________

    ජය වේවා මලයා!!!
    හොදටම විභාගෙ ගොඩ දාගෙන ඊටපස්සෙ බ්ලොග් ලියන්න එන්න..:)

    පින්තූර ටිකත් මරු!!

    ReplyDelete
    Replies
    1. මට අක්කාත් මතක් උනා හාඩ් එක නැතුව එක එක ලියද්දි.. ඇයි ඉතිං අර හාඩ් එකේ ප්‍රශ්නයක් තිබ්බාලු නේ..
      හරි හරි මම ඒ 3ක් ටාගට් කරං යන්නංකෝ.. හි හි..
      බොහොම ස්තුතියි අක්කෙ..

      Delete
  6. ශා, කොම්පුටර් පාඩමක් ඉගෙනගත්තා, පින්තූරත් බැලුවා එළ හොඳේ
    විභාගේ හොඳට ලියන්න, සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. කොම්පීටර් ජිල්මාට් තියනවා තව.. පස්සේ කියලා දෙන්නම්..
      බොහොම ස්තුතියි!

      Delete
  7. ලස්සනයි පින්තූර ටිකනම් ..... ඔන්න මගෙන් සුභ පැතුම් හොදේ විභාගයට

    ReplyDelete
  8. ගොඩක් නිර්මාණශීලියි. උසස්පෙළ හොදට ලියලා කැම්පස් සිලෙක්ට් වෙන්න කියලා සුබ පතනවා....

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....