Monday, May 28, 2012

ආගන්තුකයාගේ අලුත් පිස්සුව - Photography | මසකට පසුව

මේ පුදුම දහිරියක් දාලා පෝස්ට් එකක් ලියන්නෙ මාසෙකට පස්සෙ ඉන්නම බැරි නිසා. මගේ කොම්පියුටරේ හාඩ් ඩිස්ක් එක පිච්චුනා නෙ ඉතිං කොහෙ බ්ලොග් ලියන්නද? ඒ මොනා වෙතත් මේ පෝස්ට් එක ලියන්නෙත් හාඩ් එකක් නැති කොම්පීටරෙම්ම තමයි. ඒ කොහොමද කියලා දන්නවා නම් හිනා යයි. ඇත්තම කිවුවොත් මේ පාර නම් පෝස්ට් එකක්මත් නෙමෙයි නිකං "පින්තූර ප්‍රදර්ශනයක්" වගේ එකක් තමා පෙන්නන්න යන්නෙ. ආගන්තුක පොටෝ ටිකක්. මං ගත්තුවා වගයක් නිකං ඉන්න බැරුවාට. බුකියෙත් දැම්මා. දාන්න දෙයක් නැති නිසා මේකෙත් දාන්න හිතුවා. බොහෝ විට තව මාස 3 කට ලියන අන්තිම පෝස්ට් එක මේක වෙන්නත් පුලුවන්.

වෙසක් සද

කොහොමද බත්කූරා??

ඔය ඉන්නෙ දිඹියෙක්.. හෙහ්..

නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ

ගොඩ ඉන්න මුහුදු අස්පයෙක්

සය කන් මන්ත්‍රණය


මේ ටිකක් විතරයි. තව ගොඩක් තියනවා දාන්න. ඒත් මේවා එඩිට් කරන්න ඕන නෙ. ලයිව් ඩිස්ක් එක දුවන ගමන් ගිම්ප් ශොප් ඕපන් කරාම හිර වෙනවා. ඒ නිසා හාඩ් එකක් දාලා පොටෝශොප් දාගත්තාම ම දාන්නම්.  ඒත් එක්කම මේ පෝටෝ වල වැරදි අඩුපාඩු පෙන්නලා ක්රොප් කරලා එහෙම දුන්න බනියාට ගොඩක් ස්තුතියි. ඒත් එක්කම යසන්ත අයියාටත් ගොඩක් ස්තුතියි. මට ඉතිං මේවා ගහන්න SLR, DSLR කැමරා නෑ. චුට්ටකට හම්බුවෙච්ච Olympus ඩිජිටල් කැමරාවකිනුයි ගත්තෙ. රසවිදින්න මේවා දැම්මෙ.

14 comments:

  1. නියමයි ආ.. මගෙත් මේ දවස් වල විනෝදාංශේ ඕකනේ..

    බත් කූරා ඔහොම ඉන්න අල්ලන්න හෙන වෙලාවක් යන්න ඇති නේ.. මමත් සමනළයෙක් ගන්න හෙන කට්ටක් කෑවා... :)

    ReplyDelete
    Replies
    1. මං අයියැයි පොටෝ දැක්කා.. මට ඉතිං කැමලාවක් නෑ නෙ :( ඔය බත්කූරා නම් හරි සෝයි. ඔහොම්මම විනාඩි 2ක් හිටියා. ඒකට අර සමනල්ලු දෙන්නා. අන්තිමට පැයක් තිස්සෙ පස්සෙන් දුවලත් පින්තූරයක් ගන්න උනේ නෑ. :'(

      Delete
  2. ආයෙත් අහලා.. මාත් ගන්නේ ගොඩක් වෙලාවට ෆෝන් එකේ කැමරාවෙන්.. අපිට කොයින්ද පුසෝ බැදපු මාළු!

    ReplyDelete
    Replies
    1. අපි යනවද මූදු. අයියූ... මටත් කැමරාවක් නෑ අප්පා.. ගන්නෝනෙ..

      Delete
  3. මයික්‍රෝ ෆොටෝග්‍රැෆි කියලා නේද මේවාට කියන්නේ ???

    ReplyDelete
    Replies
    1. ආආආ ඔවු.. එහෙමත් කියනවා. ඒත් මේවා ඒ තරම්ම මයික්රෝ නෑ.. මයික්රෝ පොටෝ දැක්කාම පිස්සු හැදෙනෝ.. මේ නිකං ඩිජියකිං ගත්තුවා වගයක් නේ..

      Delete
  4. ආව් අප්ප සෝයි පොතෝ තික......^_^

    ReplyDelete
  5. මමත් කැමතිම වැඩක් මේක. ලස්සනයි මේ පින්තූරටික තව දාන්න අපිට බලන්න

    ReplyDelete
    Replies
    1. අරි අරි දාන්නම් දාන්නම් බලන්න :)

      Delete
  6. හප්පේ මටත් ඔය පිස්සුව ගැහුවා ඩිජිටල් කැමරාවක් තියෙන්නේ අ නිසා එච්චර අද කිඩ දාන්න බෑ නේ, බැරීමත් නෑ ඉතින්, DSLR 1ක් ගන්නේ කොහොමද කියල තමය් මේ කල්පනා කරන්නේ :/

    ReplyDelete
    Replies
    1. මං මේ හිතන්නෙ පොයින්ට් ඇන් ශූට් කැමරාවක් ගන්නෙ කොහොමද කියලා.. :(

      Delete
  7. පින්තුර ටික නම් බැලුවා. නියමයි. මගෙත් ආසම මැක්‍රෝ ෆොටෝග්‍රැෆි. ඩිජිටල් කැමරාවකින් මෙහෙම විස්කම් පාන ඔබට DSLR එකක් අහුවුණ දාට අපිට අනර්ඝ පින්තුර ටිකක් බලාගන්න පුළුවන් වේවි. ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි (අප්පේ නම කියාගන්න බෑ නෙ).. බලමු එකක් ගන්න තව අවුරුදු 4 කිං විතර!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....