Thursday, March 8, 2012

නිවට ඇනොනිමස්ලා සහ කොන්දක් නැති ෆේක(ර්)ස් ලා

පළමුවෙන්ම කියන්න ඕන මේ කියන්න යන්නෙ කාටවත් වරදක් නැති ඇනොනිමස්ලා ගැන වත් තමන් ගැන ලෝකෙට හැංගුවාට කිසි කෙනෙක්ට වරදක් කරන්න හිතන්නෙ නැති ෆේක් ප්‍රොෆයිල්ස් තියන අය ගැන වත් නොවන බව. මේ කියන්න යන්නෙ තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති කෙනෙක්ගෙ සිතුවිලි වලට රිද්දලා කාළකණ්නි සතුටක් ලබන්න පුරුදුවෙලා ඉන්න කොන්දෙ වක්‍රතා අරය විචල්‍ය අගයන් ගන්න නිවට ඇනොනිමස් අයයි ෆේක(ර්)ස් ලා ගැන.

අද ගොඩක් අය ෆේක් ප්‍රොෆයිල්ස් හදාගෙනයි ෆේස් බුක් එකේ ඉන්න හදන්නේ. මේ අතරින් තමන්ගෙ නම ගම විස්තර හංගගෙන කාටවත් වදයක් නැතුව ජීවත් වෙන මිනිස්සු වගේම මහා සල්ලාල ගති පැවතුමු තියන අමන රොත්තකුත් නැතුවාම නෙවෙයි. ඒත් එක්කම විශේෂයෙන්ම ෆේස් බුක් සමාජ ජාල අඩවියේ ඉන්න සමහරු කෙල්ලන් විදිහට පෙනී ඉන්න පුදුම කැමැත්තුයි දක්වන්නෙ. කෙල්ලො විදිහට තමන්ව පෙන්නලා අනිත් කෙල්ලොන්ගෙ පෞද්ගලික තොරතුරු දැනගන්න නරුමයොත් ඉන්නවා මේ අතරෙ. සමහරු කෙල්ලො වගේ පෙනී ඉදලා කොල්ලොත් එක්ක කතා කරන්නෙ එක්කො අනිත් එකාව ගොනාට අන්දන්න, නැත්නම් මූග්‍යමය ලාභයක් හොයාගන්න, ඒත් නැත්නම් අනිත් කෙනාව බ්ලැක්මේල් කරලා අපහසුතාවයට පත් කරන්න. ඒ අයගෙ කියුම් කෙරුම් වලින් බැටකාපු අය නම් නොදන්න අය ඇඩ් කරගන්න කලින් දැනට තමන්ගෙ ප්‍රොෆයිල් එකේ ඉන්න නොදන්න අය අයින් කරන්න වග බලාගන්නවා. 

ඒත් එක්කම බ්ලොග(ර්) එකේ ඇනොනිමස් ලා ගැන කියන්න කැමතියි. බ්ලොග් කියවමින් සැරිසරන අතරතුරේදි තමන්ට හම්බුවෙන හොද නිර්මාණ වලට අදහස් පළ කරන්න ඇනොනිමස්ලා ටත් ගොඩක් අය ඉඩ දීලා තියනවා. ඒ නිදහසෙන් තමන්ට දැනෙන දේ හොද නරක කියලා යන අය වගේම ඒ මනුස්සකමට දීලා තියන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරුමයොත් ඉන්නවා. හොද බ්ලොග් ලිපියක් දැක්කාම ඇතිවෙන අමුතු උත්තේජනයක් නිසා ඔවුන් හදන්නේ ඒක කොහොම හරි විනාස කරලා දාන්න. ලෝකෙ නැති ජරා වචන ඔක්කොම ඒකෙ ගහලා ඒක කරපු නිර්මාණකරුවාට කළකිරීමක් වගේම දුකක් එක් කරන විදිහෙ වැඩක් කරාම ඒ කෙනාට මොනවගේ සතුටක් දැනෙනවා ද කියන එක නම් ප්‍රශ්නයක්. 

ඒ වගේම අනිත් මිනිස්සුන්ගෙ දක්ෂතා, හැකියාවන් වලට ඊරිසියා කරන, තමන්ට ඒ දේ කරගන්න බැරි වෙන්න හේතු නොසොයා අනිත් කෙනා ගෙ හැකියාවන්, දක්ෂතාවයන්ට ගරහන්න නිර්ලජ්ජාසහගත කමෙන්ට් එකතු කරන අය නැතුවාම නොවෙයි.  

ඇත්තටම ඇයි මිනිස්සු එහෙම කරන්නෙ කියන එක ප්‍රශ්නයක්. මම දකින විදිහට නම් දෙයක් කෙලින් කියන්න කොන්දක් නැති කෙනෙක්, ඒකෙනා කියන දේ කියන්න ඕන පුද්ගලයාගෙ පෞර්ශය ඉස්සරහා කියාගන්න බැරි නිවටයින් තමයි  එහෙම දේවල් කරන්නෙ. ඒත් එක්කම කියන්න ඕන මේ දේවල් වැඩිපුර සිද්ධ වෙන්නෙ පිරිමි පාර්ශවය අතින්. ඇත්තටම ඒ වගේ නිවටයින්ට "පිරිමි" කියන එක පිරිම්කමට කෙරෙන අවමානයක්. පිරිමියෙක් නැත්නම් හොද මිනිහෙක් කියන්නෙ ම දකින විදිහට නම් කිසිම දේකට පැකිලෙන්නෙ නැති කෙනෙක්ට. තමන්ට හරි කියලා හිතෙන දේ ඒ විදිහට පිලිගන්නත් වැරදියි කියන දේ ඒ විදිහට පිලිගන්නත් ඔහුට හැකියාවක් තියෙන්න ඕන. ඔහුට ඒ වෙනුවෙන් නැගී සිටින්න ඕන නම් ඔහු කරන්න ඕන ඒ දේ ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරන එක මිසක්, තමන්ගේ නිවට බව පෙන්නන්න (ඕකට කියන හරි ම වචනෙ දන්නවා නෙ) ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන තමන්ව හංගගෙන මෙලෝ සතෙක්ට වැඩක් නැති ලැජ්ජ නැති කමෙන්ට් ගහන එක නෙමෙයි. 

එකග ද?
නැද්ද?


මට යමක් කරන්න ඕන නම් මං ඒ දේ කරන්නෙ කෙලින්. ඒ මගේ හැටි. මට මේ විදිහට හිතුනෙ ඒ නිසා වෙන්න ඇති...

ප.ලි. : මේක කාලෙකට කලිං ලියපු එකක් අද පබ්ලිශ් කරාට..  


ප.ප.ලි : මේ ලියන්නේ ඇනෝ නමින් පෙනී ඉදන් කමෙන්ට් කරන අය හැමෝ ගැනම නෙමෙයි. මේකෙන් අවධානය යොමු කරලා තියෙන්නෙ බ්ලොග් අඩවි විනාස කරන්න උත්සාහා කරන ලැජ්ජ නැති අය ගැන. තමුන් ඇනෝ කෙනෙක් විදිහට පෙනීසිටීමේ කිසිම වරදක් මම දකින්නෙ නෑ. නමුත් ඒ පෙනී ඉන්නෙ වැරදි චේතනාවකින් නම්, ඒ ගැනයි මම අවධානය යොමු කරේ..

18 comments:

  1. ඇනෝ ආපු පමණින් කොන්ද කෙලින්ද නැද්ද කියලා හොයන්න නම් බැහෑ , ඇවිත් කියන අදහස තමයි වැදගත්

    ReplyDelete
    Replies
    1. "පළමුවෙන්ම කියන්න ඕන මේ කියන්න යන්නෙ කාටවත් වරදක් නැති ඇනොනිමස්ලා ගැන වත් තමන් ගැන ලෝකෙට හැංගුවාට කිසි කෙනෙක්ට වරදක් කරන්න හිතන්නෙ නැති ෆේක් ප්‍රොෆයිල්ස් තියන අය ගැන වත් නොවන බව." කියලයි අයියේ මම මේක පටන් ගත්තෙ.. කියන දේ අනුව තමයි කොන්දක් ඇති නැති බව ගැන තීරණය වෙන්නේ.. ඒ දේ පිලිගන්නවා.. මම මේකෙ කිවුවෙ බ්ලොග් නිර්මාණ, ලිපි විනාස කරන එවුන් ගැන..

      Delete
  2. බුවාගේ අදහසත් එක්ක එකගයි.. වැදගත් වෙන්නේ කියලා යන අදහස..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ අදහසින් කරන්නෙ බ්ලොග් ලියන්නන්ට කලකිරීමක් ඇති කරවන එක නම්, ඒ දේ කොච්චර නම් සාධාරණ ද කියන එක ගැන ප්‍රශ්නයක් මතු වෙනවා..

      Delete
  3. මේව ගැන නොලියම ඩිලිට් කරල නිකම් කිසි දෙයක් වුනේ නැති ගාන්ට ඉන්නවනම් තමා වටින්නෙ...මේව ලියන කොට ඒ අය ෆයර් වෙනවා..අඩේ මං අරූගෙ හිත තලන්න ඌට පොඩි ගොන් ආතල් එකක් දෙන්න තමයි කමෙන්ට් කලේ මගේ වැඩේ සාර්ථක වෙලා කියල දැන් මේ ඔයාට ඇනෝ කල අය සතුටු වෙනව ඇති..
    ඒත් විය යුත්තෙ උන්ට සතුටුවෙන්නවත් එහෙම චෑන්ස් එකක් නොදී කිසි දෙයක් උන් නැති ගාන්ට ඩිලිට් කරල දැමීම හෝ තිබෙන්නට ඇරීම..

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද විදිහක් තමයි..
      ඒත් අපි මේකත් දාලා බලමුකො ඇනෝ ලා (ඔය ගොන් ආතල් ගන්න) ට ආත්ම ගෞරවයක්වත් තමන් ගැන තියනවා ද කියලා...!!!

      Delete
    2. අයියා කියපු දේ ඇත්ත.. :)

      Delete
  4. කියන දේ තමයි වැදගත්..ලියන දේ කියවලා ඒ ගැන තමන්ගේ අදහස දෙන හොද ඇනෝලත් ඕන තරම් ඉන්නවනේ :))

    ReplyDelete
    Replies
    1. මම කිවුවෙ ඒ අය ගැන නෙමෙයියියියියියි....
      බ්ලොග් පෝස්ට් කන අය ගැන..

      Delete
  5. බ්ලොග් ගැන කියද්දී නම් තමන්ට ප්‍රොෆයිල් එකක් නැති අයත් ඉන්නවනේ.. ඉතින් එයාලට තියෙන තැනත් කනව මේ මෝඩස්ලා ඉඳගෙන.... ඔය සමහරු කමෙන්ට් මොඩරේෂන් දාන්නෙත් ඔය හේතුව උඩනේ...

    ReplyDelete
    Replies
    1. ඔවු අක්කෙ.. ඒ කතාව ඇත්ත..

      Delete
  6. එක්කෝ මේකටත් ඇනෝ කොමෙන්ට් එයි.. නැත්තං ඒත් එයි... අවුල්නං මකමු නැත්තතං මකලා හිරෙ යමු

    ReplyDelete
  7. ඇතුවත් බැරි නැතුවත් බැරි ඇනෝ ......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. හොද ඇනෝ ලාට කමෙන්ට් දාන්න ඉඩ දුන්නාම නරුමයො අයුතු ප්‍රයෝජන ගන්නවා..!!!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. "Dr නිවට ඇනෝ "
      අපි බය නැතෝ . . .
      මොනවා කිව්වත් ,
      අපි සැලෙන්නේත් නැතෝ . . . :D

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....