Thursday, March 1, 2012

සිංහල බ්ලොග්කරුවන්ටයි මේ ස්තුතිය...


"සිංහල බ්ලොග්කරණය | Sinhala Art of Blogging" මගේ උසස් පෙළ ව්‍යාපෘතියේ ඔක්කොම වැඩ ඉවර කරලා භාර දුන්නා මේ සදුදා. මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නේ ඒකට උදවු කරපු බ්ලොග් අවකාෂයේ මගේ මිතුරන්ට ස්තුති කරන්න. ඔක්කොටම කලිං කියලා ඉන්නම් කවුරු කවුරු ගැන ද මගේ  ප්‍රොජෙක්ට්  එකේ ලියවුනේ කියලා.


හිම හංසි
සිත් විනිවිද
සිත් අහස
වැහි පොදක්.
කූල් චිරාන්
මතක වස්තුව
බනීගේ සිතුවිලි
අපේ ඉසව්ව
දේවා ගේ අඩවිය
අම්බලම
ලාහිරු දහසක් දිලී
වර්ණ
උඩු සුළග
කිදුරු ඉසව්ව
ලට්ට ලොට්ට
ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න
පිනිබිදු
ළහිරු ගේ සිංහල බ්ලොගය
විසිතුරු
ටෙක්නිකල් හංදිය
අයිස් ගේ කොළම
දුකා
සොදුරු අඩවිය
තල් අරණ
සිතුවිල්ල
කවිකාරි


අනේ කවුරුත් තරහා වෙන්න නම් එපා. මම මේ ලිවුවේ මම දාලා තිබුනු ගූගල් ෆෝම් එක ෆිල් කරපු අය ගැන. ඒකත් ඒ අය පුරවපු අනුපිලිවෙලට. ඒත් එක්කම කියන්න ඕන ඒ ෆෝම් එකේ ප්‍රමාණවත් තොරතුරු දාලා තිබ්බෙ නැති ඒවා දාන්න උනේ නෑ ප්‍රොජෙක්ට් එකකට හරි ම කරුණු දාන එක වැදගත් නිසා. ඒකෙ ඇතුලත් කරලා තිබ්බේ ඒ වෙද්දි ඒ අයගෙ බ්ලොග්ස් වල ෆලෝවර්ස් ලා, හිට්ස් ගාණ වගේම ඒ ගැන පොඩි විස්තරේකුයි එක එක කෙනා බ්ලොග් අඩවි ගැන පළකරන අහදසුයි. ඒත් එක්කම හැම කෙනෙක්ගෙම කෙටි කතාවක් හරි කවියක් හරි නිසදැසක් හරි ඒත් එක්කම ඇමිනුවා. ඒ වගේම දිලුම් අයියා ගැන විශේෂ සදහනක් කරා. මම ඒ සදහන අනිවාර්යයෙන්ම පෝස්ට් කරන්නම් ඉදිරියේදී.  

මගේ ව්‍යාපෘතියේ විශේෂයෙන් කීපදෙනෙක්ට ස්තුති කළා. 

"ඉන්පසුව බ්ලොග් අවකාෂයේ සිටින සහෘදයන් කැළ ආදරයෙන් මතක් කරන්නට කැමැත්තෙමි. ඔවුන්ගේ විස්තර එක් කරන්නට සෑදු පත්‍රිකාව දින දෙකක් වැනි සුළු කාලයකදී (අපේක්ෂිත කාලය සතියක් විය) පුරවා දී මා හට විශාල ශක්තියක් වූයේ ය. එමෙන්ම විශේෂයෙන් මතක් කළ යුතු චරිත කිහිපයක් වෙයි. ප්‍රාර්ථනා සෙවුවන්දි නම් ඇය තම විශ්ව විද්‍යාල කටයුතු කරන අතරතුරේදී බ්ලොග්කරණය පිළිබද වැඩිදුර තොරතුරු සොයා ගැනීමටත්, දිලුම් අයියා ගැන වැඩිදුර තොරතුරු සොයාගැනීමටත් විශාල වශයෙන් උපකාර කලේ ය. එමෙන්ම අනුශ්ක ලක්මාල් (බනී) අයියා කෙතරම් වැඩ රාජකාරී බහුල වූවත් ඕනෑම දෙයක් ඇසූ සැනින් තොරතුරු සොයාදෙන්නට නොපැකිලී සහය දුන් බව මතක් කරමි. බ්ලොග් සුහද හමු පිළිබද ‍වැඩිදුර තොරතුරු දැනගත්තේ ඔහුගෙනි. චතුරිකා අක්කා මා හට මෙම ව්‍යාපෘතියේ පින්තූර සොයාදීමෙනුත් වැදගත් බ්ලොග් ලිපි එසැන් ගෙන්වාදීමෙනුත් විශාල සහයක් ලබා දුන් බව කිව යුතුයි. රුවින්ද්‍යා අක්කා සහ දිලිනි අක්කා ද නන් අයුරින් සහය දුන් බව මතක් කර සිටිමි."


යසා අයියා ෆෝම් එක ෆිල් කරලා තිබ්බේ මම ප්‍රොජෙක්ට් එක ප්‍රින්ට් කරලා ටික වෙලාවක් ගියාම. අපරාදෙ .. :( කොහොම හරි මගේ ප්‍රොජෙක්ට් එකේ පිදුම දැම්මේ මෙහෙම,



පිදුම
සෑම සිවු දෙසින්
එක්වී එකා මෙන්
ගෙත්තම් කරමින්,
ජීවිතයේ අරුම...
බිද දමමින්,
මිථ්‍යාවේ අරුත...
පතුරුවමින්,
මිනිසත්කමේ අරුම...
නැගී සිටිමින්..
ඉන්ද්‍රඛීලයක් මෙන්...
යෙහෙන් වැජඹෙන...
සිංහල බ්ලොග්කරුවන්ට...!!!



මේ මගේ ප්‍රොජෙක්ට් එකේ මුල් පිටුව..



මම මේ ප්‍රොජෙක්ට් එක ලිවුවෙ ගොඩක් ආසාවෙන්... මට මහන්සියක් දැනුනෙම නැති තරම්.. ඒ තරම් මට බ්ලොග් අවකාෂයේ මිතුරන් මගේම පවුලෙ අය වෙලා.‍


....හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.....



තම තමන් ගැන මොනවා ද ලියවුනේ කියලා දැනගන්න අවශ්‍ය අය මේකෙම කියන්න. මම ඒ ටික දාන්නම්. 
නැත්නම් මගේ ප්‍රොජෙක්ට් එක කියවන්න අනිත් අයට දෙන්න විදිහක් නැතුව මම ඉන්නේ. කවුරු හරි දන්න කෙනෙක් මට කියනවා ද ව(ර්)ඩ් 2007 ඩොකියුමන්ට් එකක් pdf කරන්න හොද මෘදුකාංගයක්. මම දෙක තුනක්ම ට්‍රයි කරා. හරිගියේ නෑ. 


ඇත්තෙන්ම මේ ටික දෙනෙක් ගැන විතරක් ලිවුවාට මට ඕන උනේ බ්ලොග් අවකාෂයේ සුන්දරත්වය ගැන හැම කෙනෙක්ම දැනුවත් කරන්න. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි කියලා මට හිතෙනවා. 

සිංහල බ්ලොග්කරුවන් සදා වැජබේවා...!!!




ප.ලි : "හරි" අයියා කියපු විදිහට පී.ඩී.එෆ් එකක් හදාගත්තා. මම ඒක දාන්නම්කෝ මීඩියා ෆයර් එකට. ඊට පස්සෙ ලිංක් එක දාන්නම්...!!!


ප.ප.ලි : ඔන්න මම ඒක හැදුවා.. මෙන්න ලිංක් එක මගේ ප්‍රොජෙක්ට් එකේ..!!!
http://www.mediafire.com/?vo2wfw3arcvw7wk

34 comments:

  1. ජය වේවා මල්ලියේ... ප්‍රොජෙට් එක සාර්ථකව කලානම් අපි සතුටුයි.. අපිටත් ඕක පොඩ්ඩක් බලන්න තිබ්බනම් තමයි හොද..

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ.. ඒක මම කොහොම හරි දාන්නම් අයියලාටත් බලන්න..

      Delete
  2. There are some 'word to pdf' online tools , I think . Else you may zip the world file and distribute using a file sharing service like ' media fire ' , if it OK with you .

    ReplyDelete
    Replies
    1. I've tried those tools but it took me a great deal of time to download those and the ones I converted were too much in size. Anyway I don't think it's a good idea to distribute the Word file cz there will be alignment errors in Windows Vista, 7 and Ubuntu.. Best way is the pdf.. But there's no proper software to create that! :(

      Delete
    2. Online tools means web sites which provides the service . you do not have to download anything

      Try this - http://www.freepdfconvert.com/

      I ve checked .its working .Follow the instructions given .If the file is big it will take time (depends on you net connection ) , because your file uploading to the site first .And the processing time can be high also.

      Delete
    3. Ooh I din see that word "online". Anyway I've tried most of the things that internet provides and there are different things going wrong. This online pdf converter you suggested doesn't support sinhala unicodes :(

      Delete
    4. however i created one with the instructions of "හරී"

      Delete
  3. මමත් පිරෙව්වා වගේ මතකයි! එහෙනං බාගෙට පුරෝලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති.. නැත්නම් මම නොදාඉන්නෙ නෑ.. :(

      Delete
  4. අන්න මගේ නම උඩින්ම තියෙනවා,ඔයාට ලකුනු 10ම ලැබෙයි මල්ලි.මට ඕන මුලු පොතම බලන්න.

    ReplyDelete
    Replies
    1. පොත නෙමේ අක්කෙ පී.ඩී.එෆ් එක බලන්න දෙන්නම්. පස්සෙ හම්බුනාම පොතත් දෙන්නම්..

      Delete
  5. http://www.dopdf.com/download.ඵ්ප්

    ඔතෙන්ට ගිහින් බාගන්න මල්ලී. ඊට පස්සෙ ඉන්ස්ටෝල් කරාම ප්‍රින්ටරයක් විදිහට ඉන්ස්ටෝල් වෙයි.

    ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ප්‍රින්ට් එකට දාලා dopdf කියන ප්‍රින්ටරේ සිලෙක්ට් කරන්න...එච්චරයි...

    දෙවෙනි ක්‍රමේ:
    word වලම තියෙනවා pdf විදිහටම සේව් කරන්න පුලුවන් ප්ලගින් එකක්..මම අත්හදාබලලා නැති නිසා ඒ ගැන කියන්නේ නෑ..

    පිටකවරෙනම් ශෝක්.. ලස්සනට තියෙනවා..ඒ වගේම කන්ටෙන්ට් එකත් හොඳ ඇති කියලා හිතෙනවා...

    ශිහ්..මට බැරිවුනානෙ මල්ලිගෙ ප්‍රොජෙක්ට් එකට යන්න.. :)

    ReplyDelete
    Replies
    1. අයියා ගෙ පළවෙනි ක්‍රමය සාර්ථකයි. :) දෙවනි ක්‍රමේ අත්හදා බලන්න උනේ නෑ. මම මීඩියා ෆයර් එකට අප් කරලා ලිංක් එක දාන්නම්. අපරාදෙ.. මම බ්ලොග් අවකාෂෙ මිතුරො පේජ් එකෙයි මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙයි තමයි දැම්මෙ :(

      Delete
  6. මගේ නමනම් නෑ..:'( ඒත් ඔයාගෙ මුල්පිටුවෙ මගේ බ්ලොග් එකේ ස්ක්‍රීන් ශොට් එකක් තියෙනවා..සංතෝසයි!!! ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ හෙඩ(ර්) එක ලස්සනයි අක්කේ‍.. ඒක නිසායි දැම්මේ.. අක්කා ඉතිං පුරෝලා නෑ නේ...!!!

      Delete
  7. එල ඈ මං නම් ඔහොම දෙයක් ගැන හාන්කවිසියක් වත් දන සිටියේ නොමැත.නැත්තම් මාත් ෆුල් බකප් එක දෙනවා.

    ReplyDelete
    Replies
    1. හයියෝ... මම මේක ගැන දැනුවත්කළේ වැඩියෙන්ම බ්ලොග් අවකාශයේ මිතුරො පේජ් එකේ ඉන්න අයයි, බෙන්තර පාලමෙන් එහා එකේ ඉන්න අයයි, අර රූමස්සල ගෙට් එකට හදපු එකේ ඉන්න අය යි. :( ඒ පේජස් වල තමා ලිංක් එක පෝස්ට් කරේ..!!

      Delete
  8. අහා නියමයි මලේ.. ඔයා එක හරියට කරගත්ත නම් අපටත් සතු‍ටුයි..අනිවාරෙන් පොත බලන්න ඔනේ..ඔයා තාම පාසලට බාර දුන්නේ නැත්තම් 22 ගේන්නකෝ හොදේ..:)

    ReplyDelete
    Replies
    1. භාරදුන්නා අක්කේ.. මම පී.ඩී.එෆ් එකේ ලිංක් එක දෙන්නම් කෝ..!!!

      Delete
  9. නියමයි මලයා.. සුබ පතනවා ඔයාට..
    මට ගොඩක් දුකයි ෆෝම් එක පුරවන්න පරක්කු උන එකට.. :( තව පාරක් සමාව ඉල්ලමි..

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ අයියේ.. මොනවා කරන්නද.. අපි ඔක්කොම ඉතිං වැඩ වැඩි මිනිස්සු නේ..

      Delete
  10. ආ හාවත් ඉන්නවා.. :D
    ජය වේවා..! සංතෝසයි.. :D

    ReplyDelete
    Replies
    1. ඉන්නවාද ත් අහලා.. බ්ලොග් අවකාෂයේ සුවිසල්ම දේහයකින් යුත් පුද්ගලයා ගැන දාන්න එපායැ අනිවාර්යයෙන්..!!!

      Delete
  11. good luck malayooooooooooooooooooooo............

    ReplyDelete
  12. හලේ... මෙන්න මාත් ඉන්නවා.. මටත් ඕනේ මල්ලියෝ ඒක බලන්න.. ඇත්තටම ඒ කරුණු හොයලා දුන්නේ මමත් ගොඩාක් ආසාවෙන්.. ජය වේවා මල්ලියෝ.. :)

    ReplyDelete
    Replies
    1. අක්කා නැතුව පුළුවනෑ...
      අන්න මම ලිංක් එක දැම්මා ඈ.. ඩවුන්ලෝඩ් කරගන්ඩකෝ.. :)
      මම දන්නවා අක්කා ගොඩක් ආසාවෙන් ඒ දේවල් කියලා දුන්නේ.. :) ඒකට ගොඩක් ස්තුතියි..!!!

      Delete
  13. ජයෙන් ජය පතමි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විසිතුරු

      Delete
  14. Me projct eke poddk update krla mama gttata kmk ndda aiye..mama blog gana dnn hitiye na..e unta oyge prjct eka kyuwma mta e gana hoyla blnna asa hituna

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....