Wednesday, September 7, 2011

ඇයි මේ විකාර..

මෙන්න මේ සින්දුව මට අහන්න ලැබුනෙ අද. අහන්න ගත්තම මට හිතුනෙ රණවිරුවොන් ගැන පොඩ් ළමයි ටිකක් එකතුවෙලා කියන ලස්සන උපහාර සින්දුවක් කියලා. ඒත් ඒ ලස්සන අස්සේ මහ විකාරයක්. රැප් කරන්න ඕන තැන් තියනවා. ඒකට මේ වගේ සින්දු යොදාගන්න එක මොකක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් ද කියලා මට නම් හිතාගන්න බෑ. මේ සින්දුව අර පිස්සු රැප් කිරිල්ල නැත්නම් කොච්චර ලස්සනද කියලා ඔයාලාම හිතන්න..

4 comments:

  1. එකනම් ඇත්ත යාළුවා... සමහරු හිතනවා රැප් කෑල්ලක් දැම්මම සින්දුව ලස්සන වේවි කියලා.. ඒත් හැමතැනම ඒක හරියන්නේ නෑ..

    ReplyDelete
  2. ඕක මුලින්ම හපු දවසෙත් මට හිතුනේ ඇයි මුන් මේක මැද්දට රැප් එකක් දාල වන කලේ කියල...

    ReplyDelete
  3. මොනවා කරත් කොහේ හරි ඉන්න රණවිරුවෙක්ව ඇදලා ගන්න එක නේ දැන් කලාව. ඒක නිසා රැප් එකත් හොදයි කියලා මේක හදපු උන්ට හිතෙන්න ඇති

    ReplyDelete
  4. @ Dinesh : ඔවු යාළුවෝ.. මෙච්චර ලස්සන සින්දුවක් කෑවෙ ඇයි කියන එක මට මාර දුකක්..
    @ පිස්සා පලාමල්ල : මම අහලා විනාඩි 10 කින් තමයි මේ පෝස්ට් එක ගැහුවේ..
    @ අම්බලම : ඒ කතාව ඇත්ත.. සමහරු දන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.. ඒ තමන්ව රැකපු අය කියලා ගානක් නෑ..

    යාළුවනේ මේවා දකිනකොට දුකයි..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....