Monday, August 22, 2011

බලයක ආවේගය සහ ආවේගී බල

මේ අපිට ලගදි පටන් ගත්ත පාඩමක්. හි හි.. බයවෙන්න එපා මේ පාර වර්තනාංක, ත්‍රිකෝණමිතිය ගැන කියවන්න යන්නෙ නෑ. මේ පේ පන්තියේ වෙච්චි වැඩ ටිකක් කියන්න යන්නේ. ඒත් ඉතිං ඔය එක එක ඒවා ගැන ටිකක් කියවෙයි. ගනං ගන්න එපා. 

ඔන්න අපේ සර්, ලංකාවෙ ඉන්න හොදම ඇප්ලයිඩ් උගන්නන වැඩිපුරම උගන්නලා අත්දැකීම් තියන අපේ සර් අපිට අලුත් පාඩමක් පටන් ගත්තා, "බලයක ආවේගය සහ ආවේගී බල". (කට්ටිය දන්නවා ඇති කවුද කියලා) පටන් ගත්ත ගමන් උගන්නගෙන යන්න බෑ නේ. ඒ නිසා ඉස්සෙල්ලා ම හැදින්වීම.


"ළමයි, ආවේගී බල කියන්නෙ ගති විද්‍යාවෙ වැදගත්ම වැදගත් පාඩමක්. මේක දන්නෙ නෑ කියන්නෙ මුළු ගති විද්‍යාවම දන්නෙ නෑ කියන එක තමයි... කෝ අර පිටිපස්සෙ ඉන්න ළමයින් ගෙ අවධානයක් නෑ. මේක ඔලුවෙන් ගියා කියන්නෙ ගති විද්‍යාවම ගියා වගේ තමයි... ඔහොම බැහැනේ බැහැනේ ළමයො ඉගෙනගන්න"  හැමදාම කියන එක එදත් කියලා තමා පටන් ගත්තේ.

"යම් තැනක කෙටි කාලයක් ක්‍රියා කරන බලයට ආවේගී බලයක් කියනවා... උණ්ඩයක් පිටවෙනකොට, එතකොට බෝලයක් තව බෝලෙක හැප්පෙනකොට වගේ තැන් වල ආවේගී බල හටගන්නවා."
දැන් තමා හොදම හරිය..
"ක්‍රිකට් වලත් තියෙන්නේ ආවේගය තමා. බෝලෙට බැට් එකෙන් ගහනකොට එතනත් ආවේගී බලයක් ඇති වෙනවා. මේ ළගදී අර කැච් එකක් ගත්තේ, අර ලෝකප්‍රසිද්ධ උනේ.. කවුද ඒක ගත්තේ..."
සර් ගෑණු ළමයි දිහාවට හැරුනා. කවුරුත් දන්නෙ නෑ වගේ.
"ඇයි දන්නෙ නැද්ද? මැච් එකක්වත් බලන්නෙ නැද්ද? වැඩක් නැහැනෙ ළමයො.. කවුද ඒක ගත්තේ"
"සර් අපේ මැතිවුස් නේ..." කවුද කොල්ලෙක් කිවුවා..

"ආ.. ඔවු ඔවු මැතිවු මැතිවු.., මැතිවු බෝලෙ 6 ක් යන්න නොදී ගැහුවා.. කවුද අල්ල ගත්තෙ? ආ.. සංගක්කාර .." 
කොල්ලො බඩ අල්ලන් හිනා.. හිනා යන්න පළවෙනි කාරණේ, මැතිවුස් ට මැතිවු මැතිවු කියපු එක. අතින් එක මැතිවුස් බවුන්ඩ්‍රි එකේ ඉදං අතින් ගහපු පාර ආයෙ බැත්ස්මන් ඉන්න තැනටම යන්න ඕන පිච් එක ගාව ඉන්න සංගක්කාර අල්ලගන්න නම්.. හි හි.. සර් කතාව දිගටම කියනවා..

"දං ඉතිං එල්ලිලා මැරෙනකොටත් ආවේගී බලය නිසා තමයි මිනිහා මැරෙන්නේ.. එතන ඇතිවෙන ආවේගී බලය නිසා තන්තුවේ මහා විශාල ආතතියක් ඇති වෙනවා. ඒ ආතතිය දරාගන්න බැරි උනාම තමා මිනිහා මැරෙන්නෙ..ඔන්න අපේ ගමක හිටියා නෙ මනුස්සයෙක්. මේ මනුස්සයා මොකද්ද හුටපටේකට බෙල්ලෙ වැල දාගන්න ගිහින්. මිනිහා ගහක් උඩට නැගලා ළණුවක් බැදගෙන උදන් පැනලා. මිනිහා මැරිලා නෑ. අතක් කැඩිලා."
අපිට දැං හෙන ප්‍රශ්නෙ. අත කැඩෙන්නෙ කොහොමෙයි.
"මේකනෙ වෙලා තියෙන්නේ ‍ඒ කඹේ දිග වැඩි වෙලා. ඒ නිසා මිනිහා පොලවට වැටිලා තියෙන්නේ"
අපිට හිනා. කට්ටිය එක එක විදියට හිනා වෙනෝ.. ඔය අතරේ සර් කියපි,
"ළමයෝ අහගන්න, මේක හිනාවෙන්න දෙයක් නෙමෙයි"
අපි කටවල් පියා ගත්තා..

"මේක ඇප්ලයිඩ් වල වැදගත් මූලධර්මයක් නේ ළමයෝ. මොකද්ද? ගසේ සිට පොළවට ඇති දුර තන්තුවේ දිගට වඩා වැඩි විය යුතුයි. ඒ කියන්නේ h>l වියයුතුයි." 
අපේ එවුන්ට තවත් හිනා. ඒක අස්සෙ කොහෙදෝ ඉදං තඩි පූසෙක් ආවා. සර් ට තද වෙලා පූසා ව එලෙවුවා.. ඒක අස්සෙ අපේ කොල්ලෙක් කියපි, "ආවේගය නෙ බං"


මෙහි ඇතැම් කරුණු මතක නැති නිසා අතින් දමන ලදී..

2 comments:

  1. කව්ද අනේ ඔය සර්

    ReplyDelete
  2. හපෝ.. ලංකාවෙ අංක 1 ඇප්ලයිඩ් උගන්නන සර් ව දන්නෙ නෑ?? :O

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....