Monday, February 2, 2015

Big Match තිබුන විදිහ


Big Match එක කියන්නෙ ඔය cricket ගහන පැය දහය - පහළව නෙවෙයි, මේක තනිකර උප සංස්කෘතියක්.. බිග් මැච් එකේ ටිකට් එක දෙන දවසටත් කලිං, මැච් එක ලං වෙද්දි කොච්චර නං දේවල් ඉස්කෝල වල වෙනවා ද.. ඉස්කෝලෙ යන ළමයි, ශිෂ්‍ය නායකයො, ගුරුවරු, ඉස්කෝලෙං අවුට් වෙච්ච ළමයි, දෙමවුපියො, ඉස්කෝල වල පරිපාලනය, ඒ නගරෙ මිනිස්සු කියන හැමෝටම මේක අඩු වැඩි වශයෙං බලපානවා..

පොඩි පංති වල ළමයි බලං ඉන්නෙ prefect අයියලා ඇවිත් cheer practice එක්කං යනකං. අතේ බැදගත්තු bangle එකේ ලස්සන පෙන්න පෙන්න ගිරිය පුප්පගෙන පුලුවං තරං හයියෙං කෑ ගහන්නෙ වටපිටාව හැඩගැහුන විදිහත් එක්ක ඇති වෙච්ච අමුතුම හැගීමක්, ඉස්කෝලෙ ගැන වෙනදා තිබ්බෙ නැති ආදරයක් නිසා. මට දැනෙන විදිහට නම් ළමයෙක් ඉස්කෝලෙටක ආදරේ කරන්න පටංගන්න පළවෙනි තැන ඔතන.