Saturday, January 26, 2013

සැටලිම



වෙර දෙමි නුඹට..
නැග සිපගන්ට නුබ ගැබ..
වෙර ඇති තුරා මට..
ඉවත ලන තුරු..

බලා හිදිනෙමි..
කාෂ්ඨක අවුවේ..
අනෝරා වැස්සේ..
නුඹේ හැඩ‍‍..

මිහිකත පහස ලැබ..
ඇරයුම් ලබන තුරු..
දිරාපත් වන්ට..
නුඹේ සෙවනේ..

14 comments:

  1. නියමයි..! ඒත් මට මෙන්න මේක තේරුණේ නෑ වගේ නේ. /*ඉඩෝරා වැස්සේ..*/ අනෝරා වැස්සේ ද..?

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔවු අනෝරා තමා.. මොන සිහියකිං ද මන්දා ලිවුවෙ -_-
      ස්තුතියි මේ පැත්තෙ ආවාට...

      Delete
  2. අමුතුම අදහසකනේ...නියමයි...

    ReplyDelete
    Replies
    1. ටිකක් අමුතුයි නම් තමා.. බොහොම ස්තුතියි..

      Delete
  3. Replies
    1. ස්තුතියි.. කාලෙකිං ඒ පැත්තෙ එන්නත් බැරි උනා.. දැන් නං බස් එකේ.. ගෙදර ගියාම එන්නම්කො...

      Delete
  4. මුල අමතක වීම කොහොමත් මනුස්ස ගතියක් වෙලානේ දැන්!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කවර කතාද... හෙහ්..

      Delete
  5. ඔන්න මමත් ආවා..
    කෙටි වුනත් ‍හොද අදහසක්..ජය

    ReplyDelete
    Replies
    1. දිග හෑලි ලියනවාට වඩා කෙටියෙන් දෙයක් කියන එක ලේසී... දැනෙනවත් වැඩී නෙ..
      ස්තුතියි ගොඩඋනාට..

      Delete
  6. he he මෙන්න වැඩක්..ආගන්තුකයා දැන් කවි ලියනවා!

    ReplyDelete
    Replies
    1. අපිටත් කවි සිතිවිලි පහල වෙනවා හරිය.. :P

      Delete
  7. වෙනස්ම අදහසක්.. කෝම උනත් ලස්සනයි ආ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියණ්ඩියේ...

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....