Saturday, June 16, 2012

A/L වලට කලිං... (පින්තූර, කොමිපියුටර් ජිල්මාට් ඇතුළු)

මාස ගාණකට හරි විදිහට බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්න උනේ නෑ. ඒ නිසා ඔන්න අද වාඩිඋනේ නම් ඒ ලෙවල් ලියන්න කලිං මේකෙ පෝස්ට් එකක් ලියන්න ඕනමයි කියලා හිතලා. මගේ හාඩ් ඩිස්ක් එක පිච්චිලා තිබ්බ නිසා තමයි මට මේ බ්ලොග් එක ලියන්න උනේ නැත්තෙ. දැං ඉතිං ඒවා හරි. ඒ ඔක්කොම එක්ක මෙන්න පෝස්ට් එකේ අන්තර්ගතය. 

1. හාඩ් ඩිස්ක් එක පිච්චුනාම ඉන්ටනෙට් එන්නෙ කොහොමද? සිංහල ටයිප් කරන්නෙ කොහොමද?
2. මං ගත්ත තව පින්තූර ටිකක්. (ඒ බලන්න හොදේ.. ගේමක් දීලා ගත්තෙ..)
3. ඒ ලෙවල් පණිවුඩය.

1. හාඩ් ඩිස්ක් එක පිච්චුනාම කොහොමද ඉන්ටනෙට් එන්නෙ?

ඇත්තටම කියනවා නම් හාඩ් ඩිස්ක් එකක් නැතුව ඉන්ටනෙට් නෙමෙයි කම්පියුටරේ ඕන් කරන්නෙත් කොහොමද කියන එක සමහරුන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. මෙන්න පිලියම. Ubuntu Live Disk එකක් රන් කරගෙන එන්න පුළුවන්. එහෙම තමයි මාත් ඉන්ටනෙට් ආවෙ. මෙහෙම කිවුවාට තේරෙන්නෙ නැති අයට විස්තර ඇතුව පහලින් කියන්නම්.
(ඉස්සෙල්ලාම තමන්ගාව උබුන්ටු සීඩී එකක් තියෙන්න ඕන. නැත්නම් http://www.ubuntu.com/ එකට ගිහින් GET UBUNTU NOW කියන බොත්තම උඩ ක්ලික් කරන්න. ඒකෙන් උබුන්ටු ඩවුන්ලෝඩ් කරගෙන සීඩී එකකට රයිට් කරගන්න)

1. කම්පියුටර් එක ස්ටාට් කරලා Setup එකට යන්න. 
2. Boot Order එකේ CD ROM එක මුලට දාන්න. දැන් උබුන්ටු සීඩී එක ඇතුල්කරන්න. (මේක කරන්න ඕන පළවෙනි වතාවෙ විතරයි)
3. දැන් Save and restart විධානය දෙන්න. 
4. ටිකක් ඉවසන්න. කම්පියුටරේ ආයෙත් ස්ටාට් වෙලා සීඩී එකෙන් බූට් වේවි. ඒකෙන් Start Ubuntu Without Any Change To Your Computer කියන විධානය දෙන්න. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. 
විනාඩි 15 කින් විතර උබුන්ඩු ලෝඩ් වේවි. ඒකෙ උඩම කොණේ තියන ෆයර්ෆොක්ස් බොත්තමෙන් ඉන්ටනෙට් යන්න පුළුවන්. 
(උබුන්ටු වල විශේෂත්වෙ තමයි ඒකෙ ගොඩක් මොඩම් ඩ්‍රයිවර්ස් ඔටෝ ගන්නවා. අවශ්‍ය උනොත් පින්තූරයක් හදාගන්න වගේ වැඩකට Gimp පාවිච්චි කරන්න පුළුවන්.)

කොහොමද සිංහල ටයිප් කරන්නෙ? 

ගූගල් සයිට් එක යන්න. ඒකෙ සර්ච් කරන තීරුවට පල්ලෙහායින් "සිංහල" කියලා එකක් ඇති. අන්න ඒකෙ ක්ලික් කරන්න. පස්සෙ සර්ච් කරන තීරුවේ කොණේම "keyboard" එකක් පෙන්නනවා. අන්න ඒ "keyboard" එක ඕපන් එකේ තියෙද්දි ටයිප් කරන්න. සිංහලෙන්ටයිප් වේවි. 

ආගන්තුකයාට පොඩි පිස්සුවක් ගැහුවා නෙ පොටෝගන්න.. කලින් පෝස්ට් එකෙත් ටිකක් දැම්මා. දැන් තව ටිකක් දාන්න හිතුවා. ඔන්න එහෙනම් බලාගන්න. (පේනවා හොරයි නම් පින්තූරෙ උඩ කොටන්න)

මේක එඩිට් කරලා නෑ

මේ මුගේ හැබෑ ලස්සන. එඩිට් කර නෑ
මූ තමයි දවසක් මාව කෑවෙ. හොයලා දුන්නොත් 5/- ක් දෙනවා

ඒ වරෙන් බං උඩට
පොඩ්ඩක් කලර්ස් හැදුවා.

පුළුවන් නම් කියන්න මේ මොකද්ද කියලා

කලක් අප එකිනෙක බැලූ.. 
කැඩුනු පසු හදවත් යලි එක් නොවන ලෙස..
නොපෙනේ එකිනෙක පැහැදිලිව..
හිරු කිරණින් බොදවයනතුරු..
පිනි බිදු එහි තැවරුණු..

මේ අපේ කුස්සිය.. හි හි..

ආආ.. මේක තමයි හද.. කලර්ස් හදලා තියෙන්නෙ

මේක නං හරි නෑ. පැනොරාමා එකක්
මේ මොකද්ද මේ? වැරදිලා වැටිලා ගණං ගන්නෙපා..


ඔන්න එහෙනම් අන්තිමට මගේ ඒලෙවල් පණිවිඩය.

ඒ ලෙවල් ලියන සියළුම දෙනාට ඉතාමත් හොද ධාරණ ශක්තියක් ලාබේවා...!!! කැම්පස් ගන්නා පිරිස වැඩි කිරීමට බලධාරීන්ට සිතේවා...!!! සියල්ලන්ටම හොද රිසල්ට්ස් පැමිණේවා...!!! ඒ ඔක්කොටමත් වඩා,
ගිය අවුරුද්දේ කළ ඒ ලෙවල් ප්‍රතිඵල විකාරය මෙවසර සිදු නොවේවා...!!!

ප.ලි. : අහගෙන එන්නෙ නෑ ඒ ලෙවල් රිසල්ට් එහෙම. මට ඕ ලෙවල්  ඒ අකුරුම 9 යි. ඒ ලෙවල් එස් 3 තමා පළවෙනිසැරේ ටාගට් එක. හරිය..

ආයෙ මාස දෙකහාමාරකින් හමුවෙමු..!!! එතකන් හැමෝටම කවි සිතුවිලි, බව අදහස් පහළවන සුභ (අනේ මන්දා මොකද්ද කියලා) මොකක් හරි එකක් වේවා..!!! හි හි හි..
එහෙනමු හැමෝටම තෙරුවන් සරණයි!