Wednesday, February 29, 2012

දොස්තරලා සහ (කොන්)දොස්තරලා

මෙම ලිපිය ලියන්නට හේතු වූයේ මාගේ ඤාති සහෝදරිය හට අත්විදීමට සිදුවූ සිද්ධියක් මා හට තදින් දැණුනු බැවිනි. කවිකාරි ලෙස බ්ලොග් අවකාෂයේ පෙනී සිටින ඇය, මෑතකදී අපගේ නිවසට පැමිණියේ ඇයගේ රෝගී තත්වයට පිලියම් කරතිබූ නමුත් ඒ පිළිබද පසුවිපරමක් කරගන්නට ය. (කථන භාශාවෙන් ඉතිරිය. ඇයව කවිකාරි ලෙස ම හදුන්වන්නම්)

ඇත්තටම කවිකාරි අක්කා ආවෙ ක්ලිනික් යන්න. අක්කාගෙ උගුරෙ (thyroid gland) කැන්සර් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක හොද කරගන්න අක්කලාගෙ ගමේ පහසුකම් අඩු නිසයි අක්කා මෙහේ ආවෙ. ඒ පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් කියලා තමයි කිවුවෙ. (131 Iodine[Radioactive] therapy) කොහොම හරි ඒකෙ ඔපරේශන් එකක් කරන්න තිබ්බා. ඒක කරේ මම මේ කියන්න හදන දොස්තර. ඒත් එක්කම අක්කාට පිළිකා සෛල විනාශ කරන්න කිරණ අල්ලන එකයි අයඩීන් තෙරපි එකයි කරේ වෙන දොස්තර කෙනෙක්. අර ඔපරේශන් එක කරපු දොස්තර දොස්තර ස්පෙශලිස්ට් කෙනෙක්. කොහොම හරි කවිකාරි අක්කා හැමදෙයක්ම හොදින් කරගෙන ආපහු අක්කාගෙ ගමට ගියා.

Friday, February 24, 2012

2-1=1// :)

2-1=1// :)


දෙක සෘණ එක සමානයි එකයි.
දෙකකින් එකක් නැති වූ විට එකක් බවට පත් වේ. 
:)

Tuesday, February 21, 2012

ආශාව

නොදැක ඔබ ලොව කෙදිනකවත්
දැකගන්න ප්‍රිය කර 
අයැදුවෙමි ඔබෙ ලොව
සිත්තම් කරනට සිතිවිලි පලසේ

නොදැක ඔබෙ රුව කවරදාවත්
ප්‍රිය කළෙමි දැකගන්නට
වියැකෙන්නට මත්තෙන්
ඡායාවක් මවනට හිස් වූ නෙත් සගලේ

නොඅසා ඔබෙ ප්‍රිය වදන් වැල්
බලා හිදින්නෙමි අසන්නට
දෙදරා කැඩී බිදී යන්නට මත්තෙන්
ඉරි තැලී ඇති වදන් යොමුවේ

නොලැබ ඔබේ සුව පහස
බලා නොහිදිමි විදින්නට
නොදැක ඔබේ ලොව..
නොදැක ඔබෙ රුව..
නොඅසා ඔබේ ප්‍රිය වදන් වැල්..
නමුදු ප්‍රිය කරමි
පියවුනු පසුව වත් වැහැරුනු දෙනෙත්
විදිනට සියල්ල...
මියෙන්නට පෙර නොලැබූ..

Monday, February 13, 2012

ක්ෂිතිජ රේඛාව



සිත් සයුරෙහි රළ 
අහස් කුස සිප ගන්නට සමත්..
හිතෙහි සවිය
සාගරය පරදන්න සමත්‍‍..

පරිකල්පිත ලොවක් මවන්නට
මේ සිත උපතින්ම සමත්..
මතු දින සුභ සිහින දක්නට
මිනිසුන් නිතැතින්ම සමත්..

සිටින්නට ‍නොදැනී කිසිත්
ඔබේ සිත කිමද සමත්..
ක්ෂිතිජ රේඛාවේ සීමා බිදිනට
වේද අපි (අ)සමත්....???




රන්දිව Black Board සාකච්ඡාව - ජනක අබේවර්ධන

ලිපි ලිවීම අතැර තිබූ මා හට රන්දිව පත්තරයේ තිබූ එක් ලිපියක් නිසා ඇතිවූ කණගාටුව පාදක කොටගෙන මෙම ලිපිය ලියන්නට සිදු විය. එය "ජනක අබේවර්ධන" සර් පිළිබද පල වූ "ජනක අබේවර්ධන Black Board මගහරියි" යන්න පිළිපදව ය. එමෙන්ම මෙය ලියන්නට පෙර කිව යුතු කරුණක් වන්නේ මම ජනක සර් ගේ පන්ති වලට සහභාගී වන කෙනෙක් බවත්, කිසිවෙකුගේ බලකිරීමක් හෝ පෙන්වීමක් යටතේ මෙම බ්ලොග් ලිපිය නොලියන බවත් ය. මෙය ලිවීමට එකම හේතුව නම්, ජනක සර් පිළිබද රන්දිව පුවත්පත ඇති කරන්නට යෙදුනු කතිකාවත යි. එය එතරම් තදින් නොදැනුනේ නම් කෙදිනකවත් මෙලෙස මාගේ ව්‍යාපෘතිය කරන අතරතුර බ්ලොග් අඩවිය යාවත්කාලීන නොකරන බව කිව යුතු ය.