Monday, October 15, 2012

කීර්තිනාමය ලබාදීම / ලබාගැනීම / වැනසීම

කීර්තිනාමය, ලොකු වචනයක්. කාලාන්තරයක ඉදලා කිසියම් සංවාධානයක්, පුද්ගලයෙක් විසින් අමාරුවෙන් ගුණාත්මකභාවයෙන් කැප කිරීම් වලින් ගොඩනගාගන්න දෙයක්. නූතන සමාජයේ මේ කීර්තිනාමය බොහෝ විට යොදාගැනෙන්නෙ "පාසලේ කීර්තිනාමය", අර කෙනාගෙ කීර්තිනාමය ආදී වශයෙන්. මෙය හදාගැනීම, ලබාගැනීම, ආරක්ෂා කිරීම සහ විනාශ කිරීම රැදිලා තියෙන්නෙ ඒ සංවිධානයේ ඉන්න අය ක්‍රියාකරන ආකාරය අනුව.

යම් පුද්ගල සංවිධානයක්, සමාජයේ යහපතට ගුණාත්මක දේවල් කරලා නැත්නම් තමන්ට පුළුවන් දෙයින් උපරිමේට ගිහින් තමන්ගෙ සංවිධානයට කරන්න පුළුවන් මොනවාද කියලා පෙන්නුම්කරලා බොහොම කැපවීමෙන් තමයි යමක් "හොදයි" කියලා සමාජයේ පිලිගැනීමක් ඇති කරන්නෙ. ඒ වගේම තමයි අවශ්‍ය තැන් වලදි මොලේ කල්පනා කරලා ගන්න වැදගත් තීරණ වල සාර්ථකත්වය බොහෝ සංගමයන් ගැන විශ්වාසයක් මින්ස්සුංගෙ හිත් වල ඇති කරවනවා.

ඒත් දැන් සමාජයේ මොකද්ද වෙන්න? කීර්ති නාමයන් ප්‍රයෝජනයට ගැනීම. උදාහරණයක් විදිහට කියන්නම්. මගේ පාසල රිච්මන්ඩ්. රිච්මන්ඩ් විද්‍යාලය කිවුවාම ඒකට ලොකු පිලිගැනීමක්, කීර්ති නාමයක් තියනවා. ඒ කීර්ති නාමය පිරිසක් පාවිච්චි කරන්නෙ "මාත් රිච්මන්ඩ් එකේ" කියලා කියාගන්න විතරයි. ළගදි ශිෂ්‍යත්ව විභාගෙ පළවෙනියා රිච්මන්ඩ් විද්‍යාලයෙන් වාර්තා උන වෙලාවෙ කී දෙනෙක් ඒක ගැන කියවන්න ඇති ද? උසස් පෙළ ගණිත අංශය ගැන ලොකු ප්‍රසිද්ධියක් අපේ පාසලේ තියනවා, හේතුව තමයි දිස්ත්‍රික් පළමුවැන්නා, ලංකාවෙ පළමු දෙවනි තැන් ගොඩක් පහුගිය වසර වල හිමිකරගත්ත නිසා. "Richmond College Mathematics" කියලා ගහලා තියන T shirt එකක් ඇදන් යන්න ගොඩක් අය කැමති ඒ නිසා. ඒත් මං දැකලා තියනවා උසස් පෙළට ගමේ ඉදන් ආපු කොල්ලො කුරුට්ටො ටිකක් කඩේ යන්න, දානෙ ගෙදර, මළගෙදර හැම මගුලකටම ඕක අදිනවා. ඒ කරන්නෙ ඉස්කෝලෙ කීර්තිනාමය යොදාගෙන තමන් බැබලීම.

සංගම් වලත් ඔහොමයි. පිරිසක් විසින් පුළුවන් තරම් මහන්සි වෙලා පටන්ගෙන කැප කිරීම් කරලා, දරදිය ඇදලා භාධක අස්සෙ පවත්වාගෙන ගිහින් ඉස්සරහාට එන්න ඉන්න අයට භාරදීලා ගියාම ජීවිතේට ඒ පැත්ත පළාතෙ නොආපු උන් ඒවා ඇතුලට රිංගලා තමන් බැබලෙන්න දගලනවා. තමන් ඒකෙ කියලා පෙන්නන්න ඉස්සෙල්ලාම කරන්නෙ T shirt එකක් ගහගන්න එක. ඒවා දකිද්දි මුල් සාමාජිකයින්ට දුකයි, කණගාටුයි. එහෙම කියලා කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ස්වභාවෙ. දේශපාලනේදිත් ඔහොමයි. දේශපාලකයො වටේ ඉන්න උන් ඒ‍ දේශපාලකයාගෙ නම යොදාගෙන ඕන ඕන වැඩ කරගන්න අවස්ථා, මිනිස්සුන්ට තර්ජනය කරන, බනින, ගහන අවස්ථා ගැන අමුතුවෙන් මොනවාට කියන්නද?  

හැබැයි මිනිස්සු ඔහොම කරලා අන්තිමට ඒ නම නැත්තට නැති කරාට පස්සෙ වෙන දේ තමයි භයානක. කවුරු හරි කොල්ලෙක් කඩේ අදින්නත් යන T shirt එක ඇදන් කෙල්ලෙක් එක්ක පාරෙ ගියොත් පුද්ගලයාව නොදැනගත්තත්, T shirt එකේ ගහපු එක අදුනන උන්දැලා ඇගිල්ල දික් කරන්නෙ උක්ත ආයතනය හරි සංවිධානය හරි පාසල හරි ගැන කියලා. ඒ වගේ වෙලාවට ඒ සංවිධානයට වැඩක් කරපු, කරන මිනිස්සුන්ට අරූව මරන්න තරං තරහයි. ඔය වගේ ඕන නොහොබිනා වැඩක් කරාම අන්තිමට අහු වෙන්නෙ ඒ පුද්ගලයා නෙමෙයි, කාලාන්තරයක් තිස්සෙ නම රැකන් එන සංවිධානය. කියන්න දෙයක් නැතිව බලං ඉන්න මිනිස්සුන්ට ඒකත් ඇති.

"දැං අරක වැඩක් නෑ බං.. ඒකෙ කොල්ලො පාරවල් ගානෙ කෙල්ලො එක්ක යනවා.."

"අරූ මිනිස්සු දම්මලා කප්පං ගන්නවා බං"

"අරුංට වඩා හොදට අංගොඩ උං මේවා කරනවා බං"

ඔහොමයි අන්තිමට මිනිස්සු කියන්නෙ. වැඩක් කරපු මිනිස්සුන්ට ඒ වෙලේ එන්නෙ කලකිරීමක්. මොනවා නම් කරන්නද? මේක තමයි බලපෑම.

අනිත් මිනිස්සු හදන්න අපිට බෑ. ඒත් අපිට පුළුවන් පුද්ගල සංවිධානයක, නැත්තම් පාසලක වගේ කීර්තිනාමය වැඩි කරලා දෙන්න. ඒක කරන්න පුළුවන් අපි සංවිධානය කරන සාර්ථක වැඩ වලින්, අපි ගන්න ජයග්‍රහන වලින්, අපි සමාජයේ හැසිරෙන ආකා‍රයෙන්. ඒ දේවල් හොද වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ පිලිගැනීම වැඩියි. මට මේ දේ තේරුනේ මම 5 වසරෙ ඉන්නකොට. ගාල්ලෙ පාසල් ඔක්කොගෙම සාහිත්‍ය තරග තියන වෙලේ මමත් ගියා කවි තරගෙට. වැඩිපුර හිටියෙ ගෑණු ළමයි. කොහොම හරි විනිසුරු මඩුල්ලෙ 3න් දෙනෙක් හිටියත් ඒ අයට වාඩි වෙන්න තිබ්බෙ පුටු 2 යි. ඒ වෙලේ මම මගේ පුටුව ගිහින් මිස් කෙනෙක්ට දුන්නා. මාව ඇදුරුවෙ නැති උනත් ඒ මිස්,

"රිච්මන්ඩ් එකේ ළමයි මෙහෙමයි"

කියලයි පටන්ගත්තෙ. ඒ දේ ඇහුනාම මට පුදුම සතුටක් ආවා. හැබැයි ඉතිං අර ගෑණු අය නං එක්කෙනෙක්වත් හෙල්ලුනේවත් නෑ. දුකයි ඒක ගැන.

ඒ කොහොම වෙතත් අපි මොකක් හරි දෙයක් නි‍යෝජනය කරනවා නම්, ඒ උක්ත සංගමයෙ හරි මොකක හරි කීර්තිනාමය තියන විදිහට වැඩකටයුතු කරන්න ඕන. අපි කියන එක වචනයක් උනත්, අපි කරන එක ක්‍රියාවක් උනත් ඒ දේ ඇති කිරීම හෝ නැති කිරීමට සම්මාදම් වෙනවා.  

24 comments:

  1. හ්ම්.. කතාව ඇත්ත.කට්ටියක් මහන්සියක් ගොඩනගාගත්තු දේ තව පිරිසක් ඇවිත් විනාශ කරලා දානවා.මටත් හොද අත්දැකීම් තියෙනවා ඔය ගැන.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. මම මේක කාලෙක ඉදන් ලියන්න හිටියෙ.. අද තමා දැම්මෙ..

      Delete
  2. සමාන අත්දැකීමක් නම් මටත් තියෙනවා මතක් කරන්නවත් ආසා නැති. :(

    වැඩියෙන්ම වටින්නේ මෙහෙම දෙයක් ලියපු එක. මොකද ඇත්තටම මේ ලිපියෙත් කියලා තියෙනවා වගේ ගොඩාක් අය ආසා කරන්නේ කීර්තියට, ඒත් හදවතේ හැඟීම් මාත්‍රයක්වත් නෑ.

    ආඩම්බරයි ආගන්තුක සහෝ!

    ReplyDelete
    Replies
    1. කලක් ඉදලා කියන්න හිටි දෙයක් වචන දෙකෙන් තුනෙන් කියලා දැම්මෙ..

      හිතේ තියන දේ වචන වලින් කියන්න අමාරුයි..

      ස්තුතියි

      Delete
  3. අර කතාවට කියනවානෙ, කාගෙද හම යනවා, කාගෙද නම යනවා කියලා, හුඟාක් මිනිස්සු දෙයක් කරන්න පෙළඹෙන්නෙ ඒකෙන් තමන්ට තියෙන වාසි ප්‍රයෝජන සලකලා මිසක්, ඒ දේ කිරීම වෙනුවෙන් තියෙන අවංක හැඟීමෙන් නෙවෙයි.. අපේ රටේ ඉහළ ප්ල නියෝජනය කරන ඇත්තන්ටත් ඕකනෙ වෙලා තියෙන්නෙ....

    කීරිතිය, ගෞරවය, ප්‍රසංශා තමා බලාපොරොත්තු වෙන්නෙ....

    හොද ලිපියක් මල්ලි!!

    ReplyDelete
    Replies
    1. "කාගෙද හම යනවා, කාගෙද නම යනවා"
      ඇත්ත අක්කෙ.. සහතික ඇත්ත..
      වාසියක් නැත්තං අද මිනිස්සු උදවු කරන්නෙ කලාතුරකිං..
      බොහොම ස්තුතියි..

      Delete
  4. ඔය වගේ තියෙන සංගම් වලට දරදිය ඇදලා අන්තිමට ඉල්ලං X ස්ථානයේ මාමයිට් ගාගැනීමවලුත් අනන්තයි. එතකොට හිතෙනවා අර ටී ශර්ට් ඇදන් ගිය එවුන් වගේ අපිත් බොරුවට හිටියානම් එකක් කියලා

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි ඒවා තමා අයියෙ කටට එන්නෙ.. :/

      Delete
  5. මගේ නමත් ගහලා ටී-ෂර්ට් වගයක් ගහලා තියෙනවා කියලා ආරන්චියි මචං...

    ReplyDelete
    Replies
    1. මොනා කියලා කරන්නද අයියෙ.. :( :(

      Delete
    2. ඒ මං වීලුවට බං කීවේ...
      මගේ නම ගහං යන්න උංට මැන්ටල්යැ...
      හි හි..

      Delete
    3. ඒක තමා මාත් බැලුවෙ.. ඒත් ඉතින් ඇත්තටමද කියලා කවුද දන්නෙ.. :/

      Delete
  6. එල එල ජයම වෙවා.. :D

    ReplyDelete
  7. ගොඩක් තැන් වල ඕක තමයි වෙන්නේ. වැඩ කරන අය හැමදාම වැඩ කරද්දි කට්ටියක් ඒකෙ ප්‍රයෝජන ගන්නවා. නමුත් වැඩ කරන මිනිස්සුන්ට අගය කිරීමක්වත් ලැබෙනවනම්..... ජය...!

    ReplyDelete
    Replies
    1. ඇතැම් තැන් වල වෙනවා, බහුතරයක නෑ.. මොනවා කරන්නද? මිනිස්සු අනුන්ගෙ පහනෙන් එලිය බලනවා..

      Delete
  8. එකඟයි! හොඳ ලිපියක්!

    ReplyDelete
  9. ඉස්කෝල වල ආදිශිෂ්‍යයෝ ඉස්කෝලේ බැබලෙන විදිහට වැඩ කල නිසා තමා අපේ ඉස්කෝල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දියුණු වෙලා,ඉතින් අපිත් ඉස්කෝලට වැදගත් දෙයක් කලොත් තමා අපිට පස්සේ පරපුරට ඉස්කෝලේ නම රැකිලා තියෙන්නේ.

    අනිත් එක නොකළ දේවල් වලට බොරුවට ලකුණු දාගන්න හදන එක නම් මහා චෝර වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔවු.. එදා අපි ශිෂ්‍යයො.. අද ආදි ශිෂ්‍යයො..
      මෙච්චරකල් රැකන් ආපු ගෞරවේ ඒ විදිහටම රැකෙනවා නම් ලොකු දෙයක්..!!!

      Delete
  10. නියමයි කොල්ලෝ ඕක තමයි රිච්මන්ඩ් විද්‍යාලයේ වෙනස

    ReplyDelete
    Replies
    1. ඒක තමා අයියෙ.. වෙන හොද උදාහරණ මොකටද.. :)

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....