Saturday, September 15, 2012

O/L කරන අයට අපෙන් සමාජ සත්කාරයක්

මම ඕ ලෙවල් කරපු හැටි ගැන මම ලියපු පෝස්ට් එකේදි මතු උන කාරණයක් තමයි සාමාන්‍ය පෙළ ලියන අයට ෆිසික්ස් වගේ එකක කෙටි සටහනක් සපයන එක. ඉස්සෙල්ලාම මං හිතුවෙ ඔට පොඩි ටිකක් දාලා ශේප් වෙන්න. ඒත් පස්සෙ හිතුනා මොකටද, ඒක වැඩක් නෑ කාටවත් වැඩක් වෙන්නෙ නෑ කියලා. පස්සෙ හිතුනා මේ කරන දේ පිළිවෙලකට කරන්න ඕන කියලා. 

පස්සෙ ඉතිං මම ඒකට අළුත් බ්ලොගයක් පටන්ගන්න තීරණය කරා. මේ බ්ලොගය ලියන්න හිතුවෙ තනියෙම. ඒත් ඉතිං මට තනියෙම මෙච්චර ලොකු වැඩක් කරන්න පුළුවන්ද කියන සාධාරණ සැකය මගේ ඇතුලෙම ඇති උනා. ඒ නිසා මම මගේ හොද මොළකාර යාළුවො දෙන්නෙක්ගෙන් ඇහුවා මාත් එක්ක හවුලෙ ලියමුද කියලා. ඒ අය එක පයින් කැමති උනා. ඒ අයට ගොඩක් ස්තුති වෙන්න ඕන. ඊයෙ තමයි මේ බ්ලොග් එක හැදුවෙ. සාමාන්‍ය පෙළ ලියන නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේ පණිවිඩේ දෙන්න බලන්න. අපිට පුළුවන් විදිහට අපි ‍ඒ බ්ලොග් එක පවත්වාගෙන යන්න තමයි හිතං ඉන්නෙ. ම‍ගේ මේ බ්ලොග් එකේ ලියන දේවල් අඩු වෙයි, හිට්ස් අඩු වෙයි. ඒත් කමක් නෑ යම් කෙනෙක් යමක් ඉගෙනගන්නවා නම්, කෙනෙක්ට යමක් දෙන්න පුළුළවන් නම් ඒ තරම් දෙයක් නෑ කියලායි මං හිතන්නෙ. 

බොහොම ස්තුතියි.

පහල තියෙන්නෙ අපි කුළුදුලේ පටංගත්ත බ්ලොග් එක,

20 comments:

  1. හොද වැඩක්...
    ජයවේවා ආගන්තුකයෝ!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ටීම් වර්ක් එකක් :)
      බොහොම ස්තුතියි

      Delete
  2. අධ්‍යාපන සත්කාරයක් කරන එක හරියට වටින දෙයක්. අලුත් වැඩේට සුභ පැතුම්. උදව්වක් අවශ්‍ය නම් කියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත.. උදවුවක් ඕන උනොත් නියන්නම් අනිවාර්යයෙන්ම..

      Delete
  3. ගොඩාක් වටින වැඩක්. ජයවේවා!!

    ReplyDelete
  4. තමන් දන්නා දේ අනිත් අයට කියල දෙන එක හොඳම හොඳ වැඩක්.ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කෙ.. :)

      Delete
  5. ඕක මම කියන්නද..? O/L විතරක් නෙමේ.. උසස්පෙලත් විෂයන් දෙකකට කරන්න පුළුවන්නේ.. මැත්ස් නම් ටිකක් අමාරුයි.. මොකද එකෙන් ඔයාලටත් එකෙන් සෙතක් වෙනවනේ.. මමත් නිකන් ඉන්න එකේ උදව්වක් ඕනේ උනොත් කියන්න. ඒත් ඔයාල ලියන හැම අකුරකම වගකීමක් විතරක් නෙමේ. ඒක ගැන තර්කයක් කරන්න උනොත් එකටත් ලෑස්ති වෙලාම ඉන්න.
    තව ඔයාලට පුළුවන් නම් chemistry physics වගේ ඒවයි practicals වීඩියෝ දාන්න අලුත් වෙනස් විදියේ ප්‍රශ්න හොයල ඉදිරිපත් කරන්න.. ඒකට ලේසියෙන්ම උත්තර හොයන විදිය දෙන්න.. ලකුණු බෙදෙන විදි ගැන කියන්න... මොකද අන්න ඒවා තම නියම ප්‍රශ්න ළමයින්ට..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් හරි, උසස්‍ පෙළ ගැන කරන එක ටිකක් බැරෑරුම් වැඩියි වගේ කියලා හිතුනා. තාම අපිට රිසල්ට්ස් ආවෙත් නෑ, ඒ වගේම ඒ රිසල්ට්ස් කොහොම වෙයි ද දන්නෙත් නෑ. ඉස්සෙල්ලා ඕ ලෙවල් එක ඉවර කරලා ඒ ලෙවල් එක පටන් ගන්නයි අදහස.. කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවත් අපි ඒකට උත්තර දෙන්න දන්නෙ ඒ ලෙවල් දැනුමෙන් විතර නෙ. ඕ ලෙවල් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ලෙවල් දැනුම එක්ක තව තාර්කිකව හිතලා උත්තරේ දෙන්න පුළුවන්. ඒ නිසයි ඉස්සෙල්ලා ඕ ලෙවල් තෝරගත්තෙ. කාටවත් අපේ ලියන අයගෙන් කොලිෆිකේෂන් මොනවාද අහන්නත් බෑ නෙ. ඇහුවොත් කියන්න ඒවාත් තියනවා නෙ.. :)

      බොහොම ස්තුතියි අදහසට!

      Delete
  6. තමන් ඉගෙන ගත්ත දේ තව කෙනෙක්ට කියලා දෙක එක හොද වැඩක්.. සුභ පැතුම් මලයා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියෙ.. :)
      හැම හොදවැඩකටම අයියාත් අපේ ළගින්මයි නෙ.. :)

      Delete
  7. ම්ම්ම් ඇත්තටම ගොඩක් හොඳ වැඩක් මල්ලියා... ඉගෙන ගන්න කෙනෙක්ට උදව්වක් කරනවා කියන්නේ කොච්චර ලොකු පිනක්ද? අපි කලේ පරණ සිලබස්.. දැන්නම් අලුත් සිලබස් නේ...

    ReplyDelete
    Replies
    1. වාසනාවට අපි අළුත් සිලබස්. ඔය මොන සිලබස් එක උනත් වැඩි වෙනසක් නෑ අක්තෙ..
      බොහොම ස්තුතියි!

      Delete
  8. ඔයාට ගොඩක්ම ස්තූතියි අය්යේ.අනිවා මගේ යාළුවොන්ට බ්ලොග් එක ගැන කියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ බැලුවෙ මොකද හිට්ස් ටිකක් වැඩි උනේ කියලා..

      Delete
  9. ඔබගේ ලේඛක මඩුල්ලට http://alhelp.blogspot.com/ සදහා ආරාධානා කරන්නෙමි.

    ReplyDelete
    Replies
    1. ආරාධනාව භාරගනිමි. නිදහස් වෙලාවට ලියමි.

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....