Saturday, September 22, 2012

Facebook Share කිරිල්ල

ඔන්න කාලෙකට පස්සෙ මේ පෝස්ට් එක නම් ලියන්නෙ හොදටම කළකිරිලා සහ හොදටම තරහා ගිහින්. Facebook සමාජ ජාල අඩවියේ දැන් ටික කාලෙකට කලින් හදුන්වාදුන්න "Share" බොත්තමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ එක්කෙනෙක් දාපු පෝස්ට් එකක්, ඒ කෙනාගේ යාළුවන් අතර නැති, වෙනත් කෙනෙක්ගෙ යාළුවන් අතර ඉන්න අයට පෙන්වන්න පහසු ක්‍රමයක් සපයන එක. ඒත් මේ බොත්තම අපේ ඇතුලු ‍ෆේස්බුක් ප්‍රජාව පාවිච්චි කරන හැටි නම් ඇත්තටම කියනවා නම් "විකාරයි".


මේ විකාරෙ කාගෙන් කොහොම පටන් ගත්තාද දන්නෙ නෑ‍. ඒත් එකක්, මේ ශෙයා කරවගන්න අවශ්‍ය ඇතැම් අය, විශේෂයෙන්ම ෆේස්බුක් එකේ විවිධ පේජස් කරන අය ඔවුන් පළ කරන පින්තූර පල්ලෙහායින් ගහන ඒවා නම් දැන් දැකලා දැකලාම එපා වෙලා. ඉස්සර නම් මෝඩකම කියලා කියන්න තිබ්බා, ඒත් දැන්?

Share if you Love your MOM

Share if you Love your DAD

Share if you are single 

බෞද්ධයෙකු වීම ගැන ආඩම්බර නම් share කරන්න

Share if you are Proud to be a Sri Lankan 

රණවිරුවන් වෙනුවෙන් මෙය share කරන්න

1 share = 100 salutes

ඇත්තෙන්ම කියනවා නම් මේවායෙන් හිතෙන්නෙ මොකද්ද? මට නම් හිතෙන්නෙ තමන්ගෙ පේජ් එක ප්‍රමෝට් කරගන්න අම්මාව, තාත්තාව රට ජාතිය ආගම විකුණගෙන කෑමක් කියලා. නිකමට මම එකක් අරන් කියන්නම්,

*Share if you Love your MOM..
ඒ කියන්නෙ අම්මාට ආදරේ අය තමයි මේක share කරන්නෙ. අනිත් share නොකරන අය අම්මාට ආදරේ නෑ. මොකද්ද මේ විකාරෙ? අම්මාට තාත්තාට අපි යුතුකම් ඉටු කරනවා නම්, අපේ වගකීම් අපි දන්නවා නම්, ඒ අයට එරෙහිව යන්නෙ නැත්තම්, ඔවුන්ට හදවතින්ම ආදරේ නම්, අපි මොකටද මේ පින්තූරයක් ශෙයා කරලා අම්මාට ආදරේ කියලා පෙන්නන්නෙ. ඕක ෆෙයා කරා කියලා අම්මාට තාත්තාට පේනවා ද? ඒ අයට ආදරේ නම් කරන්න ඕන ඒ අයව සතුටින් තියන එක මිසක් ඔය පින්තූරයක් ශෙයා කරන එක නෙමෙයි. 

කකුල් අහිමි සොල්දාදුවන් පිරිසක් දාලා ඔවුන් වෙනුවෙන් ශෙයා කරන්න ලු. අර දේසපාලුවො ඒ මිනිස්සුන්ව විකුණං කෑවා මදිවටද දැං ඒ මිනිස්සුන්ගෙ වීරකම් කියලා අපි ඒක ශෙයා කරන්න ඕන? ඇත්තට මොකද්ද මේ විකාරෙ?


තව අළුත් කතන්දරේකුත් තියනවා. Share if you like "A", Comment if you like "B" ඔතන ශෙයා බොත්තමේ ඉන්නෙ වැඩියෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් හෝ යමක්. මොකද්ද ඇත්තට මේ විකාරෙ? මිනිස්සු හිතං ඉන්නෙ අනිත් අය "ගොන්නු" කියලා ද?

තවත් එකක් තියනවා, මොකක් හරි සංවේදී පින්තූරයක් ෆේස්බුක් එකේ ශෙයා කරාම ඩොලර් මෙච්චරක් දෙනවා, ඒ නිසා ශෙයා කරන්න කියලා. ඒ ඩොලර් ගාන දෙන එක ගැන බලාගන්න ලිංක් එකක් නම් මේ වෙනකම් දැකලා නෑ. ඒත් මම ඒ වගේ ඒවා ශෙයා කරලා නම් තියනවා. දන්න කෙනෙක් මට කියන්න පුළුවන් ද ඒ කතාව ඇත්තක්ද කියලා? ඇත්තට ඒ ගැන දන්නෙ නෑ මම. හැබැයි ඒ කතාව බොරුවක් නම්, අහින්සක මිනිස්සුන්ගෙ සංවේදී ජීවිත විකුණං කන ඒ වගේ අයට යන්න අපා හදන්න වෙනවා.

මේ පින්තූරය ශෙයා කරාම එක් ශෙයා කිරීමකට ඩොලරයක් දෙනවා කියලා තිබ්බා

මං අන්තිමට එකක් ඉල්ලනවා. මිනිස්සුංගෙ සංවේදී හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා තමන්ව ජනප්‍රිය කරගන්න මාධ්‍යයක් විදිහට. මොකද ඒ සෙල්ලම් කරන්නෙ කෙනෙක් ගෙ සංවේදීත්වය එක්ක. 

42 comments:

  1. Replies
    1. ඉවසගෙන ඉන්න බැරි තැන කිවුවෙ..

      Delete
  2. හික්ස්....
    කියලා වැඩක් නැති නිසා කට වහං හිටියේ.....
    පේජ් කාරයන්ට පිස්සු බං...

    ReplyDelete
    Replies
    1. මට මේ ඉවසගෙනම ඉන්න බැරි තැන කියලා දැම්මෙ..
      අපේ උන්දැලත් ශෙයා කොරනවා නෙ..

      Delete
  3. ඔය මඟුල් හින්දා තමයි මට ෆේස්බුක් එපාම උනේ... දැන් නං ඔය ෆොටෝ එකක් අප්‌ෙඩ්ට් කරලා තිබුනොත් විතරක් බලන්න යනවා...

    මට නම් ෆේස්බුක් එකම විකාරයක් තමයි.....

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අලුත් දෙයක් ආවාම මිනිස්සු කරන්නෙ ඒක තමන්ගෙ වාසියට පාවිච්චි කරන එක. ඇත්තටම එපා වෙනවා වෝල් එක දැක්කාම..

      Delete
  4. වඳුරන්ට දැලි පිහි හම්බුණාම වෙන දේ දන්නවානේ :P

    ReplyDelete
    Replies
    1. හරි තැනට.. හරි කතාව..
      අන්න ඒක තමයි‍‍..
      හැබැයි සම හරක් පේජ් කාරයො නං වදුරො නෙමෙයි..

      Delete
  5. මම අද ඕකෙන් මිදුණා..

    පිස්සු යක්කු බන්.. අහවල් ආගම සුරැකීම සඳහා මෙය ශෙයාර් කරන්න කිව්වම.. කී බෝඩ් වීරයෝ හිතන්නෙ ඒක ශෙයාර් කළාම ඔක්කොම හරි කියලා.. අම්මට තාත්තට ආදරේ නම් මෙය ශෙයාර් කරන්න කියලා කිව්වම.. අම්ම තාත්ත කෑවද කියලත් නොබලනෞන් හිතනවා ඔක්කොම හරි කියලා.. මම නම් ශෙයාර් කරන්න අවශ්‍යම එකක් තිබ්බොත් තමා කළේ.. පණිවිඩයක් වගේ එකක්...

    මම දන්න හැටියට ඔය සල්ලි දෙන කතාවත් බොරුවක් බන්.. අර ඊමේල් එන්නෙ මම කෝටිපතියෙක්.. මගෙ එකවුන්ට් එකේ ලියකියවිලි හදාගන්න සල්ලි නෑ.. ඒ ටික දුන්නොත් දේපළ වලින් භාගයක් දෙන්නම් වගේ.. ඒ වගේ කතාවක් වෙන්නැති..

    ReplyDelete
    Replies
    1. හරි අයියා හරි..
      මාත් ශෙයා කරන්නෙ ගතයුත්තක් තියන ඒවා විතරයි. මළවිකාර..

      ඔවු, ඔය දේපල කතාවක් මටත් ආවා, තව කෙල්ලෙක්ගෙ ෆොටෝ වගයක් එක්ක මැසේජ් එකක් ආවා එයා ආදරෙයි, එහේ මොනවාද කරගන්න තියනවා, ඒකට කීයක්ද ඕන, මොනවාද බයිලා ටිකක්..

      මේවා නම් ඇත්තමයි අනේමන්දා..

      Delete
  6. අම්මපා මහා විකාර වැඩක්.උන් උන්ගේ page වල ලයික් වැඩි කර ගන්න විකාර කරනවා.ගොඩාක් වෙලාවට කරන්නේ හිත කීරි ගැහෙන ෆොටෝ එකක් දාල ඒක ෂෙයාර් කරන්න කියනවා.මහා ගොන් වැඩ.හොද ෆොටෝ එකක් කොහෙන් හරි දැකලා ඒක අනිත් අයට බලන්න ෂෙයාර් කලාට කමක් නෑ මේ වගේ ගොන් පාට් නැතුව

    ReplyDelete
    Replies
    1. ඔවු.. මිනිස්සුංගෙ සංවේදීත්වය පාවිච්චි කරලා මහ බාල වැඩ මුං කරන්නෙ..

      Delete
  7. ඔය page දුවන Theory එක තමා ඔක,
    මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා.. හැම ශෙයා එකක් එක්කම මේක තිබ්බෙ අහවල් පේජ් එකේ කියලාත් තියනවා නෙ..

      Delete
  8. ඒකනේ බං..බුකිය මහ විකාරයක් වෙලා!!!!!

    ReplyDelete
    Replies
    1. විකාරයිදත් කියලා අහලා..

      Delete
  9. ඇත්තම ඇත්ත.මම නම් ඕවා මොනවත් ශෙයා කරන්නේ නෑ.මල විකාර.දැකල දැකලම එපා වෙලා ඕවා.

    ReplyDelete
    Replies
    1. මටත් මේ එපාම වෙච්ච තැන මෙක ලිවුවෙ..

      Delete
  10. Pissu kiynna Hodatama Pissu Matanm apama vala. okunga Moda athal Photos. a Madivta Tag karnvath eka. Oya Mole Aduwak tiyana un oya vaga බාල වැඩ කරන්නේ. Group add karalith Malama Vikaryak vala. Matanm hithila tiynna fb ak hitiya athi kiylla.

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඇත්තමයි පුදුම කළකිරීමක් ඇති වෙලා තියෙන්නෙ..

      Delete
  11. පිස්සුවක්ම තමා..

    ReplyDelete
  12. අම්මට තාත්තට ආදරේ නම් මේක ෂෙයාර් කරන්න !

    අනේ හුකේ.. මට මල පනිනව බං !!

    ReplyDelete
    Replies
    1. ඒ අය නං ආදරේ පෙන්නනවා ඇත්තෙ පින්තූර ශෙයා කරලා වෙන්ටැ..

      Delete
  13. හරිම ආවේගයකින් ලියලා තියෙන්නෙ..
    මමත් එකග වෙනවා ආගන්තුකයාගෙ අදහසට මටත් අනන්ත ඕවා දැකලා හිතිලා තියෙනවා මේ මොන විකාරද කියලා..

    පලමු වතාවටයි ආවේ ආගන්තුකයා හමුවෙන්න....

    ReplyDelete
    Replies
    1. පළවෙනි වතාවට ආපු ගමන් ආවේගයෙන් ලියපු ලිපියක්.. අයියෝ..

      බලන් ඉදන් එපාම උන තැන ලිවුවෙ..

      Delete
  14. Mama Me Site Ekata Dana Palaweni Comment Eka Malli.
    Oyage Kathawa Ekka Mama 100 % Ekagai.
    Match Ekakata Wish Karala Share Karana Eka Wenai.
    Ada Meka Style Ekak Wela..

    Ada Budhu Hamuduruwan wath Wikunala Hari Jeewath Wenna Balana Thirisannu Inne Malli...

    Oya Anthimata Kiuwa Denam Hariyatama Hari. Thamange Prasidhdhiya Balagena , Like , Share Wedi Karaganna Asarana Minissunwa Wate Yawanawa..
    Niyama Sinhalayo Widihata Api Me De Therum Gannama Ona.. Obata Jaya Malliya.. Digatama Liyanna... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියෙ..

      Delete
  15. මම ශේයාර් කරන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ සංවෙදී දේවල් තාම වෙන ඒවායේ ඇත්ත නැත්ත හොයන්න අපි දන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. සංවේදී පින්තූරයක් එක්ක සංවේදී කතාවක් දැමීමට කිසි දොසක් කියන්න බෑ.. ඒත් ඒක පේජස් ප්‍රමෝට් කරන්න මහ අසික්කිත විදිහට පාවිච්චි කරන එක නෙ ඉවසන්න බැරි..

      Delete
  16. මොනාද බන් උඹලා ෆේස් බුක් යන්නෙ ඔව්වා බලලා ලේ කුපිත කරන් කේන්තියෙන් පුපුර පුපුර ඉන්නද ? ඒකට යන අරමුණ වෙනස් කර ගනිල්ලා බන්ස්ලා..එව්වා දිහා බලන්න එපා..ශෙයාර් කරන ඒවයෙ වටිනා යමක් තියෙනවා නම් අරන්...අනිත් ශෙයාර් කරන ඒවයෙන් ගන්න ආතල් එකක් අරන්..ඉතුරු ටික දිහා ඇහැක් ඇරලා බලන්නවත් එපා...මන් නම් ෆන් එකක් ගන්නෙ එහෙමයි..නැත්නම් ඉතින් මේ වගේ ෆේස් බුක් එකේ තියෙන තමන් අකමැති ටික අරන් බ්ලොග් ලිපි ලියන්නත් පුළුවන් !පට්ට අනවශ්‍ය එව්වා විතරක්ම ශෙයාර් කරන උන්ගෙ වෝල් අප්ඩේට්ස් මගේ වෝල් එකේ පෙන්නන්න එපා කියලා සෙටින්ග්ස් හදන්න පුළුවන්..ඒවත් පාවිච්චි කරන්න..මේ මගේ පුද්ගලික අදහස මේ ශෙයාර් කිරිල්ල ගැන..

    ReplyDelete
    Replies
    1. නෑ වෙනි අයියා.. ෆේස්බුක් එකේ වෝල් එකට ගියාම එක එකා ශෙයා කරලා තියන ඒවා පේනවා නෙ‍.. ඇත්තම කියනවා නම් මල විකාරයක් වෙලා මේ ශෙයා කිරිල්ල.. මිනිස්සු සංවේදීයි.. ඒත් ඇයි ඒක මේ විදිහට පාවිච්චි කරන්නෙ.. මට අනුව නම් මහ විකාර වැඩක්..
      ඔය පින්තූර ශෙයා කරන අයගෙ අනිත් ඒවා බලන්න ඕන නිසා සෙටිංස් හදන්නත් මොකද්ද වගේ.. ඒකනෙ වෙලා තියෙන්නෙ..

      Delete
  17. මම යන්නෙ "අපේ වේදිකාව"(r u m i n d) පේජ් එකට විතරයි.

    ReplyDelete
    Replies
    1. මම නම් එකකටවත් යන්නෙ නෑ. අපි ලියන "ඕ ලෙවල් ශෝට්නෝට්" පේජ් එකටයි, ම‍ගේ "ආගන්තුකයා" පේජ් එකටයි යනවා. එච්චරයි..

      Delete
  18. ඔබ හරකෙක් නොවේ නම් මෙය share කරන්න ..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම ඒවත් තියනවා තමා.. හෙහ්.. හැබැයි වෙලාවට බ්ලොගර් එකේ එහෙම බොත්තමක් නෑ..

      Delete
  19. අනේ අම්මපා ඇත්ත බං.....

    කට ඇරහන් ටොපියක් දාන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආආආආ.. තට ඇරං ඉන්නෙ.. මැස්සො රිංගන්න කලිං දැම්මා නම්..

      Delete
  20. අම්මට තාත්තට ආදරේනම් ඒක එයලට කියනවා හරි එයාලට හොදින් සලකනවා ඇර මෙහෙම ශෙයාර් කලාම ආදරේ වැඩි වෙනවද?

    මමත් ඔහොම ඒවා ඕන තරම් දැකල තියෙනවා.. අද වෙනකන් එකක් වත් කලේ නෑ..

    ReplyDelete
    Replies
    1. හි හි.. මම ඒත් බැලුවා කෝ දිනේශ් අයියා කියලා...

      අම්මපා අයියෙ පුළුවන් නං දෙනවා හොම්බ රිවට් වෙන්න..

      Delete
  21. මොකට කියනවාද කොලුවෝ... ෆේස්බුකියේ අදහස දන්නේ නැති මැටි හරක් කරන වැඩ තමයි ඔය...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව එක හෙලා පිලිගන්නවා..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....