Wednesday, September 19, 2012

උරුම දෙයක් නෑ අපිට - අපි හැමෝටම | නිශාන්ත අයියෙ ඔබට නිවන් සුව..

මේ ටිකේ ඕ ලෙවල් අයට කරන බ්ලොග් එකේ වැඩ නිසා පෝස්ට් එකක් ලියන්නත් අමතක උනා. ඇත්තෙන්ම ඉගැන්නිල්ල කියන්නෙ මරු වැඩක්. ආස හිතෙනවා. මට බ්ලොග් එකක් තියනවා කියලා මතක් උනේ අපි කවුරුත් ආස කරපු නිශාන්ත අයියා ගෙ මරණය නිසා ඇතිවෙචච් දුකට සහ ඒකෙන් තේරුන දෙයක් නිසා.

නිශාන්ත අයියා කියන්නෙ ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි. අපි ආපු ගියපු අධ්‍යාපන ආයතනයක් උන gateway එකේ හිටපු කාඩ් එක මාර්ක් කරන චරිතයක්. ටික්කා අයියා. උසින් අඩුයි, කළුයි, නිතරම කට ඇරලා හිනා වෙන, හොදින් හැමෝම එක්ක ඉන්න, අපි එන්නක් හරිම හොදින් කතාබහ කරන "හිත හොද" චරිතයක්.


අද දැනගන්න ලැබුනෙ ඔහුගෙ අභාවය. ඒත් එක්කම ඉස්සෙල්ලාම පුදුම හිතුනා, මේ ගහක් ගලක් වගේ හිටපු මනුස්සයිට මොකද උ‍නේ කියලා. ගිය සතියෙත් හොදට කතාබහ කරලා හිටි මනුස්සයා. ඒත් එක්කම හැමෝම කිවුවෙ, 

"අනේ පවු බං හොද මනුස්සයා එකපාරටම මොනවා උනාද මන්දා.."

"සිරාවටම හිතාගන්න බෑ බං. හොද මනුස්සයා"

අපි මේ ලෝකෙට එනවා යනවා. අපි කරපු කියපු දේවල් විතරයි මේ ලෝකෙ තියලා යන්නෙ. හැමෝටම කරදරයක් නැතුව ජීවත් වෙන මිනිස්සු නැතිඋනාම ඒ දේ දැනෙනවා. ඒ වගේම මිනිස්සු ඒ කෙනාගෙ ගුණ කියනවා. කොච්චර ලොකු ලොක්කෙක් නැතිඋනත් නොදැනෙන දුකක් දැනෙනවා.  සමහර විට එහෙම කෙනෙක් නැති උනා නම්, 

"අනේ බං ඕකා අරහෙමයි.. මෙහෙමයි"

කියලා කියන ඕනතරම් දෙනෙක් ඉදියි. ඒ අතින් නිශාන්ත අයියා ගොඩක් පිං කරගෙන තියනවා.

ඉන්න ටිකේ අනුන්ටත් තමන්ටත් වැඩක් කරගෙන හොදින් ජීවත් වෙන්න. අපි කිසි දෙයක් අරන් යන්නෙ නෑ. ඉතුරු කරලා යන්නෙ මතකයක් විතරයි. 

නිශාන්ත අයියෙ, ඔබට නිවන් සුව!

18 comments:

  1. අනිවාර්යයෙන්ම. අපි කරපු දෙයක් විශේෂයෙන්ම හොඳ දෙයක් තමා ඉතුරු වෙන්නේ...

    නිශාන්ත අයියාට නිවන් සුව

    ReplyDelete
  2. හ්ම්ම්ම්...
    එයාට නිවන් සුව!!!!

    ReplyDelete
  3. යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යන්න.....

    නිශාන්ත සහෝදරයාට නිවන් සුව අත්වේවා....!

    ReplyDelete
    Replies
    1. එනකොට ගේන්නෙත් නෑ.. යනකොට අරන් යන්නෙත් නෑ‍‍..

      Delete
  4. නිශාන්ත අයියාට නිවන් සුව !!!

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් හිතාගන්න බෑ.. මටත් කියන්න වෙන්නෙ එච්චඑයි..

      Delete
  5. ඇත්ත කථාව.. නිශාන්ත අයියාට නිවන් සුව !!!

    ReplyDelete
  6. නිශාන්ත අයියාට නිවන් සුව !!!

    ReplyDelete
    Replies
    1. වෙන ඉතින් මොනවා කියලා කියන්නද..

      Delete
  7. ඔහුට නිවන් සුව ලැබේවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔවු අක්කෙ..

      Delete
  8. ඔය කියන්නේ අර කළු miti ඩයල් එකද..? මම නම් එච්චරම කතා බහක් කරලා නෑ. එත් පොර හොඳයි කියල නම් දන්නවා. මොකද්ද වෙලා තියෙන්නේ...?
    මම ප්‍රේමතිලක සර්ගේ ක්ලාස් යද්දී එක්කෝ මෑන් හරි අර අන්කල් හරි තමා ඉන්නේ.
    මොනවා කරන්නද...?
    නිවන් දක්නා තෙක් කිසිදු දුකක් කරදරයක් අත් නොවී සැපවත් මනුෂ්‍ය අත්මයක්ම ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඒ අයියා තමා.. හරිම ජොලි පොර.. පවු.. හාට් ඇටෑක් එකක් කියලා තමා ආරංචි.. :(

      Delete
  9. "අපට නැති වන හිත මිතුරන් නිදන්නේ පොළෝ පතුලේ නොවේ.අපේ හද පතුලේය"
    -ඇලෙක්සැන්ඩර් ඩූමා

    ඔහුට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත නංගි‍‍.. :(

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....