Friday, August 17, 2012

ආගන්තුකලා උසස් පෙළ ලියා යලි එයි


ඔන්න ඉස්සෙල්ලාම කියන්නෙ එක්කෙනෙක්වත් අහනවා නෙමෙයි ලේසිද අරකද මේකද කියලා.. පටංගත්තෙම පියෝ පේපරෙන්, ඒකෙත් අනුකලනෙ ගාණක් වැරදියට ප්‍රින්ට් කරලා. ජිල්මාට් එකක් දාලා උත්තරේ ගත්තෙ හෙන ගේමක් දීලා. ගෙදර එද්දි නිවුස් වලට කියපි උත්තරේ වැරදියි කියලා. තුක් නොද්දකිං වෙලාව.. හරි ඒකට කමක් නෑ. මේ අක්‍රමිකතා ගැන වෙනමම පෝස්ට් එකක් නිවිහැනහිල්ලෙ ලියනවා. දැන් කියන්නං මං ලියපු ලිවිල්ල‍‍..

පියෝ ගැන කතා කරලා වැඩක් නෑ. ඒක අනාගත්තා. ඇප්ලයිඩ් නං ලිවුවා. ෆිසික්ස් පළවෙනි එකේ 36යි හරි (වෙනදා හම්බානක හරියනෝ ශික්..) සකන්ඩ් එකේ ගානක් එහෙම්පිටින්ම වැරදියි. ඉලෙක්ට්‍රොන්ක්ස් ප්‍රශ්නෙ තමා ලේසිම.. කෙමිස්ට්‍රි ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ෆේල් ද මන්දා. ඒ තරමට කෙළ උනා. කොහොම හරි මේ පාර නං යන්න වෙන්නෙ නෑ කැම්පස් ලොවෙත්.. ලබනපාර වත් බලමුකො ජනියෝ කියලා හිත හදං ඉන්නෙ.. වෙන කරන්න දේකුත් නෑ නෙ.

දාන්න කියලා පින්තූරෙකුත් නෑ. තාම ඒ ලෙවල් ඉවර නෑ. හෙට ඉංග්‍රීසි. ඒත් ඉතිං mE cAn eNgligh නෙ, ඒ නිසා අවුලක් නෑ. ජෙනරල් එකේ කොටු කපන්න පෙරුම් පුර පුර ඉන්නෙ. අපේ රිසල්ට් එන්න පහුවෙන කතන්දරේකුත් තියනවා. ඒ කොහොම වෙතත් ආවාම කාටවත් කියන්නෙ නෑ. හරි.. සකන්ඩ් ශයි එකට සූජානං වෙන්නෝන. අනේ න්දා මේ මොනවා කියනවාද කියලා. 

මේක කාලෙකට කලිං ගහලා එඩිට් කරපු පින්තූරයක් හොදේ

ආආ.. පොඩි සමාජ සත්කාරයක් කරන්න හිතං ඉන්නෙ. මේ පාර ඒ ලෙවල් මැත්ස් පේපරේ මොකක් හරි ගාණක් එහෙම අහගන්න ඕන නං ගානෙ අංකෙ එක්ක කමෙන්ට් එකක් දාලා යන්නකො. මං උත්තරේ ටයිප් කරලා මේකෙ දාන්නං. 

තව පොඩ්ඩෙං අමතක වෙනවා. අර මම කාලෙකට කලිං කරානෙ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක. "සිංහල බ්ලොග්කරණය". අන්න ඒකට ළකුණු හම්බුනා. 20 න් 20 යි. අපේ ගෲප් ප්‍රොජෙක්ට් එකටත් 20 න් 20 යි. මට ප්‍රොජෙක්ට් එක කරන්න උදවුකරපු හැමෝටම ගොඩක් පිං..

ම්ම්.. තව එකක්.. මං මේ ගෑණු ළමයෙකුත් හොයනවා. පුළුවන් නං හොයලා දෙන්ඩකො.. පල්ලෙහා පින්තූර ටිකක් ඇති ඈ.. බලන්න උසස් පෙළ...

මේ මැත්ම් පොත් ටිකකුයි ෆිසික්ස් පොත් ටිකකුයි

පොත් ටික අයින් කරාට පස්සෙ මේසෙ
මේක අර ගෑල්ලමයාට දෙන්න හිතං ඉන්න එක

උසස් පෙළ විභාග අක්‍රමිකතා සහ විභාග මධ්‍යස්ථාන වල සිදුවන අක්‍රමිකතා ගැන පෝස්ට් එකක් ළගදීම...

ආගන්තුකයාව මතකයි නෙ? අමතකද ?
:( :( :(   

30 comments:

  1. ගණන් ගන්න එපා.. දෙවෙනි පාර ඔය වල් බුත ඇත ඇරලා හොඳට exam කරන්න.. දැන් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න.. කෙල්ලෙක් හොයා ගත්තට කමක් නෑ.. ඒත් විභාගේ නම් අනාගන්න එපා.. කෙල්ලත් නැති වෙලා විභාගෙත් ඇනුනොත් අපරාදෙනේ.. දැන් ඔය පේපර් ගැන හිතන්න එපා. ඒ බන් මල්ලි මගේ ගාව තාමත් ඔයිට වඩා පොත් තියෙනවනේ.. ඊළඟ සැරේ හොඳ ඒම් එකක් තියාගෙන හරියට වඩා ටික කරගන්න.. බුදු සරණයි. .

    ReplyDelete
    Replies
    1. බොාහාම ස්තුතියි සුදා අයියෙ.. :)

      Delete
  2. අයියෝ කිඩ්නි,
    ඒ පෝස්ට් එකේ අගත් කෙල්ලෙක් ගැන

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද පූරුවෙ කළ පවට.. යන්නේ කවදාද පෝරුවෙ නගින්නට..

      Delete
  3. මතකයි මතකයි එල ආයෙත් ආව එක ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පුබුදු අයියෙ..

      Delete
  4. ලබන සැරේ අපි දෙනවා බැටේ. දැන් ඉදලම සැළසුම් කරලා හරියට කරන්න මල්ලි. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ.. ආයෙ මේවගේ පෝස්ට් එකක් ලියන්න වැඩ කරන්නෙ නෑ..

      Delete
  5. ආගන්තුකයා ආය ඇවිල්ලා හ්ම් හ්ම් වැඩ පටන් ගමු

    ReplyDelete
    Replies
    1. පටන් ගනිමි‍‍‍... :)

      Delete
  6. මතකයි මතකයි මල්ලි!!

    ReplyDelete
  7. විභාගේ ඉවර වෙලා ආවා විතරයි කෙල්ලෙකුත් හොයනවාලු.. අන්න නියම කොල්ලෝ...

    ReplyDelete
    Replies
    1. හිරුමාවි අක්කා එපා කියනෝ :(

      Delete
  8. හම්බෙනකම් ඉන්නෝ..:)හොයන්න එපෝ මල්ලෝ :)

    ReplyDelete
  9. එළ එළ. ආවේ නැති ටික කාලෙත් අල්ලලා වැඩි වැඩියෙන් මොනව හරි දාන්න.. සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ආහ් ඔවු.. ඒක නං එහෙම්මම ‍වෙයි‍‍..

      Delete
  10. හ්ම්ම්ම්ම්ම්.. විභාගනම් ඉතින් අනේ මංද මලයෝ... කොහොම වුනත් විභාගෙ ඉවරවෙච්චිගමන් කෙල්ලෙක් හොයන එකනම්......... හික්ස්ස්... ලස්සන තෑග්ග හැබැයි!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නේ.. අක්කා කැමතියි නෙහ්.. ;)

      Delete
  11. මටත් තිබ්බ ප්‍රශ්නේ.. පියෝ අවුල්.. ඇප්ලයිඩ් ෂේප්.. :ඩී

    දැන්ම දෙවෙනි පාරට වැඩ කරපං. නැත්තං දන්නෙම නැහැ වෙලාව ගිහින්. අත්දැකිමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි.. තාම විභාගෙ ඉවර නෑ.. තව තියනෝ....

      Delete
  12. මේ හදිස්සියේ මොකෝ බන් කෙල්ලෙක් හොයන්නේ?? :) විභය ගැන නම් අහන්නේ නැ.. අපේ ගෙදර එකාත් අන්න කෙළ වුනා කිය කිය ඉන්නවා.. ආවර්තිතා වගුව දුන්නේ නැති නිසාලු කෙල වුනේ..නැත්නම් එයා හොඳට ලියන්නලු ගියෙ..හික්ස්..

    ReplyDelete
    Replies
    1. අනේ ආවර්තිතා වගුව දුන්නා නං මං පළවෙනි එකම වරද්දගන්නවා. දුන්නැතිඑකමයි කාරිය.. අනික ඒකට නං වගුවක් ඕන නෑ..

      Delete
  13. එළ එළ මාත් ලබන පාර තමා ලියන්නේ 1ස්ට් ශයි කියලා. කෙල්ලෝ ඇති තරම් ඉන්නෝ ඊළඟ පාරත් ලියලම හොයාගනියෝ !! හි හී මට නම් දැනටම පිස්සු වගේ අයියා xC

    ReplyDelete
    Replies
    1. ආහ් මලයාට ප්‍රශ්න එහෙම අහගන්න ඕන නම් කෙලින්ම මට එවන්න ෆේස්බුක් එකේ.. අවුරුද්දකි වැඩිත එක්ක හරියට වැඩ කරනවා නම්.. කෙමිස්ට්‍රි වල සමතුලිතතාවය හොදට බලාගන්න... ඕගනික් ටික ප්‍රැක්ටිස් කරන්න නිතර හොද දරුණු පරිවර්තන ටිකක් ලියාගෙන ඉන්න... සති දෙකකට පාරක් වගේ කරන්න ඔක්කොම අහු වෙන විදිහට.. නාමකරණයට ශෝට් නෝට් එකක් ගහගන්න.. පස්සෙ ඉතිං ඇස්.පී.ඩී බලාගන්න.. ඒක මට බැරිම එක :/

      Delete
  14. Replies
    1. ඇයි මට ස්තුති කරන්නෙ :/

      Delete
    2. අප්පේ මූට දැන් කියවන්නත් අමාරුයි වගේ.. ඒ කියලා තියෙන්නේ ස්තූතියි කියලා නෙවෙයි සතුටුයි කියලා මල්ලියේ.. හික්ස්..:p

      Delete
    3. විලිලැජ්ජාව.. :(

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....