Tuesday, May 1, 2012

කරුමක්කාරයා (කෙටිකතාව)

මෙච්චර කාලෙකට අනිත් අයගෙ ජීවිත වලට එබුන ඔහු අද ඔහුගේම ජීවිතේටම එබිලා බලන්න ඕන කියලා හිතුවා. ඒ අනිත් අය තමන් ගැන කවදාවත් තේරුම්ගන්න උත්සාහා නොකරනවා කියලා ඔහුට හිතුන නිසා වෙන්නත් ඇති. මරණය කියන්නෙ හැම දේකම නිමාව නම් මැරෙන එක හොදයි කියලා හිතුන වාර ගණන අනන්තයි. ඒත් මේ කාළකණ්නි ලෝක ධර්මතාවයෙන් කියන්නෙ ආයෙ ඉපදෙනවා, ලෙඩ වෙනවා මහළු වෙනවා ආයෙමත් මැරි මැරී උපදිනවා කියලා. ඒ නිසා ඒ තීරණය හිතින් අයින් කළා. ඒත්.. මරණය කියන්නෙ අලුත් ජීවිතයක ආරම්භයක්. අළුත් විදිහට පටන්ගන්න පුළුවන් කියලා වෙලාවකට මේ හිතට හිතුනත් මොලයෙන් අහපු ප්‍රශ්නය තමයි,

"ඇයි උඹ මැරෙන්න දගලන්නෙ. උඹට මතක නැද්ද මේ මනුස්ස ජීවිතේ කියන්නෙ බොහොම කාලෙකිං අපි කරන කියන පින් බලෙන් ලැබෙන දෙයක් කියලා? උඹ හිතනවාද උඹ ඔය උඹ උඹවම මරාගෙන කරගන්න පවෙන් උඹට ආයෙමත් මනුස්ස ආත්මයක් ලබන්න පුළුවන් කියලා."

"ඒත් මොකටද මනුස්ස ආත්මයක්. මේ ජීවිතේ කාළකණ්නි උන එකේ තවත් ඇයි මේක පවත්වගන්නේ. අපි ගේම් එකක් උනත් කරන් බෑ කියලා හොදටම දැන දැන නිකං කාලෙ නාස්ති කරන්නෙ නෑ නේද? ඒක නවත්තලා ආයෙ පටංගන්නවා නේද? ඇයි මේ ජීවිතේට එහෙම කරන්න බැරි?"

"උඹ හිතන්නෙ ජීවිතේ කියන්නෙ සෙල්ලමක් කියලද මිනිහෝ? ඕන ඕන වෙලාවට නවත්තන්නයි ආයෙ රී-ස්ටාර්ට් කරන්නයි? උඹ හිතන්නෙ උඹ සතෙක් උනත් කමක් නෑ කියලාද? උඹ මොකෙක් වෙයි කියලාද හිතන්නෙ? හොද පෙරහැරේ යන අලියෙක්? ගෙදරක ඇති කරන හොද බල්ලෙක්? උඹ පාරේ දඩාවතේ යන බල්ලෙක් උනොත්? මිනිහෙක්ගෙ පයට පෑගිලා මැරිලා යන කූඹියෙක් උනොත්? උඹටම පිලිකුල් කැර‍පොත්තෙක්... ගැඩවිලෙක්... නැත්තං කූඩැල්ලෙක් උනොත්.."

"හ්ම්ම්... ඔවු... ඒ දේත් ඇත්ත.. ඒත්.."

"ඒත් මොකද?"

"ඒත් මම කොහොමද ජීවත් වෙන්නෙ? මම මගේ ජීවිතේ කරගත්තෙ එකම එක දෙයක්.. ඒත් ඒ දේ..??"

"ඇයි මොකද? උඹව දාලා ගියාද? ඒ ජීවිතේ විතරද උඹට ඕන? ඇයි උඹට තියන හැකියාවන් එක්ක වෙන ජීවිතයක් තොරගන්න උඹට බැරි ද?"

"නෑ පුළුවන්.. උඹට මේවා තේරෙන්නෙ නෑ.. ඒ ජීවිතේ මාව දාලා ගියේ නෑ.. මට තේරෙන්නෙ නෑ.. ඒත් ඒ ජීවිතේ මගේ ජීවිතේ කරන් ඉවරයි මම.. ඒ ජීවිතේ අයිතිකාරිට මාව වැදගත් නැති වෙලා වගෙයි මට හිතෙන්නෙ.."

"උඹ සිතුවිල්ලකටද වහල් වෙලා ඉන්නෙ? උඹට සාමාන්‍ය පෙළ ට ඒ 9යි නේද? උඹේ මහලොකු ජීවිතේ වෙනුවෙන් ද උඹ ඒ ලෙවල් කෙළකරගත්තෙ? උඹ ජීවත් වෙයං උඹේ අම්මා තාත්තා වෙනුවෙන්.. ඒ අය හැමදාම උඹව අගය කරාවි"

"නෑ.. ඒ දේ කවදාවත් වෙන්නෙ නෑ.."

"උඹ කොහොමද එහෙම කියන්නෙ"

"මම පොඩිකාලෙ කවි කියද්දි අම්මා ටී.වී. එක දාන ගමන් කිවුවෙ දැන් ඇති ඕක නවත්තපං කියලා.
මම පන්තියෙ හොද ළකුණු ගත්තාම අම්මා ඇහුවෙ ඇයි අර ළමයත් ළමයෙක් නෙ ඒ තරම් ළකුණු ගන්න බැරි උනේ ඇයි කියලා.. මම ඒ 9ක් ගත්තාම අම්මා ඇහුවෙ මුල් 25 දෙනාට එන්න බැරි උනේ ඇයි කියලා.. මං හොදට සින්දුවක් කියද්දි ඒකෙ පොඩ්ඩක් වැරදුන ගමන් අම්මා කිවුවෙ අන්න වැරදුනා කියලා.. තාත්තා කිසි දෙයක් කිවුවෙ නෑ.. මං කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ?"

"හරි.. උඹට අගයකිරීමක් නෑ කියමු.. උඹේ ජීවිතේට මොකද වෙන්නෙ? උඹ ජීවිතේ කරගත්තා කියලා උඹ කිවුව, උඹ ඇත්තටම ඇත්ත නොදන්න ජීවිතේට මොකද වෙන්නෙ"

"හ්ම්ම්.. ඒ කතාව ඇත්ත.. ඒත් දැං හුගක් කල්.."

"උඹ කොහොමද ඒ ජීවිතේට සමු දුන්නෙ.."

"මට අන්තිමට වෙච්ච කිසි දෙයක් මතක නෑ. මට මතක අපි රණ්ඩු උනා කියලා. මං එදා යන්න ගියා අකවුන්ට් එක ඩීඇක්ටිවේට් කරලා. ආයෙ එයා මං ගැන පොඩ්ඩක්වත් හොයලා බැලුවෙ නෑ."

"ඉතිං උඹ උඹේ ජීවිතේ කරගත්තෙ එයාව නම් ඇයි ආයෙ ගියේ නැත්තෙ?"

"මම හොරෙන් හොරෙන් ගියා. ඒත් ම කිසි මැසේජ් එකක්වත් මොනවත් ඇවිත් තිබ්බෙ නෑ. අන්තිමට බැනලා තිබ්බ එක ඇරෙන්න. මම ඒක ඕපන් කරේවත් නෑ. එයා එයාගෙ යාළුවොත් එක්ක සතුවෙන් හිටියා එයාගෙ අකවුන්ට් එකේ.."

"උඹ කොහොමද දන්නෙ තාමත් එයා එහෙමයි කියලා.. මං කියනවාට තව එක පාරක් ගිහින් බලපං.. උඹ ඔය නැතිකරගන්න හදන උඹේ ජීවිතේ ආයෙ වෙනස් වෙන්න බැරි නෑ.."

"හොදයි උඹ බුද්ධිමත් ඇති.. මම තව එක වතාවක් යන්නම්"

මොළයයි හදවතයි අතර සිද්ධ උන ඒ දීර්ඝ සංවාදෙ ඔහුගේ ජීවිතේ වෙනස් කරයි කියලා ඔහුත් හිතුවා. ඒ නිසාම ඔහු එදා කම්පියුටර් එක ඉස්සරහා වාඩි උනේ අමුතුම බලාපොරොත්තුවකින් වගේ. ඇත්තමට ඔහු මේ දේට මෙච්චර කල් හිටි එක ගැන හිතින් දුක් උනා. ඒත් කාලය ගෙවිලා ඉවරයි. එදා ඒ රණ්ඩුවට දැන් අවුරුද්දකුත් දවස් 12 ක්. ඔහුට ඇයව හමුවෙලා අවුරුදු දෙකක් පිරෙන්න එක දවසක් අඩු දවස. ලොකු බලාපොරොත්තුවකින් අවුරුද්දක් තිස්සෙ address bar එකේ ටයිප් නොකරපු ඒ දෙය ඔහු ටයිප් කරා.
www.facebook.com
ඔහුගේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි කොහොම අමතක වෙන්නද? පිලිවෙලට ඒ දෙක ටයිපි කරා. ලොග් ඉන් බට්න් එක ඔබලා ඔහු බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

"YOU HAVE TO WAIT FOR ANOTHER 24 HOURS TO REACTIVATE"

ඒ වචන පේලිය කොච්චර නම් බියකරු ද? මෙච්චර කාලයක් ඉවසලා තවත් දවසක්.. මෙච්චර ඉවසපු එකේ තව දවසක් ඉවසන එක මොකද්ද?


"ගිය අවුරුද්දෙ අපි ආදරේ කරන්න පටන් අරන් පළවෙනි අවුරුද්ද ගෙවෙන දවසෙ මට ඉන්න උනේ නෑ එයා ළග.. හෙට අපිට අවුරුදු දෙකයි.. හෙට යන්න පුළුවන් එකත් එක අතකට හොදයි"

ඔහු එහෙම කියලා හිත සනසගත්තා. අවුරුද්දක් අමාරුවෙන් ඉවසුව ඔහුට මේ දවස නම් ඉවසන්න පුළුවන් උනේම නෑ. ඒ ඇයි කියලා ඔහු දන්නෙත් නෑ. ඔහුට ඇය නැතුව ජීවත් වීමක් ගැන හිතන්න බෑ. ඒ තරම්ම ඇයට ආදරේ කරා.. 

"එයා ඒත් මම කියන දේවල් පිලිගනී ද...? මම කියන දේවල් එයා පිලිගත්තෙ නැති නිසයි අපි එදා වෙන් උනේ.. නෑ නෑ එයාටත් මං නැතුව ඉන්න බෑ.. එයා මට ආදරෙයි.. මං දන්නවා ඒක.." 

හිත සනසාගත්තා. අනිත් දවසේ හරියටම පැය 24 පිරෙන වෙලාවටයි ෆේස්බුක් ලොග් උනේ. නොටිෆිකේශන්ස් 182 ක්‍. මැසේජ් 4 ක්. කලින් ඇක්සෙප්ට් නොකළ රික්වෙස්ට්. ඔහු ඉස්සෙල්ලාම ගියේ අර මැසේජ් 4 බලන්න. හරි පුදුමයි ඇයගෙන් මැසේජ් එකක්. ඔහු ඒ මැසේජ් එක කියවන්න උත්සුක උනේ පුදුම ආසාවකිං.


"ඔයාට ඕන උනේ මාව දාලා යන්න නෙ. දැං ගිහින් වෙන කෙල්ලොත් එක්ක සතුටින් ඉන්න"

ඒ මැසේජ් එක හිතට බෝම්බයක් ගැහුවා වගේ. ඒත් ඒක එවලා තියෙන්නෙ අවුරුද්දකට කලිං. තරහාවට එවපු මැසේජ් එකක් වෙන්න ඇති. ඒත් එක්කම කලිං යෙහෙලියක්.

"ආ.. මේ ඔයාද? කොහෙද අප්පේ ගිහිං හිටියෙ?"

ඇයට රිප්ලයි කරන්න ඔහුට හිතක් නෑ. ඉන්න හැම කෙනෙක්වම ඕෆ්ලයින් දාන්න හදද්දි ඇයත් ඔන්ලයින්. ඇයව විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම ඕෆ්ලයින් දාලා ඔහු බයෙන් බයෙන් කිවුවෙ,

"හායි.."

කිසි පිළිතුරක් නෑ. එකපාරටම ඇය ඕෆ්ලයින්. 

"එයා ටිකකට කලිං ලොග්අවුට් වෙලා වෙන්න ඇති.. ඔහොම වෙනවා නෙ.. ශික් ටිකක් කලිං ආවා නම්.. එයාට කෙලින්ම කියන්න තිබ්බා.. කමක් නෑ.."

ඔහු ගියේ ඇගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට. චූටි බබෙක් හිනා වෙලා ඉන්න ඇගේ ප්‍රොෆයිල් පික්චර් එක දකිද්දිත් ආසයි. මුලින්ම ඔහුගේ නෙත ගැටුනෙ ඇගේ ස්ටේටස් එකක් මිනිත්තු 42 කට කලිං දාපු. ඒත් එක්කම ඔහු හිතුවෙ තමන් තව ටිකක් කලිං ආවා නම් කියලා.


"Yes it's the special day I met you who changed my whole life from a hell to a heaven. ^_^
Love You <3"


"මං ගැන නේද මේ ගහලා තියෙන්නෙ? අනේ එයා තාම මට මෙච්චර ආදරේ ද? මම ඇයි එදා එයාව දාලා ගියේ.. මට එයාට එහෙම නොකරන්නයි කිබ්බෙ.. ඒත් එයා මම නෑ කියලා කිසි ගාණක් නැතුව ඉන්නවා දැක්කාම? මම කොහොමද ආයෙත් එන්නෙ? කමක් නෑ ඒ දේවල් ඉවරයි. දැන් කරන්න තියෙන්නෙ එයාට මෙච්චර කල් හිතින් කරපු ආදරේ වචන කරන එක."

එහෙම හිතපු ඔහු ඇයට දිග මැසේජ් එකක් ගහන්න ගත්තා. ඒත් එක්කම පැත්තෙන් වැටෙන නොටිෆිකේශන් එකකින් පෙන්නුවෙ ඇය තවත් කෙනෙක්ගෙ රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරා කියලා. ඔහුගෙ මුළු ඇගම හීතල උනා. ඒ නොටිෆිකේශන් එක උඩ ක්ලික් කරලා වෙන ටැබ් එකකින් ඕපන් කරා.

"යාළුවො 3218ක්?"

ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරගත්තා. පස්සෙ පිස්සුවෙන් වගේ අකවුන්ට් එක පල්ලෙහාට යන ගමන් පහුගිය අවුරුද්දෙ වෙච්ච දේවල් බැලුවා. හැමතැනම පින්තූර. වීඩියෝ. හැම එකකටම කමෙන්ට්ස් 100 කට වැඩියි. 

"එයා මං නැති උනා කියලා සතුටින් ද ඉදලා තියෙන්නෙ?"

එහෙම හිතපු ඔහු කෙලින්ම ගියේ ඉන්ෆො බලන්න. 

"නෑ නෑ මේ තියෙන්නෙ අපේ ඇනිවසරි එක. එයා ඒක රිමුව් කරලා නෑ. එයා මට තාම ආද... මොකද්ද දෙයියනේ මේ? මේ වෙන කෙනෙක් එක්ක රිලේශන්ශිප් එකක්?"


මුළු ඇගම හිරිවැටුන ඔහුට කරන්න දෙයක් හිතාගන්න උනේ නෑ. ඔහු ලිය ලිය හිටපු මැසේජ් එක එන පාරින් මකලා දාලා වෙන මැසේජ් එකක් ගැහුවා.

"Why did you do this to me?"

ඔහුට ඒ මැසේජ් එක ගහන්න විනාඩි 15 ක් වත් යන්න ඇති. වෙවුලන අත් දෙකෙන්, කදුළු පිරිච්ච ඇස් දෙකෙන්. ඒ එක්කම මොනිටරය දිහා බලන් උන්නෙ මොකක් හරි දෙයක් දැන් වෙයි දැන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. පැයකට පස්සෙ රිප්ලයි එකක්.

"Can't you remember, you told me to be with someone else. And so I did."

ඔහු කියෙවුවෙ එච්චරයි. ආයෙ ඇයගෙ අකවුන්ට් එකට යන්න ඇගේ නම උඩ ක්ලික් කරා.

"This page is not available"

ඔහු එතනින් නැගිට්ටෙ බලාපොරොත්තු සුන් වෙලා.. කිසි දෙයක් අහන්නෙ නැතුව මළමිණියක් වගේ කාඹරෙන් එලියට යන ගමන් ස්විච් එකට පයින් ගැහුවෙ කම්පියුවරේ නිවෙන්න. ඔහුට හිතන්න දේවල් ගොඩයි. ඒ හැම දෙයක් ම ඔළුවෙ තියාගෙන බයිස්කලේ උඩට නැග්ග ඔහු, එදා වත්ත එලිටය බයිසිකලේ දැම්මෙ කිසි බලාපොරොත්තුවකින් නෙමෙයි.


පස්සෙ දවසෙ උදේ ඔහු ගැන හැමෝම කතා වෙනවා. ඔහු පුදුම විදිහටයි ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ. පත්තර වල  T.V. එකේ Radio වල... හැමතැනම. ඔහු ඉස්කෝලෙ කාලෙ ඉදන් කළ දේවල් ඔක්කොමත් එක්ක.. 

වෙනසකට තිබ්බෙ එක දෙයයි. ඔහු ගැන කියපු දේවල් ඔහුටම අහන්න නොලැබිච්ච එක. 

ප.ලි. : ‍මේක ෆේස් බුක් එකේ ශෙයා කරපු හිම හංසි අක්කාට ගොඩක් ස්තුතියි..

ප.ප.ලි : මේක මට උන සිද්ධියක් නෙවෙයි. කරගත්ත මෝඩකමක් කියලා හිතෙනවා දැන් නම් කතාවක් ලියලා. :( කොහොම හරි මෙහෙම දෙයක් වෙන්න බැරි නෑ ඕන කෙනෙක්ට, මට විතරක් නෙවෙයි. ඒත් එක්කම මේකෙ අවසානයේදී අගවලා තියෙන්නෙ අසිහියෙන් මහපාරෙ බයිසිකලේකින් යන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් මිස ඔහු විහින් කරගන්න දෙයක් නෙවෙයි. ආයෙත් නං කෙටි කතා ලියන්නෙ නෑ :( 

24 comments:

  1. මල්ලි.. උඹයි මමයි හම්බ වෙලා කතා කලේ එකම එක දවසයි..
    උඹ වැඩියේ කතා නොකලට උඹ හොද කොල්ලෙක් බව තේරුම් ගන්න අපි කතා කරපු වචන ටික ඇති උනා..

    මම දන්නවා විරහා වේදනාව දරාගන්න ගොඩක්ම අමාරුයි කියලා.. හැබැයි මතක තියාගනින්, එකත එක අද්දැකීමක්.. අපේ ජීවිතේට එන අභියෝග වලට සාර්ථකව මුණ දෙන තරමට අපිත් සාර්ථක වෙනවා.. ඒ දිහා බලලා උබට ඇත්තටම ආදරේ කරන උඹේ අම්මලා තාත්තලා යාළුවො සතුටු වෙනවා..

    මේකත් එක අභියෝගයක් විතරමයි.. මේකට මුණ දීපන්.. මේ අද්දැකීම් විදපන්.. මම දන්නවා මේක දරාගන්න උඹට පුළුවන් මල්ලි.. තව ඉස්සරහට කරන්න ගොඩක් දේවල් ඉතිරියි..

    පොස්ට් එකේ අන්තිම ටික වෙනස් නොවුනොත් උබ බයගුල්ලෙක්.. ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන මනුස්සයෙක් වගේ හිතලා මේ අද්දැකීම විදගනින්.. උඹට ජය...

    ReplyDelete
    Replies
    1. දිග කමෙන්ට් එකටයි අ‍වවාදයට ගොඩක් ස්තුතියි යසන්ත අයියේ..:)
      ඒත් මේක කෙටි කතාවක් නෙ.. :(

      Delete
    2. හික් හික්.. අකුරු වලට පෙරලෙන්නේ ජිවන අද්දැකීම් මලයෝ.. :) මේවා හැම මනුස්සයෙක්ටම විදින්න ලැබෙන දේවල්.. විදලා නැතත් දවසක විදින්න වේවි.. එකට මුණ දෙන්න ලැස්ති වෙන්න.. :) මොනා උනත් එහෙම දෙයක් මලයාට සිදු නොවේවා කියලා පතනවා.. ජය!

      Delete
    3. මෙහෙම දෙයක් මටත් වෙයි ද කියලා බයක් නැත්තෙම නෑ.. :)

      Delete
    4. ආ තව දෙයක්.. මට මේ කතාව ගොඩක් සමීපයි.. එකයි මෙච්චර දිග කමෙන්ට් එකක් දැම්මේ.. උසස් පෙලට මාස තුනකට කලින් අපේ ඉස්කෝලේ සෙක්ෂන් හෙද ටීචර් මාව ගෙන්නලා දෙයක් කිව්වා..
      "පුතා ඔයා ජිවිතේ ගන්න තියෙන තීරණයක් කලින් අරගෙන කියලා" ඕක අදවගේ මට මතකයි.. මම විරහා වේදනාව නිසා අන්තෙටම වැටිලා හැබැයි එකට සාර්ථකව මුණ දීලා අද ජිවිතේ හරි ට්‍රැක් එකට දාගෙන යන කොල්ලෙක්.. කෙටි කතාව මගේ හදවතට කතා කළා..
      ලස්සනයි.. අන්තිම කොටස හැර අනික්වා ඔක්කොම මට වලංගුයි!

      Delete
    5. මම එහෙම දෙයක් දැනගෙන උන්නෙ නෑ.. අයියා ගැන මට ඇත්තටම දුකයි..

      කොහොම උනත් මම මේ ගැහුවෙ මගේ අත්දැකීමක් නම් නෙමෙයි.. මෙහෙම දෙයක් වෙන්න බැරිත් නෑ කියලා හිතලයි කල්තියාම ගැහුවෙ.. :)

      මෙහෙම දෙයක් ඇත්තට උන කෙනෙක් යහතින් හිනා වෙලා ඉන්නවා කිවුවාමත්... :)

      Delete
  2. මලයා මුලින් මම මේ කතාව එච්චර සීරියස් නොගත්තට අන්තිමේ හිතුනා මේක උඹේ ජීවිතේට ගොඩක් සමීපයි කියලා.. වෙන ඕනම දේකට මම උඹට උපදෙසක් දෙන්නම්.. ඒත් ආදරේදිනම් මට උපදෙස් දෙන්න බෑ මලයා..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා දිනේශ් අයියේ.. ඇත්තම කිවුවොත් මේ දේ වෙන්න පුළුවන් දෙයක්..
      උනොත් බීම එකක් එහෙම බොන්න එන්න.. :)

      Delete
  3. මලයා මේක නිකන් කතාවක් විටරයි නේද

    එහෙම අහන්නේ මේ කථාව ලියල තියන විදිය පුදුම විදියට දැනුන හින්දා,,,, ඇත්තම සිද්දියක්නම් ටික කාලෙකට අමතක කරලා විභාගෙට ලෑස්ති වෙයන්.... ඊට පස්සෙ පුලුවන් කෑල්ල ගොඩ දාගන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්ධියක් නම් නෙමෙයි.. ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් සිද්ධියක්..

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:)

    ඔයා ඔයාගෙ දුක නැතිකරගන්න ගත්ත උත්සහයක්නම් මේක....ඔයා ගොඩාක් සාර්ථකයි(මම කිව්වෙ නිර්මාණෙ ගැන ඈ...)

    ඒත් ඇත්ත ජීවිතේදි....ඔහොම වෙන්න එපා....ඔයාට එහෙම දෙයක් වුනානම්...ඔයා සතුටුවෙන්න...මොකද,

    ඔයාට ජීවිතේට ආදරේකරන්නෙ නැති ඔයාගැන හිතන්නෙ නැති කෙනෙක් ඈත්වුනා....
    ඒත්...එයාට එයාගෙ ජීවිතේටත් වඩා ආදරේකරන කෙනෙක් නැතිවුනා.....

    දරාගන්න සෑහෙන්න අමාරුයි තමයි....ඒත් දරාගැනීම මතමයි ඔයාගෙ ජයග්‍රහණය රැඳිල තියෙන්නෙ....:)
    කවුරුවත් වෙනුවෙන් නෙමෙයි....ඔයා ඔයාවෙනුවෙන්ම ඔයාගෙ ජීවිතේ ජයගන්න.....
    සුභ පතනව......

    ReplyDelete
    Replies
    1. මේ මට උන දෙයක් නෙමෙයි. පපලි එකේ ගැහුවා අන්තිමට..

      කොහොම හරි මේ විදිහෙ දෙයක් වෙන එකක් නෑ කියලා මගේ හිත කියනවා. ඒත් එහෙම දෙයක් උනොත් මම ජීවිතේ නැතිකරගන්නෙ නෑ,
      ඒ එක පොරොන්දුවක් නිසා..!!
      වෙන කෙනෙක්ට ආදරේ කරන්නෙ නෑ,
      ආයෙ එයාට දුන්න ආදරේ වෙන කෙනෙක්ට දෙන්න බැරි නිසා..

      අදහස් දැක්වීමට ස්තුතියි..!!!

      Delete
  5. අර ප.ප.ලි එක කියවනකන්ම මම හිතන් හිටියේ මේක ඔයාට උන සිදිධියක් කියලා. පුදුම විදියට මේක හිතට දැනෙනවා. මට තාම විශ්වාස කර්නන බෑ මේක සැබවක් නෙවෙයි කියල. මෙහෙම දෙවල් අනන්ත වෙලා ඇති වෙන්නත් පුලුවන්. මොනවා උනත් ඔයාගේ නිර්මාණය උපරිමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කෙ. මං එන පොට හොද නැති නිසයි අන්තිමේදි ප.ප.ලි එකක් ගැහුවෙ..

      කෙනෙක් ගෙ හිතකට මෙච්චර කතාකරන්න පුළුවන් උන එක ගැන මටම පුදුමයි..!

      Delete
  6. මම හිතුව ඇත්ත සීන් එකක් කියලා.

    කමෙන්ට් වලිත් තේරුම් ගත්තා හිතල ලියපු එකක් කියලා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඇත්ත නොවුන ඇත්ත වෙන්න පුළුවන් ස්ද්ධියක්..

      ස්තුතියි !

      Delete
  7. කතාව පට්ටය්!! ඔය වගේ දේවල් වලට ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් :/ මටත් උනේ ඒක මය්, කතාවේ හිටිය චරිතේ අය්යා උනා නම් අපිට මේ පොස්ට් 1 කියවන්න වෙන්නේ නෑ ඔයාට ලියන්න වෙන්නෙත් නෑ නේ :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි.. මේ ජීවිතේ වෙන මේ වගේ දේවල් වලින් ජීවිතයක්ම වෙනස් කරන්න පුළුවන්..!!!

      Delete
  8. ම්ම්ම්ම්ම්..... ප.ලි. දැම්මේ නැත්නම් මාත් රෝන් සයිඩ් යන්න ගියේ.... කතාව ලස්සනයි මල්ලි... ඒ වගේම ආයේ නොලියා ඉන්නත් එපා... ඔයාට හොඳට ලියන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෙ..
      ආයෙත් ලියන්නෙ නෑ.. ඔය ඇති‍‍‍..

      Delete
  9. "Why did you do this to me?"

    මෙන්න මට හිතට වැදුණු තැන........ මේ ප්‍රශ්නේ අහන්නේ උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙමේ.

    එළකිරි කතාව ලොක්කා

    ReplyDelete
    Replies
    1. ඒ දේ ඉංග්‍රීසි සාහිත්‍යයේ හදුන්වන්නෙ "Rhetorical Question" එකක් විදිහට.
      Pete Seeger මහත්මයා ලියපු "Where have all the flowers gone" කියන පොයම් එකෙත් ඕක බහුලව යොදාගෙන තියනවා..

      ඔය වගේ ප්‍රශ්නෙකට උත්තරයක් බලාපොරොත්තු නොවුනත් ප්‍රශ්න ගොඩක් හිතින් විමසනවා..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....