Friday, April 6, 2012

රියැලිටි ශෝස් (Reality Shows - Bretains and Americans got talent)

මම මේ උත්සාහ කරන්නෙ රියැලිටි වැඩසටහන් පිළිබදට තොරතුරු ටිකක් එකතු කරන්න විතරක් නෙවෙයි. ඒත් ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගියපු රියැලිටි වැඩසටහන් වල හිතට වැදුන මොහොතවල් ටිකක් එකතු කරන්න. මට හොදටම විශ්වාසයි හැම කෙනෙක්ම මේ දේවල් බලලා ගොඩක් සතුටුවෙනවා වගේම ජීවිතේ ගැන ඉගෙනගනියි කියලා. අපි හිතන්නෙ නැති දේවල් වලට අපිට මුහුණදෙන්න සිද්ධ වෙනවා. මේ පෝස්ට් එක නිවිහැනහිල්ලෙ කියවන්න. තේරුම්ගන්න කන් දෙතුන්පාරක් හරි බලන්න ඇත්තටම මේ දේ විදින්න ඕන නම්.  මේ මතකයන් මම එකතු කරන්නෙ Bretain's got talent කියන එංගලන්තයේ රියැලිටි වැඩසටහනේ සහ Americans got talent කියන ඇමරිකානු වැඩසටහනේ සුවිශේෂී සිදුවීම් කිහිපයක්.

(පළවෙනි ඒවා බැලුවෙ නැතත් අන්තිම එක නම් කොහොම හරි බලන්න. ලොකු පැඩමක් ඉගෙනගන්න පුළුවන්) 

Signature
මයිකල් ජැක්සන් නටන එක අස්සෙ කවුද මේ පොළව පිහිදාන්න ඇවිත් තියෙන්නෙ? බලලම ඉන්නකෝ..


Kaitlyn Maher


බලන්න මේ අවුරුදු 4ක් වෙන පුංචි දුව කොච්චර මිනිස්සුන්ගෙ හිත් හොරාගන්නවාද කියලා.


Andrew Johnston

මේ කොලු පැටියාට ඉස්කෝලෙ ළමයි සින්දු කියන්න දීලා නෑ. ඒ අයට මේ කෙනාගෙ සින්දු මහ කංකරච්චලයක්. ඒත් මේ කංකරච්චල්කාරයා මේ දෙනෝදාහක් ඉස්සරහා කංකරච්චලයක් නොවී ඉදී ද?

Susan Boyle

මේ කාන්තාවට අවුරුදු 47ක්. හැම කෙනෙක්ම හිතුවෙ මේ මනුස්සයාට පිස්සු කියලා. අවුරුදු 47ක් තිස්සෙ පොල් ගෑවා ද? කියන්නෙ නං ලෝකෙ Professional Singer කෙනෙක් වෙනවා කියලා. දැං ද ඒක මතක් උනේ? චාන්ස් එකක් ලැබිලා නැල්ලු කලිං. අහලම බලන්න මොකද්ද කරන්නෙ කියලා. ඊලග වටේට සුදුසු ද?


අපි මිනිස්සුන්ව මනින්න ඕන ඒ අයගෙ වයසින්වත් ඒ අයගෙ පාටින්වත් අපිට මතුපිටින් පේන කිසි දේකින්වත් නෙවෙයි. ඒ මනුස්සයා ගාව කොච්චර බුද්ධියක්, දැනුමක් තියනවාද කියලා කාටවත් හිතාගන්න බැරුව ඇති. මේ මනුස්සයා ස්ටේජ් එකට එද්දි මිනිස්සු හිනා උනා. ඒ වගේම සමහරු මූන නාලු කරගත්තා. ඒත් මේ මනුස්සයා සින්දුව කියන්න පටන්ගෙන පළවෙනි පදේ ඉවරවෙන්නත් කලිං මොකද්ද සිද්ධ උනේ. මේ හැම දෙයක්ම අපිට හොද ‍පාඩමක්. කිසි කෙනෙක්ව අපි අවතක්සේරු කරන්න හොද නෑ. ඒ අවතක්සේරු කරපු කෙනා සතුව තියන බුද්ධිය, දැනුම, දක්ෂතාවය අපි කාටවත් හිතාගන්නවත් බැරි වෙන්න පුළුවන්. 

මේ දේවල් බලලා මොකද හිතුනෙ? ටිකක් දිග වැඩියි තමයි මේවා ඔක්කොම බලන්න. මේක කීදෙනෙක් සම්පූර්ණයෙන්ම කියවයිද කියලත් මම දන්නෙ නෑ. ඒ මොනවා උනත් අපේ ජීවිතේට කොච්චර පාඩමක්ද ඇන්ඩෲ ජොන්ස්ටන්, සූසන් බොයිල් වගේ චරිත...?


සූසන් ‍බොයිල් ට අත්විදින්න වුනු ඉරනම අත්විදින්න උන තව කෙනෙක් මම. ඒකයි ඒ දේ හොදට හිතට වැදුනෙ. ඒ තරමටම මිනිස්සුන්ගෙ මූණවල් නරක් නොවුනාට මුළු ශාලාවක් නිශ්ෂබ්ධ කරන්න මටත් පුළුවන් උනා දවසක්. 

6 comments:

  1. පළවෙනි එකනම් සිරා.. මම ඒත් බැලුවා ඉන්දියන් කරයා මොකො කරන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් කාරයා අතුගාන්නනේ ඇවිත් ඉන්නෙ..

      අන්තිම එක බැලුවෙ නෑ??

      Delete
  2. මේක දැන් වසංගතයක් වගේ මචං...

    සිරා වී‍ඩියෝ ටික..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. මේ දාපු ඒවා ගොඩක් ලස්සන ඒවා.. ඒත් ගොඩක් පිස්සු ඉදිරිපත් කිරීම් එමටයි..

      Delete
  3. මම මේ රියලිටි ෂෝ වල කැමතිම කොටස තමයි සයිමන්ගේ තීරණය කියන කොටස.. ඔහු නම් සැබැම තාත්වික බවකින් මේවා වලදි විනිෂ්චය දෙනවා මම දැකලා තියෙනවා.. අපේ අයටත් ඔහුගෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩයි..

    හ්ම්ම්... මල්ලිටත් සිංදු කියන්න පුළුවන් තමා..

    තමන්ට තමන් විශ්වාස නම් අනුන් කියන දේ ගැන හිතලා වැඩක් නෑ සමහර වෙලාවට.. ඒක තමයි මේකෙදි ගන්න තියෙන පාඩම..:)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත.. සයිමන් කියන පුද්ගලයා හැගීම්බර වෙන්නෙ නෑ. නිවැරදි විනිශ්චයයි දෙන්නෙ..

      මට ඉස්සර පුළුවන් දැන් බෑ..

      ඒ කතාව නම් සහතික ඇත්ත..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....