Monday, April 30, 2012

Comments ගැන ඇත්ත කතාව

කමෙන්ට්ස් කියලා අපි සරළව හදුන්වන්නේ "අදහස් දැක්වීමක්". නැත්නම් "හොද නරක විචාරයක්", "විස්තර කිරීමක්" විදිහටත් මේ දේ හදුන්වන්න පුළුවන්. ඔය කමෙන්ට්ස් කියන සංකල්පෙ අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල හොදහැටි පැලපදියම් උනේ ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියත් එක්ක. ඒකෙ "ස්ටේටස් කමෙන්ට්ස්", "ෆො‍ටෝ කමෙන්ට්ස්", "වීඩියෝ කමෙන්ට්ස්" ,"ලිංක් කමෙන්ට්ස්" වගේ නානාවිධ කමෙන්ට්ස් වර්ග ඇතුලත් උනා. ඊට පස්සෙ මේ බ්ලොගර් එකේ තියන කමෙන්ට්ස්. මේ ගැන දන්නෙ නම් ටික දෙනයි.

කොහොමින් කොහොම හරි කමෙන්ට්ස් කියන දේ ගැන මම දකින්නෙ මෙහෙම. අපි ඉස්සෙස්සෙල්ලාම ෆේස්බුක් ආවාම දකින දකින හැම එකටම කමෙන්ට් ගහන්න ගත්තා. පස්සෙ පස්සෙ මේ කමෙන්ට් ගැහිල්ල අඩු උනා යාළුවො වැඩි වෙද්දි. පස්සෙ පස්සෙ අපි බලාපොරොත්තු උනා අපේ ස්ටේටස් කමෙන්ට් වලින් පුරවගන්න. අපේ ‍ෆොටෝ කමෙන්ට්ස් වලින් පුරවගන්න. මෙන්න මේ විදිහට අපේ හිත් වෙනස් වෙන්න ගත්තා. ඒත් එක්කම තව කෙනෙක්ට තමන්ට වඩා කමෙන්ට්ස් ලැබීම මදිකමක් විදිහටත් සමහරු දැක්කා.‍ තමන්ට කමෙන්ට්ස් ගොඩක් ගන්න තමන්ට පුළුවන් තරම් නිර්මාණශීලී දේවල් එකතු කරන්න සමහරු වෙහෙස ගත්තා. 


ඒත් එක්කම ෆොටෝ ටැග් කරන ඔප්ශන් එක දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ කමෙන්ට්ස් ගන්නමයි. සාමාන්‍යයෙන් අපි ෆො‍ටෝ එකක් ටැග් කරනවා කියන්නෙ ඒකෙ ඉන්න අදාල පුද්ගලයන්ව තෝරලා ඒ ෆොටෝ එකට බද්ධ කිරීම. ඒත් දැන් දැන් සමහර ෆොටෝ වල කිසි අදාලත්වයක් නැති යාළුවන්ත් ටැග් කරන්න අමතක කරලා නෑ. හොද වෙලාවට 50 යි ටැග් කරන්න පුළුවන්. නැත්නම් ඊටත් වඩා ටැග් කරනවා. අවුරුද්දට සුභ පතන්න, නත්තලට සුභ පතන්න වගේ දේවල් වලටත් දැන් ෆොටෝ ටැග් වෙනවා. ඒත් ඔය ටැග් කිරීමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඒ ටැග් කරපු පුද්ගලයාගෙන් "කමෙන්ට්" එකක් ලබාගැනීම.  ඇත්තටම වෙලාවකට ටැග් කිරීම කියන එකත් වදයක්. කෙනෙක් කමෙන්ට් කරන කරන ගානට නොටිෆිකේශන්ස් වලින් පිරෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නෙ ඉතිං පෝස්ට් එක "අන්ෆලෝ" කරන එක.


කොහොමින් කොහොම හරි "ප්‍රසිද්ධ චරිත" කියලා දැන් හදුන්වන්නෙ දාන දාන හැම එකකටම කමෙන්ට් 50 ක් 60 ක් වැටෙන අයට. ප්‍රසිද්ධිය මනින මිම්මක් විදිහට දැන් කමෙන්ට්ස් ක්‍රියා කරනවා කිවුවොත් හැ‍මෝම එකග වෙයි. ඒත් එක්කම ගැහැණු පාර්ශවය දාන දාන හැම එකකටම අනිවාර්යයෙන්ම පිරිමි පාර්ශවයට වඩා කමෙන්ට්ස් වැටෙනවා. කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මා කිවුවොත් ඉතිං කොල්ලන්ට තව දෙයක් නෑ. සමහරු අහනවා "කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් දාලා ගියත් ඇයි බං ඔච්චර කොමෙන්ට්" කියලා. ඒත් ඉතිං ඒ අයම තමයි ගෑණු අයගෙ කෙහෙල් ලෙලි කමෙන්ට්ස් වලින් පුරවන්නෙ. ඒත් එක්කම කියන්න ඕන කමෙන්ට් "හිගාකන" මිනිස්සුත් අනන්තවත් දැන් ඉන්නවා. 

"අනේ බං අරකට කමෙන්ට් එකක් ගහපංකො"

කියන අය ඕන තරම් දැකලා ඇති. සමහර වෙලාවට කාලෙකිං ඔන්ලයින් ගියාම ජීවිතේට කතා කරලා නැති අය එකපාරට හොදට "හායි" කියලා එහෙම ඊට පස්සෙ ලිංක් එකක් එවනවා "අනේ මේකට කමෙන්ට් එකක් දාන්න ප්ලීස්" කියාගෙන. ඒ වෙලාවට තමා මරුවා සිහිවෙන්නෙ. ඇත්තමට මුන්ට ඕන කමෙන්ට්ස් විතරද කියලාත් හිතෙනවා අනන්තවත්. ඉසස්ර කට ඇරං කමෙන්ට් එනකං බලං හිටියත් ඒක මහ විහිලු වැඩක් කියලා මට දැං තේරිලා තියෙන්නෙ. තමන්ව අගය කරන්න අකමැති කෙනෙක්ගෙන් බලෙන් කමෙන්ට් ගන්න ටැග් කරන්න, අරවා මේවා කරන්නෙ මොකටද? ඒ නිසා දැං දාන එකක් දාලා නිකං ඉන්නවා ඕන නං කමෙන්ට් කරපං නැත්තං නිකං හිටපං කියලා. 


අපි දැං එමු බ්ලොග් එක පැත්තට. බ්ලොග් එකේ කමෙන්ට් එකක් වදින්නෙ සාමාන්‍යයෙන් ටිකක් කල් බ්ලොග් ලියලා පරිනත අයට. ගොඩක් අය බ්ලොග් එක ලස්සනට තියාගන්න උනන්දු වෙනවා. ඇත්තෙන්ම එතකොට ඒ ලස්සනටම කමෙන්ට් එකක් ගහන්න හිතෙනවා. බ්ලොග් පෝස්ට් "සින්ඩි වල" එතකොට "ෆේස්බුක් එකේ" පබ්ලිශ් කරන්නෙ ඉතිං කමෙන්ට් එකක් ගන්නම තමයි. මේ බ්ලොග් කෙරුවාවෙ නම් ගෑණු, පිරිමි කියලා භේදයක් නෑ. කමෙන්ට් වදින්න නම් ඒකට මං දැක්ක විදිහට පහත කරුණු වැදගත් වෙනවා.

* බ්ලොග් පෝස්ට් එකේ ගුණාත්මකභාවය
* සිත්ඇදගන්නාසුළු බව
* බ්ලොග් අවකාශයේ පරිනත බව සහ ඇති ප්‍රසිද්ධිය
* බ්ලොගයේ ‍ෆලෝවර්ස් ලා ගණන
* තමන් අනිත් අයගේ බ්ලොග් වල කමෙන්ට් තබන ප්‍රමාණය
* බ්ලොග් පෝස්ටුව පබ්ලිශ් කරන ස්ථානගණන සහ එයට එන ප්‍රමාණය
* ඇනොනිමස් කමෙන්ට් ආදිය සක්‍රීය කර තිබීම.
* වර්ඩ් වෙරිෆිකේශන් දමා තිබීම.

ඇත්තටම බ්ලොග් පෝස්ට් එකකට කමෙන්ට් එකක් වැටෙනවා කියන්නෙ ටිකක් වටින දෙයක් (මටනම්. මොකද වැඩිය වැටේන්නෙ නෑ නෙ). ඒකට හේතුව තමයි තමන්ගෙ අත්දැකීමක්, නැත්නම් තමන් අනුන් එක්ක බෙදාගන්න කැමති දෙයක් අනුන් කොච්චර හොද විදිහට දකිනවාද කියන එක දැකගන්න තියන ආසාව. ඇත්තටම මම ගහන පෝස්ට් එකකට උපරිම 10 දෙනෙක් කමෙන්ට් කරයි. ඒත් ඒ කමෙන්ට් 10 මට නම් වටිනවා ෆේස්බුක් එකේ වදින කමෙන්ට් 100 කට වඩා. ඒ මොකද කියනවා නම් තමන් දීර්ඝ වශයෙන් විස්තර කරන අදහසකටයි තමන්ට කමෙන්ට් එකක් වදින්නෙ. ඒ නිසා ඒ ලැබෙන අදහස වටිනවා ඇත්ටම. කොහොම හරි "පරිනත" කියලා හදුන්වන බ්ලොග් ලියන කියන අය යන්නෙ සාමාන්‍යයෙන් ඒ හා සමාන බ්ලොග් වලටම තමයි. ඒත් එක්කම නවකයොන්ටත් හොද ප්‍රතිචාර එනවා ඒ අයගෙ පෝස්ට් වල ගුණාත්මකබව එක්ක. (නවකයොත් නොවෙන පරිනතත් නොවෙන අයට තමා හුලං. හෙහ්..)


ඇත්තටම කියනවා නම් විභාගෙ වැඩ අස්සෙ බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් එකක් ගහන්න වෙලාව හරි අඩුයි පෝස්ට් එකක් කියවලා. ඒත් පුලු පුලුවන් වෙලාවට කියවන පෝස්ට් දෙකතුනක් කියවලා ඒ ගැන ඇත්තටම දැනෙන දේ ගහන්න අමතක කරන්නෙ නෑ වචන කීයක් ගියත්. කොහොමින් කොහොම හරි කමෙන්ට් ගැන මට දැනෙන්නෙ මේ විදිහට. හරි ද වැරදිද කියලා නම් අදහසක් නෑ.

ප. ලි : මොනවා උනත් මේක විකාර පෝස්ට් එකක් වෙන්නත් පුළුවන්. කියවද්දි කම්මැලි හිතිලා යන්නත් පුළුවන්. ඒ මොනවා උනත් මේක කමෙන්ට්ස් ගැන කියපු නිසා කමෙන්ට් මං කිවුව ගානට වැඩි වෙන්නත් බැරිකමක් නෑ. ඒ කොහොම වෙතත් මං කිවුවෙ කාලයක් තිස්සෙ ටිකක් හිතපු දෙයක්.

32 comments:

  1. අනිවා අනිවා.... ඔක්කොටම එකඟයි... 100%ක් ම

    ReplyDelete
    Replies
    1. අඅහ්.. මම හිතුවෙ මේක මට විතරක් හිත්ච්ච අදහසක් කියලා..
      ස්තුතියි මී..!!!

      Delete
  2. සහතික ඇත්ත. මෙන්න ආචාර්ය ජෝන් බාස්ගේ උපදෙසකුත්

    http://johnbassme.blogspot.com/2011/02/2.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. ජෝන් බාස් උන්නැහේගේ කතාවට කොමෙන්ට් එකක් දාන්නත් බයයි.. කට්ටිය බැනලා නෙ දිගට හරහට.. :/

      Delete
  3. ම්ම්.. කතාවනම් ඇත්ත, අර ජීවිතේට චැට් නොකරන අය ලින්ක් එවල කමෙන්ට් කරන්න කියන එකනම් මටත් වෙලා තියෙනවා.. බ්ලොග්කරණයේ ඉන්න අයට කමෙන්ට්ස් නම් වටිනවා මම හිතන්නෙ. පෞද්ගලිකව මටත්.. බුකීයෙ වැටෙන කමෙන්ට් වලට වඩා බ්ලොග් එහෙක වැටෙන කමෙන්ට් වල වටිනකමක් තියෙනවා කියලාත් මම හිතනවා..

    මල්ලි කියලා තියෙන කරුණු එක්ක බොහෝ දුරට එකඟයි!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. :)
      අක්කා ඒ කියන්නෙ සමහර ඒවාට එකග නෑ ද?
      අර කෙහෙල් ලෙලි කතාවට එහෙම.. හි හි..

      Delete
  4. //අනේ බං අරකට කමෙන්ට් එකක් ගහපංකො..
    මචං මේ පේජ් එකට ලයික් එකක් දාපන්කෝ...
    මචං මට රෙස්ලින් මැච් එක දිනන්න වෝට් එකක් දීපන්කො...
    මචං බාන් බඩි මල් පොකුරක් එවපන්කෝ...//

    අමු තිත්ත කුණු හබ්බ මතක් වෙනවා....!

    හොඳ පොස්ට් එකක්....! :D :D

    ~ මාතරේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මම කමෙන්ට් ගැන විතරක් කියපු නිසා අනිත් ඒවා ගැන නොකිවුවෙ.. වැඩිපුරම වෙන්නෙ ඔය පේජ් වලට ලයික් දාන්න කියන එක. මගේ ආගන්තුකයා පේජ් එකට කැමති අය ලයික් කරනවා. නැති අය නෑ. ඒත් කවදාවත් මම ලයික් හිගාකන්නෙ නෑ.

      බොහොම ස්තුතියි මාතරේ..!!!

      Delete
  5. අනී මන්ඩ අප්ප....හැබැයි මටත් ඔය කමෙන්ට්ස් දාන්න කියල ඉල්ලනකොටනම් යකානගිනව...:/

    ReplyDelete
    Replies
    1. ඒකට් මේ ජීවිතේට චැට්කරලවත් නැති අය.....

      Delete
    2. මටත් යකානගින නිසා තමා ලිවුවෙ..

      Delete
    3. සමහරු කමෙන්ට් ගන්න ටිකට පණ දෙන්න වගේ ඉන්නෙ..
      මම සමහර වෙලාවට කමෙන්ට් දාලා මකලත් තියනවා මළ පැන්නාම!!!

      Delete
  6. ගනන් ගන්න එපා.. ලියන දේට අනිත් අය කැමති නම් කමෙන්ට් කරාවි.. කමෙන්ට් නොකලත් කියවීම විතරක් කරන පිරිසකුත් ඉන්න බව අමතක කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. අයියෝ අයියෝ.. එහෙම අහිතක් නෑ කමෙන්ට් නොකළා කියලා.. මම මේ විග්‍රහයක් කරේ..

      Delete
  7. මේ ලියලා තියෙන හැමදේම ඇත්ත.ජීවිතේට වචනයක් කතා කරලා නැති අයත් ලින්ක්නම් අනන්ත දීල ඇති කමෙන්ට් කරන්න. ඉස්සර මමත් මගේ කවි නිසඳැස් එහෙම මගේ ළඟම යාලුවන්ට ටැග් කලා. පස්සේ මට හිතුනා මේක එයාලට කරදරයක්ද දන්නේ නෑ කියල. ඒ නිසා ඒ වැඩේ නැවත්තුවා.ඒත් බ්ලොග් ලොයන අපිටනම් ඒක කියවලා කමෙන්ට් එකක් දාලා යන එක හරිම වටිනවා මමත් පුද්ගලිකව කැමති ඒ වැටෙන කමෙන්ට් එකකට තමා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ටික කාලයක් මාතා යාළුවොන්ට ටැග් කරා ෆොටෝශොප් එඩිශන්ස් වල.. පස්සෙ නැවැත්තුවා..
      බොහොම ස්තුතියි අදහසට..

      Delete
  8. කලාව කියන්නෙ ඇරියස් කවර් කිරීමක්
    කමෙන්ට් කියන්නෙත් එහෙම දෙයක්..අපිට ිකයන්නෙ දෙයක් නැත්තං අනේ හුම් කියන්න මොකටද කමෙන්ට් කරන්නෙ...
    ගෑනු ගැන තියෙන ආසාව කියන ඇරියස් එක හැමෝටම තියෙනවා.එ නිසා ගෑනු දේවලට කොමෙන්ට් වැඩියි...
    කිසිම විදියකින් මට නිර්මාණයක් පෙනෙන්නෙ නැත්තං මුකුත් පස්නෙකුත් නැත්තං මං මොකටද කමෙන්ට් කරන්නෙ...
    අපි හිතමු කෙනෙක් උදේට උයපු හැටි කාපු හැටි කියනවා...
    ඉතිං මං ඒකට මොනා කියල කමෙන්ට ්කරන්නද?,

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.. කවුරු හරි මොනා හරි කිවුවා කියලා අපි මැරෙන්නයැ.. හෙහ්..
      ඒත් ඉතිං වැඩේ කියන්නෙ ඕන නැති ඒවටත් කොමෙන්ට් ගහන එක නේ..!!!

      Delete
  9. බුකියේ කොමන්ටු වලට වඩා මේකේ කොමන්ටු වටින්නේ මේ හින්දා කියලයි මට හිතෙන්නේ.බුකියේ ඉන්නේ ගොඩක් නිකම්ම නිකං පිස්සො (බහුතරය). බ්ලොග් කලාවේ ඉන්නේ යමක් කමක් ගැන දන්න පිස්සෝ නිසා. :ඩී පිස්සු කොමන්ටුවක්ද දන්නෑ :පී අනේ මන්දා මටත් කොමන්ටු නම් ගොඩක් වටිනවා මටත් වැඩිය වැටෙන්නේ නෑනේ ඕවා :ඩී තාම මාසයක්වත් නෑනේ බ්ලොග් බබාට

    ReplyDelete
    Replies
    1. ආආහ්.. පළවෙනි මාසෙ ඉතිං මට වැටිලා තිබ්බෙ එකම කොමෙන්ට් එකක්ද කොහෙද.. ඒත් ලියන එක අත්තැරියෙ නෑ. දිගට ලියද්දි හොද කමෙන්ට්ස් ලැබෙයි.. දැන් ටික දෙනෙක් මගේ බ්ලොගේටත් එනවා..

      Delete
  10. මේකෙත් ඔහොම තමයි.
    ලාවට ලාවට බුකියෙ වගේ සීන් තියෙනවා

    ReplyDelete
    Replies
    1. නැතුවාම නෙමෙයි.. ඒත් බුකියේ තරම් නම් නෑ..

      Delete
  11. කතාව නම් ඇත්තම ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සචිත් කියන්නෙ

      Delete
  12. මට හිතිච්ච් දේවල් ඒ ආකාරයෙන්ම ලියලා තියෙනවා එල

    ReplyDelete
    Replies
    1. මටත් හිතේ තියන දේවල් කියාගන්න බැරුව කාලයක් හිටියා. පස්සෙ තමයි මේ විදිහට කිවුවෙ..!!!

      Delete
  13. බුකියේ තමා කමෙන්ට් ප්‍රෝඩාව වැඩිපුර තියෙන්නේ...

    ReplyDelete
  14. සාමාන්‍යයෙන් කාන්තා බ්ලොග්කාරියන්ටත් කමෙන්ට්ස් වැඩියෙන් වදින බව මට පෙනිලා තියෙන්නේ.

    කමෙන්ට්ස් එච්චර එන්නේ නැහැ කිව්වට මේ තියෙන්නේ කමෙන්ට් ඇවිත් :D

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ගැන කිවුව නිසාමද කොහෙද මේ කොමෙන්ට් වැටිලා තියෙන්නෙ..!!! හි හි..
      කෙල්ලො ඉතිං කෙල්ලො නේ.. :/

      Delete
  15. ඇත්ත කතාව . . . සමහර කමෙන්ට්ස් ගැන නම් කතා කරලා වැඩක් නෑ තමයි . . . අදාල දේ ගැන විචාරය කරනවට වඩා ඒ දෙයින් පිට විචාර කරනවා වෙලාවකට හුගක් වැඩියි . . විනෝදාශ්වාදය සදහා නම් ඒ විදිහට කරන්නේ ඒකෙත් සීමාවක් තිබිය යුතුයි කියන එකයි මගේ අදහස . . . ලිපියේ තිබුණු හුගක් කරුණු මටත් උපකාර වුණා . . බොහොම ස්තුතියි අයියේ . .

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....