Saturday, April 21, 2012

සිහින උළෙලට පරිස්සමෙං ගිහින් එන්න එහෙනම්

බ්ලොග් අඩවියක් කියන්නෙ මොකද්ද? රටේ ලෝකෙ නැති හැම කුණු ගොඩක්ම ගහන තැනක් නෙ. නවකතා ද කෙටිකතාද චිත්‍රකතා ද මඩ ද දේසපාලනේ ද විරහව ද ආදරේ ද කදුලද හිනාව ද ඔය සමහර ඕන්නැති ඒවාද ඔය හැම මල ඉලවුවක්ම ගහන්නේ බ්ලොගේ නෙ. කොටිම්ම කියනවා නම් අච්චාරුවක්. සුද්ද සිංහලෙං කියනවා නම් ෆ්රුට් සැලඩ් එකක්. ඔය සැලඩ් ගොඩේ නටන පෙරලෙන හිනාවෙන තෙරපෙන අඩන වැලපෙන අපේම යි කියලා අපිට හැගෙන සහෘදයො ටික පට්ට වටිනවා කියලා අපිට දැනෙන්නෙ මොකක් හරි එකක් අපි පළ කරාම ලැබෙන ප්‍රතිචාර අරවා මෙවුවා එක්ක. ඒත් ආඩම්බරයි අපේ මිතුදම ඒකට විතරක් සීමා නොවෙච්ච එක ගැන. 

ශ්‍රී ලංකාවෙ අපිට අපේම කියලා විදිහක් තියනවා. ඒකයි විශේෂත්වෙ. නැද්ද මං අහන්නෙ‍. අපි Get together's පවත්වනවා. හෙට තියන්න ඉන්නවා වගේ සිහින උළෙලවල් පවත්නවා. මොන රටේද එහෙම තියෙන්නෙ? මේ රත්තරං ලංකාවෙ ඇරෙන්න. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපේ පරිනත බ්ලොග්කරුවන්ට. ඕන දේකදි බ්ලොගර්ස් ලා එකට එකතු කරන්න දරන උත්සාහය ගැන. ඔවුන්ගේ කැපවීම උනන්දුව සහ අර "බොක්කෙම්ම එන මෙවුවා එක" නැත්තං කිසි කෙනෙක්ව දැකබලාගන්න නැතිවෙන්න තිබ්බා. ඒත් අපේ වාසනාවට (සහ ඔවුන්ගේ අවාසනාවට) ඒ වැඩකටයුතු ටික නම් බොක්කෙම්ම සිද්ධ කරනවා අපේ ලොකු අයියලා ටික. 

මේ පෝස්ට් එක ලියන්නෙ නම් "මෙන්න මෙහෙමයි.. මේ පාරෙන් එන්න.. මේවා තමා තියෙන්නෙ.." කියලා කියන්න නෙමෙයි. ගිහින් එන්න ඉන්න අයට සුභ පතන්න අවස්ථාවක් කරගන්න. මොකද ඉතිං මට එන්න වෙන්නෙ නෑ. ඒකයි. මං නාවැයි කියලා අවුලක් නෑ ඉතිං (මං මොකෙද්ද? තාම ‍බටු ඇට දෙකක් තරම් වත් ලොකු නැති පුංචි බ්ලොගයක් ලියන පිස්සෙක්). ඔන්න එහෙනම් හැමෝටම අත්නත්තරේ පිහිටෙන් ඉතාම හොද දවසක් ගතකරන්න පුළුවන් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕන. බොක්කෙම්මයි කියන්නෙ.

ඒත් එක්කම චූටි ඉල්ලීමක් කරන්නම්. මත්පැන් එහෙම පාවිච්චි නොකර ඉන්නවා නම් ඒක තවත් ලස්සන වේවි. මොකද ඒවා පාවිච්චි කරාම ඒ ඉන්නෙ තමන් ම නෙමෙයි නෙ. තමන් කොච්චර "මම කෙලින්" කිවුවත් තමාට ඒ විශේෂ අවස්ථාවෙ තියන ඇත්ත සුන්දරත්වය ඒකෙන් ලබන්න වෙන්නෙ නෑ. මේක නිහතමානී ඉල්ලීමක්. 


හෙට දවස කියන්නෙ මගේ බ්ලොග් ජීවිතේට ගොඩක් වැදගත් දවසක්. ඒ දවස බ්ලොගර්ස් ලා එක්ක ගතකරන්න තිබ්බා නම්. ශික්. පින නෑ කියන්නෙ ඒකනෙ. :(

මතක තියාගන්න:

*සල්ලි පරිස්සම් කරලා තියාගන්න.
*එන්න කලිං වතුර බෝතලයක් එහෙම අරන් එන්න.
*කැමරාවක් එහෙම තිබ්බොත් වෙන දේවල් මතකේ තියාගන්න ගෙදර අරන් යන්න පුළුවන්.
*දැම්මම ෆෝන්, කැමරා ටික චාජ් කරගත්තොත් හොදයි.
*හෙට උදෙම්ම නැගිටින්න කලිං නිදාගන්න.

හැමෝටම හොදට සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා..

අනේ දෙයියනේ වහින්න නම් එපා !


ප.ලි. : වෛරස් උණ නැමති රෝගය මේ ලෝකයට හදුන්වාදෙනු ලැබූ එකාට පලි ගසන බවත්, දින දෙකහාමාරක් ඇදේ සිට ලාවට ඔළුව උස්සාගැනීමට හැකි වූ වහාම ලෙඩේ වැඩි කරගන්නට කොළඹ දුවන්නට තනනවා යැයි කියමින් ගමනට දැඩි භාධා එල්ලවන බවත් ප්‍රකාෂ කර සිටිමි. වැඩිදුර තොරතුරු අධ්‍යනයේදී පෙනී ගිය කරුණක් වන්නේ ගියාට කම් නැති වුනත් ආපිට ඇවිදින් එකදු "හචිස්" එකක් හෝ පිට වූ වහාම බත්කාඩ්පත අහිමි කරනා බවට අවධාරණය කර සිටීමයි.

14 comments:

  1. අපොයි එන්න බැහැ කියන්නද බං පෝස්ටුව දැම්මේ. කමක් නැහැ කවද හරි සෙට් වෙමු..

    //අනේ දෙයියනේ වහින්න නම් එපා !//

    එසේම වේවා. අපේ සතුටට කළ ප්‍රාර්ථනාවට ස්තුති සහෝ !

    ReplyDelete
    Replies
    1. එන්න බෑ කියලා නෙමේ එන්න වෙන්නෙ නෑ කියලා.. උණ ගැනිලා නෙව :(

      Delete
  2. eh malli moko enne neththe?kamak na exam lagai ne.

    ReplyDelete
    Replies
    1. එක්සෑම් නෙමේ අක්කෙ අවුරුද්දු තෑග්ගට ලැබුනෙ "උණ" නෙ :(

      Delete
  3. මොන වැඩේ තිබුනත් මේකට නොගිහින් බැහැ කියලා.. ඕන වෙඩිමක් උනාවේ කියලා එන්න කියලා දැන් තිරණය කලා... සෝ දවසක මුන ගැහැමුකෝ අපි....

    ReplyDelete
    Replies
    1. ආයෙ ගෙට් එකක් තිවුනාම සුවර් මුනගැහෙමු..
      මේ මළ වෙඩිමක් නිසා නෙ එන්න උනේ නැත්තෙ..

      Delete
  4. මට නන්න වෙන්නෙට් නෑ හලේ...:(

    ReplyDelete
  5. හෆ්ෆ්ෆා...ඇයි අෆ්ෆා මේ දවස්වල ඔය ලෙඩ හදාගත්තේ..

    ReplyDelete
    Replies
    1. මේ වෛරස් මරන්නත් බෑ නෙ..
      ආසාවටයැ හදාගන්නෙ :(

      Delete
  6. ලංකාවේ හිටියනම් ඉතින් මම ඔතනනේ අනිවාර්‍යෙන්ම....

    කලින් පෝස්ට් දෙකක් දාලා මකලා තියෙන්නේ මොකො?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. ලබන අවුරුද්දෙ එනෝ නෙ??

      නෑ නෑ.. ඒ දෙක ලියලා ඉවර නෑ. පෝස්ට් වෙලා ඉබේම.. අර බ්ලොගර් එකේ අලුත් ඉන්ටෆේස් එක නිසා.. :/

      Delete
  7. මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ ඒ තමා ලාංකික බ්ලොග් කරුවන් හට 2leep, Wahoha, Zaparena ව‍ගේ Traffic Exchange සේවාවක් ලබා දීම.
    ඉතින් ඒකට $99 වගේ මුදලක් යනව script එක මිලදි ගන්න. $80 වගේ මුදලක් තියෙනවා දැනට තව ටික කලකින් ඉතුරු ටිකත් හොයා ගන්න පුළුවන් වෙයි. script එක අත්හදා බැලිමට හා ඉදිරි වැඩකටයුතු සදහා ඔබගේ උදව් දිගටම බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම මෙක සින්ඩියක් නම් නෙමෙයි. දැනට විහාල‍ සේවයක් කරන කිසිදු සින්ඩියකට පහර ගැසිමක් නෙමෙයි. ලාංකික බ්ලොග්කරැවන් හට නවමු අද්දැකිමක් සමගින් වැඩි පාඨක සංඛ්‍යාවක් ලබා දීමයි මගේ අරමුණ.
    මට උදව් කරන්න කැමති අය මට mail එකක් දාන්න lasitha119[at]gmail[dot]com

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....