Friday, April 20, 2012

මේ වගේ සක්කිලියොත් ඉන්නවා ලංකාවෙ

මේ දවස් ටිකේ ඇදට වෙලා හිටියේ ගොඩක් අමාරුවෙන් උණ ගැනිලා. යන්තම් කෙලින් වෙන්න පුළුවන් උනාමයි මේ නැගිටලා ආවෙ බ්ලොග් එක පැත්තෙ. ඉස්සර වගේ නෙවෙයි ඉතිං දැං කවුරුත් මේ පැත්තෙ වැඩිය එන්නෙ නෑ නෙ. ඒ නිසා අවුලක් නෑ. මට තමා පාලුව. මොනා කරන්නද. ක්ෂිතිජ රේඛාවටත් හෙනහුරා පහත් උනා නෙ. කරන්න දෙයක් නෑ. කියෙවුවා ඇති. මේ කියන්න යන්නෙ මුහුණ දෙන්න උන සිද්ධියක් ගැන. කියවලාම බලන්න.

එදා උදේ ඉස්කෝලෙ තිබ්බෙ නෑ. මම සුපුරුදු විදිහටම කාඹරේට වෙලා හිටියෙ ‍කොම්පියුටරෙත් දා‍ගෙන එහෙට මෙහෙට කර කර. අපේ ගෙදර සාලෙ තිබ්බෙ මගේ කාඹරේට එහා පැත්තෙ. ටික වෙලාවක් යද්දි මහා බෙරිහන් දෙන සද්දයක් ඇහුනා.

කදුලු බිබී මනුස්සයෙක් මහා හයියෙන් අඩන සද්දයක් ආවා.

"අනේ මහත්තයෝ.. "

අපේ තාත්තාගෙ කටහඩත් ඒත් එක්කම ඇහුනා

"ඉස්සෙල්ලාම වාඩි වෙන්න ඔතනින්.."

 ආපහු අර කටහඩ

"අනේ මහත්තයෝ මගේ දරුවා.."

මේ කෑගැහිල්ල ඇහිලා අම්මාත් කොහේද ඉදන් දුවන් ඇවිත්. මට එලියට එන්න හිතුනෙ නෑ. මම කාඹරේට වෙලා කියන්නෙ මොකද්ද කියලා අහගෙන හිටියා.

"අනේ මහත්තයෝ.. මගේ පොඩි එකා ඊයෙ හවස ඇදගෙන වැටුනා. දරුවාට අවුරුද්දයි. ළමයාට හොදටම අමාරු නිසා කරාපිටියට අරන් ආවා මහත්තයෝ. රුපියල් දහදාහයි මම අරන් ආවෙ. දැන් මගේ අතේ ඉතුරු --- ක්. මගේ දරුවාට අමාරු නිසා ඔපරේශන් එකක් කරන්න ඕන කියලා ජයන්ත දොස්තර මහත්තයා කිවුවා. ඒක කරේ නැත්තං මගේ දරුවා ගැන තියන ආසාව අත්තැරගන්න කියලා කිවුවා. අනේ බුදු මහත්තයෝ"

මහා විලාප සද්දයක්. මට කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ. මම කාඹරේට වෙලා හිටියා. ඒ මනුස්සයා අඩනවා අඩනවා පුදුම විදිහට. තමන්ගේ ළමයාව නැති වෙනවා කියලා දැනුනාම ඉතිං මොන අම්මාට තාත්තාටද දරාගෙන ඉන්න පුළුවන්. අපේ අම්මාත් කතා කරන්න ගත්තා

"දැන් මොකද්ද උනේ කියලා කියන්න.. ඔපරේශන් එකට තව කීයක් අඩු ද?"

"තව රුපියල් 1000 ක් අඩුයි නෝනා. අනේ නෝනා පුළුවන් නම් මට ඒ ගාන දෙන්න. මම හෙට උදේම නෝනාට ගෙනත් දෙන්නම්."

"මේ මාසෙ අන්තිම. මම ඉතුරු කරගත්ත රුපියල් 500 යි තියෙන්නෙ. ණය වෙලා ගෙවල් දොරවල් හදාගත්තාට අපි ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. අපිට තේරෙනවා මිනිස්සුන්ට තියන අමාරුකම්. අපි ඒ මිනිස්සුන්ට උදවු කරන්නෙ නැත්තෙ අමනුස්සකම නිසා නෙමෙයි කරන්න පුළුවන් තත්වෙක අපි නැති නිසා"

එහෙම කිවුවෙ අපේ අම්මා. අර මනුස්සයා තව විනාඩි 30 ක් විතර ඉදලා අපේ පරම්පරාවටම පින් දිදී යන්න ගියා. හැම වතාවෙම කිවුවෙ,

"අනේ බුදු බව අයත් වෙන්න ඕන මහත්තයාලාට. මම හෙට උදෙන්ම මේ සල්ලි ගෙනත් දෙන්නම්"

මෙච්චර වෙලා කාඹරේ ඇතුලෙ හොරා වගේ ඔක්කොම අහන් හිටපු මම හිමීට එලියට ආවෙ අම්මාගෙන් සවිස්තර වාර්තාව දැනගන්න. අම්මා කිවුවා ඉතිං කතාව ඒ මනුස්සයා කියපු හැටියට. ඒ මනුස්සයාගෙ ළමයා බිම ඇදන් වැටිලා ලු. කොන්ද බිම වැදිලා ලු. ඒ නිසා ඉක්මනටම මොකද්ද ඔපරේශන් එකක් කරන්න ඕන ලු. ඒක නිසා ඒ මනුස්සයාට සල්ලි වගයක් ඕන ලු. රුපියල් 1000ක් මදී කියලා තමයි කිවුවෙ. අම්මා ගාව තිබිලා තියෙන්නෙ 500 යි. තව 500ක් කොහෙන්ද මන්දා කෙනෙක්ගෙන් ඉල්ලලා දීලා. තව තුවායකුයි ඕඩිකොලෝන් එකකුයි සබන් කෑල්ලකුයි දීලා පිටත් කරලා ඒ මනුස්සයාව.

කොහොම හරි ඒ දවස ඉවර උනා. අපි ඔක්කොම shock වෙලා හිටියෙ ඒ සිද්ධියට. අනිත් දවසෙ උදේ ඒ මනුස්සයා ආවෙ නෑ. අර ළමයා අච්චර අසනීපෙන් ඉන්දද්දී කොහොමද තාත්තා කෙනෙක් මේ රුපියල් 1000 ක් දෙන්න එන්නෙ. අපේ අම්මා එදා හවස කරාපිටියට කෝල් එකක් ගත්තා, සල්ලි ගැන හොයන්න නම් නෙමෙයි අර ළමයාට කොහොමද කියලා දැනගන්න. නර්ස් කෙනෙක් කතා කරලා තියෙන්නෙ.

"හලෝ කරාපිටියෙන්ද කතා කරන්නෙ"

"ඔවු.."

"මට ළමා ඒකකයට කතා කරන්න පුළුවන් ද?"

"ආ ඔවු පොඩ්ඩක් ඉන්න"

"හලෝ මේ ළමා ඒකකයෙන්ද?"

"ඔවු. කියන්න"

"මට දැනගන්න පුළුවන්ද අර අවුරුද්දක් විතර වයස බිම වැටිලා ඔපරේශන් එකකට ඊයෙ උදේ ගෙනාපු ළමයාගෙ තත්වෙ කොහොමද කියලා"

"නෝනාගෙ ගෙදර ඒ තාත්තා ආවාද?"

"ඔවු මිස්"

"මොනවද කිවුවෙ?"

"වැඩි දෙයක් කිවුවෙ නෑ මිස්. දරුවා ගැන කියලා හොදටම ඇඩුවා. මම ඔය තුවායකුයි ඕඩිකොලොන් එකකුයි තව උවමනා ජාති ටිකකුයි මදියි කියලා කිවුව රුපියල් 1000 කුයි දීලා පිටත් කරා. ඇයි මිස් එහෙම ඇහුවෙ?"

"ඉතිං නෝනාට සල්ලි ආපහු දුන්නාද?"

"නෑ මිස්."

"නෝනා, ඕකා පට්ටපල් හොරෙක්. මුළු දකුණෙම ඕකා ඔය හොර ව්‍යාපාරෙ ගෙනියනවා. ඔය බොරුව තමයි හැමෝටම කියන්නෙ. ඕකාට ඇති ළමයෙක් නෑ. ඕකා නොම්බර එකේ කුඩුකාරයෙක්. දැන් කුඩු ගහලා කොහෙට හරි වෙලා නිදි ඇති. කාළකණ්නියො. ඕකා දවසක් අපේ ගෙදරත් ආවා දරුවා ගැන කියාගෙන. මම කිවුවා මම හටසට ඩියුටි යනගමන් බලලා අඩු ගානක් තියනවා නම් දෙන්නම් කියලා. මිනිහා වාශ්පවුනා. දැන් කාලෙ මිනිස්සුන්ව තුට්ටුවකට විස්වාස කරන්න බෑ මිස්."

අම්මා ඒ ඔක්කොම අහගෙන ඉදලා රිසීවර් එක තිබ්බෙ පුදුම කළකිරීමකින්.

තමන්ගෙ ඕනඑපා කම් ඉශ්ටකරගන්න දරුවොන්ගෙ අසනීප ගැන කිය කිය මිනිස්සුන්ගෙ හිත් වලට ගින්දර දීලා මේ හොයාගන්න සල්ලි මුන්ටම විස වෙලා මැරෙන්නෙ කවදා හරි. දරුවෙක් කියන්නෙ සම්පතක්. ඒ සම්පතේ අගය තේරෙන්නෙ නැති මේ වගේ මිනිස්සුන්ට මොනවාද කරන්න ඕන කියලා තීරණයක් ගන්න. දකුණේ කෙනෙක් නම් අනිත් අයටත් මේ ව්‍යාපාරය ගැන දැනුවත් කරන්න. මේ වගේ මිනිස්සු මේ පොළවට බරක්.

WHAT DO YOU THINK??


ප.ලි. : කවුරු හරි හිතනවා ඇති ඒ කෙනා කරේ බොරුවක් කියලා ඔච්චරටම තේරුනේ නැද්ද කියලා. ඒත් ඒ කෙනා ඒ දේ කියලා විලාප තිබ්බ හැටියට ඕන කෙනෙක් ඒ දේ විශ්වාස කරයි. කොටින්ම කියනවා නම් මම කාඹරේ ඉදන් කල්පනා කළේ මගේ ගාව කීයක් තියනවාද, බැංකු පොතේ කීයක් තියනවාද මේ මනුස්සයාට දෙන්න කියලා. 


ප.ප.ලි : මේ වගේ සැකකටයුතු කෙනෙක් ගැන දැනගන්න ලැබුනොත් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම අදාල කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා සනාථ කරගෙන සල්ලි ටිකක් ඉල්ලගන්න ඕන විදිහට පරක්කු කරලා ළගම තියන පොලීසියට දන්වන්න. මේ ගැන නොදන්න අයට කියන්න. ඒ කියන්නෙ මගේ බ්ලොග් එක බලන්න කියලා නෙමෙයි. මේ වෙන සිද්ධිය ගැන දැනුවත් කරන්න. 

26 comments:

  1. ඕකා ආයෙත් අහු උනොත් කන පැලෙන්න දෙන්න ඕන.. ස්තුතියි දැනුවත් කළාට!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කණ පළලා මදි.. ගොඩක් සතුටින් දැනුවත් කරේ..

      Delete
  2. ඔහොම මිනිස්සුත් ඉන්නවා.. සමාජයේ හැටි.. ඒවුවා ඉතින් වෙනස් කරන්න බෑ..

    මොකද්ද අර මේ පැත්තට කවුරුවත් එන්නේ නෑ කිවුව කතාව?

    ReplyDelete
    Replies
    1. මේ වගේ එවුනුත් ඉන්නවා.. :( මොනවා කරන්නද

      නෑ නෑ අප්පා.. මං මේ කිවුවෙ මේ පැත්තෙ වැඩි දෙනෙක් ගැවසෙන්නෙ නෑ කියලා.. ඊයෙ ඇවිත් තිබුනෙ 9 යි. මේ පෝස්ට් එක දාන්න කලිං අද හිටියෙ 7 යි. ඉස්සර සමහර පෝස්ට් වලට හිට්ස් 100 ට වඩා තිබුනා. දැන් තියෙන්නෙ 30 ක් විතර. කට්ටිය ආගන්තුකයාව හැරයනවා වගේ.

      Delete
    2. ඇත්ත වෙන්න ඇති මල්ලි.. මමත් දැන් උඹේ බ්ලොගේ බලන්න එන්නේ නෑ.. අදත් ආවේ කෙනෙක් කරපු ඉල්ලීමක් නිසා..

      Delete
    3. ඒකනෙ කියන්නෙ.. කවුද ඇත්තටම එන්න කියලා කියපු පිංවන්තයා.. :ඩී

      Delete
  3. මේ වගේ දේවල් වලින්.. ඇත්තටම අසරණ වුණ මනුසයෙකුට උදව්කරන්නත් හිතෙන හිත් සිය වතාවක් විතර කල්පනා කරලා උදව්කරන්න වෙන එක..
    මනුස්සයින්ට මොනවා වෙලාද.. :(

    ReplyDelete
    Replies
    1. ඒ දේ තමයි දුක‍‍ට හේතුව. ඇත්තට අසරණ වෙච්ච මනුස්සයෙක්ට උදවු කරන්නත් දහවතාවක් විතර හිතන්න අපේ හිත ඒ මනුස්සයාව සැක කරන්න පෙළඹෙනවා මේ වගේ මිනිස්සු නිසා.

      Delete
  4. උබලට පිං.. ඒත් කවද හරි ඒව කරන මිනිස්සු විදවයි හිතන්න එපා මචං..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඕන අසරණ වෙච්ච මනුස්සයෙක්ට අපි උදවු කරන්නෙ ලාභ ප්‍රයෝජන බලාගෙන නෙමෙයි. එක හිතින්ම. ඒ මනුස්සයාට පිහිටක් වෙන්න පුළුවන් නම් ඒකයි තියන සතුට. ඒත් මේ මිනිස්සු..

      ස්තුතියි

      Delete
  5. ඔය වගේ සක්කිලියො හන්දා තමයි ඇත්තටම අසනීපයක් තියෙන කෙනෙක් ආධාරයක් ඉල්ලන් ආවාමත් අපි සැකෙන් බලන්නෙ හොරෙක් දිහා බලනවා වාගෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහතික ඇත්ත‍. ආයෙ කොච්චර අඩාගෙන මන්සුසයෙක් ආවත් අපිට වේචච සිද්ධිය නිසා අපි ඒ මනුස්සයිව සැක කරනවා මොහොතකට හරි.

      මේ වගේ එවුන් නිසා පිරිහෙන්නෙ මනුස්සකම

      Delete
  6. මචන් උබහොදවෙලාවට මේක කිවුවෙ, අපේ ගෙවලුත් ඔය කිට්ටුව
    මෙහෙම කාලකන්නි නිසා මනුස්සයෙකුට උදවුවක් කරන්නත් නෑ

    ReplyDelete
    Replies
    1. මහ කාළකණ්නි යක්කු. දරුවො විකුණං කනවා වගේ වැඩක් ඒක. ඕකුන්ට "පිරිමි" කියන්නත් ලැජ්ජයි.

      Delete
  7. මුගෙ ආච්චිට....ඉතුරු ටික මම කියන්නෙ නෑ... :/

    ReplyDelete
    Replies
    1. හෝවු හෝවු.. ආච්චි පවු නැද්ද..

      Delete
  8. අපොයි.. මෙහෙමත් ළමයින් ව විකුණගෙන කනව ද??? මුන්ට සක්කිලියෝ කියලා මදි. මේ වගේ අය නිසා තමයි, ඇත්තට ම අසරණ මිනිස්සුන්ටත් උදව් ලැබෙන්නේ නැත්තේ.....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. කියන්න ඒවා නම් හොදට මතක් වෙනවා මේ වගේ එවුන්ට. සදාචාරවත් බ්ලොග්කරණයේ යෙදීමේ ප්‍රතිපත්තිය නිසා ඒවා ගහන්න බෑ..

      Delete
  9. මම මගේ පරණ මතකයක් කියන්නම්. මේ වසර 2003 - 2004 වකවානුවයි. ඒ කාලයේ උසස් අධ්‍යාපනය හැදෑරු අපි නුවර සිට ගම්පොල බස් වල ගෙදර එන්නේ හවස 4 ට පසු ය. මේ බස් රථයකට පේරාදෙණිය හන්දියෙන් ගොඩවුයේ කකුලක් ආබාධිත බව කියාගත් හිඟන්නෙකි. කිහිලිකරු භාවිතා කල මොහු වයස 20 -22 පමණ වූවෙකි. මොහු තමාට වූ ගැහැට කියා පා බසයෙන් සෑහෙන මුදලක් එකතු කරගෙන, අවසන් දොරටුවේ පා පුවරුවට පැමිණියේය. අවසාන පඩියට බැසීමට පවා අපහසු බව පෙන්වූ මොහු අවසන් පඩියෙන් පැන වේගයෙන් අනිත් බසය කරා දිව යනු බසයේ සිටි සැවොම දුටහ.

    වසර 2006 හෝ 2007 මුල් අවධිය, මම කොළඹ සිට නුවර බලා එන බසයකට ගොඩ වීමි. වෙලාව සවස 3 ට පමණ ඇත. යාචක පෙනුමක්වත් නොවූ තරුණයෙක් බසයට නැංගේය. සර් මැඩම්, මගේ අම්මයි අක්කයි පස්සර දී පස් කන්දක් කදාන වැටිලා යට උනා. ඒ අය බදුල්ලෙන් නුවරටත් නුවරින් කොළඹටත් විදියට රෝහල් මාරු කළා. එයාලට ඒ තරම් අසාධ්‍යයි. මම විතරයි එකම පුතා. මම කරන්නේ සේල්ස්. එත් මේ කරදරෙන් පස්සේ මට වැඩට යන්න විදියක් නෑ. අම්ම හිතු මනාපේ බැඳගත්තා කියල අම්මගේ පැත්තේ නෑයෝවත් තාත්තගේ නෑයෝවත් බලන්නේ නෑ අපිට. ඉතින් මම ඉන්නේ මගේ රත්තරන් අම්ම ළඟ. දැන් මට කන්නවත් සල්ලි නෑ. මම පයින්ම අද කොටුවට ඇවිත් මේ විදියට බස් වල යන අයගෙන් කීයක්වත් ඉල්ලන්නේ. කියමින් හිඟා කෑව, ( ඇයි දන්නේ නෑ මේ කතාවයි මුණයි මට අදටත් මතකයි.) අනේ මෙන්න මාසෙකට විතර පස්සේ මේ හිඟන්න නුවර හිඟමන් යදිනවා. ඒ පාර අම්මියි අක්කියි වෙලා අම්මයි අක්කයි කියන දෙන්නා. ගම රාගල ලු. නුවර එලිය හොස්පිටල් එකෙන් නුවරට මාරු කරලාලු. ( මාරයි මුගේ ගෙදර උන් මාසෙන් මාසේ තැනින් තැන වැළලෙන සීන් එකක් තියනවා)
    සමාවෙන්න කොමෙන්ට් එක පොස්ට් එකක් උනාට. එත් මම ඔය කිව්ව දෙක හා තවත් හේතු හින්ද සල්ලි දෙන්නේ නෑ ලේසියෙන් හිඟන්නෙක්ට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපිවත් දැනුවත් කරාට.. මේක එක්තරා පෝස්ට් එකක් තමයි.. හි හි..!!!

      Delete
  10. Replies
    1. හොරෙක් කියලා මදි මූට..!!!

      Delete
  11. හී හී.අදනෙ පෝස්ට් එක දැක්කෙ.ඔය මනුස්සයා මස තුන හතරකට කලින් අපේ ගෙදරත් ඇවිත් තිබුණා.ඕඩිකොලෝනුයි,ලමයින්ට දෙන කිරිපිටි තව මොන මොනවදෝ වගයක් ඉල්ලලා තිබුණෙ.අපේ ගෙදරත් ඕවා නෑනෙ පොඩි උන් නැති නිසා.අම්මා තාත්තාව කඩේ යවලා ගෙන්නලා දීල තිබුණා.දවස් ගානක් යනකන් ඕක මතක් කර කර දුක් වෙවිත් හිටියා.හැබැයි එයාලා නම් තාමත් දන්නෙ නෑ ඇත්ත කතාව නම්. :) දැනගත්හම මොනවා හිතේද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ආ... මගේ බ්ලොග් පෝස්ට් එක පෙන්නන්න.. අපේ අම්මා සෞඛ්‍ය සේවයේ නිසා තමා කතා කරලා බැලුවෙ.. මමැයි කොරා.. නැද්ද..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....