Saturday, March 31, 2012

වාර විභාගයට පෙර


යම් චලිතයක් නියත w කෝණික ප්‍රවේගයෙන් යුතුව සිදුවුවත්, කේන්ද්‍රයේ ලක්ෂීය ප්‍රවේගය ශූන්‍ය වන අතර කේන්ද්‍රයේ සිට අනන්ත දුරකින් ඇති ලක්ෂයක එම ප්‍රවේගය අනන්තය කරා ලගා වේ. 0.7 ට වඩා අඩු වෝල්ටීයතාවයකින් යුත් විභව අන්තරයක් යෙදෙන සිලිකන් වර්ගයේ ඩයෝඩයක් පෙරනැඹුරු නොවේ. පැලේඩියම් / බේරියම් සල්ෆේට් / සල්ෆර් / ක්වීනෝලීන් යන සියල්ල සමග හයිඩ්‍රිජනීකරන්නා වූ ඇල්කීනයක් පමණක් ඇල්කේනයක් බවට පත් වේ. යම් සයින් අගයක් එම සයින් අගයට අනුරූප කෝණයෙන් බෙදා එම කෝණයේ අගය ශූන්‍ය කරා ලගාවත්ම, මුළු අගය 1 ට ආසන්න වේ. සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් හරහා ධාරාවන් ප්‍රතිරෝධ වල පරස්පරයේ අනුපාතයට බෙදෙන අතර ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් හරහා ‍වෝල්ටීයතාව ප්‍රතිරෝධ වල අනුපාතයට බෙදී යයි. අන්තර් අණුක ආකර්ශන බල භෞතික සාධක වලට බලපාන අතර අන්තඃ අණුක ආකර්ෂණ බල රසායනික ගුණ කෙ‍රෙහි බලපායි. සල්ෆර්, කාබන්, පොස්පරස් ආදය බහුරූපි ආකාර පෙන්වයි. උත්තල කාචයක් ආලෝකය අභිසාරී කරන අතර අවතල කාචයක් ආලෝකය අපසාරී කරයි. මේ සියල්ල මෙසේ සිදුවද්දී සෝඩියම් ක්ලෝරයිඩ් වෙළදපලට නිකුත් කිරීමට පෙර අයඩීන් 20-30 ppm මිශ්‍ර කළ යුතු නිසා යොදන පොටෑසියම් අයඩේට් වෙනුවට  පොටෑසියම් අයඩයිඩ් යෙදූ විට එහි ඇති අයඩයිඩ් අයන වායුගෝලීය ඔක්සිජන් සමග එක්ව අයඩීන් බවට පත් ව, ඌර්ධවපාතනයෙන් ඉවත්වන්නා සේ මම ද වන්නේ නම් යෙහෙකැයි විටෙක හැගේ..

2 comments:

  1. විභාගෙ ලං වුනාම කාගෙත් ඔලු පිස්සු වැටෙනව තමා.. ඉලෙක්ට්‍රෝනයට අංශු තරංග දෙබිඩි බවක් තියෙනව කිව්වට මේ පෝස්ට් එක කියවනකොට (දෙ)බිඩි නෙමේ (බහු)බිඩි තියරි අපිට දුන්නු වදේ මතක් වෙනවා.. එල එල!

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ට්‍රෝන තරංගයක් ද අංශුවක් ද කියන එක තීරණය වෙලා නෑ නෙ. මට නම් හිතෙන්නෙ ඕක ඔයින් කිසි එකක් නෙවෙයි. අපේ ඔලුව කන්න ආපු මොකක් හරි එකක්. ඇයි හත්තිලවුවේ ඔය ඉලෙක්ට්‍රෝන නැත්තං කෙමිස්ට්‍රියක් නෑ නෙ. එහෙනම් ප්‍රෝටෝනත් නෑ. (ආරෝපන තුලිත වෙන්නෙ නෑ නෙ නැත්තං). නියුට්‍රෝන තිබ්බත් කවුද ඕවා ගනංගන්නෙ. ඔය මොකක් තිබ්බත් ඕවා මොන එහෙකට හොයාගත්තාද මන්දා. අපි එපැයි පාඩං කරන්න..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....