Tuesday, March 13, 2012

ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද සාධාරණත්වය සහ අවස්ථාවාදය


මේ කියන්නට යන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ 12.03.2012 දින Live at 8 ප්‍රවෘත්ති විකාෂයේ "දවසේ වැරැද්ද" ට පෙන්වන ලද "පොදු දේපල කඩන්නට උත්සාහා කරන රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙකුගේ කතාව" පමණක්ම නොවෙයි. එයින් ඔබ්බට ගිය අවස්ථාවාදය පිළිබද කරන විග්‍රහයකි‍. සියල්ල සමතයකට පත් කර "රිච්මන්ඩ් හා මහින්ද සහෝදරත්වය" නංවාලීම සම්බන්ධ වූ කරුණ නිකරුනේ නැති කරන්නට නොයෙකුත් හස්ත ක්‍රියාත්මක වන බවත් එය පිළිකුල් සහගතව හෙලා දකින බවත් පැවසිය යුතුම ය. මෙහි අඩංගු වන්නේ මා විසින් මෙය දකින ආකාරය පමණි.

සිදුවූයේ මෙයයි. Live at 8 ප්‍රවෘත්ති විකාෂයේ "දවසේ වැරැද්ද" විශේෂාංගයට රිච්මන්ඩ් පැත්තේ සිටි බීමත් පුද්ගලයෙක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි තාප්පයේ තිබූ යකඩ කම්බි එහාට මෙහාට නවමින් කඩන්නට තැත් කිරීම සම්බන්ධ දර්ශන කිහිපයක් සමග එය එසේ නොවිය යුතු ය යන්න අවධාරණය කරන්නට යෙදුනි. එහිදී ඔවුන් පැවසුවේ "කෑවානම් බිවුවානම් පැත්තකට වෙලා හිටියොත් නේද හොද මහත්තයෝ" කියා ය. නමුත් එහිදී ඒ රිච්මන්ඩ් සගයෙක් කියා වත්, රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙක් කියා වත්, කොටින්ම රිච්මන්ඩ් නාමය වත් නොපවසන ලදී. නමුත් ඔවුන් විසින් ඒ ඉදිරිපිට දමා තිබූ රිච්මන්ඩ් ධජයක් කිහිපවතාවක්ම පෙන්විය. ඒ සිදු වූ දෙය කවුරු විසින් කළත් අපි සියළුදෙනාම එය වැරදි යැයි දකිමු. පොදු දේපලට එලෙස අලාභහානි කිරීම කිසි කෙනෙකුට කළ නොහැකි වේ. නමුත් මෙහි තවත් පැතිකඩක් වේ.

මෙය පෙන්වීමෙන් අනතුරුව ඇති වූ තත්වය මම දෙආකාරයකට දකිමි.




පළමු ආකාරය නම් මෙයයි. මා විසින් ඉහත ලිපියක සදහන් කර තිබූ පරිදි මහින්ද විද්‍යාලයට පහර පිට පහර වදින සමයක කරකියාගන්නට දෙයක් නැතිව ඔවුන් අතින් සිදුවූ සිද්ධිය වැරදි ලෙස නොදැක සමාව අයැදින්නට කොන්දක් නොමැති වූ ඇතැම් මහින්දයන් (සැබෑ මහින්දීයයන් ලෙස රිච්මන්ඩ් අපි නොපිලිගන්නා) මේ විකාෂයෙන් අනතුරුව "රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙක් විසින් පොදු දේපල කඩනවා ඊයෙ රටම දැක්කා" යනුවෙන් සදහන් කර පින්තූර කිහිපයක් එක් කර තිබින. එය හුදෙක් නිවට ක්‍රියාවක් ලෙස හෙලා දකින්නේ එම ක්‍රීඩාංගනයේදී සිදු වූ සියල්ල ඔවුන් දන්නා බැවිනි. එහිදී සිදුවූ දෑ දැන දැනත් මුළු රිච්මන්ඩ් ප්‍රජාවටම අවමන් කර ඔවුන් ලබාගන්නා තෘප්තිය කුමක්ද? එය හුදෙක් ඔවුන් අතින් අප හට වූ වැරදි වලට කියන්නට දෙයක් නොලද මොහොතක ලද අස්වැසිල්ලක් ලෙස සැලකුවා වන්නට ඇත.


කෙසේ වෙතත් මෙය දෙවැනි ආකාරයයි. රිච්මන්ඩ් - මහින්ද, ගාල්ලේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් මංගල්‍යයෙහි මිනිසුන් හැසිරෙන්නේ මේ ආකාරයටයි. එය ස්වර්ණවාහිනී මාධ්‍යය දකින ආකාරයයි. නමුත් එය එසේම ද? ආදරවන්තයන්ගේ සටන යනු හුදෙක් බීමත් මිනිසුන් පොදු දේපළ වලට හානි කරන ස්ථානයක් කියා නොකියා කියන ස්වර්ණවාහානිය ඔවුන්ට දුරින් ඇති ගාල්ල ගැන කියන්නට පෙර යාබද පාසල් වල තිබෙන බිග් මැච් අක්‍රමිකතා කියන්නට උත්සාහයක් නොගන්නේ මන් ද? කොළඹ පාසල් වල වන්නේ කම්බිකූරු නැවීමට එහා දේ බැවින් ඒවා දැමීම ශිෂ්ඨසම්පන්න නැති ද? දුර ඇති ගාල්ලේ පාසල් වල බිග්මැච් අක්‍රමිකතා පටිගත වන ස්වර්ණවාහිනියේ කැමරා කාච තුළ ඔය ළග ළග පාසල් වල අක්‍රමිකතා පටිගත වන්නේම නැද්ද? නැත්නම් එසේ කරන්නේ නැත් ද? කාන්තා පාසල් තුලට ගොස් ඇතැම් ප්‍රමුඛ පෙලේ පාසල් වල සිසුන් නටා ඇති නාඩගම් "කම්බිකූරු දිගඇර කෙලින් කිරීම" තරම් වැරදි නොවන්නට ඇත. එය එසේ වන නිසා ඒ පිළිබද ඔවැනි නෝන්ඩි අයුරින් කතා නොකරන්නට ඇත. 

Sirasa News First පැමිණි පසු තමන් එය ටිකක් සංශෝධනය කර News වලින් First කියාගත්තේ ස්වර්ණවාහිනිය යි. Sirasa Super Star ඇරඹූ පසු එය කොපි කර ඔය එක එක තරු මැවුවේ ස්වර්ණවාහානියයි. දැන් කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් පිළිබද මුනිවත රකිමින් ගාල්ල ආදරවන්තයන්ගේ සටන පිළිබද පමණක් දෝශාරෝපනය කරන්නට පෙළඹෙන්නේ ස්වර්ණවාහානියයි. මෙය හුදෙක් රිච්මන්ඩ් විද්‍යාලයට පමණක් නොව, මුළුමහත් ගාල්ලටම කරන ලද අවමානයකි. එය අවමානයක් ලෙස දකින්නේ කොටසකගේ (එනම් ලොක්කන්ගේ) වැරදි වසමින් වෙනත් අයගේ වැරදි පමණක් පෙන්වා හුදෙක් ප්‍රවෘත්තියට කුමක් හෝ දමාගැනීමට සිදුකළ දෙයක් වන නිසාවෙනි. ප්‍රවෘත්තියක් යනු හුදෙක් සමබර දෙයක් රටට පෙන්වන්නට කරන්නා වූ ව්‍යායාමයක් නමුත් පක්ෂපාතී ලෙස කොළඹට කිරි අපට කැකිරි සංකල්පය ඔපවත්කරන්නට කරන්නක් ලෙස මම නොදකී. 

ඔබ මෙයට එකග වන්නේ නම් මේ පිළිබද දැනුවත් කරන්න. සියල්ලන්ටම සාධාරණ වන පුවතක් දැනගැනීමේ අයිතිය සුරකින්න කටයුතු කරන්න. 

රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාලයේ කම්බිකෑරු නැවීමේ ක්‍රියාව කොළඹ සිදුවන සැවොම දන්නා රහස් වලට වඩා පළකරන්නට වැදගත් නම්, ඉදිරියේ පුවතක් නොමැති වූ විටෙක ගාල්ලේම යම් පාසලක සිසුවෙක් බිමට ටොපි කොළයක් දැමීමද පාපතර ක්‍රියාවක් ලෙස හුවා නොදක්වන්නේ යයි කියන්නට කිසිම හේතුවක් මා විසින් නොදකී. 

වරෙක මා විසින් දුටු දවසේ වැරැද්දක් නම්, 49cc යතුරුපැදියක හෙල්මටයක් නොපැලද යන පුද්ගලයෙක් ව පෙන්වා ඔහු පිළිබද හැකිතාක් වැරදි කියා සිටීමයි. නමුත් 49cc යතුරුපැදි වලට එම කාලයේදී ලයිසන්-ඉන්ශුවරන්ස් හෝ හෙල්මට් අවැසි නොවීය. හුදෙක් එම පුද්ගලයා රටක් ඉදිරියේ නිගරු වින්දේ කළ වැරැද්දකට නොවේ. මෙසේ තමන්ට දාන්නට යමක් නැති විට කුමක් හෝ දමාගන්නා ඔවුන් ඒ ප්‍රවෘත්ති එක් කරන්නට යන්නේ මාර්ග නීති වත් නොදැනගෙන බව අද රටක් දනී.


ස්වර්ණවාහිනියේ කියනා ඇතැම් පුවත් වලට වඩා අගනා පුවත් මා විසින් රිච්මන්ඩ් උදා පුවත් සිංහල හා ඉංග්‍රීසි විකාශ වල දිනපතා අසන්නට යෙදෙයි.
රිච්මන්ඩ් වේවා මහින්ද වේවා කුමන පාසලක හෝ වේවා සියල්ලන්ම ‍මෙම ක්‍රියාව සහ ජනමාධ්‍ය නිදහස පළිබද දෙවරක් සිතිය යුතු වන්නේ ය.


එමෙන්ම මේ පිළිබද පින්තූර එක් කළ අයටද කියන්නට ඇත්තේ ඇත්ත දැන අවස්ථාවාදීන් නොවී "ආදරවන්තයන්ගේ සටන හා ගාල්ලේ ගෞරවය" හමුවේ නැගී සිටින ලෙසයි.

මා කියුවේ මා හට හැගුනු දෙයක් විනා කිසි කෙනෙක් කියූ දෙයක් නොවේ. අදහස් පළ කිරීමට පිලිගැනීමට හෝ නොගැනීමට අයිතිය සියල්ලන්ම සතු ය.  


ප.ලි. : මේ කියන්නට යෙදුනු අක්‍රමිකතාවය සෑම කෙනෙක්ම වටහා නොගන්නේ නම් කරන්නට දෙයක් නැත‍. එම බීමත් පුද්ගලයා කළ ක්‍රියාව පහත් ‍ක්‍රියාවක් ලෙස අපි ද දකිමු. නමුත් මහින්ද විද්‍යාලයේ ඇතැමෙක් එය අවස්ථාවාදීව යොදාගැනීම සාධාරණ ද? ඔබ සිටි පැත්තේ යකඩ වැට නිරුපද්‍රිතව තිබුනා ද? යකඩ වැටේ කම්බි කූරු කැඩීමේ සිද්ධිය පහත් ලෙස දකින ඇතැමෙක්ට මහින්ද විද්‍යාලයේ සිසුන් පිටිය මැදට පැමිණ ටර්ෆ් එකට කළ හානිය පහත් ලෙස නොදකින්නේ මන් ද? මහින්ද පිලේ බීමතින් කවුරුන්වත් කිසිම වැරැද්දක් නොකළේ ද? මෙහිදී තවත් එක් විශේෂයක් නම් රිච්මන්ඩ් විද්‍යාලයට අපහාස වන අයුරින් පින්තූර එක් වද්දී, පාසල ඉදිරිපිටට පැමිණ ජෝගි නටද්දී එය නොදැක මුනිවත රැකි දෙනා මෙම කරුණේදී ඉදිරියට පැමැණ ඇති බවයි. එය හුදෙක් අවස්ථාවාදය නොවන්නේ ද? ඔවුන්ට පහර පිට පහර වදින විට කිසිත් නොකියා සිටි ඇතැමෙක් ස්වර්ණවාහානියේ මෙය පළ වීමත් සමගම ඔවුන් පවසන අන්දමට "ඔටෝ චූන්" වී ඇත. මැච් එකේදී සෑම කෙනෙක් අතින්ම වැරදි වූවා යයි නොපිලිගන්නා මුක්ධයින් මෙය අවස්ථාවාදයක් කරගත් බව ප්‍රත්‍යක්ෂ වේ.


අනෙක් කරුණ නම් මෙහිදී රිච්මන්ඩ් වත් මහින්ද වත් විශේෂ නොකොට ආදරවන්තයන්ගේ සටන "මේ ආකාර" යයි ස්වර්ණවාහිනිය පෙන්වූ බව අමතක නොකළ යුතු වන්නේය. ඔවුන් මෙසේ ආදරවන්තයන්ගේ සටන ම විශේෂ කොට දක්වන්නේ ඇයි? "දවසේ වැරැද්දට" කොළඹ ප්‍රධාන පෙලේ පාසලක කිසිවෙක් කරන ලද වැරැද්දක් පෙන්වූවා ඔබ දුටුවා ද? එතරම් වැරදි එහි වෙද්දී ගාල්ලට පමණක් දොස් නගන්නට ඔවුන් ඉදිරිපත් වී ඇත්තේ ඇයි? 


මහින්ද පිළේ කෙනෙක් මේ ක්‍රියාව කරනු පෙන්වූවේ නම් ඇතැම් රිච්මන්ඩ්වරු එය අවස්ථාවාදයක් කරගන්නවා නිසැක කරුණකි. එය හුදෙක් එය දුටු නිසා ඇතිවූ හැගීම නිසාය. නමුත් තරගය පිළිබද කරුණු දන්නා කෙනෙක් නම් එය එසේ නොකරන්නේ දෙපිලෙන්ම වැරදි සිදු වූ බව හෘදසාක්ෂිය දන්නා බැවිනි. එසේ අවස්ථාවාදයක් මතුකරන්නට කෙනෙක් උත්සාහා දැරුවේ නම් අප විසින්ම ඔහුට කරුණු වටහා දී එය නිවැරදි කරන්නට යෙදෙන බව ප්‍රකාෂ කිරීමට කැමැත්තෙමි.


"උඹලා අපේ ඉස්කෝලෙ නෝන්ඩි කරපු නිසයි අපිත් කරේ" කියන්නන්ට කීමට ඇත්තේ ඇත්තෙන්ම ඔවුන් නෝන්ඩි කරන්නේ රිච්මන්ඩ් විද්‍යාලය නොව වසර 107 ක් පුරා පැවති ආදරවන්තයන්ගේ සටන බව යි. එමෙන්ම ඔවුන් හෑල්ලුවට ලක් කරන්නේ මුළු ගාල්ලේම අභිමානයයි. ඔවුන් එකග වන්නේ "කොළඹට කිරි අපට කැකිරි" සංකල්පයට යි.  අවබෝධකරගන්නට නුවනැත්තන් අවබෝධ කරගනු යෙහෙකි. 


අවබෝධ වූවා නම් ඔය අවස්ථාවාදී චින්තනයෙන් ඔබ්බට ගොස් යතාර්ථය දැක සත්‍යයට මුහුණ දෙන මෙන් සියල්ලන්ටම ආරාධනය කරමි.

6 comments:

  1. ගාල්ලෙ ආදරවන්තයන්ගේ සටන සටන වගේද සෝමගෙයි ගාල්තැන්නෙ කපුමහත්තයගෙයි ආදර සටන.

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒ හරුපෙ තේරුම??

      Delete
    2. හෙහ්. හේ.. දවසේ කතාව...

      Delete
    3. ඒකෙ තේරුම මොකද්ද??

      Delete
  2. ආදරවන්තයන්ගෙ සටනක් විදිහට නෙවේ මට නම් ඕක පේන්නෙ,
    වැරැද්දක් හැටියට දකින්න,
    ඕක රිච්මන්ඩ් කරත් වැරදියි මහින්ද කරත් වැරදියි,
    කවුරුකරත් වැඩේ කැතයි,
    ඔය බිග් මැච් කියන්නෙ මහ මන්ද බුද්ධික හැසිරීම් පිරුණු ඒවා,
    මේ බ්ලොග් වලම ඒ වගේ වැඩ ගැන දාලා තියනවා මං දැක්කා,
    තමන්ගෙ ඉස්කෝලෙ ගුරුවරුන්ගෙම බ්‍රා හොරකම් කරනව කියලත් තිබුනා,
    මොනවද මේ?
    බිග් මැච් කියන්නෙ කොල්ලො බීලා කාලකන්නි වගේ ගහගන්න,
    තාප්ප වල නම් කොටන ඒවා.
    මේව ආදරවන්තයො කරන ඒවද?
    සමහර ඉස්කෝල වල අහිංසක දුප්පත් අම්මල තාත්තලා සහ ළමයි හොයාගත්ත සල්ලි වලින් එක එක ලස්සන නිර්මාණ කරනව ඉස්කෝලෙ තාප්පෙ,
    ඒත් ඔය බිග් මැච් පිස්සො ඒවත් වනසනවා,
    ඔය වගේ පිස්සු වැඩ කරන බිග් මැච් වලින් මොන ගෞරවයක්ද පාසල් වලට?
    මහලොකුවට ලොකු ඉස්කෝල වලට ගියාට ඉස්කෝලෙ වෙනුවෙන් කෑ ගැහුවට ඒ ඉස්කෝල කන්නෙත් ඔය පිස්සු වැඩ කරන ළමයින්ම තමා,
    මට නම් පුද්ගලිකව කිසි තරහක් නෑ කිසි ඉස්කෝලයක් එක්ක,
    හැම එකම වැදගත්,
    ඒත් ඒ වැදගත්කම කන්නෙ ඒකට යන ළමයි,
    ඒක පිළිගන්න.
    මේ ගැන නුවණ පාවිච්චි කරල හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කියපු කතාව අත් දෙකම උස්සලා පිලිගන්වා..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....