Sunday, March 4, 2012

බැරි දේ කරන්නට යාම (සින්දු කියනවා වගේ :/)

ආගන්තුකයා ගොඩක් කැමතියි පරණ සින්දු වලට. ඇත්තෙන්ම අද කාලෙ සංගීතෙ විරලව තියන අර්ථ රසය පුදුම විදිහට ගැබ් වෙලා තියනවා ඒ සින්දු වල. අපි "දැන් සින්දුවකට" කොච්චර කැමතියි කිවුවත්, ඒ කාලෙ සින්දු තාමත් අපේ හිත් වල තාමත් රැවු දෙනවා. ආගන්තුකයා හැබැයි නිකං ඉන්න ජාතියෙ කෙනෙක් නම් නෙමෙයි. කොහොම හරි සින්දුවක් මතක් උනා නම් මුමුණනවාම තමයි. 

ආගන්තුකයා ගේ වේදිකාව තමයි බාත්රූම් එක. "මේ ලෝකය බාත්රූම් එකක් උනා නම් මා හට ද ගායකයෙක් වන්නට තිබුනා" කියලා ආගන්තුකයාටත් නොහිතුනා නොවෙයි. ඒත් ආගන්තුකයා පොඩි අලුත් පියවරක් තියන්න තීරණය කළා. ඒ තමයි "බාත්රූම් එකෙන් ඔබ්බට" කියන සංකල්පෙ ගේන එක. මොකක්ද කියලා තේරෙයි දැන්.. 


හංසරාජිනී... මේ මම ගොඩක්ම කැමති සින්දුවක්. ඇත්තෙන්ම ඒක කියන්නෙ නම් සුනිල් එදිරිසිංහ මහත්මයා‍. ඇත්තටම මම මේ සින්දුවට කැමති උනේ Super Star එකේ දුමාල් වර්ණකුලසූරිය අයියා මේ සින්දුව කියනවා දැකලා. ඇත්තටම ඒක අනගි ගායනයක්. මගේ බාත්රූම් එකේ නිතරම කියවෙන සින්දුවක් තමයි ඒක. මොකද කියලා නම් දන්නෙ නෑ. ඍති පැන්නත්, තාල වැරදුනත්, වචන පිටපොට ගියත්, ඇග හෝදලා එහෙම ඉවර උනත්, කියන්න ගත්ත සින්දුව කියලා ඉවර කරලා තමයි එලියට එන්නේ. අම්මා ඉතිං එලි‍යේ ඉදං සින්දු කියනවා. මොනා කරන්නද ඒත් අපි වැඩක් පිළිවෙලකට කරන්න ඕන නේ. 

අර බාත්රූම් එකෙන් ඔබ්බට කියපු සංකල්පෙ ඇත්තටම කියනවා නම් ගායනා කරන්න ටිකක් අමාරු හංසරාජිනී වගේ සින්දුවක් කියලා දාන එක. (මම කිවුවෙ කියලා දානවා කියලා හොදද..) 

හැබැයි කවුරුත් හිතන්න එපා මම ඒ සින්දුව අවමානෙට ලක් කරන්න හිතන් කිවුවා කියලා. පුළුවන් හැටියට කිවුවෙ.. :( 

මේ තියෙන්නෙ මම කියපු සින්දුව,


මේක තමයි ඔරිජිනල් එක,


මේක දුමාල් වර්ණකුලසූරිය කියපු එක...


කොහොමද මගෙ ටැලන්ට් එක නේ.. හිකිස්...
බනින්න ඕන නම් මගේ ඊමේල් එකට එවන්න. (මොකද ප්‍රසිද්ධියේ බන්න එක හරි නෑ නේ) බනින්නෙ නැත්නම් කියන දෙයක් මෙතනින් කියන්න... 

(කන සම්බන්ධව වගකියනු නොලැබේ)

17 comments:

  1. ශා, ආගන්තුකයට හොඳට සිංදු කියන්න පුලුවන්නෙ. ජය !!!

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂතාවාදයෙන් ගත්තම නම්‍‍‍... හ්ම්ම්... අවම කෙනාට සාපේක්ෂව පුළුවන්...!!!

      Delete
  2. මම නොකිව්වයි කියන්න එපා මල්ලියෝ.. ඔයාට සින්දු කියන්න පුළුවන් බව මම කිව්වේ එදා ගෙට් එක දවසෙමයි..
    හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං අක්කා කියන එකක් තමයි :/ මොකෝ ඉතිං අක්කා කිවුවාට අහන එකක් යැ.. :/

      Delete
    2. හෙ හෙ.. නෑ මල්ලියෝ.. ඇත්තටම ලස්සනයි.. ඇත්තමයි...

      Delete
    3. හරි හරිරිරිරිරිරි.... පිලිගත්තා ඕං ඈ... ඉස්තූතියි අක්කේ..!!!

      Delete
  3. හරි ලස්සනට ගායනා කරන්නේ ...තව එකක් මීටත වඩා හොඳට කරල post එකක් දාන්න , අපි ආසාවෙන් බලන්වා ..අහනවා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් අයියේ.. තව එකක් දාන්න නිකං මොකක්ද වගේ.. හි හි..

      Delete
  4. ඔබට ගී ගායනයේ හොද හැකියාවක් තියෙනවා.. මම ඔබව ඊළග වටයට තෝරනවා..

    විහිළු නෙමෙයි මලයා.. ගායනයනම් හොදයි..

    ReplyDelete
    Replies
    1. හි හි.. කී වෙනි වටේට ද අයියේ??
      ස්තුතියි දිනේෂ් අයියේ!

      Delete
  5. ගායනය නම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අකීකරු හිත..

      Delete
  6. ඇත්තටම මේ සිංදුව ඔයා කිව්වත් වගේ කියන්න අමාරු එකක් තමා.. ගැඹුරු කටහඬක් තියෙන්නත් ඕන.. මුල් ගායනය සුනිල් එදිරිසිංහ මහත්මයාගෙනේ.. මේක සුපර් ස්ටාර් වල සීසන් 2 එකේ ප්‍රදීප් රංගන අයියත් කිව්වා.. මම ඒකට ආස උනේ ඊට පස්සෙ... කලින් අහල තිබුනෙත් නෑ.. මොනා උණත් හැමෝටම කියන්න බැරි විදියේ සිංදුවක් ලස්සනට කිව්ව එක කොච්චර ආඩම්බරයක්ද? ශෝක් සහෝ...

    ReplyDelete
    Replies
    1. බැරි වැඩක් කරනවා කියලා මම පටන්ගත්තෙ ඒක තමා.. ප්‍රදීප් අයියා කියපුවාම තමයි මම දැනගත්තෙ මෙච්චර සින්දු තියනවා කියලා.. ඒත් ඒක කියන්න අමාරු නිසා ඒක කියන අදහස හිතින් අත්තැරියත් දුමාල් අයියා කියද්දි තිබ්බ ආසාව නිසා තමයි මම ඒක කියන්න ට්‍රයි කරේ.. කොහොම හරි ඕන් කිවුවා.. ඕකෙ ඍතිය නම් අවුල්.. :/
      මොනවා උනත් සුනිල් එදිරිසිංහ සර් කියන එක නම් පුදුම ලස්සනයි...!!!

      Delete
    2. හැමෝටම "ගායනා කරන්න" බැරි මටත් "ගායනා කරන්න" බැරි සින්දුවක් කිවුව එක ගැන ආඩම්බරයි මට.. හි හි..

      Delete
  7. නියම ගායන හැකියාවක් තියෙනව සහෝදරය... ඔබට සුභ පැතුම්.. :)

    ReplyDelete
    Replies
    1. හා හා.. අපි හම්බුනාම කියමුකො එහෙනම් හංසරාජිනී...

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....