Friday, March 9, 2012

Big Match උණුසුම සහ පාසල් වල කීර්තිනාමය කෙලෙසීම

මේ දවස් කීපයේම රිච්මන්ඩ් මහින්ද වගේම අනිත් බිග් මැච් තියන පාසල් වලත් තත්වය උණුසුම් වැඩි වෙමින් පැවතිලා බිග් මැච් එකට කලින් දවස් කීපයේම ඒ උණුසුම උපරිම අගයකට ලගා උනා කිවුවොත් නිවැරදියි. බොහෝ දෙනෙක් තමුන්ගේ පාසලටයි මේ වසරේ ජය ලැබෙන්නෙ කියලා තමන්ගේ status පුරවගෙන තිබ්බා. ඒත් එක්කම තමන්ගේ පාසලේ ලාංඡනය යොදාගෙන තිබ්බා. ඒ අතරෙදි තවත් පිරිසක් අනිත් ඉස්කෝල වලට මඩ ගහන්න නින්දිත විදිහේ උපක්‍රම භාවිත කරලා තිබ්බා. ඒ ගැනයි මේ අවධානය.

ඇත්තෙන්ම බිල් මැච් කාලෙ තමන්ගේ පාසල් ගැන කියවෙන්න ඕන.. ලියවෙන්න ඕන.. පෙරඩ් යන්න ඕන.. පොඩ්ඩක් කෑ කෝ ගහන්න ඕන.. විවාද කරගන්න ඕන.. කොඩි දාන්න ඕන.. බෑංගල් බදින්න ඕන.. නැත්නම් බිග් මැච් එකක් තියන එකෙන් කිසි වැඩක් වෙන්නෙ නෑ. ඒත් එක දෙයක්.. තමන් තමන්ගේ පාසල ගැන කියනවා කියන්නේ කවදාවත් අනිත් පාසල පහත හෙලනවා කියන එක නෙමෙයි. ඒ දේ තේරුම්ගන්න ඕන අපි හැමෝම.. බිග් මැච් කාලෙට විතරක් නෙමෙයි ඕනම වෙලාවකදී.

මම අවුරුදු 13 ක් තිස්සෙ යන්නෙ රිච්මන්ඩ් විද්‍යාලයට. රිච්මන්ඩ් එක මම සලකන්නෙ මගේ දෙවනි අම්මා විදිහට. රිච්මන්ඩ් එක ගැන මොකක් හරි වැරදි දෙයක් යනවා නම් මට ඉවසන් ඉන්න බෑ. තමන්ගේ අම්මාට ආදරේ ඕන කෙනෙක් එහෙමයි කියලා මම විශ්වාස කරනවා. ඒත් එහෙම වෙන කෙනෙක්ගේ අම්මා කෙනෙක්ට කිසි වරදක් නැතුව කියවන්න තරම් මානසිකත්වයක් කොහෙන් සමහරුන්ට ලැබෙනවා ද කියන එක මට නම් ප්‍රශ්නයක්. රිච්මන්ඩ් අම්මා නම් කවදාවත් අපිට ඒ විදිහට කියලාදීලා නෑ. රිච්මන්ඩ් එකේ අපි කරන්නේ නම් අපේ ඉස්කෝලේ ගැන ටිකක් පම්පෝරි ගහගන්න එක. ඇත්තටම එහෙම කරන්නෙ පම්පෝරි ගහන්න තරම් වැදගත්කමක් රිච්මන්ඩ් විද්‍යාලයට තියන නිසා. අනිත් ඉස්කෝල වල අයත් එහෙම කරන්නේ ඒ හේතුව නිසාම කියලා මම දන්නවා. 

ඇත්තෙන්ම මේක ලියන්න හේතු වුනේ පහුගිය දවස් ටිකේ යම් පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් ෆේස්බුක් වෙබ් අඩවියේ රිච්මන්ඩ් විද්‍යාලයට අවමන් වෙන විදිහේ දේවල් නින්දිත විදිහට පළ කරලා තිබීම. ඇත්තෙන්ම මේ කතාව දැනගත්තාම ලොකු කේන්තියකුත් කළකිරීමකුත් ආවා. ඒ නිසයි මේ දේ ලියන්නේ. පාසලක් කියන්නෙ තමන්ට හොද නරක කියලා දීලා ගුණවත් නැණවත් මිනිස්සු පිරිසක් මේ සමාජෙට දායාද කරන තැනක්. ඒත් ඒ පාසලට යන ළමයින් කරන්නේ අනිත් ඉස්කෝල වලට නින්දා වෙන්න වැඩ කරන එක නම් ඕනම කෙනෙක් ඒක හෙලා දකින්න ඕන. රිච්මන්ඩ් එකේ කෙනෙක් ඒ විදිහේ වැඩක් කරත් ඒක අන්තිම වැරදියි. ඒ වගේ අය ගැන අනිත් පාසල් බලාගන්න කලින් අපිම බලාගන්නවා. මොකද ඒ අපිට රිච්මන්ඩ් අම්මා කියලා දුන්න පාඩම් වලට අදාල දෙයක් නොවන නිසා. 


ඒ දේ අනිත් ඉස්කෝල වලිනුත් අපි ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා. මේ වගේ නින්දිත වැඩ කරන අය ගැන ඒ පාස‍ල් වලම දැනුම් තේරුම් තියන අය බලාගන්නවා නම් ගොඩක්ම හොදයි. මේ වගේම නින්දිත වැඩක් කලිනුත් කරලා තිබ්බා රිච්මන්ඩ් විද්‍යාලයට. ඒ පාර පාඩමක් ඉගෙන නොගන්න ඇති. ඇත්තටම තමන්ගෙ අම්මාට ගරහද්දි ඕන කෙනෙක්ගෙ ලේ රත් වෙනවා. ඒ කෝපය කොයි ආකාරයෙන් පිටවෙයි ද කියන එක කාටවත් කියන්න බෑ. යම් පාසලකට, පාසලක කොඩියකට, නිල ලාංඡනයකට අවමන් කරන්න කලින් දෙතුන් පාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න. 

මේ දේවල් කරපු පුද්ගලයෙකුගේ ප්‍රොෆයිල් එක අද හොයාගන්නත් නෑ. 
ඒ නිසා තමන් මොනවා කරත් තමන්ගෙත් අනුන්ගෙත් ගෞරවය ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්න..
ජාති ආගම් කුල භේධයක් නෑ..
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො..
අපි හැමෝම අපේ අම්මාට ආදරෙයි..

Never mind a knock or two.. 
Never Fear the Fight..
Get up on your fit again, 
for RICHMOND's honor bright.. 

6 comments:

  1. "විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ"

    මමත් ඔය කතාව එක්ක 100%ක්ම එකඟයි.... අපි අපේ දෙවැනි මවුන් ට අපහාස කරනවට අපි කැමති නෑ වගෙම අනිත් අයත් එයාලගෙ දෙවැනි මවුන් ට අපහාස කරනවට කැමති නෑ කියන මානුෂික හැඟීම අපි හැමෝම බලෙන් හෝ අප හදවත් තුලට දා ගත යුතුයි කියලයි මට නම් හිතෙන්නෙ!!!!
    එහෙම වුනා නම් මේ වගෙ දේවල් වෙන එකක් නෑ....
    වටින කාලෝචිත පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ..!!!
      ඇත්තෙන්ම කමෙන්ට්ස් හිට්ස් බලාගෙන කවදාවත් මම පෝස්ට්ස් ගහන්නෙ නෑ..
      මේක කිසි කෙනෙක් නොබැලුවත්, මොන දෙයක්වත් නොකිවුවත්, හැමෝම අනිත් අයට ගරු කරන්න ඉගෙනගන්න ඕන..!!!
      ශිෂ්ඨසම්පන්න සමාජයක් හැදෙන්නෙ එහෙම උනොතින් විතරයි!

      Delete
  2. මමත් මේ ගැණ පෝස්ට් එකක් දාන්න හීයෙ,
    එක්සෑම් ඉවර වෙලා දානවා.
    එළ.

    ReplyDelete
    Replies
    1. මේ කාලෙට අදාල පෝස්ට් එකක් නිසා දැම්මේ..
      ඇත්තෙන්ම මේ වෙන දේවල් ඉවසන්න බැරි නිසා..!!!
      ස්තුතියි!

      Delete
  3. මේක අද ඊයේ දෙයක් නෙවෙයි පුතා. මම ඉස්කෝලේ ගිය 1960 දශකයේදීත් ඉන්ටර්නෙට් නැතුවත් මේ අපහාස කිරීම් සිදුවුනා. සිංහල බවුද්ධ පාසලක් වූ අපිට වැද්දෝ, ගොඩයෝ, බයියෝ, බුද්ධං සරනං ගච්ඡාමි 'ප.. . . . . . . ලා බුදියාමි (ඒ පදය අමු තිත්ත කුණුහරප) අපිත් සෙන්මේරිස් පරිප්පුවෝ මරියකඩේ සෙරෙප්පුවෝ කිව්වා. එදා අපි දෙගොල්ලන්වම නිවැරදි කරන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා අපි දෙගොල්ලොම මෝඩ විදිහට හැසුරුනා. මම හිතන්නේ මේ ගොන්පාට් තියෙන්නේ අපේ රටේ විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.., ඒත් මේ දියුණුයි කියලා කියන සමාජෙත් මෙහෙම වැඩ වෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.. ඒ වගේම දැන් ශිෂ්ඨසම්පන්න සමාජයක මේ වගේ දේවල් වෙන එක ඇත්තටම දුකට කාරණයක්.. මේ දේවල් වල කෙළවරක් දකින්න ඕන නිසයි හැමෝගෙම අවධානය මේ දේ කෙරෙහි යොමු කරේ.. මම 13 වසරෙ. තව අවුරුද්දකින් අපි ආදි ශිෂ්‍යයෝ.. ඉස්සර මිනිස්සු අපේ ඉස්කෝල වල නම බබලන්න කරපු වැඩ තව වැඩි කරන්නට කලින් ඒ මිනිස්සු කරපු දේවත් අපි ඉතුරු කරලා යන්න ඕන ඉස්සරහාට එන පරපුරට අභිමානයෙන් තමන්ගෙ ඉස්කෝලෙ ගැන කතා කරන්න..!!!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....