Thursday, March 8, 2012

Big Match නොදුටු පැත්ත | ගිය අවුරුද්දෙ අද වගේ දවසක

මේක ලියන්න පටන්ගන්නකොට රෑ 10.00 යි. මීට අවුරුද්දකට කලින් රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටනට කලින් දවසේ රෑ මේ වෙලාව වෙද්දි මම හිටියෙ රිච්මන්ඩ් ටෙන්ට් එක උඩ තොරණ සරසන ගමන්. ගිය අවුරුද්දේ තොරණ ඇත්තටම ගොඩක් ලස්සනයි. කොහොම හරි අපි උදේ 6 වෙනකනුත් තොරණ උඩ. 5 ට විතර මහ වැස්සක් කඩං හැලුනා. ඒ වෙද්දි මම කණුවක් උඩ නැගලා කටවුට් එකක් අල්ලගෙන. කොහොම හරි වැස්ස ඉවරවෙද්දි අපි හොදටම තෙතබරියං වෙලා‍. ඒත් අපේ අවුරුද්දෙ හිටපු සබ් ප්‍රිෆෙක්ට්ස් ලා යි සීනිය(ර්) ප්‍රිෆෙක්ට්ස් ලයි වැඩේ අත්තරින්නැතුව දිගටම කරගෙන ගියා. 

අන්තිමේදි ඔක්කොම වැඩ ඉවර වෙද්දි උදේ වෙලා. මම 6 පහු වෙලා ගෙදර ගිහින් අනිත් දවසේ 9 වෙද්දි ආවා එදා ඩියුටි කරන්න. කොහොම හරි (මහින්දෙ යන අය තරහා වෙන්න නම් එපා මෙහෙම කිවුවාට) අපේ ටෙන්ට් එක ගොඩක් ලස්සනට තිබුනා. ඒක තනිකර ලී වලිනුයි ‍බෝඩ් වලිනුයි තමයි ගහලා තිබ්බේ. ලස්සනට පාට කරලා ගොඩක් මහන්සි උනා මුළු ශිෂ්‍ය නායක මණ්ඩලයම ඒ වෙනුවෙන්. මහින්දෙ ටෙන්ට් එක අවතක්සේරු කරනවා නම් නෙමෙයි. ඒත් ඒක ගහලා තිබ්බේ රෙදි වලින්. කටවුට් 3 ක් විතරයි ගහලා තිබ්බේ. හැබැයි අපි තරම් වෙලා ගි‍යේ නෑ ඒක ගලවන්න ගහන්න එහෙම. 

අයියෝ අයියෝ මම මේක ගහන්න හිතුවෙ කාටවත් මඩ ගහන්න නෙමෙයි. ඒත් කෙනෙක්ගෙ දෙයක් ගැන හොද කියද්දි අනිත් අයට දුක හිතෙනවා. ඒක ස්වභාවය. ඇත්තටම රිච්මන්ඩ් එකේ මහින්දෙ කොල්ලොන්ට ඒ දේ දැනෙන්නෙ අනිත් මොකක් නිසාවත් නෙවෙයි, තමන්ගෙ ඉස්කෝලෙට තියන ආදරේ නිසා. ඇත්තටම නොදුටු පැත්ත ගැන කියලා මේ ලිපිය ලියන්නෙ ශිෂ්‍යනායක මණ්ඩලේට සුභ පතන්න හිතාගෙන. ඒ අය බිග් මැච් එක වෙනුවෙන් කොච්චර නම් දේවල් කරනවා ද කියලා සමහර විට හිතාගන්නවත් බෑ.



ඇත්තෙන්ම බිග් මැච් එක විතරක් නෙමෙයි, First Flag එක දාන්න කොච්චර මහන්සි වෙනවා ද, Prize Giving එකක් තියන්න කොච්චර මහන්සි වෙනවා ද, Assembly එකක් තියන්න කොච්චර මහන්සි වෙනවා ද, ඒ වගේම වැදගත්ම දේ තමයි ඉස්කෝලෙ විනය කියන එක රැකගන්න කොච්චර මහන්සි වෙනවා ද කියන එක ගොඩක් අය දන්නෙ නෑ.

හෙට බිග් මැච් එක නිසාත් අද ලාස්ට් නයිට් එක නිසාත් තමයි මේක ගැහුවේ. 
එහෙනම් ටෙන්ට් උඩ නැගගෙන දැං කට්ට කන රිච්මන්ඩ් එකේ ප්‍රිෆෙක්ට්ස් ලාට යි මේ..
උඹලා එක්ක ගිය අවුරුද්දෙ මම හිටියා.. අද මං නැති උනා කියලා අවුලක් නෑ නේ..
මං අද පන්ති ගිහිං එන ගමන් බලාගෙනයි ආවෙ.. උඹලා ඒ වෙද්දිත් කණු උඩ.. 
දුකේ බෑ.. දැක්කාම නගින්න හිතෙනවා ගිය අවුරුද්දෙ වගේ..
කොහොම හරි,
දෙපැත්තෙම ප්‍රිෆෙක්ට්ස්ලාට,
පෙන්නපල්ලා කොල්ලනේ ගාල්ලෙ කොල්ලංගෙ වැඩ..
උඹලාට සුභපැතුම්..

අපි සමරමු රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන හැමදාම වගේ..
අභිමානයෙන්...!!!  

4 comments:

  1. බිග් මැච් කාලේ තරම් ලස්සන කාලයක් තව තියෙනවද..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. අයියාට එන්න බෑ නේ ඉතිං දැං..

      Delete
  2. මේ දවස්වල බිග් මැච් කාලෙ නිසා, සමහර වෙලාවට පාර් යද්දි මට ජේ හෆ්ෆා...:/ කොල්ලෙක් වුනානම් කියලා හිතෙන්වා....:(

    ආදරවන්තයන්ගේ සටන ට ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. කොල්ලො කෙල්ලොන්ට නෙ අක්කෙ ඇදන් යන්නෙ.. ඒ නිසා ජේ වෙන්න දෙයක් නෑ..
      ස්තුතියි!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....