Saturday, March 17, 2012

19 වෙනි උපන්දිනේ | අම්මාගෙ කේක් ගෙඩිය | ඉලංදාරියා

ආගන්තුකයාට අදට අවුරුදු 19යි කියමුකො. ඊයෙ කිවුවානෙ අද වෙන්නෙ මොනාද කියලා කියනවා කියලා. ඔන්න එ‍හෙනම්. අද නම් 8.30 යි නිල වශයෙන් ඇහැරෙනකොට. ගිහින් ඉස්සෙල්ලාම බැලුවෙ කේක‍් ගෙඩිය. හිතාගන්න පුළුවන් ද මොකක්ද කියලා. අම්මා මේ පාර කේක් එක හදලා තිබ්බේ Blogger Theme එකට. ඒ කියන්නෙ මගේ "සිංහල බ්ලොග්කරණය" කියන ව්‍යාපෘති කවරෙ වගේ ඒක අයිසිං කරලා තිබ්බේ. පැත්තකින් ආගන්තුකයෙක් බංකුවක් උඩ ඉදගෙන ඉන්න එකක්. ඒක දැක්කාම නම් කපන්න හිතුනෙ නෑ අප්පා.

කොහොම හරි ඉතිං උ‍දේ පාන්දරින්ම යාළුවෙක් මිස් කෝල් එකක් ගැහුවා කියමුකෝ. මුං මිස් කෝල් ගහන්නෙ මම ආයෙ කෝල් කරන නිසා. 12 ඉදන් හවස 6 වෙනකං මොබිටෙල් ෆ්රී නේ උපහාර නිසා. මං ඉතිං කෝල් කරන්න ගියේ නෑ. පස්සෙ ඉතිං සත 13ක් කපාගෙන මට බැන බැන මැසේජ් එකක් ගහලා තිවුනා "හැපී බර්ත්ඩේ ජනී" කියලා. මං නොදන්නවැයි ඕකුංගෙ හැටි. මොනා උනත් අපරාදෙ කියන්න බෑ මැසේජ් 2ක් ම ආවා. තව කෝල් එකක් ආවා හැපි බර්ත්ඩේ කියලා මේ වෙනකොට. ඒක අස්සෙ හිම හංසි අක්කා මිස් කෝල් එකකුත් ගැහුවා. ඒ නං බර්ත්ඩේ එක මතක් වෙලා වෙන්න බෑ.


කොහොම හරි ඉතිං ඊට පස්සෙ පංති ගියා කියමුකෝ. මොකෙක්ටවත් මතක නෑ බර්ත්ඩේ එක. කමක් නෑ ඉතිං එක අතකට හොදයි මොකද නැත්තං පොකට් එක හිස් වෙනකං මුං මට හැපි බර්ත්ඩේ කියනවා නේ. පස්සෙ ගෙදර ආවායෙන් පස්සෙ කොම්පියුටරේ දැම්මා. ඒක ඕෆ් උනේ නැතැයි. බැන බැන ඒක හැදුවා ගලෝගෙන. හදාගන්නම බැරි උනා. පස්සෙ එකෙක් මිස් කෝල් ගහනෝ ගහනෝ මාත් ගත්තා. "අඩෝ.. ප්‍රොජෙක්ට් එකට මොකෝ කරන්නෙ?" හත්තිලවුවයි ගෲප් ප්‍රොජෙක්ට් එක කරාට ලිවුවෙ නෑ නේ. පස්සෙ ගරු සභාපතිතුමා වශයෙන් ගරු ලේකම් සිරිගෝරිස් උන්නැහේට කෝල් කරා කියමුකෝ. උන්දැ මට හැපි බර්ත්ඩේ කියපි. ඇයි යකෝ හරියට මං කෝල් කරලා කියවගත්තා වගේ. පස්සෙ බැලින්නං සිරිගෝරිස් උන්නැහේගෙ මෑණියන්දෑ ගෙත් උපන්දිනේ ලු. මම කිවුවා ඉතිං එතුමියටත් සුභ උපන්දිනයක් වේවා කියපාපාපාං කියලා.

ගිය අවුරුද්දේ නං ෆේස් බුකියෙ 160+ ක් හැපි බර්ත්ඩේ කියලා තිවුනා. වැඩේ කියන්නෙ එකට බත් කන උන්ටත් මතක නෑ කියන එකනේ. කමන්නෑ ඉතිං කොහොමත් වයර් මාරු වෙලා ඉන්නේ කට්ටියගේ විභාගෙට මාස 4 ක් නිසා. 

කොහොමින් කොහොම හරි, අද ඉලන්දාරියාගෙත් උපන්දිනේ ලු නේ. අනේ ඒ අයියත් අද අපිත් එක්ක හිටියා නම්. එහෙනම් කොච්චර ශෝක් ද. දැන් ඉන්න ලෝකෙක ඉදන් අපි දිහා බලන් ඇති නෙ ඉලන්දාරි අයියත්‍. අයියටත් සුභ උපන්දිනයක්‍.   

ඉස්සෙල්ලා ආපු අයට

ටිකක් පහු උන අයට

සුභපතපු හැමෝටමත් අනිත් හැමෝටමත් ගොඩක් ස්තූතියි ඈ...

14 comments:

  1. පරක්කුයි හොඳටම... කමක් නෑ දවස ඉවර වෙන්න කලින් සුභ පතන්න ඕනනේ,,, එහෙනම් මල්ලියා සුභම සුභ උපන්දිනයක් වේවා... දිගටම බ්ලොග් අවකාශයේ රැඳේවා... විභාගයේ වැඩ කටයුතු සාර්ථකවම ඉටු වේවා...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ශානි අක්කේ.. ඕන් කේක් කෑල්ලක් කාලා යන්න..!!!

      Delete
  2. අඩේ මටත් මතක් උනේ නෑ මල්ලියෝ..ඇයි ඉතින් මතක් වෙන්න මං දැනගෙන හිටිය එකක්යැ?
    :D

    එහෙනම් සුභම සුභ උපන්දිනයක් මල්ලි..!!!
    හොඳට විභාගෙත් ගොඩ යන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අමතක කරලා.. හි හි.. ස්තූතියි ඈ..

      Delete
  3. මටත් මතක් වුනේ නෑ නෙව.. හෙ හෙ.. කොහොම වුනත් මල්ලියාට සුභම සුභ උපන්දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මං දන්නෝ ඉතිං.. කමන් නෑ.. ස්තුතියි..

      Delete
  4. ඔය කිව්වාමයි දන්නේ ඊයේ උඹේ උපන්දිනේ කියලා සුභ උපන්දිනයක් වේවා ඊයෙට

    ReplyDelete
  5. අනේ මල්ලියෝ මතක් වුනේ නෑ නෙව.මම දන්නෙ නෑ ඔයාගෙ උපන් දිනේ කියලා.බුකියේ නැති නිසා නෝටිෆිකේශන් එකක් වත් ආවේ නෑ නෙ.ඔන්න මම රිමයින්ඩර් ලිස්ට් එකට දාගත්තා ඔයාගෙ උපන් දිනේ.ලබන අවුරුද්දේ අනිවාර්යෙන් විශ් කරන්නම්කෝ.ඒ විතරක් මදි මට කේක් නුත් ඕන.

    ඔයාට සුභම සුභ උපන් දිනයක් මල්ලියෝ.ඔයාගේ හීන බලාපොරොත්තු හැම එකක්ම හිතන විදියටත් වඩා හොඳින් ඉශ්ට වෙන ලස්සන අනාගතයක් අක්ක ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉතිං කියන්නෙ...

      කමන් නෑ ස්තුතියි අක්කේ..

      Delete
  6. මාත් හොඳට ම පරක්කුයි වගේ. ඒත් කමක් නෑ. 'සුබ උපන්දිනයක් මල්ලියෝ...!!!
    '
    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ආහ්.. ස්තුතියි දගමල්ලටත්..

      Delete
  7. ඔන්න අපි කලින් පෝස්ට් එකේදිත් විශ් කලා හරි..

    ReplyDelete
    Replies
    1. ආආආආ... ඕඕ... අයියාට අර කලිං තීන කෑල්ල...

      හොකොස්..!!!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....