Friday, March 16, 2012

ආගන්තුකයාට හෙටට 19 යි

ආගන්තුකයා කියන්නේ කිසි දෙයක් නොදැන බ්ලොග් අවකාශෙට ගොඩවැදුනු කෙනෙක්. කොහොමින් කොහොම හරි කාලෙ ගෙවුනා දැනුනෙත් නෑ. මීට අවුරුද්දකට කලිං ආගන්තුකයා කිවුවේ "අද තමයි මම නිල වශයෙන් ළමයෙක් කියන්න පුළුවන් අන්තිම දවස" කියලා. අද කියන්න තියෙන්නේ "වැඩිහිටියෙක් වෙලා ඉදලා පළවෙනි අවුරුද්දයි මේ ගෙවුනේ" කියලා.

වැල්වටාරං ඕන නෑ. හෙට මයෙ බ(ර්)ත්ඩේ එක. අම්මා කේක් එකක් හදලා ඇති. ඒක දැක්කෙ නම් නෑ. බලන්න ඕනෙ හෙට උදේවත්. මෙච්චර කාලෙකට ඉතිං ආගන්තුකයා බර්ත්ඩේ පාටි අරවා මේවා දාන්නෙ නෑ. එච්චර හැකියාවක් නෑ නේ. පොඩි ආසාවක් තියනවා දානයක් දෙන්න මහළු නිවාසෙකට. ඒත් මේ පාර නම් කරන්න වෙන්නෙ නෑ. මාසෙකට හොද ගාණක් යනවා ටියුශන් වලට.

හ්ම්ම්.. කියන්න දේකුත් නෑ. මේ තමා බ්ලොග් අවකාශෙට ආවාට පස්සෙ පළවෙනි පර්ත්ඩේ එක. මොනා මොනා වෙයි ද දන්නෙ නෑ හෙට. මොකක් උනත් අපි මේ උඩදාගෙන සැමරුවාට අපි මේ සමරන්නෙ තව අවුරුද්දකින් මරණට ලං වෙන දවසක්. :) මම නම් කියන්නෙ බ(ර්)ත්ඩේ එකකට අපි වියදම් කරන දේවල් කියන කරන දේවල් ඇත්තෙන්ම වැඩියි. මම වගේ ගෙදර අය එක්ක එකතු වෙලා කේක් එකක් එහෙම කපලා කනවා වගේ නෙමෙයි. පාටි දාලා ඉන්න හැමෝම ගෙන්නගෙන ඒ අයට කන්න බොන්න දීලා නටලා විනෝද වෙද්දී බත් කටක් කන්න බැරුව මැරෙන ළමයි දාස්ගානක් ඉන්නවා. ෆොටෝ එකක් දැක්කම "අනේ පවු" කියලා කමෙන්ට් කරන අපිට, පිස්සු නටනකොට ඒ මිනිස්සුන්ව අමතකයි.

කොහොම හරි හෙට 19යි කියලා වෙනසක් නෑ ඉතිං මට. තවත් එක දවසක්. ඒත් කිවුවේ අනිත් අය මොනා මොනා කියයිද කියලා දන්නැති නිසා. "ආ මල්ලි කියන්නෙම නැතුව බර්ත්ඩේ එක ගත්තා නේ" කිවුවොත් මොන දෙයියන්ට කියන්නද. කොහොම හරි මේ ටිකේ ආගන්තුකයා සාම්ප්‍රදායික බ්ලොග් කෙරුවාවෙන් ජූංජක් විතර අපගමනය වෙන පෝස්ට් දෙක තුනක් ගැහුවා. ඒ ඉතිං ඉස්කෝලෙ ගැන කැක්කුමක් තියන නිසා මිස වෙනස් වෙලා නම් නෙමෙයි ඕන්. අපි දැන් ඉතිං 13 වසරේ අන්තිම හරිය නේ. ඉස්කෝලෙ දාලා යන්න දුකයි අප්පා. දුකටත් එක්ක ‍ඒවා ගැහුනෙ. සමාවෙන්ඩ ඈ..

කොහොම හරි, හැපි බර්ත්ඩේ ටූ මී.....!!! 

10 comments:

  1. සුබ උපන් දිනයක් වේවා මලයාට !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වෙනි අයියේ..

      Delete
  2. සුබ උපන්දිනයක් වේවා මල්ලි..........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිරිපුතා..

      Delete
  3. සුභ උපන් දිනයක් මලයා.. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ් අයියේ..!!!

      Delete
  4. සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විසිතුරු..

      Delete
  5. සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලී!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිතුවක්කාරි අක්කේ..!!!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....