Friday, March 2, 2012

බ්ලොග් හිට්ස් 10,000+ | සිංහල බ්ලොග්කරණය


ගිය අවුරුද්දෙ (2011) මැයි මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්ත මම මාව එදා ඉදන්ම හදුන්වගත්තෙ ආගන්තුකයා විදිහට. මම මේ ලිපිය ලියන්නේ මගේ බ්ලොග් අඩවියේ හිට්ස් 10,000 සීමාව අද සම්පූර්ණ උන නිසා. ඇත්තටම මට පුදුමයි එච්චර වතාවක් මගේ බ්ලොග් එක බැලුනා කිවුවාමත්. ඇත්තමට මම වෙලාවකට ලියනවා, තව සති ගාණක් අත්තැරලා දාලා ඉන්නවා, බ්ලොග් එක ඩිලීටි කරනවා.. මේ හැම දෙයක්ම අස්සෙ බ්ලොග් එක මෙච්චර ගාණක් බැලුවා කිවුවාම පුදුමයි. කො‍හොම උනත් අදවෙනකන් (සහ ඉදිරියටත්) මම මගේ බ්ලොග් එකේ ලියන්නේ මට දැනිච්ච දේවල් සහ මගේම නිර්මාණ. ඒක ගැන මට සතුටුයි. 




බ්ලොග් එක ගැන ආපහු පොඩ්ඩක් හැරිලා බලන්න හිතුනා. 2011.05.22 තමයි මගේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක, මේ දවස් වල විස්තර ලියලා තියෙන්නේ. ඒකට එක ප්‍රතිචාරයයි ලැබිලා තියෙන්නෙ. ඒක සදුනි නංගි ගෙන්. මගේ පළවෙනි ෆලෝවර් තමයි... එක්කො ඕන නෑ... දැනට ෆලෝවර්ස්ලා 55 ක් මගේ බ්ලොග් එකේ ඉන්නවා. (සාපේක්ෂව අඩුයි) එදා පටන් අද දක්වා පෝස්ට් 71 ක් මගේ අතින් ලියවිලා පළ වෙලා තියනවා. ඒ අතරෙන් රන්දිව Black Board සාකච්ඡාව - ජනක අබේවර්ධන කියන පෝස්ට් එක තමයි වැඩිම දෙනෙක් බලලා තියෙන්නේ‍. ඒත් එක්කම,


වගේ පෝස්ට් වැඩි දෙනෙක් බලලා තියනවා. ඒ අතරෙන් රූමස්සල සුහද හමුව පෝස්ට් එකට තමයි ලෝභ නැතුව කමෙන්ට් 30 ක් ම ගහලා තියෙන්නේ. මෙතෙක් කාලෙකට මට ලැබිලා තියන ප්‍රතිචාර 430 ක්. ඒකෙ මම රිප්ලයි විදිහට ගහපුවා ත් තියන නිසා 250 - 300 ක් වගේ තමයි ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ 2.5% - 3.5% විතර කමෙන්ට් එකක් ගහලා යනවා.

අද විශේෂ නිසා බ්ලොග් එක ටිකක් වෙනස් කරා. (ටෙම්ප්ලේට් එක). ඒක හොදද නරකද කියලා යන්න හොදද.. ඒත් එක්කම කියන්න ඕන මගේ ප්‍රොජෙක්ට් එක කියවන්න ඕන කියලා කීප දෙනෙක් සිංහල බ්ලොග්කරුවන්ටයි මේ ස්තුතිය... පෝස්ට් එටක් කියලා තිබ්බා. ඒ අය මෙන්න මේ ලිංක් එකෙන් මගේ ප්‍රොජෙක්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.

මෙච්චර කාලයක් මාත් එක්ක හිටපු, හොද නොහොද කියලා මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.   

29 comments:

  1. නියමයි මලයා.. දිගටම බ්ලොග් අවකාශෙට හොද හොද දේවල් එකතු කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පිටසක්වල අයියේ..!!!

      Delete
  2. එල ඈ දිර්ඝ අනාගතයකට මගෙනුත් සුභ පැතුමි ඈ

    ReplyDelete
  3. හිත ඇත්නම් පත කුඩාද? ඔහොම යං මලේ.. අලුත් ටෙම්ප්ලේට් එකනම් ලස්සනයි. අද තමයි ඉස්සරලම කොමෙන්ට් එකක් කරන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත අයියේ. ස්තුතියි කමෙන්ට් කළාට. :) වෙලාවක් ලැබුනොත් එන්නකෝ..

      Delete
  4. Replies
    1. ස්තුතියි ළහිරු අය්යේ..

      Delete
  5. සුභ පැතුම් මලයා... දිගටම ලියමු.. මම ප්‍රොජෙට් එකක් ඩවුන්ලෝඩ් කලා.. හෙමීට කියවලා බලන්නම්..

    ReplyDelete
    Replies
    1. ආහ් හොදයි අයියේ.. ප්‍රොජෙක්ට් එක අයියා තමා ඉස්සෙල්ලාම ඉල්ලුවේ.. මට ඒක කන්වර්ට් කරගන්න බැරුව නෙ දැගලුවේ.. දැන් හරි නේ.. :)

      Delete
  6. ජය වේවා මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ප්‍රාර්ථනා අක්කේ..!!!

      Delete
  7. ජයවේවා මල්ලි, සමහර වෙලාවට කමෙන්ට් කරන්න වෙලාව නැති උනත් ලියනවනම් අපි ඇවිත් කියවලා යනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යේ.. මම දන්නවා ඒක.. අයියලා කියවන්නෙ නැත්නම් ඉතිං වෙන කවුරු මේවා කියවන්නද... :)

      Delete
  8. ප්‍රොජෙට් එක ඩවුන්ලෝඩ් කරන්න Media fire එකෙන් බැ නේ...වෙන එහෙකට අප්ලෝඩ් කරල ඩෙනවද?????

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි ඒ.. 10කට වඩා ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බා.. මාත් ඩවුන්ලෝඩ් කරා.. ප්‍රශ්නටක් නම් ආවෙ නෑ.. මීඩියා ෆයර් එකට වඩා හොද එකක් තියනවා නම් කියන්නකෝ...

      Delete
  9. ජයවේවා..මල්ලි පොඩ්ඩ පොඩ්ඩ , ටිකෙන් ටික ඉස්සරහට යමුකෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ..!!!

      Delete
  10. නොලැබෙන දේවල් ගැන හිත හිත ඉන්න වෙලාවට ලැබෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්ඩත් මලයා දන්නවා එහෙනම්...:)

    සුභ පැතුම් මගෙනුත්..

    ReplyDelete
    Replies
    1. නැතුව අයියේ.. බුදුබණෙත් කියලා තියනවා නේ එහෙම..
      මම ලබලා තියන දේවල් සහ මට ලැබිලා තියන දේවල් ගැන මට ඇත්තටම ගොඩක් සතුවුයි..!!!

      Delete
  11. ප්‍රොජෙක්ට් එක නම් උපරිමයි මලයා. වැඩ ඔක්කොම නවත්තලා ඒක බැළුවා.. ලකුණු 10ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ.. :)
      එච්චර කාලෙ මිඩංගු කළේ ඇයි ඒත්..

      Delete
  12. කෝ මම ඉස්සල්ලා දාපු එක... ????


    වැරදි දෙයක් කියලා තිබ්බද...???????

    ReplyDelete
    Replies
    1. අර උඩින් තියෙන්නෙ ඒක නේද අයියේ.. ඒකෙ වැරැද්දක් කියලා නෑ... මම අයින් කළෙත් නෑ... :/

      Delete
    2. නෑ... ඒකට කළින් එකක් දාලානේ ප්‍රොජෙක්ට් එක බා ගත්තේ.. ඒක මෙතන නෑ දැන්.. :(

      Delete
    3. ස්පෑම් ගොඩෙත් නෑ නෙ.. අනේ දන්නෙ නෑ අයියේ මොනවා උනා ද කියලා.. :(

      Delete
    4. ආ... අයියේ ඒක තිවුනා.. මම දැක්කෙ නෑ මෙච්චර වෙලා.. අයියෝ.. ඒකෙ කිසි වරදක් නෑ...!!!

      Delete
  13. මේ මචන්.ඔය විදිහේ ප්‍රොජෙක්ට් එකක් කරාම ඉස්කෝලෙන් අවුලක් නැද්ද බන්...??
    මටත් ඔය විදිහේ ප්‍රොජෙට් එකක් කරන්න ආසයි.අපේ ඉස්කෝලේ සර් ලා ටීචර්ල මොකක්ද කියල දන්නවද කියල තමයි මට තියන ප්‍රශ්ණේ.නැත්තම් ඉතින් අපරාදේ මහන්සිය....

    ReplyDelete
    Replies
    1. මට නම් මොනවත් කිවුවෙ නෑ.. අපි කරන්නෙ දන්නෙ නැති කට්ටිය දැනුවත් කරන එක නේ.. අර එක එක කට්ටිය කරන්නෙ එක එක එවුවා.. පිටසක්වල ගැන එහෙම.. මොකෝ මිස් ලා ඒවා දන්නවැයි.. හි හි.. අපි කරන්නෙ අපි දන්න දෙයක් නොදන්න අයට පෙන්නලා දෙන එක.. ඇත්තටම ඒක මට නම් ලොකු සතුටක්.. හැබැයි මයෙ ප්‍රොජෙක්ට් එක කඑන්නෙ නෑ ඕන්... :දිව

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....