Friday, March 30, 2012

යාළුවො ලියපු ඒවා (1)

නිල් අහස හමු වේද
අත පොවන මානයේ

දිය ගගුල නිමවේද
ඇස ගැටෙන මානයේ

වැලි කතර තෙත් වේද
පැන් බිදෙන් ප්‍රේමයේ

හිමකැටිය දියවේද 
උණුසුමින් මවකගේ

මල් කැකුළු පිබ්දේද
බැල්මකින් දයාවේ

මළ මුහුද පිරේවිද
කදුලකින් සෙනෙහසේ

ගණ අදුර දුරුවේද
කිරණෙකින් සත්‍යයේ..

- ඊ.ඇම්.ඇස්.ඇස් එකේ (ක්‍රියේටිවු හස්තය(08/09/2011)) 

2 comments:

  1. මේක නම් සිරාම ගති..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපේ යාළුවො ලිවුවොත්‍‍‍....

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....