Wednesday, February 29, 2012

දොස්තරලා සහ (කොන්)දොස්තරලා

මෙම ලිපිය ලියන්නට හේතු වූයේ මාගේ ඤාති සහෝදරිය හට අත්විදීමට සිදුවූ සිද්ධියක් මා හට තදින් දැණුනු බැවිනි. කවිකාරි ලෙස බ්ලොග් අවකාෂයේ පෙනී සිටින ඇය, මෑතකදී අපගේ නිවසට පැමිණියේ ඇයගේ රෝගී තත්වයට පිලියම් කරතිබූ නමුත් ඒ පිළිබද පසුවිපරමක් කරගන්නට ය. (කථන භාශාවෙන් ඉතිරිය. ඇයව කවිකාරි ලෙස ම හදුන්වන්නම්)

ඇත්තටම කවිකාරි අක්කා ආවෙ ක්ලිනික් යන්න. අක්කාගෙ උගුරෙ (thyroid gland) කැන්සර් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක හොද කරගන්න අක්කලාගෙ ගමේ පහසුකම් අඩු නිසයි අක්කා මෙහේ ආවෙ. ඒ පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් කියලා තමයි කිවුවෙ. (131 Iodine[Radioactive] therapy) කොහොම හරි ඒකෙ ඔපරේශන් එකක් කරන්න තිබ්බා. ඒක කරේ මම මේ කියන්න හදන දොස්තර. ඒත් එක්කම අක්කාට පිළිකා සෛල විනාශ කරන්න කිරණ අල්ලන එකයි අයඩීන් තෙරපි එකයි කරේ වෙන දොස්තර කෙනෙක්. අර ඔපරේශන් එක කරපු දොස්තර දොස්තර ස්පෙශලිස්ට් කෙනෙක්. කොහොම හරි කවිකාරි අක්කා හැමදෙයක්ම හොදින් කරගෙන ආපහු අක්කාගෙ ගමට ගියා.

මාස කීපෙකින් ආයෙත් කිලිනික් එන්න ඕන ටෙස්ට් වගයක් කරන්න. පිළිකා සෛල හරියටම විනාශ වෙලා ද කියලා බලන්න ටෙස්ට් වගයකුත් කරන්න ඕන ඒත් එක්කම. අක්කලා මීට මාස කීපෙකට කලින් ආවා ඒ වැඩේට. ඊට පස්සෙ ගිය සතියෙ ආයෙත් ආවා ඒ දේටම. අක්කා ගිය පාර ක්ලිනික් ආවාම අර ස්පෙශලිස්ට් හම්බුවෙන්න බැරි වෙලා. ඒත් ඒ යටතෙම හිටපු වෙනත් දොස්තරලා අක්කාගෙ තත්වෙ බලලා යවලා. මේ පාර කොහොම හරි හම්බුවෙන්න ඕන ඒ දොස්තර මහත්තයාව කියලයි අක්කා හවස 4 ට විතර පිටත් උනේ‍.

අපි ඒති දෙස් තිය තිය හිටියෙ චැනලින් ෆීස් 700 ගා‍ණක තිබුන එක දැන් 1200 කටත් වඩා වැඩි වෙච්ච එක ගැන. කොහොම හරි කවිකාරි අක්කායි අක්කාගෙ අම්මායි තාත්තායි ගියා ගියා මයි මගේ රෑ පන්තිය ඉවර වෙලා මම ගෙදර එනකනුත් නෑ. පස්සෙ ටික වෙලාවකින් කට්ටිය එනවා මූණවල් එල්ලගෙන. ඇවිත් බොහොම අමාරුවෙන් පුටුවෙ වාඩිවෙලා වෙච්ච දේ කියන්න ගත්තා. වෙලා තියෙන්නෙ මේකයි.

අර දොස්තර ගාවට ගිය ගමන්ම ඒ දොස්තරට කේන්ති ගිහින් එයාට අක්කාව පෙන්නුවෙ නෑ කියලා. ඒ අක්කලාට මොනවත් කියන්න ඉඩ දීලා නෑ බැනගෙන බැනගෙන ගිහින්. 

"මම නේද මේ ලෙඩාගෙ ඔපරේශන් එකත් කරේ... සිංහලයා ඔහොම්මමයි.. මුල මතක නෑ.." කියලා

ඒත් මේ අක්කලා කලින් පාර ආවාම ඉන්න පොඩි පොඩි දොස්තරලා බලලා අක්කාව යවලා. ඒ මොනවත් කියන්න ඉඩ දීලා නෑ. මේ දොස්තර බැනගෙන බැනගෙන ගිහින්. ඒත් එක්කම අක්කලා කලින් පෙන්නපු දොස්තර ගන්න කියපු රිපෝට්ස් වගයක් දීලා ඒ දොස්තර ට. මේ දොස්තර කියලා තියෙන්නෙ මෙහෙම කතාවක්,‍

"මට වෙන දොස්තරලා ගත්ත රිපෝට්ස් ඕන නෑ... අලුතෙන් මේ ටික අරන් එන්න..."
කියලා ඒ අක්කලා ඉදිරිපත් කරපු රිපෝට්ස් ම ආයෙ ගන්න කියලා ඒ දිහා බලන්නෙවත් නැතුව. (ඇත්තටම මේ කියපු දේවල් හරි මහත්මා විදිහට කිවුවා වගේ උනාට ගොඩක් ප්‍රචණ්ඩ විදිහට කියලා තියෙන්නෙ)

ඒත් එක්ම ඇත්තටම මේ අක්කා කරගත්ත ටෙස්ට්ස් ආයෙ කරලා රිපෝට්ස් ගන්න එක අක්කාගේ ඇගටත් හොද නෑ. එයින් E.C.G Scan එකට 12,500 ක්. තව ටෙස්ට් වලට තවත් සල්ලි. ඒ ටෙස්ට් කරන තැනින් කියලා තියෙන්නේ මේක පුදුම අපරාධයක් පුළුවන් නම් කලින් ටෙස්ට් රිපෝට්ස් වල දොස්තරගේ නම වෙනස් කරලා දෙනවා කියලා. කොහොම හරි අන්තිමේදි කවිකාරි අක්කා ඒ ටෙස්ට් ආයෙත් කරලා, සල්ලිත් වියදම් කරගෙන, හිතත් රිද්දගෙන, අන්තිමේදි අර නරුමයෙක් වගේ බැනපු දොස්තරගෙන් සමාවත් අරන් ඇවිත් අසරණකමට. 

ඇත්තටම දොස්තර කෙනෙක් කියන්නෙ මෙහෙම ද? තමන්ගේ ලොකුකම් පෙන්නන්න මේ විදිහට අහිංසක අසරණ මිනිස්සු තලන්න හදන්නේ මොන හිතකින් ද? ඒ දොස්තර මහත්තුරු විනාඩි 5 කට රුපියල් 1200 කටත් වඩා හෙවුවාට අසරණ මිනිස්සු එදා වේල කන්නේ බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් සල්ලි වියදම් කරන්නෙ ඒ දේ කරගන්න අත්‍යාවශ්‍ය නිසා. කෙනෙක්ගෙ තරහවක් පිරිමහන්න නෙමෙයි ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බුකරන්නේ. කවිකාරි අක්කාගෙ ජීවිතේ වෙනුවෙන් ඒ දෙමවුපියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒත් ඇයි ඒ වගේ අහින්සක මිනිස්සුනුට මෙහෙම කරන්නෙ? කවිකාරි අක්කා මානසිකව වැටිලා ඉන්න වෙලාවක හොදටම ඒ ‍මිනිස්සුන්ට බැනලා තමන්ගෙ තරහවයි ලොකු කමයි පෙන්නගත්තම ඔක්කොම හරි කියලා හිතන දොස්තරලාගෙන් රටට සෙතක් වෙයි ද?

තමන් කොච්චර උගත් උනත්, බුද්ධිමත් උනත්, මනුස්සයෙක්ට මානුශිකත්වයක් නැත්නම් විශේෂයෙන්ම දොස්තර කෙනෙක්ට, මට නම් ඒ දේ හිතාගන්න බෑ. 

ඒත් මේ අතරෙ ඇත්තටම තමුන්ගෙ හැමදේම කැප කරලා අනුන් වෙනුවෙන් සොවය කරන රත්තරං මිනිස්සුත් නැත්වාම නෙමෙයි.


18 comments:

  1. ඇත්තටම එවගේ ඔළුව උදුමිමවා ගත්තු අය ඕනි තරමි ඉන්නවා
    නිදහස් අධ්‍යාපනෙන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්ම ඉගෙන ගෙන ඒ අයටම පාට් එක දානවා

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත‍.. :(

      Delete
  2. මම හිතන්නේ මේ අර බලය වර්ධනය කරන කෙනා වෙන්න ඕනා,,පොරගේ අත්ගුනය හොදයි ඒත් මනුස්සකම බිංදුවේ තියෙන්නේ,,සල්ලි විතරමයි...මේ එයාද

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම හරියටම දන්නෙ නෑ. බලය වර්ධනය කරගන්න කෙනා කියන්නෙ කවුද කියලා. කොහොම උනත් ඒ ගතිගුණ තියන කෙනෙක් නම් තමයි.

      Delete
  3. මේ වගේ මිනිස්සුත් තමයි දැන් වැඩිය ඉන්නේ.. සල්ලි වලට තමයි හැමදේම..

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ.. මනුස්සකම දැන් බල්ලාට ගිහින්..

      Delete
  4. ඔයාගේ අක්ක ඔය වගේ දෙයක් උන පළමු වැනියා නොවේ. මා හිතන්නේ අපේ නිදහස් අද්‍යාපනය සම්පුර්ණයෙන්ම වාගේ අසාර්ථකයි. අනික් පාඨමාලාවලින් රටට අවශ්‍ය කරන අන්දමේ කුසලතා තියන අය බිහිවෙන්නේ නැහැ, කුසලතා තිබුනත් මනුස්සකම තියන දොස්තරලා බිහිවෙන්නේ නැහැ. මගේ බිරිඳට මිට සමාන අසාධාරණ වෙලා තියනවා. නමුත් ඒ වෙලාවල් වල ඊට සටන් කරන්න ඉස්පාසුවක් තිබුනේ නැත්තේ, අපට ඒ ගැන හිත යොදවන්න ඉස්පාසුවක් තිබුනේ නැති නිසා. මේ වගේ දේවල් කරන අය ගැන නම කෙලින් සඳහන් නොකරට පාඨකයාට ඉඟියක් දෙන්න. ඊළඟ වතාවේ වත් අහු නොවී ඉන්න. හැබැයි විශේසඥය දොස්තර කෙනෙක් නම් වෙන විකල්පයකුත් නැතුව ඇති!

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි කරබාගෙන එන්න වෙලා තියෙන්නේ. විශේෂඥය දොස්තර කෙනෙක් සහ ලංකාවටම එහෙම ඉන්නෙ 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි නිසා. මොනවා කරන්නද? ඒ මිනිස්සුන්ගෙ ලොකුකම් පෙන්නද්දි තැලෙන්නෙ පොඩි මිනිස්සු..

      Delete
  5. මාරයි... මට ඊයෙ කවිකාරි මතක් වුනා.. මාස 6කින් ලියලා නෑ.. ම්ල්ලිගේන අහන්න ඕනෙ කියලා හිතන් ඉද්දි මල්ලි කවිකාරි ගැන පෝස්ටුවකුත් දාලා..
    මිනිස්සු යාන්ත්‍රික වෙලා මල්ලි. හදවතේ මනුස්සකම කියන එක ඩිංගිත්තක්වත් නෑ සමහරුන්ගේ.සල්ලි කෝටියක් හෙව්වත් වැඩක් නෑ. හිතේ මනුස්සකම බිංදුවක් වත් නැත්තම්..

    ඉතුරු ටික කියන්නම් ආයෙ ඇවිත්..

    ReplyDelete
    Replies
    1. කවිකාරි අක්කා දැන් ගුරුවරියක්. අක්කා බ්ලොග් ලියන්නෙ අපේ ගෙදර ආවාම විතරයි. නැත්නම් අක්කාට නිදහසක් නෑ. මේ දේ අක්කාටම කියලා ලියවන්නයි මට ඕන උනේ. ඒත් අක්කා ඊට පස්සෙ දවසෙම ගියා නේ. ලියන්න උනේ නෑ කවිකාරිට.
      මොකද්ද අයියේ කියන්න තියනවා කිවුවේ??

      Delete
  6. ඒ දොස්තර මහත්තුරු විනාඩි 5 කට රුපියල් 1200 කටත් වඩා හෙවුවාට අසරණ මිනිස්සු එදා වේල කන්නේ බොහොම අමාරුවෙන්. අම්මපල්ල ආගන්තුකයෝ!! සහතික ඇත්ත :/

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කරබාගෙන ඉන්නේ ඒ අයගෙ අසරණකමට පුබුදු අයියේ.. :(

      Delete
    2. ආගන්තුකයෝ කියල කිව්වට මම තාම පොඩි එකා, 16ය් වයස, මම මල්ලි කෙනෙක් වෙන්න ඕන ;)

      Delete
    3. ආහ්.. මේකෙ ගොඩක් කමෙන්ට් කරන අය ඉතිං අයියලා නෙ.. ඒකයි එහෙම කියවුනේ.. මට 18 යි..!!!

      Delete
  7. ඔවාට නීතිමය ක‍්‍රියාමාර්ග තියෙනවා ගන්න.. සල්ලි ගේමක් නැති අයත් ඇති ඒත් දුප්පත් මිනිස්සුන්ට කරන සේවයක් මේවට නීති ක‍්‍රියාමාර්ගයක් ගන්න එක..

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙන්නෙ නෑ අයියේ.. ලංකාවටම ඉන්නෙත් ඔච්චර නම්, ඒ අය ගැන අපි පැමිනිලි කරන්න ගියාම වෙන්නේ ඒ දොස්තරලා ආයෙ ප්‍රතිකාර කරන්නෙත් තරහෙන්. අනික අනිත් අය නොදන්න දෙයක් ගැන මේ අය මොනවා කියලා මොන බෙහෙත් දුන්නත් අපි බොන්න එපා යැ. අයියාට තේරෙනවා නේ. ඒත් ඉතිං අන්තිමේදි තැලෙන්නෙ අහිංසක මිනිස්සු..!!!

      Delete
  8. Replies
    1. වැඩක් නෑ අක්කේ.. මොකටද ඕක කිවුවා කියලා.. මොනවා උනත් ඒ දොස්තරගෙ අතිනුත් හොද උන මිනිස්සු ඇති නේ.. ඒ නිසා යි නම නොකිය ඉන්න හිතුවෙ..!!!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....