Tuesday, February 21, 2012

ආශාව

නොදැක ඔබ ලොව කෙදිනකවත්
දැකගන්න ප්‍රිය කර 
අයැදුවෙමි ඔබෙ ලොව
සිත්තම් කරනට සිතිවිලි පලසේ

නොදැක ඔබෙ රුව කවරදාවත්
ප්‍රිය කළෙමි දැකගන්නට
වියැකෙන්නට මත්තෙන්
ඡායාවක් මවනට හිස් වූ නෙත් සගලේ

නොඅසා ඔබෙ ප්‍රිය වදන් වැල්
බලා හිදින්නෙමි අසන්නට
දෙදරා කැඩී බිදී යන්නට මත්තෙන්
ඉරි තැලී ඇති වදන් යොමුවේ

නොලැබ ඔබේ සුව පහස
බලා නොහිදිමි විදින්නට
නොදැක ඔබේ ලොව..
නොදැක ඔබෙ රුව..
නොඅසා ඔබේ ප්‍රිය වදන් වැල්..
නමුදු ප්‍රිය කරමි
පියවුනු පසුව වත් වැහැරුනු දෙනෙත්
විදිනට සියල්ල...
මියෙන්නට පෙර නොලැබූ..

4 comments:

  1. ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ට නපුරක් උන සුන්දර අදහසක්

      Delete
  2. අසුන්දර අත්දැකීමක සුන්දර පැත්ත !

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....