Monday, February 13, 2012

ක්ෂිතිජ රේඛාව



සිත් සයුරෙහි රළ 
අහස් කුස සිප ගන්නට සමත්..
හිතෙහි සවිය
සාගරය පරදන්න සමත්‍‍..

පරිකල්පිත ලොවක් මවන්නට
මේ සිත උපතින්ම සමත්..
මතු දින සුභ සිහින දක්නට
මිනිසුන් නිතැතින්ම සමත්..

සිටින්නට ‍නොදැනී කිසිත්
ඔබේ සිත කිමද සමත්..
ක්ෂිතිජ රේඛාවේ සීමා බිදිනට
වේද අපි (අ)සමත්....???




6 comments:

  1. හිස් කරන්නට හැකි නම් ඔබට 'හිස්තැනක්'
    නිසැකවම බිඳ දැමිය හැක සීමා ක්ෂිතිජ රේඛාවෙ...

    ReplyDelete
    Replies
    1. බිදිනට හැකි නම් එම රේඛාව..
      වෙමි මම මේ ලොව සතුටුම මිනිසා..
      එක් නිමේශයකට නොව..
      දිවි ඇති තෙක්.

      Delete
  2. ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. සිතුතියි දිනේෂ් අයියේ
      ඒ දේ දැනෙන්න ඕන අයට දැනුනා නම් ඒ බව..

      Delete
  3. "ඔබේ සිත කිමද සමත්"... හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. :) ඔබේ සිත කිම ද සමත්..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....