Monday, February 13, 2012

රන්දිව Black Board සාකච්ඡාව - ජනක අබේවර්ධන

ලිපි ලිවීම අතැර තිබූ මා හට රන්දිව පත්තරයේ තිබූ එක් ලිපියක් නිසා ඇතිවූ කණගාටුව පාදක කොටගෙන මෙම ලිපිය ලියන්නට සිදු විය. එය "ජනක අබේවර්ධන" සර් පිළිබද පල වූ "ජනක අබේවර්ධන Black Board මගහරියි" යන්න පිළිපදව ය. එමෙන්ම මෙය ලියන්නට පෙර කිව යුතු කරුණක් වන්නේ මම ජනක සර් ගේ පන්ති වලට සහභාගී වන කෙනෙක් බවත්, කිසිවෙකුගේ බලකිරීමක් හෝ පෙන්වීමක් යටතේ මෙම බ්ලොග් ලිපිය නොලියන බවත් ය. මෙය ලිවීමට එකම හේතුව නම්, ජනක සර් පිළිබද රන්දිව පුවත්පත ඇති කරන්නට යෙදුනු කතිකාවත යි. එය එතරම් තදින් නොදැනුනේ නම් කෙදිනකවත් මෙලෙස මාගේ ව්‍යාපෘතිය කරන අතරතුර බ්ලොග් අඩවිය යාවත්කාලීන නොකරන බව කිව යුතු ය.


රන්දිව පුවත්පතෙහි පළ කරන ලද Black Board වාර්තාව කියවන්නට යෙදුනු ජනක සර් ගේ ගෝලයෙක් යම් දිනෙක ඔහු පිළිබදව ද එහි පළ කරන ලෙස ඉල්ලා සිටින්නට ඇත්තේ තමන් ඇත්තෙන්ම කැමති ගුරුවර‍යෙක් පිළිබද තතු විත්ති පුවත්පතක පළ කරන්නට සිතාගෙන ය. රන්දිව ද ඒ සදහා ප්‍රතිචාර දක්වමින් ජනක අබේවර්ධන මහතා ව සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීම පැසසිය යුතු කරුණක් බව කිව යුතු ය. ඔහු සමග කළ කථිකාවතේදී ජනක සර් විසින් සදහන් කර ඇත්තේ "මම කැමති නෑ ඔහොම ප්‍රසිද්ධියක් ලබාගන්න" යනුවෙන් (රන්දිවේ සදහන් වූ පරිදි). එය එසේ වේ නම් තවදුරටත් ප්‍රශ්න කිරීමේ තේරුම කුමක් ද? ඔහු ඒ දෙයට අකමැත්ත පළ කරයි නම් ඒ පිළිබදව තවදුරටත් විමසීම සිදු කළ යුත්තේ මන් ද? "ජනක සර්" නම් වූ චරිතය පිළිබද අටුවා ටීකා අප හට නම් අවැසි නොවේ. ඔහු පිළිබද අපි දනිමු. ඔහු කරන්නා වූ සේවය ද අපි දනිමු. ඒ සේවය අපි නිතැතින් අගය කරමු. 

ජනක සර් එසේ කිරීමට අකමැති යයි පැවසූ වහාම එය පිලිගෙන සංවාදය නවත්වන්නට අවශ්‍ය යයි මම අදහස් නොකරමි. නමුත් ඔහු දිගින් දිටම එය ප්‍රකාෂ කර සිටී නම් ඔහුගෙන් තවත් පන්න පන්නා ප්‍රශ්න ඇසීම ඵලක් නොමැති කාරණයක් බව රන්දිව අවබෝධ කරගතයුතු නොවන්නේ ද? ඔහු අකමැත්තක් දක්වන දෙයක් පිළිබද දිගින් දිගටම කියමින් ඔහුට පීඩාවට පත් කිරීමෙන් රන්දිව බලාපොරොත්තු වන්නේ කුමක් ද? රන්දිව මෙයට සපයන්නේ ප්‍රශ්නයකින් පිළිතුරක් වග මා දනිමි. 
"එසේ නම් ඔබ කියන්නේ ටියුශන් වල ප්‍රමිතිය ගැන කථා කරන්න එපා කියලා ද?"
මෙය ඔබේ ප්‍රශ්නය නම් පිළිතුර අපි සතු වන්නෙමු. ප්‍රමිතියක් නැති ටියුශන් පිළිබද කථා කළ යුතු වුවත් ප්‍රමිතියක් ඇති ටියුශන් පිළිබද හාර හාරා ප්‍රශ්න කිරීමෙහි ඵලය කුමක් ද? ජනක සර් ගැන "රන්දිව" කිසිත් නොදන්නා නමුත් ඔහු පිළිබද දන්නා දහස් ගණන් ළමයින් ඔහුත් සමග සිටී. අද මේ ලිපි ඔහු පිළිබද ලියවෙන්නේ ඔහු ගුරුවරයෙක් පමණක් නොවන නිසා නොවේදැ යි අවබෝධ කරගනු යෙහෙකි. ජීවිතය ගොඩගන්නට වෙර දරණ දරු පිරිසක් නිවැරදි මාවතකට යොමු කරන්නට ඔහු විසින් දරණ උත්සාහය කොතෙක් සාර්ථක වී ද යත් ගාල්ල, මාතර, හම්බන්තොට යන ඔහු ටියුශන් කරන දිස්ත්‍රික්ක තුනෙහි ම ඉන්ජිනේරු ප්‍රවේශලාභීන්ගේ 90%-100% අතර ප්‍රතිශතයක් ඔහුගෙන් ඉගෙනගත් අය බව කිව යුතු ය. 

ජනක සර් යනු අපි සැවොම දන්නා චරිතයකි. එමෙන්ම ඔහු, ඔහු උසස් පෙළ කළ වර්ශයේ ඔහුගේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වන්නේ මුළු දිවයිනේම 4 වැනියා බවට පත් වෙමිනි(මාගේ මතකය නිවැරදි නම්). උසස් පෙළ එලෙස ජයගත් අත්දැකීම් ඇති එවන් වූ ජයග්‍රාහිකයෙක් ටියුශන් මගට එලඹ සිටින්නේ අන් ආකාරයකින් මුදල් ඉපයීමට නොහැකිව නොවේ. ඔහු සතු ඉගැන්වීමේ ආශාව හා ඒ තුලින් දහසකුත් දරුවන් නැණ නුවන පාදාගෙන තම දිවි සරි කරගන්නා ආකාරය දෙස බලා ඔහු අප්‍රමාන සතුටක් භුක්තිවිදින බව රන්දිව නොදන්නවා වන්නට ඇත.

ජනක සර් ගේ පන්තිය පිළිබද දෙමවුපියන්ට අමුතුවෙන් කියා දෙන්නට අවැසි නැතැ යි හැගේ. ඇතැම් දරුවන් තම දෙමවුපියන්ට නොකියන කාරණා, තමන් මුහුණපාන ප්‍රශ්න ජනක සර් ට කියා සිත සනසාගන්නේ ඔහු හට එතරම් ම සමීප වන බැවින් බව දැනගත යුතු වන්නේ ය. ඔහු විටෙක මනෝ වෛද්‍යවරයෙක් ද වන්නේ ය. ඔහු තරම් තමන්ගේ ජීවිතයේ ගැඹුර ගැන කියාදෙන්නට වෙන කෙනෙක් ඇත්තෙන්ම මගේ ජීවිතයේදී නම් මුණගැසී නැති බව කිව යුතුම ය. ජනක සර් ගේ පෝස්ටර් ව්‍යාපාරයෙන්වත්, කටවුට් වලින් වත් මම නම් ජනක සර් ගේ පන්ති යන්නට නොසිතුවෙමි. නමුත් ඔහු විසින් උපයාගත් අව්‍යාජ ඉගැන්වීම් රටාව, ඔහු වෙත මෙපමණ සිසු සිසුවියන් ඇදී එන්නට ඇති එකම කාරණාව ලෙස මා දකිමි. 

"රන්දිව" පිළිබදව ඇත්තෙන්ම ඇත්තේ කණගාටුව කි. තමුන්ගේ නම ප්‍රචාරණය කරන්නට පමණක් වෙහෙස වන හැඩ ඇති වැඩ නැති ගුරුවරුන් මෙපමණ ඇති සමාජයක ජනක සර් හැඩෙන් වැඩෙන් දෙකෙන්ම ඉදිරියෙන් ඉන්නා බව රන්දිව නොදනී. ඔහු සාර්ථකත්වය පසුපස කෙදිනකවත් හඹා නොගිය අතර සාර්ථකත්වය ඔහු පසුපස හඹා එන්නට ඇත්තේ ඔහු කරන කියන ලද දෑ හා ඔහු මෙතෙක් කල් කළ අව්‍යාජ සේවය නිසා බව මා පෞද්ගලිකව සිතමි. ඔහු පිළිබද සහතික ඉදිරිපත් කරන්නට අවශ්‍ය නොවේ. ඔහුගේ සහතිකය අද දෙනෝ දහසක් සිසුන් සතු ය. එය "රන්දිවෙහි" පෙන්වාගන්නට ඔහුට අවශ්‍යතාවයක් නැත. ටියුශන් පිළිබද විග්‍රහ කරනවා යැයි පවසා ඔවුන්ට මඩ ගසන්නට යාම පිළිකුල් ලෙස හෙලාදකිමි. කොට්ටෝරුවන් විවිධ ගස් වලට කොටමින් යයි. එහෙත් කෙසෙල් ගසකට කෙටූ දින හොට පැටලෙයි. "රන්දිව" ට ද සිදුවී ඇත්තේ එයයි. "රන්දිව" විසින් ජනක සර් පිළිබද සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට නොහැකිවීමේ පලිය මෙලෙසින් ගන්නට ඇතුවාද යයි විටෙක සිතේ. 

ලියන්නට කියන්නට පමණක් දැන සිටියාට, විවේචනය කරන්නට පමණක් දැන සිටියා ට කෙදිනකවත් ඒ ලියන කියන දේ කිසිවක් සොයා බලන්නේ නැතිව ලියා පළ කිරීම නින්දිත කාරණයක් ලෙස විශේෂ කොට දකිමි. ජනක සර් ට එල්ල කරන්නට යෙදුන බූමරංගය නැවත කැරකී ඔබ වෙතටම නොඑන්නේ ද? කිසි දෙයක් නොදැන එක් කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු මෙම ලිපියේ ඇති බව "රන්දිව" ට කියන්නට කැමති ය. 

තමන් නොදන්නා කරුණක්, පුද්ගලයෙක් පාදක කොට මෙලෙස විවේචනාත්මක ආකාරයෙන් ඔබ විසින් මේ පළ කරන ලද ලිපි පිළිබද ඔබ ට හැගෙන්නේ මොනවා ද? ඔබ උසස් පෙළ ගුරුවරුන් ගැන විමසා විචාරය කරන්නට ඔබට ඇති හැකියාව හෝ සුදුසුකම කුමක් ද? ඔබ උසස් පෙළ දිවයිනේම 4 වෙනියාට උඩින් සමත් වූ අයෙක් ද? ජනක සර් ව විවේචනය කරන්නට ඔබ ලබාගෙන ඇති සුදුසුකම කුමක් ද? ඔබ විසින් මෙතැන මෙම විවේචනාත්මක ස්වරයෙන් කිසිවෙක්ට වැඩක් නැති ජනක සර් ගේ පන්ති ගිය සිසුන්ගේ ලේ කෝප වන ලිපි ලියද්දී ඔහු කුමක් කරන්නේ දැයි ඔබ දන්නවා ද? ඔහු රෑ නිදි නොලැබ අනාගතයේ තවත් සිසු පිරිසකට එලිය සදන්නට ඔහුගේ පරිගණකය යොදාගෙන ටියුට් එකක් සාදනවා වන්නට ඇත. නොඑසේ නම් දැක්මක් නොමැති සිසුනට ආලෝකයක් වන "දැක්ම" සගරාව සැලසුම් කරනවා වන්නට ඇත. 

ඔබ කරන්නේ කුමක් ද?
තවත් එක් ප්‍රසිද්ධ ටියුශන් ගුරුවරයෙක් ට මඩ ගසන්නේ කෙසේ දැයි සිතීම ද?
ඔහුගේ උපාධිය පිළිබද සෙවීම ද?
ඔහු අකමැති දෑ පිළිබද දිගින් දිගටම ප්‍රශ්න කිරීමට ද?
මෙවන් තමත් කිසිදු හරයක් නැති ලිපි වලින් තමන්ගේ පත්තරයේ පිටු පිරවීමට ද?
නින්දිතයි රන්දිව..   


ප.ලි. : දිවයිනේ ප්‍රසිද්ධ ගුරුවරු පාධක කොටගෙන Black Board සාකච්ඡාවෙන් රන්දිව පුවත්පත බලාපොරොත්තු වනවා ඇත්තේ එම ප්‍රසිද්ධ ගුරුවරු හමුවේ ඉගෙන ගන්නා සිසුන්ට ද තම පුවත්පත විකිනීමට ය. නොඑසේ නම් අනිකා පරයා නැගෙන්නට වැරැද්දක් හොය හොයා ඉන්නා ඇතැමුන්ට උඩගෙඩි සපයන අතර තමන්ගේ පුවත්පත විකුණාගැනීමට ය. මුදල් වෙනුවෙන් උතුම් මනුස්සයෙක්ගේ චරිතය විකුණාගෙන කන "රන්දිව" පිළිබද ඔබට සිතෙන්නේ කුමක් ද? 


කෙදිනකවත් අනුන් පරයා නැගෙන්නට උත්සුක නොවූ චරිතයකට, අනුන් වෙනුවෙන් අව්‍යාජ මෙහෙයක් කළ චරිතයකට මඩ ගසා "රන්දිව" බලා‍පොරොත්තු වන්නේ කුමක් ද? 


ජනක සර් ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට "රන්දිව" දැඩි සේ වෙහෙස වූ බව පෙනේ. නමුත් එය නිශ්ඵල වූ බව තම්න්ටම වටහා ගත නොහැකි වන්නේ ද? එය එසේ වද්දී ඔබ විසින් මේ කර ඇත්‍තේ "කිවුව ටික වත් දානවා අතිනුත් දාලා" සංකල්පය ඇති කිරීම නොවේ ද? නැතිනම් ලබාගන්නට බැරි වුනු සම්මුඛ සාකච්ඡාවක් පළ කිරීමේ තේරුම කුමක් ද? "රන්දිව" ට පළ කිරීමට වෙන ලිපි ඇත්‍තේම නැද්ද? අනුන්ගේ වැරදි මාධ්‍යයේ පළ කිරීම මගින් ජනයා දැනුවත් කිරීම හොද වාතාවරණයකි. නමුත් කිසි කෙනෙකුට වැරැද්දක් නොකළ චරිතයකට, දිවි මග ආලෝකමත් කරන්නට වෙර දැරූ චරිතයකට මෙසේ මඩ ගසා කුමක් බලාපොරොත්තු වන්නේ ද?


තමන්ගේ "දෙකයි පනහේ" පත්තර කළාව පිළිබිඹු කළ හැටි නම් අපූරු ය. 


මෙම ලිපිය මා විසින් පළ කරන්නේ ඔබ මෙන් මුදල් නිසා වත් ප්‍රසිද්ධිය නිසා වත් නොවේ. හුදෙක් පිරිසිදු චරිතයකට කරන්නට තැනූ නින්දිත ක්‍රියාවට විරෝධයක් පළ කිරීමට ය. මෙය හරි යයි සිතන දහසක් දෙනා ඒ පිළිබද කීමට නොහැකිව සිටින්නේ "රන්දිව" "හරි" යයි සිතන නිසා නොවේ. 


යාළුවනේ,
ඔබ මේ සමග එකගද?
"රන්දිව" කළ මේ වැඩේ "හරි" ද?
"ජනක සර්" වැරදි ද?
නැත්නම් මම "වැරදි" ද? 

- ජනිත සෙනෙවිරන්න

14 comments:

  1. ජනක අබේවර්ධන කියන්නේ මා මේවෙනකන්ම වඩාත් ප්‍රිය කල ගුරුවරයා, ජනක සර් කවදාවත් බහු බූත කතා කරන්නේ නෑ, ඔහු ඒවා කතා කරේ නෑ කියල අපිට නිදි මත වෙන්නේ නෑ, ජනක සර් කියන්නේ මිනිසුන් අතර දෙවි කෙනෙක්, රන්දිව වැරදි ඔබ නිවැරදි !!

    ReplyDelete
    Replies
    1. ඒ දේ ඇත්ත.. ඔහු බහුබූත කියන්න යන්නේ නෑ.. වෙන පන්ති වල වාග් අපිට නිදිමත එන්නෙත් නෑ.. ඒ ඔහු සුවිශේෂ නිසා..!!!

      Delete
  2. බල්ලො බිරුවට කඳු පහත් වෙන්නෙ නැහැ. පත්තරේ විකුනගන්න ආන්දෝලනාත්මක ලිපි ලියන රන්දිව මෙහෙම කරපු එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. නිවට කම තමයි පේන්නේ. මම නම් කියන්නෙ රන්දිව කර්තෘ කෙනෙක් වැරදිලාවත් ගාලු නම් එන්න එපා. ආවොත් අර කියනව වගේ උපන් ඇඳුමෙත් කෑලි නැතිව තමයි යන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ආන්දෝලනාත්මක ලිපි කියලා මේවා ලියන්න "රන්දිව" ලැජ්ජ වෙන්න ඕන..

      Delete
  3. මාධ්‍ය නිදහස නෑ කියන අපේ රටේ මාධ්‍යයට තියෙන්නේ වල් බූරු නිදහසක්. මම වාණිජ අංශයෙන් උසස් පෙල කලත් ජනක සර් ගැන දන්නවා. මාතර ටියුෂන් ප්‍රමිතිය පිළිබඳ භාවිතාමය නිදසුනක් දීමේ අරමුණින් ඔහු තමන්ගේ ආයතනය ඉහල ප්‍රමිතියක් ඇතිව පවත්වගෙන යනවා..රන්දිව කියන්නේ පත්තරයක්ද? වැලේ වැල් නැති දේශපාලන පක්ෂයක කොඩිය උස්සන් යන කැලෑ පත්තරයක්නේ.ඔය පක්ෂෙට කවදහරි ආණ්ඩුවක් ලැබුණම රන්දිව නවත්තලා දානවා

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පටු අදහස් ඉටු කරගන්න රන්දිව මේ කළ වැඩේ නම් නිනිදිතයි.. ඇත්තෙන්ම

      Delete
  4. අපි දන්නවා අපේ ජනක සර් ගැන. කාගෙවත් විවේචන අවශ්‍ය නෑ. කොටින්ම ඔය රන්දිවේ පල වෙච්ච ලිපිය කියවන්නවත් අවශ්‍යතාවක් අපිට නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ දේ ඇත්ත.. ඒත් ජනක සර් ගැන නොදන්න අය සර් ගැන වැරදි තීන්දුවකට එන්න කලිං ඇත්ත පෙන්නලා දෙන්න ඕන..

      Delete
  5. මේ සමාජයේ තියෙන ඩීල් ගැන කිසි අවබෝධයක් නොදන්න ඒ ලෙවල් කරන්න එන සමහර සූටි බබාලාට ජනක අබේවර්ධන වීරයෙක්...
    මෙතනදි කම්බයින්ඩ් මැත්ස් කියන ලේසි සබ් එක මහා අජූත විකාරයක් කරගෙන ජනක සහ අනෙක් පැත්තෙන් පියො ්කරන කෙනා කරන්නෙ බොරුවක්..කොළඹ ගම්පහ සහ අනෙක් පැතිවල ළමයිට කම්බයින්ඩ් කියන්නෙ එක විශයක් වෙනකොට ගාල්ල මාතර පැත්තෙ අයට කම්බයින්ඩ් විශයන් දෙකක් කරන්නෙ ජනක සහ විජය..
    ජනක සර් කියන කෙනා සංඛ්‍යායනය සම්භාවිතාවය කියන පාඩම් දෙක නිවැරදිව කරන්නෙ නෑ..
    අනික ඔය තරම් පෙල්ලිලා වඳින්න පුදන්න කවුරුත් සර්ලගෙන් නිකම් ඉගෙ න ගන්නෙ නෑ..උණ් සල්ලි ගන්නවා..
    අපි ඉගෙන ගන්නවා..එච්චරයි...
    ළමයාට තියෙන්නෙ සීමිත පැය ගානක් තමයි ඒලෙවල් කාලය තුල..විශාල වශයෙන් කප්පාදු කොට සරල විශයක් ලෙස ඇති සංයුක්ත ගණිතය මහා අමාරු එකක් බව කියා මඩිය තර කරගැන්ම ඔබලාට සාධාරන ලෙස පෙනුනත් මට අනුව එය වැරදියි...

    ReplyDelete
    Replies
    1. විරුද්ධයි

      Delete
    2. ඔය කියන සූටි බබාල අයිලන්ඩ් රෑන්ක් ගන්නවා දැකල නැතුව ඇති මයෙ හිතේ.මම ගාල්ලෙ කොල්ලෙක්.ඔයා සිකුරාද 11.30 ට බස් ස්ටෑන්ඩ් එකට එන්න ජනක සර් ගෙ නොමිලේ කැම්පස් ක්ලාස් යන කොල්ලො කෙල්ලො සෙට් එක පෙන්නන්න.ජනක සර් කියන්නේ ලමයින්ගෙ දුක දන්න දෙවියෙක්.සම්භාවිතාව සංඛ්‍යානය මමත් ඉගෙන ගත්තෙ ජනක සර් ගෙන්. ඉතාම සාර්ථකයි.ඇයි ලුහු දඬු, බර දඬු, වෘත්ත චලිතය ගැන කතාකරන් නැත්තෙ.

      Delete
  6. මමත් ජනක සර් ගේ ක්ලාස් ගියා... ගරු කරන පුද්ගලයෙක්.

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....