Tuesday, January 17, 2012

අපිට මේ දේ උරුම ඇති

අද ජීවිතේ සන්ධිස්ථානයක්. මේ තමයි මගේ පුංචි බ්ලොග් අඩවියේ ලියවෙන අන්තිම කතාව. ගොඩක් සැරවල් වල ආගන්තුකයා යන්න ගියා බ්ලොගයෙන්. ඒ වෙලාවෙදි ගොඩක් අය ආගන්තුකයා ව නතර කරගත්තා. මේ පාර කවුරුත් මාව නතර කරගන්න එකක් නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි උසස් පෙළ විභාගෙ. ඒත් එක්කම කියන්න ඕන මේ බ්ලොග් අඩවිය බලධාරීන් විසින් මකලා දානකන් කවදාවත් මේක ඩිලීට් කරලා දාන්නෙ නෑ. ඒ විශේෂ කෙනෙක්ට, ඇත්තෙන්ම කියනවා නම් විශේෂම කෙනා මගෙන් ඉල්ලපු ඉල්ලීමක් නිසා. ඒත් එක්කම මේ තමයි මගේ බ්ලොග් ජීවිතේ අවසාන ලිපිය. මම ඉස්සෙල්ලාම පටන්ගත්ත බ්ලොග් අඩවිය තමයි මේ. මම ම තමයි අන්ධකාරයේ නවාතැන කියන බ්ලොග් අඩවියත් කළේ. ඒ දේ රහසක්. අද එලි කළා. මගේ හිතට දුක දැනුනාම, දෙයක් නැතිඋනාම ගොඩක් හැගීම්බර වෙනවා මම. ජීවිතේ ලැබුනු වටිනම දේ මට දවසක් කිවුව දේකට පස්සෙ මට මගේ ගැනම කළකිරිලා මම මගේ බ්ලොගෙයි මම පාවිච්චි කරපු විද්‍යුත් තැපැල් ලිපිනයයි මකලා දැම්මේ. jnsx3nds@gmail.com කියන එක ආයෙ ගන්න බැරිවෙන්නම මැකිලා ගිහින්. ඒකෙ තිබ්බ ඔක්කොම මේල්ස්, යූටියුබ් අකව්න්ට් එක සේරම. ආයෙ රිකවර් කරන්න බෑ මට ඒකෙ කිසි දෙයක් මතක නෑ. කමක් නෑ. මට කියන්න ඕන උනේ එච්චරයි මගේ බ්ලොටගේ මිතුරන්ට. ගහක් ගලක් වගේ ඉන්න මටත් දුක දැනෙනවා යාළුවනේ. බ්ලොග් පෝස්ට් එකකින් කියවෙන්නෙ ගොඩක් ටිකයි. මම මුළු රෑ පුරා නිදි නැතුව ඉන්න මොහොතවල්, මම දන්නෙම නැතුව මේ ඇස් දෙකෙන් කදුළු බින්දු කඩන් වැටෙද්දි කවුරුත් මං ලග නෑ. හැමදාම මම පුරුදු උනේ දුක හංගන් ඉන්න. මාව හොදටම දන්න කෙනෙක්ට වත් තේරුම්ගන්න බෑ මම කොහොම කෙනෙක් ද කියලා. මේ හිත අස්සෙ පත්තුවෙන ගින්දර දන්නෙ මම විතරයි. අන්තිම මොහොතෙ මම බොරු කියන්නෙ නෑ කාටවත්ම. :)

මේ කියන්නෙ ඔයාට. මම ජීවත් උනේ, හැදුනෙ වැඩුනෙ උණවටුනෙ. මට සෙල්ලම් කරන්න යාළුවෙක්වත් හිටියෙ නෑ මං පොඩි කාලෙ. මම ඒ කාලෙ ඉදන් කැමතියි යාළුවො එක්ක ඉන්න. මොකද මට මෙහේ ගොඩක් පාලුයි. මට හම්බුවෙලා කතා කරන්න තරම් හොද යාළුවො මට මෙහේ හිටියෙ නෑ. තාමත් නෑ. අවුරුදු 18 ක් දැන් මට. මගේ ළමා කාලෙ නම් දැන් ඉවරයි. ඒත් තාමත් මම එතනමයි. මම ගෙදරින් එලියට යන්නෙ පන්තියකට යන්න විතරයි. :) මම අකමැතිම දෙයක් "කෙල්ලො" කියන මාතෘකාව. ඒත් මම දන්නෙ නෑ මම නොදැකපු ඔයාට මෙච්චර ආදරේ කරන්න මොකක්ද හේතුව කියලා. ඒ 13 වෙනිදා මට අදටත් මතකයි. ඔයා මට ආදරෙයි කියලා චැට් එකේ කියපු වෙලේ මට මොනවා උනා ද කියලා හිතාගන්න බෑ. අදට මාස 8යි දවස් 4යි අපේ ආදර කතාවට. මම මේ කතාව ඉවර කරන්නෙ නෑ මොකද තාම මම ඔයාට එදා වගේම ගොඩත් ආදරේ නිසා. මම දන්නෙ නෑ ඇයි අපිට මෙහෙම උනේ කියලා. අපි කොච්චර නම් අපි දෙන්නාට දෙන්නා ආදරේ කළා ද? මාස 8 ක් තිස්සෙ වෙච්ච ඒ හැම දෙයක්ම මට අද වගේ මතකයි. 

අපි තරහා උනා යාළු උනා. ගොඩක් කිට්ටු උනා. මම ඔයාව සතුටු කරන්න මට පුළුවන් හැම දෙයක්ම කරන්න දෙපාරක් හිතුවෙ නෑ. පින්තූරයක් එඩිට් කරත්, කාටවත් අහන් ඉන්න බැරි සින්දුවක් කියලා ඔයාට එවුවත්, ලස්සන ආදර කතාවක ලිංක් එකක් එවුවත්, ඒ හැමදේම කළේ ගොඩක් ආදරෙන්. වෙන කොල්ලො නම් කෙල්ලො එක්ක දවසට පැය ගාණක් කතා කර කර ඉන්නවා ඇති. ඒත් මම තාමත් ඔයාගෙ කටහඩ අහන්න පෙරුම් පුරනවා කියලා ඔයාට දැනෙන්න නැතුව ඇති. පන්තියකදී හරි වෙන කොහේදි හරි ඔයාව දැකගන්න තරම්වත් මම පින් කරලා නෑ. මම පවුකාරයෙක්. ඒක හැමදාම එහෙම්මමයි. ඒත් ඒ වගේ පවුකාරයෙක් ට ඔයා වගේ කෙනෙක් ව ලැබෙන්නම තීරණය උනේ ඇයි? මට තේරෙන්නෙ නෑ ඒත් අපි දෙන්නා ට අද මෙහෙම උනේ ඒ කාළකණ්නියාගෙන් මිදිලා ජීවත් වෙන්න ඔයා වාසනාවන්ත උන නිසා වෙන්න ඇති. :) ජීවිතේ ඉස්සරහට යයි. උසස් පෙළ ගෙවිලා යයි. මට නම් උසස් පෙළ කියන එක දැන් හීනයක් වෙලා ඉවරයි. ඔයා එක්ක ආයෙ කතා කරන්න ලැබෙන එකක් නෑ. ඔයා පිට රටකට යයි. මම මෙහේ තනි වෙයි. හොයන්න උත්සාහා කරන්නෙ නෑ මම ඔයාව. ඔයා එපා කිවුව නිසා. හෙවුවත් මට ආදරේ කරපු ඔයාගෙ හිත ගැන දන්න තරම් ඔයා ගැන දන්නෙ නෑ. :) 

ඔයාට මේ දේවල් අමතක කරන්න අමාරු බව මම දන්නවා. ඒත් ඒ දේ කරන්න. මොකද ඔයාගෙ ලස්සන ජීවිතේ විනාස කරා කියලා කවදා හරි ඔයා කිවුවොත් මට දරාගන්න බැරි වෙයි. ඔයා එහෙම නොකිවුවත් එහෙම හිතන වාරයක් වාරයක් පාසා මම නොමැරී මැරෙයි. මට ලබන්න බැරි දෙයක් වෙන කෙනෙක්ට ලැබෙනවා කියන එක, මගේ ජීවිතේ මම ගොඩක්ම ආදරේ කරපු ඒ වස්තුව නැති වෙනවා කියන එක. ඒ දේ මට ලොකු දුකක් ගෙනෙයි. මට ඒක දරාගන්න පුළුවන් වෙයි ද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් මට ගොඩක් ඊරිසියා හිතෙයි ඔයාව අයිතිකරගන්න කෙනා ගැන. ඒ මොනවා උනත් මට ලොකු සතුටකුත් දැනෙයි ඔයා ලස්සන ජීවිතයක් ගෙවුවොත්. ඔයා වෙන කෙනෙක් එක්ක ලස්සන ජීවිතයක් ගෙවනවා කියලා දැනගත්ත දවසට මම තත්පර ගාණක ලොකු දුකකුත්, ඒ දුක දරා ගන්න පුළුවන් උනොත් ඉතුරු ජීවිත කාලෙටම සතුටුම කෙනාත් වෙයි. මම දවසක් දැක්කා කෙනෙක් කියලා තියනවා, "ආදරණීයයන් අපිට ලැබිය යුතුම යයි නීතියක් නැත.. විය යුත්තේ ඔවුන් කොහේ හෝ සතුටින් ජීවත් වීම පමණි..." කියලා‍. ඒ දේ මගේ හිතට තදින්ම දැනුන දෙයක්. මම විශ්වාස කරනවා ඔයා වගේ කරුණාවන්ත කෙනෙක්, ඔයා තරම් ලස්සන හිතකුයි හදවතකුයි තියන කෙනෙක්ට ජීවිතේ කවදාවත්ම වරදින්න බෑ කියලා. මම කවදා හරි ජීවිතේ පුංචිම පුංචි හොදකි හරි කළා නම්, ඔයා ඒ මම කරපු පුංචි පිනේ බලෙන් ගොඩක් සතුටින් ජීවත් වෙන්න ඕන. ඒකයි මගේ පැතුම. 

මගේ ජීවිතේ එකම එක වතාවක් විතරක් කළ දෙයක් ආදරය. ඒ දේ කළ දෙයක් නෙමෙයි, දිගටම කරන දෙයක්. හැමදාටමත් කරන දෙයක්. ජීවිතේ මම දැකපු මිනිස්සු කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලස්සන බව. ඒත් මම ඔයාට ආදරේ කියන්න මම ඔයාව දැකලා තිබ්බෙත් නෑ. මම ආදරේ කළේ ඔයාට. ඔයාගෙ බාහිරට නෙමෙයි, ඔයාගෙ හිතට. ඔයා ගොඩක් ලස්සන බව මම දන්නවා. ඒත් මට ඒ ලස්සනින් කිසිම වැඩක් නෑ. ඔයාගෙ ඒ ලස්සන හිත එහෙම්ම හැමදාම තිබ්බොත් මට ඒ ඇති. මම වැඩියෙන්ම ආස කළ දෙයක් ඔයා ෆේස්බුක් එකේ ඔන්ලයින් එන එක. ඒ මොහොතෙ මම මගේම ලෝකෙ තනි වෙනවා. කවදාවත්ම ඔන්ලයින් දැකලා නැතුව ඇති සමහරු මාව. ඒත් මම තරම් ෆේස්බුකියේ සැරිසරපු කෙනෙක් ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ. සැරිසැරුවා නෙමෙයි, එක පිටුවක් දිහා බලන් උන්නා. ඒකෙ වෙන හැම දෙයක්ම ගොඩක් දැනුනා. පුංචි වෙනසක් උනත් ගොඩක් කලබල උනා. ඒ දේවල් වලට රණ්ඩුත් උනා. ඒත් ඒ මට ඒ වෙනස තේරුම්ගන්න බැරි උන නිසා. මම කොච්චර දේවල් අත්ඇරියත් මම මගේ ආගන්තුක බ්ලොගේ ඔයාගෙ කමෙන්ට් එකක්වත් වැටිලා ද කියලා බලන් ඉන්නවා කියලා ඔයා දන්නෙ නෑ නේද? ඔයා දන්නෙ නැති ගොඩක් දේවල් තියනවා. :) 

මේ හැම දෙයක්ම කොහොම උනා ද කියලා නම් මට තේරෙන්නෙ නෑ. ඒත් එක්කම කියන්න ඕන ඔයා ලියලා තිබ්බ දේවල් මම දැක්කා. ඔයා ඒත් එක්කම මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා. ඔයාගෙ බ්ලොග් එක. ඒකෙ ලිංක් එක එනකන් මම බලන් ඉන්නවා. ඒ වෙනකොට මම මැරිලා හිටියොත් ඔයාගෙ මහන්සිය අපරාදෙ වෙන නිසා ඒ ගැන හරියටම දැනගන්න. ඊට පස්සෙ කැමති නම් ලියන්න. මම ඔයාට වෙච්ච පොරොන්දු ගොඩක් මම ඉශ්ට කරන්න උත්සාහා කරා. ඔයාට නම් මතක ද දන්නෙ නෑ. :)  කමක් නෑ අමතක උනාට නම්. පුළුවන් නම් මාවත් අමතක කරන්නකෝ. හිතේ ඇතිවෙච්ච ආදරණීය හැගීමක් නැති කරලා දාන්න තරම් මම කුහක නෑ. ඒත් ඔයාගෙ ජීවිතේ විනාස වෙයි කියලා මට බයයි. මම මේ මොනවා ලිවුවා ද කිවුවා ද කියලා මම දන්නෙ නෑ. මට මේ දේවල් නොලියා ඉන්නයි තිබ්බෙ කියලා හිතෙනවා. ඒත් කවදා හරි ඔයා අනිවාර්යයෙන්ම එයි කියලා දන්නවා මගේ පුංචි බ්ලොගේ ට. 

ඔන්න අද තමයි ඒ දවස. ඉස්සෙල්ලා ම ඔය කදුලු පිහිදගන්නකෝ.. ඔයා දන්නවා නෙ මම කැමති නෑ කියලා ඔයා අඩනවා දකින්න. ඒකත් මම නිසා. හරි. දැං කොහොමද ඔයාට. කොහොමද ඒ ලෙවල්. හොදට කළා නේද? මම දන්නවා ඔයා ඉතිං දක්සි නේ.. :) දැං ඉතිං මොනවා ද කරන්න ඉන්නෙ? කැම්පස් ගිහින් දොස්තර නෝනා කෙනෙක් වෙලා අහින්සක මිනිස්සුන්ට උදවු කරන්නද තාම කල්පනාව. නැත්නම් කොහේ හරි වෙන රටකට යන්න ද? කොහේ ගියත් හොදට ඉන්නකෝ.. පිස්සි.. තාම මේ කාළකණ්නි කොල්ලා ව අමතක කරන්න බැරි උනා නෙ.. කමක් නෑ.. ඔන්න මම මේක ඩිලීට් කළේ නෑ හොදද... ඔයාව හෙවුවෙත් නෑ.. ඒත් ඔයා දන්නෙ නෑ මම කොච්චර අමාරුවෙන් ද ජීවත් උනේ කියලා.. (ජීවතුන් අතර නම් විතරයි) 

ජීවිතේ කොච්චර දේවල් නැති උනත් එක දෙයක් නැති උනේ නෑ..

දන්නවා නෙ මොකක්ද කියලා.. 

මම මගේ සින්ඩරෙල්ලා ට තාම ගොඩඩඩඩඩඩඩඩඩාකකකක් ආදරෙයි... 

මේ මම ඒ කාලෙ කරපු පිස්සු වැඩ.. වෙලා තියනවා නම් බලන්නකෝ.. :)
ගොඩක් දිගයි නේද? මොනා කරන්නද අන්තිම එක නේ. ටිකක් දිගට ගැහුනා.. 
බුදුසරණයි ඔයාට..     








මම බ්ලොගේ ඉදී ද දන්නෙ නෑ.. එහෙම උනොත් මගේ ෆෝන් එකට එවන්න ලිංක් එක. මතක නේ නොම්බරේ..!!!

6 comments:

  1. මල්ලි මොකෝ මේ ජීවිතේ පටාන් ගන්න හදන කොටම හිතින් කඩා වැටිලානේ බං උඹ.
    ඔහොම දේවල් උඹට විතරක් නෙමෙයි ගොඩාක් අයට වෙලා තියෙනවා එක නිසා ෆිට් එකේ හිටපන් ලියන එක නතර කරන්න එපා මීට කලින් කොමෙන්ටු නොදැම්මට මමත් උඹේ බෝලොක්කේ කියවනවා ඒ වගේම ගොඩක් අය මේක කියවනවා ඒ මිනිස්සුන්ට අසාධාරණයක් කරන්නේ නැතුව දිගටම ලියපන්.
    අර උඹ කියල තියෙනවා වගේ හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ.
    ජය.

    ReplyDelete
  2. ආදරේ එනවා යනවා..ජීවිතේ අපි ආදරේ වෙනුවෙන් ජීවත් වෙනවා මැරෙනවා..මතක මිහිමත තියලා අපි හැමදෙයින්ම පිටවෙනවා..සංවේදී කතාවක අවසානය සුන්දර වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා..මේක එයා කවදාහරි බැලුවොත් කියලා මම මේ පදපෙල ඉතිරි කරනවා..

    ජීවිතය සුන්දර තරමටම
    සුන්දර දේ ලැබෙන තරමට
    ආදරය මිහිරි මතකයට
    කඳුළු පමණක් උරුම නෑ

    ලොව ඇත්තේ පැරදුමය
    නැතේ දිනුමක් එහිම
    කියා ඇතිවුවත් ඇතැමුන්
    ආදරයට පැරදුමක් නෑ

    යමෙක් ආදරය ගැන එක
    වදනකුදු පවසයනම් මුවින්
    ලියයි නම් තෙලිතුඩින්
    ඔහු දිනා ඇත ආදරේ
    හදවතේ උස්ම තැනින්

    ReplyDelete
  3. ආගන්තුක පිටුවට ඇවිත් සති 2ක්වත් නැතිව ඇති.. ජීවිතය පුදුමයි මල්ලියෝ.. සුබ පතනවා හදවතින්ම උසස්පෙල කඩඉම සාර්ථකව පසුකරන්නට..!!! ඒවගේම ජීවිතයේ අපිට ලැබෙන්න දෙයක් තියෙනවනම්.. ඒ දේ අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා.. :) බලාපොරොත්තු වෙනවා මල්ලියගෙ නිර්මාණ ආයෙත් මේ බ්ලොග් එකේ දකින්න.. එතකල්.. ධෛර්යමත්ව ජීවිතයේ ඉදිරිපියවර තියන්න හැමදාටමත් නිබද දිරි මල්ලියට පතමි..!!! :)

    ReplyDelete
  4. විභාගේ නිසා කිවුව හන්දා මේ පාර නම් මම බලෙන් නතර කරන්න උත්සාහ කරන්නේ නෑ.. විභාගේ හොදට කර ගනින් මලේ.. ජීවිතය කියන්නේ බලාපොරොත්තුවක්.. ඒ බලාපොරොත්තුවේ ජීවත් වෙන්න.. මම උඹට සුභ පතනවා මල්ලී...

    ReplyDelete
  5. ගොඩක් සංවේදී කතාවක්... මට හිතාගන්න බෑ මොනවද කියන්න ඕන කියලා :( විභාගෙ හොඳට කරන්න අයියා...සුබ පතනවා අයියට..

    ReplyDelete
  6. මොනා කියන්නද තේරෙන්නේ නෑ මල්ලි.. :(

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....