Saturday, January 14, 2012

අනේ මගේ බලු පැටියෝ

උඹ පුංචි කාලෙ උඹව මම හුරතල් කලා මතකයි. අම්මා බැන්න වෙලේ ට උඹේ කූඩුව ළගට වෙලා ඇඩුවා මතකයි. උඹ කැරකි කරකි වටේ දුවද්දි මමත් උඹත් එක්ක දිවුවා මතකයි. උඹ මාව ලෙවකද්දී ඒකට ඉඩ දීලා බලං උන්නා මතකයි. උඹගෙ ඔලුව අතගාද්දි තව තව මගේ ගාවට ආවා මතකයි. ම‍ම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ ඇගේ දැවටි දැවටි මාත් එක්ක මගේ පස්සෙන්ම ආවා මතකයි. කාටවත් නොකියන දේවල් උඹත් එක්ක කිවුවා මතකයි.

ඒත් උඹට කවුදෝ මන්දා හොදටම ගහලා. උඹේ ඇහැක් ළග තුවාල වෙලා. වෙනදා මාගේ ඇගට පැන්න උඹ ට අද හිටන් ඉන්නවත් බෑ. අද උඹ බිම දිගා වෙලා, කළුවරේ. එලියට වෙලා තනියම. කන්නෙ බොන්නෙත් නෑ උඹ. දුන්න කිරි ටිකත් බාගයක් ඉතුරු කරා නේද.. අනේ මගේ රෙක්ස් පැටියෝ.. ඉක්මනට හොද වෙන්න.. මට වැඩි වෙලාවක් උඹත් එක්ක ඉන්න උනේ නෑ.. මට සමාවෙන්න රෙක්ස් පැටියේ.. හිතේ දුක ඔක්කොම මම කියන්නෙ උඹට.. මොකද මම දන්නවා උඹ කාටවත් ඒ දේවල් කියන්නෙ නෑ කියලා.. අනේ පැටියෝ මට උඹත් එක්ක කතා කරන්න ඕන.. උඹත් එක්ක සෙල්ලම් කරන්න ඕන ආයෙමත්.. අනේ ඉක්මනට හොද වෙන්න... :'(

8 comments:

  1. හිත් පිත් නැත් මිනිස්සුත් ඉන්නවා අපි අතරේ.. මටත් අපේ ගෙදර චණ්ඩියා මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. දැන් ඌ ගහත් මුලට වෙලා.. :(

      Delete
  2. පුංචි හුරතල් රෙක්ස් පැටියට ඉක්මනට සුවය ලැබිලා ඉස්සර වගේම ආගන්තුකගෙ තනි නොතනියට ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
  3. ඉක්මනට හොද වෙයි මල්ලී..
    මමත් හැබැයි බල්ලොන්ට ගහලා තියෙනවා.ඒ හැබැයි බයික් එකේ යද්දි එක පාරටම කන්න පනින එවුන්ට. දෙනවා දීමක් බයික් එක නවත්තලම ආයේ.ඇයි යකෝ සමහර වෙලාවට නොවැටී බේරෙන්න මාර ගේමක් දෙන්න එපැයි.
    මල්ලිගෙ රෙක්ස්සුත් ඒවගේ දග වැඩක් කරලා මන් වගේ එකෙක්ට මාට්ටු වුනාද දන්නෑ නේ. හී..හී..

    ReplyDelete
    Replies
    1. මන්දා නාකි අය්යේ.. ඌ එහෙම නෑ හැබැයි.. එක්කෝ කවුරු හරි ගහලා.. නැත්නම් වාහනේක හැප්පිලා.. තාම කොර ගහ ගහ ඇවිදින්නේ‍‍.. :(

      Delete
  4. මගෙ බව්වගෙ නමත් රෙක්ස්.ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මලයෝ.බල්ලො අපිට හුගක් සමීප ස්ත්තු ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ඔවු අක්කේ.. :( ස්තුතියි..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....