Friday, December 30, 2011

විශ්වාසය..

ජීවිතේ අපිට ගොඩක් දෙනෙක් මුණගැහෙනවා. කතාබහ කරනවා. විහිලු කරනවා. බැනගන්නවා, ගහගන්නවා. සතුටින් ඉන්නවා.. දුකේදි එකට ඉන්නවා.. සැපේදි ත් එකට ඉන්නවා. අනිත් අයගෙ ජීවිත කතාව අපේම ජීවිතේ කොටසක් වෙනවා. හීන දකිනවා. ඒ හීන ලෝකෙ අතරමං වෙනවා. ගොඩක් දේවල් අනිත් අය වෙනුවෙන් කැප කරනවා. සමහරු ඒ දේවල් දන්නවා. සමහරු දන්නෙ නෑ. දැනන් හිටිය නැති අය ඒ දේවල් දැනගත්තා ම සමහර විට ගොඩක් දුක් වෙනවා. ඒත් සමහරුන්ට වෙනසක් නෑ. 

තමුන් ළගින් ඉන්නකම් අගයක් නැති අයට තමුන් නැති වෙලාවෙදි අගේ දැනෙනවා. ආයෙ තමන්ව ඒ අයට ඕන වෙනවා. ඒත් ඒ අය ආපහු අපිට සලකන්න හිතන්නෙත් කලින් සලකපු විදිහටම යි. අපි අපේ ජීවිතේ සමහර අයට විශ්වාස කරනවා. ඒ අතරින් ගොඩක් විශේෂ අයව ගොඩක් විශ්වාස කරනවා. තමුන්ගේ හැම දෙයකදිම ඒ අය නැතුව බැරි වෙනවා. ජීවිතේ වෙන සුළු සුළු සිද්ධි පවා ඒ අය ට කියනවා. මුළු ජීවිතේම ඒ අය වෙනුවෙන් කැප කරනවා. ඒත් සමහර අපි විශ්වාස කරන් ඉන්න අය අපිට ජීවිත කාළෙම කළේ බොරුවක් කියලා දැනගත්තා ම මොනවා ද දැනෙන්නේ? තමුන්ට තමුන්ගේ ජීවිතේ ගැන කළකිරෙනවා. 


තමුන් අනුන්ට කොච්චර දේවල් කිවුවද, කරා  කියලා මතක් වෙද්දි ඇති වෙන්නෙ දුකක්. ලොකු දුකක්. අපිට බොරු කරපු කෙනෙක් ආයෙ ඇවිත් ඒ බොරුවම කරන්න හදද්දි? කලිං දේවල් ඒ විදිහටම කරද්දි? තමුන් ඒ කෙනා වෙනුවෙන් කළ දේවල් ගැන ඒ කෙනාට පොඩ්ඩක්වත් ගාණක් නැති උනා ම? ඊට වඩා දුකක් දැනෙන දෙයක්, ඒ තරම් පසුතැවීමක් දැනෙන දෙයක් තවත් නෑ. 

අනිත් අය ව විශ්වාස කරන්න. ඒ අය ට තමුන් ගැන විශ්වාසෙ ඇති වෙන්න දෙන්න. ඒත් එක්කම අනිත් අයත් ඒ අය ගැන විශ්වාසෙ ඇති වෙන්න වැඩ කරනවා ද කියලා බලන්න. ඉල්ලීමක්. නැත්නම් අන්තිමේදි ලොකු දුකක් විදින්න වෙයි. සත්තකින්ම...!!!  

2 comments:

  1. කතාව සම්පුර්ණ ඇත්ත මල්ලී..අනිත් අයව විශ්වාස කරලා උදව් කරන්න ගිහින් මම බැට කාපු වාර අනන්තවත්..එ නිසා විශ්වාසයට වඩා හැමෝම අතේ දුරින් තියා ගන්න වේලා තියනවා දැන්නම්... කරන කියන දේවල් වලට ප්‍රති උපකාරයක් මම බලාපොරොත්තු වෙන් නෑ.. එත් අඩුම තරමේ ඒ ගැන හිතලා වැඩ කරන්න පුළුවන් නම් ඔච්චර ලගින් ඉන්න කට්ටියට.. :???? :(

    ReplyDelete
  2. එහෙම උනා නම් කොච්චර දෙයක් ද චතු අක්කේ.. :)
    ඒත් මිනිස්සු කියන්නෙ විවිධ අය නේ..!!!

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....