Thursday, November 17, 2011

Facebook Games

මේක අද කාලෙ කාලීන මාතෘකාවක් කියලා හිතුනා. ඒ මොකද කියනවා නම් Facebook එකේ ඉන්න හැමෝම වගේ Facebook Games ගහන්න පුරුදු වෙලා නෙමෙයි ඇත්තෙන්ම කියනවා නම් ඇබ්බැහි වෙලා තියන නිසා. ඒවගේ හොද ඒවත් කාලෙ කන ඒවත් තියනවා. ඒත් කොච්චර කරත් මේවට ඇබ්බැහි වෙන එක නවතින්නෙ නම් නෑ. ඒකට ප්‍රධාන හේතු ගොඩක් තියනවා. එකක් තමයි තමන් ඒකට ගොඩක් කැමති වීම. අනිත් එක තමයි ඒ Game එකම ගහන තමන්ගෙ යාළුවො තමන්ට වඩා උඩට යනවා දකින්න බැරි කම හරි තමන්ට තමන්ගේ යාළුවන්ට වඩා උඩට යන්න තියන දැඩි අදිශ්ටානය. 

අද ‍Facebook එකේ ඉන්න ඕන කෙනෙක් Barn Buddy කිවුවොත් දැනගන්නෙ නැතිවෙන්න නම් විදිහක් නෑ. මොකද තමන් ඒක ගැහුවත් නැතත් තමන්ට ඒකෙන් Request නම් පිරෙන්න ඇව්ත් ඇති. මටත් ඇවිත් තිබුනා. මමත් මීට මාස ගානකට කලිං ගැහුවා. ගහලා ගහලා අන්තිමට මටම එපා වෙලා නැවැත්තුවා. මමම කොච්චර ඇබ්බැහි උනා ද කියනවා නම් උදේ ඉස්කෝලෙ යන්න කලිං, ගෙදර ආපු ගමන්, පන්ති ගියා නම් යාළුවෙක්ගේ ගෙදරකින් Facebook ආවෙ Barn Buddy ගහන්න. ඔහොම තමයි මාසයක් යන්නත් කලිං ලෙවල් 100 පහු කරේ. පල්ලෙහා ඇති මගේ ෆාම් එක.

Brain Buddies, ඒ කියන්නෙ මොලේ තත්වෙ බලාගන්න තියන ගේම් එකක්. මේකෙ ප්‍රධාන වශයෙන් කෙටස් 4 ක් තියනවා. Memory, Logic, Calculation, Visual. ඇත්තෙන්ම මේක නම් හොද ගේම් එකක්. මම එහෙම කියන්නෙ ඒකෙන් ඇත්තටම තමන්ගේ මො‍ලේට පුහුණුවක් ගැබෙන නිසා. ඒකෙන් අපිත් එක්ක අපේ යාළුවො තරග කරනවා. එතකොට ඉතිං තමන් දස්සයි කියලා පෙන්නන්න සමහරු නම් හොරත් කරවා. ඒත් එහෙම කරා කියලා වැඩක් වෙන්නෙ නෑ. තමන්ගෙ ඇත්ත තත්වෙ දන්නෙ තමන්ම නේ. පල්ලෙහා ඇති මම Brain Buddies ගහපු එක.

දැන් කියන්නෙ Happy Hospital ගැන. මේකත් ජොලි ගේම් එකක්. මේකෙ කරන්න තියෙන්නෙ අපෙන් බෙහෙත් ගන්න එන සත්තුන්ට එක එක ජාතියෙ විදිහට බෙහෙත් කරන්න. කරන්න දෙයක් නැති උනාම මේක ගහන එක පුරුද්දක් වෙලා දැන් නම්. ඒකෙ ප්‍රොෆයිල් එකත් ඇති පල්ලෙහා.

දැන් කියන්නේ ගෑණු ළමයි අතරෙ ජනප්‍රිය ගේම් එකක්. It Girl. ඒකෙ කරන්න තියෙන්නෙ hot වෙන්න ගෑණු ළමයෙක්ට ඇදුම් අන්දලා අනිත් ගෑණු ළමයි එක්ක Showdowns කරගෙන points ගන්න. එක එක තැන් වලට හරියන විදිහෙ ඇදුම් ගන්න. Parties වලට යන්න. ගිහින් showdowns වලින් දිනන්න. Boyfriends ලා ගොඩක් එක්ක relationships තියාගෙන ඒ හැම කෙනාවම තියාගන්න ඕන නම් gifts දෙන්න kisses දෙන්න. තමන්ව showdowns වලින් පරද්දපු අය ඉන්න Rival's List ඉන්න අය එකින් එක පරාද කරලා revenge එක ගන්න‍. අපේ ගෑණු ළමයිත් ඉතිං තෑගි හම්බුවෙයි කියලා පුලුවන්තරම් කොල්ලො එක්ක යාළු වෙනවා It Girl එකේ‍. හැබැයි මම නම් මේක ලංකාව වගේ එටකට සුදුසුයි කියන්නෙ නම් නෑ. 


ඒත් එක්කම Chess වගේ ගේම්ස් නුත් ෆේස්බුක් එකේ නැතුව නෙවෙයි. ඒත් එක්කම කියන්න තියන තව කාරණාවක් තමයි අපේ තරුණ පරපුරට ෆේස්බුක් එකේ ගේම්ස් වල ඉස්සරහට යන්න තියන ආසාව පාඩම් වැඩ වලටත් ආවා නම් කොච්චර එකක්ද කියලා.  


6 comments:

  1. මම නම් ටික කාලයක් ඕකේ තිබුන ගේම් ගැහුවා... ඒත් දැන් නම් එපා වෙලා...

    ReplyDelete
  2. ඇත්තමයි.. ටික කලක් යනකොට එපා වෙනවා.. හැමදෙයක්ම වගේ එහෙම නේ..

    ReplyDelete
  3. මමත් city ville සහ farm ville ලෝලියෙක් වෙලා හිටියා.. දැන නම් නවත්තලා තියෙන්නේ. කැම්පස් ගමනත් එක්ක ගේම් ගහන්න බැ.

    ReplyDelete
  4. මම දන්න දන්න ජාති ඔක්කොම ගැහැවුවා.. හි හි.. අපටත් උ.පෙළ :/

    ReplyDelete
  5. මමත් කාලයක් ආසාවෙන් city ville ප්ලේ කරා... දැන් නම් නවත්තලා තියෙන්නේ... ඉගෙන ගන්න වැඩ එක්ක ගේම් ගහන්න බෑ... :((((

    ReplyDelete
    Replies
    1. ඔවු මහී අක්කේ.. ඒ වැඩේ කරන්න බෑ..!!!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....